තවුසකු සේ ඇඳ පළඳා
පඬුවස්දෙව් මහ රාජිඳා
මාකඳුරින් ගොඩ බට දා
මඟුලක් වී ලක මුළු දා

ලස්සන මෙන් මහ පොළවේ
අනුරාපුර ඉදි කෙරුවේ
දොරමඬලේ කුමරිඳු වේ
උඹට පුතේ සුව එළවේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

දූෂණය ට හේතුව සහ එය වළක්වන ආකාරය

දූෂණ, වංචා සහ අල්ලස් වර්තමාන දේශපාලනයේ ආවේනික ලක්ෂණ බව පක්ෂ විපක්ෂ බේධයකින් තොරව ඕනෑම කෙනෙක් පවසයි. එහෙත් ඇත්තටම ඒ දේවල් කරන්නේ දේශපාලඥයින් විතරද? සිතා බලන්න වටින දෙයකි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යටතේ දේශපාලඥයින් යනු ජනතාවගේ නියෝජිතයින් වෙද්දී, රටේ ජනතාවගෙන් බහුතරයක් දූෂිතයින්ය. බහුතර දූෂිත ජනතාවකගෙන් සුපිරිසිදු දේශපාලනයක් බලාපොරොත්තු විය හැකිද? ARD මගින් නිර්මාණය කර ඇති මෙම කෙටි වීඩියෝව මඳකට නරඹනු මැනවි.

දූෂණය ගලා යාම චක්‍රීය ක්‍රියාදාමයක් හෙවත් හේතු ඵල අනුව සිදු වන, මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම එය හා බැඳී පවතින්නකි. එය ඉහත වීඩියෝවේ “Corruption Chain” ලෙස දක්වා ඇත. පෘථක්ජන සමාජයේ මෙය කිසි දා නැවැත්වීම කළ නොහැකි අතර කළ හැක්කේ “නීති මගින්” පාලනය කරගෙන සිටීම මෙන්ම “දැණුවත් කිරීම් මගින්” මෙය අවම කිරීමයි.

” ආපෝ මටනම් දේසපාලනේ තිත්තයි, තුක් විතරක් අපේ රටේ දේසපාලුවො!” යැයි කියන උදවියට මම යෝජනා කරන්නේ, “තුක් විතරක් මුන්ට ඡන්දෙ දීලා එවන ජනතාව” ලෙස කිය යුතු බවයි. කවුරුන් හෝ දැන දැනම දූෂිත දේශපාලඥයින්ට ඡන්දය දෙයිනම් “තුක් විතරක් මුන් වගේ එවුන්ට ඡන්දෙ දීලා එවන මම වගේ එකෙක්…” ලෙසට කියාගත යුතු බව අකමැත්තෙන් වුවත් කීමට සිදුවේ. ඔබට නෑදෑ වෙන දේශපාලඥයෙක් සිටීනම්, ඔබ හඳුනන උදවියගෙන් ලැබෙන ඉල්ලීම් අනුවම ජනතාවගේ හැටි කොහොමදැයි ඔබ දැනටමත් දන්නවා ඇත. එවන් ජනතාවක් සුපිරිසිදු දේශපාලඥයින්ව පත් නොකරන අතර, තම පුද්ගලික න්‍යායපත්‍රයන් අනුව ජනතාව විසින් පත් කළ දේසපාලුවන් කරන්නේ එතැන් සිට ඔවුන්ගේ න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීමයි.

ජනමතය එන්නේ ජනතාවගෙන්නම්, පළමුව කළ යුත්තේ ජනතාව හැදීමයි. එනිසා රට හැදිමේදී අප ඇඟිල්ල දික් කළ යුතු වන්නේ, ජනතාව හැදීමේ හැකියාව තිබියදීත් එය නොකරමින් මුදල් පසුපසම යන “ජඩමාධ්‍ය” වෙතටයි. ඔබ වර්තමානයේ රාජ්‍ය මාධ්‍ය මගින් මේ සඳහ සුළු උත්සාහයන් ගන්නා ආකාරය දැක්වෙන (වෙළඳ නොවන) දැන්වීම් දකින්නට ඇති අතර බහුතරයක් පෞද්ගලික ජනමාධය ස්වේච්ඡාවෙන් මෙය නොකරන්නේ දූෂණය දිගටම සිදු වීම ජනමාධ්‍ය වලට වාසිදායී බැවිනි… සිතා බලන්න.

1977 ට පෙර ශ්‍රී ලංකාවේ දේශපාලන සන්ධර්භය තුළ මෙම දුෂණ අක්‍රමිකතා එතරම් තදින් නොදැණුනි. එහෙත් විවෘත ආර්ථිකයට පසුව ආ බඩගෝස්තරවාදී ආර්ථික සහ දේශපාලන ප්‍රවණතාවයන් තුළදී, ලිපිකරුවාට බුලත් විටකින් සංග්‍රහ කර කාර්යාලීය වැඩක් කර ගැනීම හෝ පොලිස් රාළහාමි කෙනෙකුට ප්ලේන්ටියක් අරන් දී පැමිණිල්ලක් ඉක්මනින් විභාග කරගැනීම ආදිය ඉහවහා ගොස්, අද කෝටි ගණන් වලින් සිදුවන මහාපරිමාණ අල්ලස් දක්වා මෙය පැසවාගොස් ඇත.

චක්කවත්ති සීහනාද සූත්‍රයේ දැක්වෙන සය සක්විති වත් වලට අනුව රජතුමා ධාර්මික වන විට ජනතාවත් ධාර්මික වන බව ඉගැන්වේ. නමුත් වර්තමාන ප්‍රවණතාවය අනුව එම “රජතුමා” නම් ස්ථානයේ විධායක ජනාධිපතිවරයා ඇතුළු රජය සිටීද යන්න ගැටළුවකි. මන්ද යත් ඔවුන්ව පත් කරන්නේත් ඕනෑම මොහොතක ඉවත් කරන්නේත් ජනතාව වන අතර ජනතාවගේ සිත් පාලනය කරන්නේ මාධ්‍ය මුදලාලිලා කිහිප දෙනෙක් මගිනි. එම මාධ්‍ය පවා පාලනය වෙන්නේ බටහිර සමාගම් කිහිපයකිනි. ඉතින් “ශ්‍රී ලංකාව තුළදී” ජනතාව සෑදීමටනම් මෙම “ජනමාධ්‍ය” නම් සාධකය ඉතාමත් මැනවින් කළමණාකරනය කිරීමට සිදු වෙන බව සිංහල බෞද්ධයා අඩවියේ පරිශීලක ඔබට පැහැදිලි වනු ඇති.

ඔබට සුළුවෙන් හෝ ජනතාව වෙත යමක් ගෙන යා හැකිනම් , ඔබවත් ජනමාධ්‍යවලට අයත් වේ. අපි අපගේ වගකීම ඉ‍ටු කරමු. අඳුරට සාප කරනවා වෙනුවට එක පහණක් හෝ දල්වමු. දූෂණයෙන් තොර බහුතර ජනතාවක් පත් කිරීමට අපි වෙහෙස ගනිමු. ඔබ-අප විසින් ගොඩනගනු ලැබූ දුෂණයෙන් තොර බහුතර ජනතාව විසින් අනාගතයේදී සුපිරිසිදු මිනිසුන්ට රට බාර දෙනු ඒකාන්තය…

[මෙම ලිපියෙන් උපුටා ගන්නේනම් යොමුවක් තබන්න]

 

2083
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

5 comments to දූෂණය ට හේතුව සහ එය වළක්වන ආකාරය

  • nara

    nilanka kiyanne police ***da koheda, gana jarawata saadarana karanda hadanawa

    Thumb up 0

  • Sarath Gunatunga

    සිංහල සංසදය තුල වුනත් දූෂණය තියෙනව. මගේ බ්ලොග් අඩවිය තමයි “යට ගිය දවස”. මම ලියන්නෙ බෞද්ධ රසයක් ඇති ලිපි. පුද්ගලික පලහිලව්වකට මගේ ලිපි කාලිංග ඇතුලත්මුදලි මහත්මයා හෝ/ඔහුගේ අණ ලත් සහකරුවෙක් ඒ ලිපි පලකරන්නෙ නැහැ. ඉතින් කාටද කියන්නෙ. මේ බලන්න.

    http://sgunatunga.blogspot.com/2011/07/blog-post_29.html

    Thumb up 3

    • මෙම කොමෙන්‍ටුව අනුමත කිරීමෙන් ඔබගේ චෝදනාව අපිත් පිළිගත් බව අදහස් නොකරමි. ඔබගේ අදහස් ප්‍රකාශ කිරීමට මෙහි අවස්ථාව ලබා දුන්නා පමණි.

      බුදු දහම සහ සිංහල ජාතිය සම්බන්ධයෙන් බ්ලොග් ලියන ඔබ වැනි බොහෝ පිරිසක් අන්තර්ජාලයේ සිටින අතර ඒ උදවිය සඳහා වෙනම සින්ඩිකේටරයක් සෑදීමට අප මිතුරන් පිරිසකගේ අදහසක් තිබේ. එය සාර්ථක වුවහොත් ඉන් අප සියල්ලන්ටම වන්නේ ඉතා යහපතකි.

      Thumb up 2

  • නිලංක

    කාලෝචිත ලිපියක්. දූෂණය ගැන කථා කරද්දී මුලින්ම කියවෙන්නේ දේශපාලනයේ යෙදෙන්නන්, ඊ ලගට අපේ පොලීසියේ මහත්වරු. මාත් අවුරුදු 15ක් තිස්සේ වාහන පදවනවා. ට්‍රෑෆික් පොලිස් මහත්වරු අනන්තවත් මම පැදයන වාහනය නවතලත් තියෙනවා. ඒත් කෙදිනකවත් මගෙන් අල්ලසක් ඉල්ලලා නැහැ. මම මාර්ග නීති කඩ නොකරන එක ඊට එක් හේතුවක් වෙන්න ඇති. ඒකට හේතුව ගමනක් යන්න ගියාම කල් වේලා ඇතිව ගෙදරින් පිටත් වීම.

    නමුත් ට්‍රෑෆික් පොලිස් අයට අල්ලස් දීපු අය මට අනන්තවත් හම්බවෙලා තියෙනවා. රු. 1000/= , 500/= 100/= වශයෙන්. ඔවුන්ම කියන දෙයක් තමයි හදිසිය නිසා තනි ඉර කපාගෙන යන්න වුනා, ට්‍රෑෆික් ලයිට් වැටෙනකන් ඉන්න බැරිවුනා. ඔන්න ඔය වගේ මාර්ග නීථි කඩ කරපු නිසා තමයි මේ අය අල්ලස් දීල තියෙන්නේ. ඒත් මෙතනදී ඔවුන් නොදකින දේ තමයි, අල්ලස් ගත්ත පොලිස් නිළධාරියා එක් වැරද්දක් කරද්දී මොවුන් වැරදි කීපයක් කරන බව. එකක් තමයි මාර්ග නීති කඩ කිරීම, දෙක අල්ලස් දීම, තුන්වෙනි එක තමයි තමන් කළ වැරැද්දක් වෙනුවෙන් නියමාකාරයෙන් රජයට ගෙවිය යුතු මුදලක් පැහැර හරින එක. සාමාන්යෙන් රු.5000/= ක දඩයක් ගහනව නම් අල්ලස් ගන්නේ 1000/= ක් හෝ 500/= ක් කියලයි ඔවුන් කියන්නේ. මෙතනදී මාර්ග නීථි කඩ කරන්නේ නැතිව ඉන්නවා නම් කිසිම පොලිස් නිළධාරියෙක්ට අල්ලසක් ගන්න ඉඩක් නැහැනේ.

    Thumb up 4

  • sinhalaya

    මෙක හැමොම බලන්න
    http://sinhalaislam.yolasite.com

    Thumb up 0

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.