පහත දැක්වෙන වීඩියෝව මීට ප්‍රථම ඔබ දැක තිබෙන්නට බොහෝ ඉඩ ඇත. නො එසේනම් මදකට නෙත් යොමනු මැනවි.
මෙම සිංහයා ඉතා රෝගීවී මරණාසන්නව කොලොම්බියාවේ වනයක වැතිර සිටින අවස්ථාවක මෙහි සිටින කාන්තාව විසින්, සිංහයාව ඇයගේ නිවසට රැගෙනවිත් සාත්තු-සප්පායම් කොට ඉතා ආදරයෙන් රැක බලාගෙන ඇත. පසුව සිංහයාගේ තත්ත්වය ඉතා යහපත් අතට හැරී ඇති අතර මාස කිහිපයකට පසු ඇය විසින් සිංහයාව එරට සත්වෝද්‍යානයකට බාරදී ඇත. කලකට පසු සිංහයාගේ දුක-සැප බැලීමට එම කාන්තාව සත්වෝද්‍යානයට ගිය අවස්ථාවක එම සිංහයා, තමන්ගේ දිවි රැකදුන් එම කාන්තාව හඳුනාගෙන ඉතා ආදරයෙන් සිප වැළඳ ගන්නා අවස්ථාවයි මෙයින් දැක්වෙන්නේ.
මෙම සිදුවීම සත්ව චර්‍යා පිළිඹඳව අධ්‍යනය කරන සත්ව වේදීන් අතර බොහෝ සේ කතා බහට ලක්වුණු සිදුවීමක් විය. චිත්‍රපට වල හා සංදර්‍ශන වල පුරුදු පුහුණු කළ සත්වයන් මෙවැනි දෑ සිදු කළත්, මෙය ස්වභාවික හා පුරුදු පුහුණු කිරීමකින් තොරව එම සිංහයා විසින්ම සිදුකරන ලද්දක් වීම මෙහි ඇති විශේෂත්වයයි.
බලන්න මිතුරනි, මෙයින් අපට ගත හැකි දේ කුමක්ද ?….බොහෝ සතුන්ට තමන්ට ආදරය කරන සහ තමන්ගේ දිවි රැකදෙන පුද්ගලයන් එක එල්ලේ හඳුනා ගත හැක. එසේ හඳුනා ගත් විට උන් තමන්ට හැකි උපරිම ආකාරයෙන් එම පුද්ගලයන්ට තමන්ගේ ගෞරවාදරය පිරිනමයි. මෙයද එවැනි අවස්ථාවකට එක් උදාහරණයකි.

මෙලෙසම ගව ඝාතනාගාරයකින් අභය දානය ලද ගවයෙක් විසින් ස්වාමීන්වහන්සේ නමකට දණගසා ආචාරකරනු ලබන පින්තූර කිහිපයක්ද අන්තර්ජාලයේ තිබේ. එම පින්තූර පිළිඹඳව නොයෙකුත් අර්‍තකථනයන් දෙමින් මිත්‍යාදුෂ්ඨිකයන් දැඟළුවත් ගවයා විසින් ස්වාමීන්වහන්සේටත් අචාර කරනු ලැබූවේ කෘත ගුණ සැලකීමකට විය යුතුය. එසේත් නැත්නම් තමන්ට අභය දානය දෙන්නන් ඉවෙන් මෙන් හඳුනා ගන්නා නිසාවෙන් විය යුතුය. එසේ හඳුනාගෙන එම සතා තමන්ට හැකි උපරිම ගෞරවය පුදකරයි. මෙයද ඉහත සිංහයාගේ සිදුවීමට සමානයැයි මට සිතේ.
නමුත් ගවයෙක් දුටුවිට කටට කෙල උනනා, හලාල් යැයි කියා උගුරු දණ්ඩ ගාවින් බෙල්ල බාගෙට කපමින් දසවද දී හරකුන් මරණා, ගෙරිමස් රසකර බුදිනා කෙනෙක්ව දුටු විට නම් ගවයාගේ ප්‍රතිචාරය මීට හත්පසින්ම වෙනස් එකක් වන්නේය. එක්කෝ හරකා විසින් ඔහුට පන්න-පන්නා අනිනු ලබයි. නැතිනම් පණ කඩාගෙන දිවි බේරා ගැනීම සඳහා ඉවතට දුවනු ලබයි. එමනිසා ගවයෙක් බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට ගෞරව කරනු දැකීමත් එවන් පුද්ගලයින්ට අදහා ගත නොහැකි දෙයක් වී ඇත. අඩුම තරමින් සතෙකුගෙන්වත් ගෞරවයක් ලබා ගැනීමට ඔවුන් උත්සාහ කළ යුතුය.
මේ පැටවාගෙන් පෙනෙන වයස අනුව මෙවැනි සාපේක්ෂව සංකීර්ණ කටයුත්තක් පුහුණු කිරීමට ප්‍රමාණවත් කාලය මදි බව අපගේ අදහසයි. ඉතින් ඒ ඇත් පැටවා සිතා මතාම මල් පුදනවානම් ඉන් පෙනෙන්නේ ඔවුන්ටත් පින් දහම් කර ගැනීමට ඇවැසි වී ඇති බව නේද? උතුම් මනුශ්‍ය භාවයක් ලබා සිටියදීත් අපි කුසලයට ප්‍රමාද වන්නේ ඇයි?
බුදුරජාණන් වහන්සේ පාරිලෛය වනයේ වැඩ වසන සමයේ පාරිලෛය හස්ති රාජයා සහ පාරිලෛය වඳුරා උන්වහන්සේට උවැටැන් කළ බව ඔබ දනී. එසේම කන්ඨක අශ්වයා, බෝසතුන්ගෙන් වෙන් වීමේ දුකින් ළය පැළී මිය ගොස් තුසිතයේ ඉපදුන බවටත් ඔබ දනී. ඒ බුද්ධකාලයේදීත් සතුන්ගේ මිනිස් ගති ඉස්මතු වීම ගැන උදාහරණ කීපයක් පමණි.
එසේනම් දැන් කවුරුන් හෝ අසාවි සෑම සතෙක්ම මෙලෙස කෙළෙහිගුණ දක්වන්නේ නැත්තේ ඇයි කියා… සමාජයේ නොවැදගත් යැයි සම්මත මිනිසුන්ට උපකාරයක් කළ විට ඔවුන්ගෙන් කීයෙන් කී දෙනෙක්, පෙරළා ඔබට කෘතඥතාවය පළ කිරීම වස් “බොහොම ස්තුතියි”, “පින් සිද්ධ වෙච්චාවේ” හෝ අඩුම තරමින් බටහිර ක්‍රමයට “Thank You” කියාවත් පවසයිද? බහුතරයක් මිනිස්සු එසේනම් අති බහුතරයක් සතුන් ගැන කුමන කතාද? එහෙත් ඉන් සතුන් යනුත් අපි මෙන්ම හිතක් පපුවක් ඇති ජීවී කොට්ඨාශයක් බව ප්‍රතික්ශේප නොවෙන බව සිංහල බෞද්ධයා අඩවියේ පරිශීලක ඔබට පැහැදිලි වනු ඇති.
මිතුරනි, සතුන් සහ මිනිසුන් වෙනස් වෙන්නේ මිනිසාට ඇති සුවිශේෂී මනස නිසාය. එම මනස නිසා අද අපි තාක්ෂණයෙනුත්, ආකල්ප මගිනුත් සතුන්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටිමු. ඇති තරම් ශාක ආහාර තිබියදීත් සතුන්ව මරාගෙන නොකා, සතුන්ගේ තත්ත්වයටම නොවැටී එකී සුවිශේෂී මනසට ලැබී ඇති වටිනාකම රැකගනිමු.
~සුජීව තෙබුවනආරච්චි සහ රංග ජයවර්ධන විසිනි
[මෙම ලිපියෙන් උපුටා ගන්නේනම් යොමුවක් තබන්න]

මේ සහන් ෆර්නෑන්ඩො, තමුන් මේ රටේ සංස්කෘතියට, බෞද්ධ ආගමට කැමති නැත්නම් මේ ලෝකෙ වෙන ඕනෑ තරම් රටවල් තියනව. තමුන් කැමති රටකට යන්න.මොකද මේක සිංහල බෞද්ධ රට.
“කිරි දියෙන් දෙවියත් අඟුරු සුදුවන කලෙක් නම් නැත්” කියන්න වගේ මේ වගේ ඇතුලෙන්ම සහ උපතින්ම මිත්‍යා දෘෂ්ඨික මිනිස්සුන්ට කොච්චර තේරුම් කලත් තේරුම් ගන්නෙ නෑ. පල්ලියෙ කියවන පොතට වඩා දෙයක් මුන්ට නෑ. මනසින් දෙයක් දකින්න බෑ. හොඳ නරක තේරුම් ගන්න බෑ.
බුදුරජාණන්වහන්සේගේ ධර්මයේ නම් දේශනා කරල තියෙන්නෙ කිසිම දෙයක් විවෘත මනසින් යුතුව සිතා බලන්නේ නැතිව විශ්වාස කරන්න එපා කියලයි.
සුද්ද තමන්ට බලෙන් දීපු හරි තනතුරු වලට තණ්හාවෙ අරගත්තු හරි ආගම් වල නිසරු භාවය දැකල ඒ ගැන හිතේ ඇතිවන ඉරිසියාව නිසා උතුම් වූ බුද්ධ ධර්මයට අපහාස කරන මේ වගෙ එවුන් ඒ කාලෙත් හිටිය එකේ දැන් ඉන්න එක පුදුමයක් නොවේ.
තව දෙයක් තියනව කියන්න, මේ රටේ නියම බෞද්ධයොත් ඉන්නව, නමට බෞද්ධයොත් ඉන්නව. ඒ දේ එහෙම වෙලා තියෙන්නෙත් පර සුද්ද නිසා. ඒ නිසා නමට විතරක් බෞද්ධ මිනිස්සු කරන කියන දේවල් ගැන කිය කියා නිර්මල බුදු දහමට අපහාස කරන එක සාධාරණ නෑ.
Well-loved. Like or Dislike:
7
1
me, selmankhan, oyath oyawa maranna geniyanakota wendagena kiyanne, ane mawa marapan marapan kiyalada??? thaman thamange jeewitheta asai wagema me loke hama kenekma thama thamange jeewitha walata adarei. ohe dan me kiyapu wachana tikatath oheta paw sidda wenawa. narakaadiye ipadila duk widinna sudanam wenna.
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated. Like or Dislike:
1
10
තොපි ඉතින් ම්ලේච්චෝයෝ නේ, උඹලට ඇති දහමක් නැ. උඹල සත්තු වගේ ජාතියක්. ලෝකේ තියෙන ප්‍රතමිකම ඇදහිල්ලක් නේ.
සමහරු මේ කොහෙවත් නැති ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් හොය හොයා ඒව කන එක සාධාරණයි කියන්නේ තමන්ගෙ කෑදරකමට සාධාරණය ඉෂ්ඨ කරන්න මිස ධර්මයට හරි වෙනත් ආගමකට හරි තියෙන ආදරයකට නෙමෙයි. බොහොම අමාරුවෙන් හොයා ගන්න ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය හැරුනු කොට අපට ලේසියෙන්ම සොයා ගත හැකි ශාකමය ආහාර වේලක් අනුබවයට හුරු වෙන එකෙන් සියලුම සතුන්ට වඩා හොද සාධාරණයක් ඉෂ්ඨ වෙයි. හාමුදුරුවෝ කනව නම් අපිටත් හොදයි කියල මස් මාලු කන්න හොදයි කියන කොටසකුත් ඉන්නව. ඒ අයට කියන්න තියෙන්නේ අපේ රහතන් වහන්සේල තමන්ට ලැබෙන ඕනම දානයක්(පිලුනු වූ ආහාරයක් වුවද) මහා කරුණාවෙන් වැලදූ ආකාරයද අනුගමනය කර පෙන්වන ලෙසයි :p
Hot debate. What do you think?
7
4
Sahan Sando needs to learn to put forward his ideas in appropriate words that does not refect anger hatred and bitterness. This needs to be in any forum,whether it is internet, face book, work place or home. then only people will read is ideas and value them.Sahan Sando hope you will take my inputs in the right spirit. thank you
THIRYAK
patricaawakata me picture aka ganna da?
TERUWAN SARANA WEWA!
Oya me hama thissema THIRYAK kiyala liyanne ayi??? Mokkadda eke theruma??
මේ සහන ෆෙර්ණන්දෝ කියන්නේ තනිකරම විකුර්ති මානසික ලෙඩෙක්, තමන්ගේ ආගමේ ඇති බොරු ඉගැන්වීම් ගැන මේ වගේ හොයල බැලුවොත් ඔහේ එම ආගම අත හරිනවා කියල මට sure
නිර්මාංශ ආහාර පිළිබඳව බෞද්ධ ස්ථාවරය
නිර්මාංශ ආහාර පිළිබඳව බෞද්ධ ස්ථාවරය පිළිබඳ විමසා බැලීමේදී ත්‍රිපිටකයද, නොයෙක් උගතුන් විසින් ලියන ලද විචාර පතපොත ද දක්නට ලැබෙයි. බුදුදහමට මාංශ ආහාරය සුදුසු නුසුදුසු ද යන්න පිළිබඳ සමාජයේ නොයෙක් මතවාද ගොඩනැගිමින් පවතින බවද දක්නට ලැබෙයි. වර්තමානයේ බොහෝ දෙනා මස් මාළු කෑම මහා පාප කර්මයක් වශයෙන් අර්ථගන්වමින් විශාල ප්‍රචාරයක් ගෙනයන බව ද පෙනෙයි. මේ නිසා බුදු දහමේ මාංශ ආහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ස්ථාවරය විමසා බැලීම ඉතාමත් වැදගත් දෙයකි. ඒ නිසා මෙහිදී ත්‍රිපිටකයේ හා අට්ඨකථාවන්හි ඇතුලත් කරුණු ගෙනහැර දක්වමින් බෞද්ධ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය, බුදුරජාණන් වහන්සේ මස් වැළඳු බවට කතා පුවත්, සූකරමද්දවය පිළිබඳව හා කැප අකැප මස් වර්ග පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරමි. ඊට අමතරව මෙහිදී මාංශ ආහාරය සම්බන්ධව මහායාන බෞද්ධ සම්ප්‍රදායෙහි ආකල්ප ද ඉදිරිපත් කරනු ලැබේ.
ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය
බුදුජාණන් වහන්සේ මස් මාළු වැළඳීමේ දී අනුමත කර ඇත්තේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයයි. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ යනු තුන් ආකාරයකින් පිරිසිදු වූ යන්නයි. මෙම මාංශ වැළඳීමෙන් පවක් සිදුනොවේ. ප්‍රාණඝාත අකුසල අකුසල කර්මයට ද හසුනොවන පිරිසිදු මාංශයකි ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය. ප්‍රාණඝතයක් සිදුවීමට නම් කරුණු හතරක් සම්පූර්ණ විය යුතුබව සඳහන් කර ඇත. ඒ අනුව,
1. පණ ඇති සතෙකු වීම.
2. සතා මැවීමට සිතුවිල්ලක් පහල වීම.
3.සතා මැරීමට උපායක් යෙදීම.
4.එම උපායෙන් සතා මැරීම.
යන කරුණු හතර ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයෙන් සිදු නොවේ. එනිසා එයින් ප්‍රාණඝාත අකුසලක් සිදුනොවේ. ප්‍රාණඝාත අකුසලක් සිදුනොවන නිසා එම මස භික්ෂූන්ට වැළදීමට සුදුසු බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී. එහෙත් මෙම තුන් ආකාරයකින් සිදුවීම ගිහියන් සම්බන්ධයෙන් දක්වා ඇති බවක් දක්නට නොලැබේ. එසේම මස් කෑම සම්බන්ධයෙන් ගිහියන් වෙනුවෙන් කළ දේශනයන් ද දක්නට නොලැබේ. බුදුරදුන් ගිහි බෞද්ධයන්ට ප්‍රාණඝාතය තහනම් කර ඇත. එනිසා බෞද්ධයන්ටද ඉබේ මරුණු සතෙකු හෝ වෙනත් පුද්ගලයකු විසින් හෝ මරණ ලද සතෙකුගේ මස් කෑම වරදක් වන්නේ නැත.
මජ්ක්ධිම නිකායේ ජීවක සූත්‍රයේදී ජීවක උපාසකතුමා බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ “ස්වාමින් වහන්ස, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ උදෙසා සතුන් මරති. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දැන දැන උදෙසා කරන ළද මාංශය වළදන්නාහ” යැයි මා විසින් මෙසේ අසන ලදී. එය සත්‍යක්ද? “සමණං ගෝතමං උද්දිස්ස පාණං ආරභන්ති. තං සමණෝ ගෝතමෝ ජානං උද්දිස්සකටං මංසං පරිභුක්ද්ජති පටිච්චකම්මන්ති.”(මජ්ක්ධිම නිකාය II. (1973) බු.ජ.ත්‍රි.මු 54 පිටුව). මේ කාරණය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ජීවක උපාසකතුමාට තමන් වහන්සේ තුන් ආකාරයක අපිරිසිදු මස් නොවළඳන බවත්, තුන් ආකාරයකින් පිරිසිදුමස් වළඳන බවත්, වළඳින්න අනුමත කරන බවත් දේශනා කළහ.
එම තුන් ආකාරයකින් අපිරිසිදු වීම (ත්‍රිකෝටිපාරිශුද්ධ නොවීම) නම් මෙසේය. ” තීහි බෝ අහං ජීවක ඨානේහි මංසං අපරිභෝගන්ති වදාමි. දිට්ඨං, සුතං, පරිසඬ්කිතං ඉමේහි ඛෝ අහං ජීවක තීහි ඨානෙහි මංසං අපරිභෝගන්ති වදාමි.”(එම) ජීවකය මම තුන් ආකාරයකින් අපිරිසිදු වූ මාංශය නොවළඳිමි. නොවැළදිය යුතු යැයි කියමි. (තමන් උදෙසා සතා මරණ ලදැයි) දක්නා ලද්දේය. අසන ලද්දේය. සැකරන ලද්දෙය. යන කරුණු තුනෙන් පිරිසිදු වූ මාංශ වළදමි. වැළදිය යුතු යැයි කියමි’යි බුදුරජාණන් වහන්සේ ජීවක උපාසක තමාට කී සේක. “තීහි ඛෝ අහං ජීවක ඨානේහි මංසං පරිභෝගන්ති වදාමි, අදිට්ඨං, අසූතං, අපරිසඬ්කිතං”(එම) එම කරුණු තුන නම්,
1. අදිට්ඨං- තමා වෙනුවෙන් මරණ ලදැයි නො දක්නා ලද
2. අසුතං- තමා වෙනුවෙන් මරණ ලදැයි නො අසන ලද
3. අපරිසඬ්කිතං- තමා වෙනුවෙන් මරණ ලදැයි සැක නොකරන ලද
මෙම තුන් ආකාරයෙන් පිරිසුදු වු මාංශය ආහාරයට ගැනීම පවක් වන්නේ නැත. මෙම අදහසම මහාවග්ගපාළියේ හේසජ්ජක්ඛන්ධකයේ ද සඳහන් වෙයි. එහි සඳහන් ආකාරයට ‘සීහ’ නම් සේනාපතියෙක් බුදුරජාණන් වහන්සේ දැකීමට පැමිණ උන්වහන්සේ කෙරෙහි පැහැදි බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා භික්ෂු සංඝයා වහන්සේට වහාදානයක් පිළිගන්වයි. ‘සීහ’ සේනපතියා තමාගේ සේවකයෙක් වෙළදසැලට යවා ” ගච්ජ භණේ පවත්තමංසං ජානාහී ති.”(මහාවග්ගපාලි II. 1957 බු.ජ. ත්‍රි.මු 592 පිටුව) විකුණන මස් ගෙන්වා බුදුරදුන් ප්‍රමුඛ භික්ෂු සංඝායාට මස් සහිත දානයක් පිළිගැන්විය. එය දැනගත් බොහෝ නිගණ්ඨයෝ විශාලාමහනුවර විදී බැස ‘සිහ’ සේනාපතියා මහ සතෙකු මරා දන්දුන් බවට ඝෝෂා කළහ. එය හේතු කරගෙන බුදුරජාණන් වහන්සේ භික්ෂුන් රැස්කරවා ”න භික්ඛවේ ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජිතබ්බං. යෝ පිරිභුඤ්ජ්‍යෙය ආපත්ති දුක්කටස්ස. අනුජානාම භික්ඛවේ ත්‍රිකෝටි පරිසුද්ධං මච්ජමංසං : අදිට්ඨං, අසූතං අපරිසඬ්කිතන්ති”(එම පිටුව 594) දැන දැන තමං උදෙසා කළ මාංශය නොවැළදිය යුතුය. යම් භික්ෂුවක් වළදන්නේ නම් දුකුළා ඇවැත් වේ යැයි දේශනා කළ සේක. තමන් උදෙසා මරණ ලදැයි තමන් විසින් නො දුටු, නො ඇසූ, සැක නැති ත්‍රිකොටි පාරිශුද්ධ මාංශය වැළදීමට සුදුසු බවත් දේශනා කළහ.
මෙම ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය හඳුනාගන්නා ආකාරය ජීවක සූත්‍රයේ අටුවාවේ සදහන් කර ඇත.
1. ”අදිට්ඨන්ති භික්ඛුනං අත්ථාය ඝාතෙත්වා. ගය්හමානං අදිට්ඨං” අදිට්ඨං යනු භික්ෂුන් වෙනුවෙන් මරන්නට සතෙකු ගෙනයනු නොදැකීමය.(පපඤ්චසුදනි නාම මජ්ක්ධියනිකායට්ඨකථා 1947)
2. ”අසුතන්ති භික්ඛුනං අත්ථාය වධිත්වා ගහිතන්ති අසූතං” ‘අසූතං’ යනු භික්ෂුන් වෙනුවෙන් සතෙකු මරණ ලද බව නො ඇසීමය. (එම)
3. ”අපරිසඬ්කිතන්ති දිට්ඨපරිසඬ්කිතාදිවසේන අපරිසඬ්කිතං” ‘අපරිසඬ්කිතං’ යනු දැකීම්, ඇසීම් ආදී වශයෙන් සැක නොකිරීමයි.(එම)
මේ තුන් ආකාරයට නිදහස් වූ මාංශය (මස්-මාළු) ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශවේ. ”ඉමේ තීහි කාරණේහි පරිසුද්ධං ත්‍රිකෝටිපරිසුද්ධං නාම හෝති”(එම) එම මස් මිලට ගැනීම හෝ ආහාරයට ගැනීම පවක් වන්නේ නැත. ‘අපරිසඩ්කිත’යන්න තේරුම් ගැනීම පහස වනු පිණිස සමන්තපාදිකා නම් විනය අටුවාවේ සඳහන් කතා පුවතක් පෙන්වාදිය හැකිය. එක්තරා භික්ෂුවහන්සේ නමක් පිටිසර බද ආරාමයකට ගියහ. ඒ යන අතර මගදී දඩයමේ යන ගම්වැසියන් උන්වහන්සේට මුණගැසිණී. පසු දින ගම්වැසියන් උන්වහන්සේට හාමස් සහිත දානයක් පූජා කළේය. මේ පිරිස ඊයේ මා ආරයට එන බව දුටුවෝය. ඔවුන් මේ මස් මා සඳහා මරන්නට ඇතැයි උන්වහන්සේට සැකයක් ඇති විය. එම සැකය නිසා උන්වහන්සේ මස් නොවැළඳුහ. මෙම කතා පුවතින් ‘පරිසඬ්කිතං’ සැක කිරීම යනුවෙන් දේශනා කළ කාරණය වඩාත් හොඳින් අවබෝධ කරගත හැකිය.
‘පවත්ත මංසං’ (මහාවග්ග පාළි. 1957, 592 පිටුව) යනුවෙන් මහාවග්පාළියේ සඳහන් වන්නේ ද ත්‍රිකෝටිපාරිශුද්ධ මාංශයයි. පවත්තඵල භෝගී වීම යනු තමන් විසින් නොකඩා ඉබේ වැටුණු කොළ, ගෙඩි, මල් ආදිය ආහාරයට ගැනීම බව අපි දනිමු. ”පවත්ත ඵල භෝග හෝති පතිත ඵල භෝගිතෝ” (සුමංගල විලාසිනි නාම දීඝ නිකායට්ඨකථා 1918) වශයෙන් එම කාරණය අම්බට්ඨ සූත්‍ර අටුවාවේ විස්තර කරන්නේ මෙසේය. ”පවත්ත මංස” යනු විසිරී තිබී සොයාගන්නා ලද නිරුත්සාහිකව ලබන මාංශය බව දක්වා ඇත. ‘වික්ඛායිතික’ යන්නෙන් සිංහ, ව්‍යාඝ්‍රාදීන් විසින් සතුන් මරා කා ඉතිරි කරන ලද, අතහැර දමා යන ලද මාංශය හඳුන්වයි. මේ ආකාරයෙන් තමන් විසින් නොමරණ ලදුව, මියගිය හෝ වෙනත් කෙනෙකු විසින් මරණ ලදුව ඒ මස් වැළදීම ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයයි. එය වැළඳීම පවක් නොවේ.
සමන්තපාසාදික නම් විනය අටුවාවේ සඳහන් ආකාරයට භික්ෂු-භික්ෂුණී, සාමණේර-සාමණේරී, ශීක්ෂාමාන යන සහධම්මිකයන් පස්දෙනාගෙන් කවරෙකු උදෙසා හෝ මරණ ලද මාංශය, පාළියෙල කළ මාංශය (මස්-මාළු දෙකම) සියළුදෙනාටම අකැපයි. ”පඤ්චසූ හි සහධම්මිකේසු යස්ස වා තස්ස වා අත්ථාය උද්දිස්ස කතං සබ්බේසං න කප්පති”(පපඤ්වසූදනි නාම මජ්ක්ධිමනිකායට්ඨකථා 1947. 32 පිටුව) ජීවක සූත්‍රයේ අටුවාවේ දක්වා ඇති පරිදි එක් විහාරයක භික්ෂුන් උදෙසා වෙනත් විහාරයක භික්ෂුන්ට දුන්නද කැප නොවේ. යනුවෙන් ඉහත කාරණයම විස්තර කර ඇත. ”එම විහාරයේම භික්ෂුන් මේ මස් වෙනත් විහාරයක භික්ෂුන් උදෙසා කළ මස් බව නොදැන වැළඳුවොත් ඇවැත් සුදුනොවේ. එහෙත් දැන දැන වැළදීම ඇවතකි. ‘යං යං භික්ඛුනංයේව අත්ථාය අකටං යත්ථ ව නිබ්බේමතික හොන්නි තං සබ්බං කප්පති. සචේ පන එකස්මිං විහාරේ භික්ඛු උද්දිස්සකටං හෝති තේ ච අතිතනෝ අත්ථාය කතභාවං න ජානන්ති අඤ්ඤෝ ජානන්ති. තේසං න වට්ටති. ඉතරෝසං වට්ටති. සබ්බේසම්පි න වට්ටති. සබ්බේ න ජාන්නති සබ්බේසං වට්ටති පඤ්චසූ හි සහධම්මිකේසු යස්ස කස්සචි වා අත්ථාය උද්දිස්සකටං සබ්බේසං කප්පති.(එම)
මෙම ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය පිළිබදව ද නොයෙක් අදහස් පවතින බව දක්නට ලැබෙයි. සමහරු තුන් ආකාරයෙන් පිරිසිදු මෙම මාංශය වැළැදීම සුදුසු බව පෙන්වා දෙන අතර තවත් සමහරු බුදුරදුන් ත්‍රිකෝටි පාරිශුද්ධිය දේශනා කළේ තම දානපාත්‍රහි බව දක්වමින් පාත්‍රයෙහි මස් තිබෙන බව ‘දිටිඨං’ දුටුවොත් ‘සූතං’ඇසුවොත් ‘පරිසඬ්කිතං’ සැක උපන්නොත් නොවැළදිය යුතු බව දේශනා කර ඇති බව ඇති බව දක්වමින් මස්-මාළු වැළදීම බුදුරජාණන් වහන්සේ තහනම් කර ඇති බවට තොරතුරු ඉදිරිපත් කරති. බෙදන ලද දානයෙහි ‘දිටිඨං’ ‘සූතං’ ‘පරිසඬ්කිතං’ යන පරික්ෂා තුන සිදුකළ යුතු බවත් දානය සඳහා ගෙනයන ලද සතුන් පිළිබඳව නොවන බවත් දක්වා එම පරික්ෂණ තුන බෙදන ලද දානයෙහි විමසා බැලීමෙන් කන්නට මසක් ඉතිරි නොවන බැවින් බුදුරදුන් මස් කෑම අනුමත නොකළ බවත් ප්‍රකාශ කරති. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ”දිටිඨං’ ‘සූතං’ ‘පරිසඬ්කිතං’- අදිට්ඨං අසූතං අපරිසඬ්කිතං” යන්න පමණක් බවත් එම දේශනාවෙන් දානයෙන් මිස දානය සදහා ගෙන යන සතුන් පිළබද දේශනා නොවන බවත් ඔවුහු පෙන්වා දෙති. එසේම අදිට්ඨං අසූතං අපරිසඬ්කිතං යනු භික්ෂුන් වෙනුවෙන් සතුන් මැරූ බව නොදුටුවොත් නොඇසුවොත් සැක නොකළහොත් යන්න අටුවාචාරීන් වහන්සේලා සමකාලීන සමාජ තත්ත්වය අනුව කළ අර්ථ විග්‍රහයක් ලෙසත් එය බුද්ධ දේශනය විකෘර්ති කිරීමක් ලෙසත් සමහරු සඳහන් කරති. එහෙත් ත්‍රිපිටකය හොඳීන් පරීක්ෂා කර බලන විට එම කාරණය සාවද්‍ය බව තහවුරුවේ. ‘උද්දිස්සකතං’ යන දේශනාවෙන් ‘උදෙසා’කළ මාංශය පිළිබඳ ත්‍රිපිටකයේ සඳහන් වන නිසාත් බුදුරජාණන් වහන්සේට මස් පිළිගැන්වු බවට කතාපුවත් ත්‍රිපිටකයේ සඳහන් වන නිසාත් ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය පිළබඳව අටුවාචාරී වහන්සේලා ඉදිරිපත් කරන අර්ථ විග්‍රහය ත්‍රිපිටකයට අනුකූල වූවක් බවත් තහවුරුවේ.
එබඳු අය ඉදිරිපත් කරන තවත් අදහසක් නම් බුදුදහම පරම අහිංසාවාදී දහමකි. බුදුරජාණන් වහන්සේ ප්‍රාණ ඝාතනයට අනුමැතිය ලබා දුන්නේ නැත. කරණීය මෙත්ත සුත්‍රයේ සඳහන් ආකාරයට සියලුම ප්‍රාණීන්ට මෛත්‍රිය පැතිරවිය යුතුබව දේශනා කර ඇත. එසේම සතෙකු මැරීම, මැරවීම, පමණක් නොව මැරීමට අනුබලදීමද ප්‍රාණඝාත අකුසල කර්මයට අයත්වන බවය. මෙම සියලු කාරණවක්ම බුදුදහම හා සම්බන්ධකර බලනවිට සියයට සියයක් ම සාධාරණය. එහෙත් බුදුදහම අනුමත කරනනේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය බව කිවයුතුය. එය නිශ්චිත කෙනෙකු වෙනුවෙන් මරණ ලද සතෙකුගේ මස් නොවේ. එනිසා එය වැළදීම වරදක් නොවන බවත්, පාපයන් නොවන බවත් බුදුරදුන් දේශනා කර ඇත. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය ප්‍රාණඝාතයක් සිදුවන කාරණා හතරට අයත් නැත. එසේම බුදුරජාණන් වහන්සේ ජීවක උපාසකතුමාට දේශනා කළේ යමෙක් තථාගතවහන්සේ උදෙසා හෝ තථාගත වහන්සේගේ ශ්‍රාවකයෙකු උදෙසා හෝ සතුන් මරයි නම්, ඔහු කරුණු පහකින් බොහෝ පව් රැස්කරන බවයි.
‘යෝ ඛෝ ජීවක තථාගතං වා තථාගතසාවකං වා උද්දිස්ස පාණං ආරභති. සෝ පඤ්චහි ඨානේහි බහුං අපුඤ්ඤං පවසති. යම්පි සෝ ඒවමාහ. ගච්ජථ අමුකං නාම පාණං ආනේථාති. ඉමිනා පඨමේන ඨානේන බහුං අපුඤ්ඤං පවසති. යම්පි සෝ පාණෝ ගලප්පවේධකේන ආනීයමානෝ දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. ඉමිනා දුතියේන ඨානේන බහුං අපුඤ්ඤං පවසති. යම්පි සෝ ඒවමාහ: ගච්ජථ ඉමං පාණං ආරභථාති. ඉමිනා තතියේන ඨානේන බහුං අපුඤ්ඤං පවසති. යම්පි සෝ පාණෝ ආරභියමානෝ දුකඛං දෝමනස්සං පටිසංවේදේති ඉමිනා චතුතේථ්න ඨානේන බහුං අපුඤ්ඤං පවසති. යම්පි සෝ තථාගතං වා තථාගතසාවකං වා අකප්පියේන ආසාදේති. ඉමිනා පඤ්චමේන ඨානේන බහුං අහුඤ්ඤං පවසති. යෝ ඛෝ ජීවක තථාගතං වා තථාගතසාවකං වා උද්දිස්ස පාණං ආරභති. සෝ ඉමේහි පඤ්චහි ඨනේහි බහුං අපුඤ්ඤං පසවතීති.’(මජ්ක්ධිම නිකාය II 1973-58 පිටුව)
1. යන්න අසවල් නමි ඇති ප්‍රාණියා මරණු පිණිස රැගෙන එන්න යැයි යමෙක් කියයි නම් මෙම පළමු කරුණින් ම ඔහු බෝහෝ පව් රැස්කරයි.
2. ඒ ප්‍රාණියා මරණ බයෙන් තැති ගෙන වෙව්ලද්දි ගෙලෙන් ඇදගෙන එනු ලබන විට ඒ ප්‍රාණියා යම් දුක් දොම්නසක් විඳින්නේ වේ ද, මෙම දෙවන කරුණින් ද ඔහු බොහෝ පවි රැස්කරයි.
3. යමෙක් මේ ප්‍රාණියා මරා දමන්න යැයි අණකරන්නේ වේද මෙම තුන්වැනි කැරුණින් ඔහු බොහෝ පව් රැස්කරයි.
4.එම ප්‍රාණියා මරණ විට යම් දුක් දොම්නසක් විඳින්නේ වේද ඒ හතරවැනි කරුණින් ද ඔහු බොහෝ පව් රැස්කරයි.
5. යමෙක් තථාගතයන් වහන්සේට හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයෙකුට හෝ අකැප මස් වළදන්නේය යන චෝදනාව කරන්නේ නම් මෙම පස්වැනි කරුණින් ද ඔහු බෝහෝ පව් රැස්කරයි.
මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ කුමන ආකාරයක හෝ ප්‍රාණඝාතයක් අනුමතකර නැති බවත් අකැප මස් වළඳන්නේ යැයි බුදුරදුන්ට හෝ ශ්‍රාවකයකුට හෝ චෝදනා නොකළ යුතු බවත් පැහැදිලිවම දේශනා කර ඇත. මේ නිසා බුදුරදුන් ප්‍රාණඝාතයට අයත් නොවන ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය වැළදීම අනුමත කර ඇති ආකාරය පැහැදිලිය. එසේම ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය වැළදීම වක්‍රාකාරයෙන් හෝ ප්‍රාණඝතයට අනුබලදීමක් ද නොවන්නේය. එමෙන්ම අප මෛත්‍රි කරන්නේ මිය ගිය අයට නොවේ. ජීවත්ව සිටින අයටය. ජීවත් සිටින අයට මෛත්‍රි කිරීමට ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය බාධාවක් නොවේ. එය වැළදීම මෛත්‍රියට හෝ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන නිවන් ලැබීමට බාධාවක් නොවේ. එනිසා එයින් භික්ෂුන්ගේ හෝ ගිහියාගේ හෝ ආජීවය කිළිටිවන්නේ නැත. බුදුජණන් වහන්සේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය දේශනා කර ඇත්තේ භික්ෂුන් වහන්සේලා සඳහා පමණී. ගිහියන් වෙනුවෙන් එබඳු පැනවීමක් සිදුකර නැත.
කළුන්දෑව කමලසිරි හිමි
(නිර්මාංශාහාරය පිළිබඳ බෞද්ධ ස්ථාවරය කෘතියෙන්)
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated. Like or Dislike:
1
6
මරන කෙනාට පව්ය එවා ගෙනවිත් කන් කෙනට පව් නෑත. කව් රුන් කිවත් මෙවා බොරුමය. මස් රසට ගිජු අයට ලබා ගත හෑකි විමුක්තියක් නෑත.
kawda ban ogollanta adahas prakasha akranna epa kiyala tiyenne one deyak kiyanna…. methana kiyanne sattu marana eak adu karanna kiyala moko eken hodak wena nisa ehema antiwa patu widihata balanan epa oya catho adn muslim sahadoroyo tika….
හරක් මස් කෑවම පව්, එතකොට මෝර මාළු කන එක පින් ද ?
හරක් මස් කඩ පව්, එතකොට මාළු කඩ පින් ද ?
හරක් මස් කන මුස්ලිම් පව් ජාතියක්, එතකොට මෝර මාළු කන සිංහල ජාතින්ට පින් ද ?
Hot debate. What do you think?
3
5
කවුද කිව්වෙ අනිත් ඒව කන එක පින් කියල? ත්‍රිකෝටි පාරුශුද්ධ නොවන මසක් කන එක පව්. මේ ලිපිය කියවා දැනගන්න. http://sinhalabuddhist.com/2011/02/meat/
ත්‍රිකෝටික පාරිශුදධ මාංශයයනු කුමක්ද?
බුදුන්වහන්සේම
(1) දිට්ඨං (දැක්කොත්)
(2) සුතං (අසා දැනගත්හොත්)
(3) පරිසංකිතං (සැකයක් ඇතිවුවහොත්)
එවැන්නක්ද අනුභව නොකරන බව දේශනා කොට ඇත.ත්‍රිකෝටික
පාරිශුදධ මාංශය යනුවෙන් එවැන්නෙක්වාදාළේ එවැනි මාංශයක්
ලොව නොමැතිබැවිනි.
පෘතග්ජ්ණ කෙනෙකුට මෙහි විනිශ්චය තරමක් අපහසු විය
හැකි නමුත් කරණිය මෙත්ත සුත්‍රය අනුවද මෛත්‍රියෙන් ඉවත් කළ
හැකි යනුවෙන් කිසිම මාංශයක් නැති බව පසක්වේ.හදිසි
අනතුරකින් මිය ගිය සත්ත්වයෙකුගේ මාංශ ගැන වුවද මෙසේ
විග්‍රහ කළ හැකිය.එම සතාට වුවද අප අවංකවම මෛත්‍රිය
කරනවා නම් මෛත්‍රි කරමින්ම උගේ මාංශ අනුභව කළ හැකිද?
මුඛය තුළ ඉතා ගිජු ලෙස අඔරා රසකරමින් එකී සත්ත්වයා
මැරුණු ආකාරයටම උදර කුහරයට තුළට යවා උශ්ණය උදරයෙන්
මුඛ තුලට ගෙන එයද දුර්ගන්ඩය හමව හමවා පිටකරමින් සියලු
සත්ත්වයො නිදුක් වෙත්වා! නිරොගී වෙත්වා! සුවපත් වෙත්වා!
යැයි තමන්වත් අනුන්වත් රැවටිම කෙතරම් දුරට යුක්ති යුක්ත
වන්නෙදැයි උභතෝකොටික ප්‍රශ්නයකි.
අපි සතුන්ට අභය දානය දෙමු-අපි සතුන්ට මෛත්‍රි කරමු
සැමට තෙරුවණ් සරණ්යි!
ආචාර්ය සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමි ලියු කෘතියක් ඇසුරෙනි
Well-loved. Like or Dislike:
9
0
http://www.elakiri.lk/forum/showthread.php?t=1075958
very good post bro…but we also have to accept all the animal cruelty done in the name of religion as well…there are animals being scrificed for gods…baby elephants being sperated from thier mothers from wild to be in perahara…i think all of us should condemn all such acts regardless of the religion they belong to…i am sure none of the religious figures have advocated animal cruelty and most of these are things that our culture has brought up…
මෙම ලිපියෙන් ඔබ ගෙන එන ස්වර්ණමය අදහසට මාත් එකගයි. නමුත් මාංශ භක්ෂයන් සහ සර්ව භක්ෂකයන් ඝනයට වැටෙන්නන් ස්වභාවයෙන්ම ඇතිවූවක් නොවේද? උදාහරණයක් ලෙස අපගේ ආදීවාසීන් සලකා බලන්න. ඔවුන් දළදා වහන්සේට මී පැණි පුද කරන්නේ පිළිවෙතක් ලෙසිනුයි. එසේම දඩමස් ඔවුන්ගේ සාම්ප්‍රදායික ආහාරය. ආදීවාසීන් කෙසේ වෙතත් රටක් වශයෙන් ගත්කළ ශ්‍රී ලාංකිකයනුත් යුරෝපීයන් සේම මස් වලට ගිජුවී හමාරයි. පසුගිය සමයේ ඉංදියාවෙන් පවා කුකුල් මස් ආනයන කරන්නේ හේතු වූයේත් ඒ නිසාමයි. එසේම අපේ සමාජය තුළ මතයක් ගොඩ නැගී තිබෙනවා කුකුල් මස් කෑවාට නම් කමක් නැහැ. හරක් මස් නම් පව් යනුවෙන්.
එසේම සතුන් තුළ තිබෙන ගති ගුණ ප්‍රමාණය සමහර විට මිනිස් ගති ගුණ ඉක්මවා යන ප්‍රමාණයක්. උදාහරණයක් ලෙස අපගේ නිවසේ ඇති කරන බල්ලෙක් තම ස්වාමියාට දක්වන සෙනහස දැක්විය හැකිය. බල්ලන් සේම ගෙවල් වල සිටින ගවයන්, කුකුළන් වැනි සතුන් පවා නිවැසියන්ට දක්වන්නේ අසීමිත සෙනෙහසක්. ගෙදර සිටින කුකුළා මරා ගෙන කෑම පාපයක් ලෙස සැලකූවත් කඩෙන් ගෙනෙන බ්‍රොයිලර් කුකුල් මස් කෑම පාපයක් ලෙස බොහෝ දෙනෙක් සළකන්නේ නැහැ. මෙය හුදෙක්ම මිනිසාගේ හැගීම් මතම පදනම් වූවක් ලෙසයි මා නම් දකින්නේ. යුද්ධයකදී සතුරු පාර්ශවයේ අයෙකු මරා දැමීම පාපයක් නොවේ යැයි සිතන්නේත් ඒ නිසාමයි. ඒ මරාදැමීම සාධරණීය කරමින් ආශීර්වාද කරන්නේත් ඒ නිසාමයි.
ඉතාමත් හොඳ,සාරවත් ලිපියක්,මේ විඩියෝ ටික බැලුවයින් පස්සෙ මගෙ ඇහැට කඳුලුත් ඉනුව,මම නම් පුර්ණ නිර්මාංශි අයෙක් මම සතුටු වෙනවා එ ගැන
තෙරුවන් සරණයි!
http://www.youtube.com/user/uthamapuja
http://www.lankaavihinsa.com/
http://www.youtube.com/watch?v=FIikY1EAe14
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated. Like or Dislike:
0
9
thank’s for this video brother .. darunu hasirim athi sinhaya ohuwa adarayen balagath tha. manushaya gana pahala wana adaraya pudumai wisdom of mother nature nirmanayan u apa siyalu denaa eihi mul gathi guna apa siyalu dena thula gabwa thibenawaa eiya katath podui thank you.
සහන් ෆනැන්ඩෝ ට :
මස් මාළු කනවා කියන්නේ ඒවාට කරන ඉල්ලුම ඇති කරනවා! ඉල්ලුමට සැපයීම තියන ලෝකේ ඉල්ලුම ඇති කලාම එකට අනිවාර්යයෙන්ම සැපයුම ඇති කරනවා.
ඔබ මස් මාළු කරවල උම්බලකඩ හාල්මැස්සන් මොනවා කැවත් ඒ සතාගේ ජීවිතය නැති කරන්න වක්‍රාකාර සම්බන්දයක් තියනවා.
දැනට අවුරුදු 28 ක් වෙන මම මස් මාළු කරවල උම්බලකඩ හාල්මැස්සන් කන එක නැවත්තුවේ අවුරුදු 12 දි. දැනට අවුරුදු ක් මම මනුෂයෙක් හැටියට සත්වයන්ට කරුණාව දක්වලා මස් වැද්දෙක් නොවී ජිවත් වෙනවා.
කන එක නොකන එක තැනගේ හදවතට අනුව කල යුතු දෙයක්.
බෞද්ධයන් අන්තවාදීන් ලෙස හැදින වීම හුදෙක්ම තමන් සතු මාංශ ගිජුකත්වය මත ඇති වූ නොරිස්සුම් ගතියක් ලෙස හදුන්ව දිය හැකිය.
Well-loved. Like or Dislike:
5
0
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated. Like or Dislike:
1
6
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated. Like or Dislike:
1
8
//Buddist theory dammama//
සහන් ඔයාව මවපු දෙවියන් වුහන්සේ ඔයාලගේ කිතුනුවන්ට මොලයක් මැව්වයි කියල බයිබලෙත් නෑ.
අපි විස්වාස කරන්නේ ඔයාලව දෙවියෝ මැව්වේ අමු මැටි වලින්… එහෙම නේද සහෝ..
ඉතින් ඔයාගෙ “බුඩිස්ල“ ගැන දන්න දේ ඔයාම තියාගන්න… ඒක අපිට අදාල වෙන්නෙ නෑ.
මොකද පල්ලියේ පාදිලි ල උඩින් පල්ලෙන් බුද්ධ දේශනාව හොයාගන හොඳ ටික බයිබලේ තිබ්බ කියල කියල තේරෙන්නෙ නැති ටිකට ගරහනව.
ඉතින් උම්බලත් ඇවිල්ල උඩ දාගෙන කෙස් පැලෙන තර්ක කරනව.
Well-loved. Like or Dislike:
12
3
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated. Like or Dislike:
3
9
sahan ***
මිතුර, මෙහි කොමෙන්ට් කිරීමේදී නුසුදුසු වචන භාවිතා නොකරන්න. නැතහොත් එය අනෙක් උදවියට ආයුධයක් වනු ඇත. අපි සිංහලයින් සේම බෞද්ධයින් ලෙසත් කොමෙන්ට් කිරීම නිසා ප්‍රවේශම් වෙමු.
Hot debate. What do you think?
5
3
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated. Like or Dislike:
3
9
//මේ ඉන්ටෙර්නෙට් ෆෝරම් තියෙන්නම ඔනම් දෙයක් කියන්ඩ. මේකේ ඕන කුණුහරපයක් දාන්ඩ පුළුවන් වෙන්ඩ ඕනේ. මොකද මේක කියවන්නේ තනි තනියෙන්. ඒ හින්ද කාටවත් කිසි effect එකක් නැහැ. //
පළමුව කිවයොත් මෙය ෆෝරූම් එකක් නොව වෙබ් අඩවියකි. මෙම වෙබ් අඩවිය අප සහෘදයන්ගේ එකමුතුවක් වැනිය. මෙය වැඩිපුරම කියවන්නේ සිංහල බෞද්ධයින්ය. එනිසා මෙය අපි සංයමයකින් යුතුව භාවිතා කරමු. ඔබ වැන්නන්ට අවශ්‍ය පරිදි ඕනෑම කුණුහරුපයක් කීමට මෙය නොයොදා ගන්නා ලෙස ඉල්ලා සිටින අතර ඒ සඳහා FaceBook වැනි දේවල් ඔවුන්ගේ නීති ප්‍රකාරව අවශ්‍යනම් යොදා ගත හැකිය.
//මේක නලින් ද සිල්වත් කියන දෙයක්, E තමයි සින්හයින්ට (වියුක්තව) හිතන්ඩ බැහැකියල. වියුක්තව තියා නිකන්වත් බැහැ.//
ඔබ සංයුක්ත වියුක්ත යන දෙක පටලවාගෙන ඇති බව පෙනෙයි. නලින් සිල්වා මහතා පවසන්නේ සංයුක්තව සිතන ලෙසත් වියුක්ත බෞද්ධයින් ලෙස නොසිතන ලෙසත්ය. වර්තමානයේ රට ජාතිය දහම ගැන හැඟීමක් නොමැති බෞද්ධයින් බොහෝ පිරිසක් වියුක්ත බෞද්ධයින් ය.
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated. Like or Dislike:
1
8
අපි අන් අයට කන්න තහනම් කරන්න කියල නෑ. අපි අපේ අදහස් හේතු සහිතව දක්වලයි තිබෙන්නේ.
ඔබ ///බුද්දිස්ට් තලේබාන්ල. ආන්ථවාදීන්./// ලෙස අපිව හැඳුන්වුව කොහෝත්ම සාධාරණ නෑ. ඒක ඔබ ඉල්ලා අස් කරගත යුතුයි. තලේබාන් ත්‍රස්තයින් බුදු පිළිම විනාශ කරද්දී, අන්‍යාගමිකයින්ව මරා දමද්දී, අපි කරල තිබෙන්නේ අපේ අදහස් දැක්වීමක් පමණයි.
ඔබගේ චෝදනාවට අනුව අපට පෙනෙන්නේ ඔබතුමා නියෝජනය කරන ආගමේ උදවිය ඉදිරියේදී බෞද්ධයින්ට තම මතය ප්‍රකාශ කිරීම පවා තහනම් කරන්න යන බවයි. මහත්තයෝ, එතකොට බෞද්ධ අපිට මේ සිංහල රටේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසක් වත් නැද්ද? ආ මට අමතක වුනා ඊනියා මානව හිමිකම් තියෙන්නේ මේ රටේ සුළු ආගමිකයින්, සුළු ජාතීන් වලට විතරයිනේ.
Well-loved. Like or Dislike:
9
1
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated. Like or Dislike:
1
8
//මේ ෆෝරම් වල කියා කියා වෙලා නාස්ති කරන්නේ නැතුව ගිහින් කියන්ඩ කියල කියන්ඩ ඕනේ කෙනාට, ඒ කියන්නේ ජනාධිපති තුමාට.//
ජනාධිපති තුමා යනු මෙරට ජනතාවගේ “නියෝජිතයෙක්” මිස “රජතුමා” නොවේ. ඔහු ක්‍රියා කරන්නේ ජනතාවගේ බහුතර අදහස් ප්‍රකාරව නිසා ඔහුට මා තනිව යමක් කියනවා හෙවත් එනම් මිලියන විස්සකින් එක් අයෙක් යනු සැලකිය යුත්තෙක් නොවේ. එනිසා අපි කල යුත්තේ බහුතර ජනමතය ප්‍රගතිශීලීව සෑදීමට යම් වැඩපිළිවෙළක් යෙදීමයි. [[වැඩි විස්තර: http://sinhalabuddhist.com/2011/09/corruption/ ]] අනගාරික ධර්මසේකර තුමා වැන්නන් ප්‍රසිද්ධියේ ඒ සඳහා ජීවිත කාලයම කැප කරමින් වැඩ කරන අතර අපි අපගේ සුළු විවේකය යොදවා අන්තර්ජාලය හරයා තුළ යමක් කිරීමට උත්සාහ කරමු. මන්ද යත් ජනමතයට බලපෑම් කළ හැකි බහුතරයක් උදවිය අන්තර්ජාලය භාවිතා කරන බැවිනි.
මිත්‍රයා, අපි වාද කරනවා කියා කිසි ලෙසකින්වත් නොසිතන්න, මෙහිදී අපි හැකි තරම් සුහද සංවාදයක් ගොඩ නගමු. ඔබ ඔබගේ ආගම හෝ ඔබ දන්නා දේවල් ඇසුරෙන් කරුණු ගොඩ නගන්න, එමගින් මට පමණක් නොව මෙය කියවන බොහෝ උදවියට අළුතින් යමක් එක් කරගත හැකිය. ඔබට ප්‍රති උත්තර හෝ විවේචන මිස ඔබට අපහාස කරන කොමෙන්‍ටු මෙහි පළ කරන්නෙ නැත.
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated. Like or Dislike:
1
8
ඔබට නිශ්චිත නමක් හෝ අනන්‍යතාවයක් නොමැති නිසා ඔබට අපහාස ගැන ප්‍රශ්නයක් නොමැත. වරක සහන් ෆනැන්ඩෝ ලෙසත් තවත් වරක මිලාන් දේශප්‍රිය ලෙසත් තව තව නම් වලිනුත් හැමතැනම කොමෙන්ට් කරයි. එහෙත් ඔබ වැන්නන්ට අපහාස කිරීමෙන් නිගරුවක් වන්නේ අපටමයි. එසේම ඔබ සංයමයකින් තොරව කොමෙන්ට් කිරීමෙන් ඔබ නියෝජනය කරන ආගමටත් නිගරුවක් සිදු වේ.
SANSARAYA-… birth-suffering-death-birth-suffering-death-birth-suffering-death-birth-suffering-death-birth-suffering-death-birth-suffering-death-birth-suffering-death-birth-suffering-death-etc………..(no end)
(one who has the nirvana as a goal in his mind)
SANSARAYA-…birth-suffering-death-birth-suffering-death-birth-death-BIRTH-PRACTICE-ELIMINATION OF SUFFERING-NIRVANA-PARINIRVANA(DEATH)(.)
harima pudumai …. !!!
mechara kal mama hitagena hitapu godak dewal weradi .. :O
bohoma pin me lipiyata