ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රුක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

තමන් ලැබු දිවි පවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් නුඹෙන් පුතේ
මෙ ලොවට කිසි පලක් නැතේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

මව් කුසෙන් දරුවෙක් බිහි වීමේ අවස්ථාවක දසුනක්

“අම්මා”… ගුණවන්ත දරුවෙකුට මුළු විශ්වයේම ඇති සුන්දරම වචනය එයයි. ඒ සුන්දර අම්මාගේ සෙනෙහස වර්ණනා කිරීමට සිංහල බෞද්ධයන්ට මැක්සිම් ගෝර්කි ගේ පොතක් ඕනෑ වෙන්නේ නෑ, තිලෝගුරු බුදුරජාණන් වහන්සේ අන් සැමටම වඩා මව් ගුණය වර්ණනා කර තිබෙන්නේ “බුද්ධෝ විය මාතා, මාතා විය බුද්ධෝ” අම්මා බුදුරජාණන් වහන්සේ බඳුය, බුදුරජාණන් වහන්සේ අම්මා බඳුය… ලෙස බුදු දහමේ ඉහලම තැන හෙවත් බුදුරජාණන් වහන්සේට සමාන කිරීමෙනුයි.

ඒ සුන්දර අම්මා අපව මෙලොවට බිහි කිරීමට කොතරම් දුකක් වේදනාවක් විඳින්න ඇද්ද? අන්න ඒ ගැනයි සිංහල බෞද්ධයා අඩවියේ මෙලෙස සටහන් කෙරෙන්නේ. යහළුවනි, මෙය පළකිරීම ගැන කවුරුවත් මට බනින්නේ නැතුව මේවා සිහි බුද්ධියෙන් නරඹන්න, හින්දි සිනමාවේ සුරූපීම ශිල්පිනියටද මෙම ස්‌වභාවය පොදු බව දකින්න, අප හැමදෙනාටම සිදු වූ මේ ඇත්ත දකින්න. එවිට අම්මා කෙනෙකුගේ මෙන්ම එලෙස අම්මා කෙනෙක් වීමට සිටින කාන්තාවකගේ අගය වැටහේවි; පාරේ තනිව ගමන් කරන සොයුරියක් ඔබ පෙරමගට එන විට ඇයත් මතු දිනෙක මෙවන් අධික වේදනාවක් දරමින් ලෝකයට නව ජීවයක් සපයන අම්මා කෙනෙක් වෙන බව ඔබගේ සිහියට ඒවි.

ඔබත් මෙලෙසම ඉතාමත් අමාරුවෙන් අම්මා කෙනෙකුගේ කුසයෙන් බිහිවුන දරුවෙක්ම නිසාත්, මේ අම්මා විඳින ඉවසිය නොහැකි වේදනාව පිරිමි අප වැරදීමකින් හෝ ලැබුවොත් එය අපට වේදනාත්මක මරණයක් උරුම කරන්න තරම් අධික වේදනාවක් බව දන්නා නිසාත්, ඔබට කිසි සේත්ම රාගික සිතිවිලි ඇතිවෙන්නේ නෑ. මේ අම්මා විඳින වේදනාව දකින ඔබ නිර්වාණය පිනිස එය කමටහනක්ම කරගන්න.

[දරුවෙක් බිහිවෙන දසුනක් නැරඹීමට නොහැකි සංවේදී අය නොබලා සිටීම වඩාත් සුදුසුයි]

එහෙත් කනගාටුවට කරුණක් වන්නේ, මුහුදට වැටුණු තම එකම දරු පැටවා ගොඩ ගන්නට වලිගයෙන් මුහුද ඉස හිස්‌ කිරීමට වෙහෙසුණු ලේන කුලේ අම්මලා ගැන පවා ඉගෙනගත් රටක මේ සැබෑ මාතෘ සෙනෙහස තම දරු පැටවුන්ට ලබා දෙන්නට තරම්වත් බැරි වූ අවාසනාවන්ත අම්මලා ඉතා සුළු පිරිසක් සිටින බවයි. එහෙත් එසේ නොවී තම දරුවන්ව හදා වඩා පෝෂණය කර ජාතියට දායාද කරන ඒ උදාරතර අම්මලාව අපි මෙලෙස වන්දනා කරමු.

දසමාසේ උරේ කත්වා
පෝසේසි වුද්ධි කාරණං
ආයු දීඝං වස්ස සතං
මාතු පාදං නමාමහං

[මෙම ලිපියෙන් උපුටා ගන්නේනම් යොමුවක් තබන්න]


2367
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

15 comments to මව් කුසෙන් දරුවෙක් බිහි වීමේ අවස්ථාවක දසුනක්

  • Hashani

    ඇස් දෙකට කඳුළු පිරුන මේක දැකල. මේ තරම් කායික දුකක් විඳලා අම්ම කෙනෙක් දරුවෙක් මේ ලෝකෙට බිහි කරනවා, ඒ හා සමානවම මානසික පීඩන බොහොමයක් එක්ක ඒ දරුවෝ ඇති දැඩි කරනවා. එත් අද අපේ ලංකාවේ උනත් අපේ අම්මලට යි තාත්තලටයි කළගුණ සලකන්නේ කීයෙන් කී දෙනාද. එහෙම අයට අඩු තරමේ මෙහෙම දෙයක් හරි දැකල එයාලගේ පව් හෝදගන්න ලැබෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා. ගොඩක් ස්තුතියි මෙහෙම දෙයක් මේ පිටුවට එකතු කලාට. හිතට ගොඩක් දැනුණා..

    Thumb up 0

  • Dulantha

    Great post, thanks for sharing this. But I ave something special to tell. That is some of women have no female feelings in the present society. Because of they are following western feminism. Feminists do not like to be mothers, even they do not like to be feminine. We must protect real feminine women who like to be mothers.

    http://spiritofnature99.blogspot.com/

    Thumb up 1

  • tehan lashendra perera

    Dear Mom..
    u r my life…i miss u mom.um so lonely here..i knw dat u 2 in sad vthout me..il cme 2 c u as possible i can..u b care on urself..i love u mom..
    urs sudu putha,
    Tehan

    Thumb up 0

  • asoka

    ranga sohoyurananta,

    ada weni awasanawantha siduweem ahannata labena kalayaka oba weni tharunayan siteema wasanawak.me mage awanka sithuwillak.obata yahapath anagathayak.

    asoka,

    Thumb up 0

  • gayan sanjeewa

    godak hodai

    Thumb up 1

  • lalani pathirana

    රංග සහෝදරයාණෙනි,
    ඔබට ගොඩක් පින් මෙවැනි ලිපි පලකිරීම ගැන හා, මාගේ හර්දයාංගම ස්තුතිය මුලින්ම ඔබට පිරි නමමි.

    මෙවන් දසුන් අප රටේ ඉන්නා, ගැහැණු දරුවන් කෙලෙසන, දුෂණය කරන, මුදලට කය විකුණමින් ස්ත්‍රී පහස ලබන්නට යොමු කර මුදල් උපයන ලංකාවේ මෑතදී අසන්නට දකින්නට ලැබෙන ඉතා ප්‍රසිද්ධ යයි කියන හා පවත්වාගෙන යන ගණිකා නිවාස හිමියන්,හොර සම්බාහන මාධ්‍යස්ඨාන මුවාවෙන් මුදල් උපයන සහ එවන් ස්ථාන තුලින් පහස ලබන්නට තම විවාහක බිරින්දෑ නිවහනේ සිටියදී මුදල් ගෙවා මොහොතක තෘප්තිය ගන්නට පැමිණෙන ඔබද දියණියක, සොයුරියක,මවක ඇති තැනැත්තෙකි. මෙවන් දසුන් ඔවුන් හට නැරඹීමට අවස්තාව සලසා දිය යුතුව ඇත, මෑතදී කුරුනෑගල ප්‍රදේශයේ අසන්නට ලැබුණු පිරිමි 35 දෙනෙකු අතින් කෙලෙසුණු 13 හැවිරිදි දැරියගේ ඛේදනීය පුවත අසා මා හට අපේ සමාජයේ ඉන්නා පහත් ආශාවන් ඇති මින්සුන් වන මෘගයන්ටත් වඩා අන්ත බව දැනුනි. මෙවන් දුෂිතයන්ට මෙවැනි තොරතුරු පෙන්වා මනසට දැනුම ඇතුල් කල යුතුය, සමහරු අකුරු කියවීමේ, ලිවීමේ හැකියාව නොමැති නිසා, කියවා දැනගැනීමට නොහැකිය, මෙවැනි රුප රාමු දැකීමෙන් ඔවුනට අඩුම වශයෙන් වේදනාව යනු කුමක්ද කියාවත් වැටහේවි. එවිට පෙනේවි ගැහැණු දරුවකු ලෙස මෙලොව එලිය දකින එම ළදරු දැරිය කෙදිනක හෝ මාතෘත්වයට පැමිණෙන වග, මෙලොව එලිය දකින්නට මොන තරම් දුක් කන්දරාවක් මවක් විඳිනවාද යන්න, තමන් මව් කුසකින් මොලොව එලිය දැකීමට පෙර මවක් මොනතරම් කරුණාවකින්, එම දරු ගැබ රකින්න ඇතිද, මොන තරම් අපහසුවක් තියෙන්න ඇතිද නින්දට යනවිට, එම දරුවා මෙලොව එලිය දුටු විගස සිට මොන තරම් ස්නේහයකින් කරුණාවකින්, මාසි මදුරුවන්ට වත්, බාධා කරන්නට නොදී, පෝෂණය කර නීරෝගීව උස්මහත් කරන්න වෙර දරන්න ඇතිද ?අහිංසක එදා වෙලාවත් කන්නට හොයාගන්න අපහසු වුනත් ඇය තම කුසට අහරක් නොගෙන එය දරුවන්ට දී කොතරම් කුස ගින්දරේ ඉන්නට ඇතිද?
    කවදාවත් දෙමාපියන්ගේ හිත රිදවන්න එපා… රවා ඔරවා බලන්න එපා, කිපුණු වචනවලින් කතා කරන්න එපා,විවාහකයි කියා,අපට වෙලාවක් නැත ඹවුන බලන්න කියා නිදහසට කරුණු පෙන්වා මග අරින්න එපා.. ඔවුට අසනීප වූ විටෙක සලකන්න.. වයසට ගිය දෙමාපියන් තම දරවන් මෙන් ආදරයෙන් බලාගන්න, ඔබේ වයෝවෘද දෙමාපියන් ලවා ඔබගේ වැඩපල කර නොගන්න, විවාහයකින් පසු ඔබට ලැබෙන දු පුතුන් ඔවුනට බලාගන්න කියා ගෙදර මෙහෙකරුවන් වශයෙන් තබා නොගන්න, සෑම විටෙකම ඔවුනට නිදහසේ බන භාවනවන්ට සහබාගී වීමට්ට ඉඩ ප්‍රස්තාව සලස්වන්න, ගොඩාක් දුරට ඇහෙන කතාවක් තමා වයසක දෙමාපියන්ගෙන් පන්සලට යන්න විදියක් නෑනේ, කෑම ටික හදල දෙන්න කෙනෙක් නෑනේ, දුවගේ / පුතාගේ දරුවා දාල යන්න විදියක් නෑනේ යනාදී වශයෙන්… මවට පියාට සලකන්න, ඔබට ඒ පින මෙලොවදීම අත් විඳීමට ලැබේවි.

    මා දයාබර මෑණියනි… ඔබට නිවන් මග අවබෝධ වේවා!
    මා දයාබර පියාණෙනි, ඔබ මෙලොවින් සමුගත්තත් සසර ගමන සාර්ථක වේවා! නිවන් මග අවබෝධ වේවා!
    මාගේ මේ ප්‍රාර්ථනය සියලුම උත්තරීතර මෑණියන්ට සහ පියවරුන්හට වේවා.

    Well-loved. Thumb up 10

    • බොහොම ස්තුතියි ඔබගේ වටිනා අදහස් ගොන්නට. සෑමෙ දෙනෙක්ම කියවා බැලිය යුතු කොමෙන්‍ටුවක්.

      Thumb up 3

    • තීර්යක්

      ලිපියේ නැති ලියවිය යුතු ම කරුණු කීපයක් ම මෙ හි සඳහන් වෙනවා. දැන් ලිපිය සමබර ය යි කිව හැකි ය.

      තෙරුවන් සරණ යි!

      Thumb up 1

  • තීර්යක්

    අප ගේ නවතම වෙබ් අඩවිය ට පිවිසෙන්න
    “තීර්යක්” සරු නිසරු දෙය වෙන් ව දකින්න ට…
    http://buddharashmi.blogspot.com
    අප ගේ දෙවන ලිපියේ උත්තරීතර මාතෘත්වය පිළිබඳ ලිපියක් ඇත.

    Well-loved. Thumb up 7

  • sanju

    ගොඩක් බය හිතෙනවා මෙක දකිනකොට

    Well-loved. Thumb up 9

  • prasanna

    mage amma mage lokaya kiyana eka mama therum aragena thiyenne.*****mavakage unusuma nolaba sapata nidana puthe…..me geethaya harima sanvedee bava obatath vatahevi.thavath mevani lipi palakarana men oba samagen illa sitimi.”obata dalada samidu pihitay”

    Well-loved. Thumb up 9

  • ඉතාමත් වටිනා ලිපියක්, අනර්ඝයි !! !! !! !!

    මවකගේ වටිනාකම දැන් ලොවින් තුරන්ව යන වකවානුවක මෙවැනි ලිපියක් ලිවීම ඹබට බුදුන් දැක නිවන්දැකීමට හෙතුවාසනා වේවා රංග !!

    Well-loved. Thumb up 15

  • රුවන්

    මේ වීඩි‍යෝව නරඹද්දි අම්මාට මගේ තියෙන ආදරය තවත් වැඩිවුණා.අම්මලා බිහිකළාට පස්සෙත් අපිව රැකගන්න මොනොතරම් දුක් විඳිනවද?
    .මේ වගේ ලිපියක් පළකළාට ඔබට බොහොම පින්.

    Well-loved. Thumb up 16

  • Gayan Rupasinghe (සිංහයා)

    සුපිරි ලිපියක් සහෝධරයා…….
    අහල තිබ්බට දැකල තිබ්බේ නෑ… අපේ අම්මල අපිට මේ තරම් ආදරේ මේ නිසා වෙන්න ඇති…

    ජය,,,

    Well-loved. Thumb up 15

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.