මෙරට ජාතික හා ආගමික පුනරුදයෙහි පුරෝගාමියකු වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 147 වැනි ජන්ම දින සමරුව අදට (17/09/2011) යෙදී ඇති අතර එම උත්සවය අගමැති දි. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00 ට කොළඹ 10 හික්‌කඩුවේ ශ්‍රී සුමංගල මාහිමි මාවතේ අංක 130 හි පිහිටි ශ්‍රී ලංකා මහබෝධි සංගම් මූලස්‌ථානයේදී පැවැත්වේ. ඉන්දියාවේ හිටපු අධ්‍යාපන ඇමැති හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මුරලි මනෝහර් ජෝෂි මහතා එක්‌වීමට නියමිත බව ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්‌ස හිමියෝ පැවැසූහ.
1864. සැප්තැම්බර් 17 වන දින, කොළඹ මරදානේ පිහිටි ” වික්ටර් හවුස් ” නමින් හැදින් වූ ස්ථානයේදී., දොන් ඩේවිට් හේවාවිතරණ නමින් ජන්මය ලැබූ එතුමා බුද්ධ ධර්මයත්, සිංහල ජාතියත් කෙරෙහි සර්ධාව පෙරටුකොටගත් අවබෝධයෙන්ම උගත් තරණයෙකු ලෙස, අනගාරික දිවියකට පිවිස, තම ක්‍රිස්තියානි නාමය ඉවතලා ” ධර්මපාල ” නමින් පිරිසිදු බොදුනුවෙකු විය. එතුමා ගතකල අනගාරික දිවිපෙවත මත ” අනගාරික ධර්මපාල ” නමින් සමාජයතුළ දී බොදු සසුනටත් සිහළ ජාතියටත් ප්‍රායෝගිකව ඉටුකල සේවය අමරණීයත්වයට පත් වී ඇත.
සිංහල බෞද්ධ ජාතිකත්වය ගොඩ නැගූ ගාමිණී අභය මහරජතුමා මෙන්ම බටහිර අධිරාජ්‍යවාදීන්ගෙන් පෑගී තිබූ සිංහලයාව නැවතත් නගා සිටවූ අනගාරික ධර්මපාල තුමා කොතරම් දුරට සිංහලයින්ගේ හදවතේ ගැඹුරුම තැන ලැගුම් ගෙන සිටිනවාද කිවහොත් නූතන සිංහල බෞද්ධ ජාතිකත්වයේ පියා ලෙස ධර්මපාල තුමාව හැඳින්වුවද වරදක්නැත. කරන ලද්දා වූ ශාසනික සේවයේ පින් මහිමයෙන්ම අනගාරික ධර්මපාල තුමාට දෙව් මිනිස් සැප කෙළවර අමාමහ නිවන් අවබෝධ කරගැනීමට වාසනාව උදා වෙවායි සිංහල බෞද්ධයා වෙබ් අඩවිය මගින් අපි ප්‍රාර්ථනා කරමු.

යම් සිංහල බෞද්ධයෙකු එතුමාට ගරැකරණුයේනම්, සිංහල බෞද්ධයින් පත්වෙමින් තිබූ විනාශයෙන් ගලවා ගැනීමේ පරම පවිත්‍ර වූ චේතනාවෙන් එතුමා මළු දිවිය පුරාම කර ඇති පුකාශයන් නැවත නැවතත් අධ්‍යනයකර, බුද්ධිමත්ව අවබෝධකරගෙන, පුහු තර්කවලින් කාදමන කාලයෙන් ඉවත් වී ජාතියේ සහ ශාසනයේ දියුණුව පතා ප්‍රායෝගික ක්‍රියාකාරී සමාජයක් බිහිකරගැනීම කළ යුතු බව සිංහල බෞද්ධයා වෙබ් අඩවිය මගින් මෙලෙස මතක් කර සිටිමු.
මූලාශ්‍ර: 1 ~ www.SinhalaBuddhist.com
[මෙම ලිපියෙන් උපුටා ගන්නේනම් යොමුවක් තබන්න]
Convert to PDF

අනගාරික ධර්මපාලතුමාගේ පටිගත කරන ලද දෙශනාවක් එහෙම අපිට හොයාගන්න බැරි වෙයිද? හරිම ආසයි එතුමාගේ කටහඬ අසන්න (පිලිතුරක් බලාපොරොත්තු වෙමි)
ඒ ගැන කලකට පෙර අන්තර්ජාලයේ සොයා බැලුවත් හමු වුනේ නෑ. මා දන්නා පරිදි එවැනි පටිගත කරපු දේශනයක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංරක්ෂකාගාරයේ තිබෙනවා. එය අන්තර්ජාලයට එක් කිරීමේ හැකියාව ගැන ඔවුන් සමග කතා කර බලමු.
හොඳ ආරංචියක් සහෝදරයා,ඔවා ඇතුලේ තියාගෙන හිටියා කියලා වැඩක් වෙන්නෙ නැනේ,මම නම් ජිවිතයට කිසිම මාධ්‍යයකින් ඔක ප්‍රචාරය වෙනවා දැකලා නැ,ඔවාගේ දෙවල් ප්‍රසිද්ධ කරන්න ඔන,ගුවන් විදුලි සංස්ථාවේ අලවි සැල් වල පැරණි දේශනා,කතා තියනවා නමුත් ඔක දැකලා නැ.
අනගාරික ධර්මපාලතුමා හරක් මැරීමට විරුද්ධ වූයේ සමහරුන් මෙන් හින්දු ආගමික සංකල්පයක සිට නොවේ ගවයා මරා දැමීමෙන් වටිනා සම්පතක් මෙන්ම තමාට කිරිදෙණ අනන්තවත් වැඩකර දෙන තමාගේ දුකට පිහිටවන සතකු මරා මස් කෑමේදී සිංහලයා තුල තිබෙන උදාර ගුණයන් පිරිහෙන නිසා හා ගවයා මැරීම රටේ පෝශනය පිලිබඳ ප්‍රශ්නයකනට ගව කිරි දක්වන දායකත්වය ගැන සලකාය සතකු මැරීමේදී ප්‍රානඝාත අකුසලයද අනිවාර්ය්‍යෙයන්ම සිදුවන නිසාත්ය
මෙය ක්‍රිස්තියානි හා අනෙකුත් සමාජයනට එතරම් ප්‍රශ්ණයක් නොවේ මේ සමාජ වල අය පසුකල වහල් සමාජය තුල වහලා මනුෂ්ශ්‍යයකු නොව කථාකරන භාන්ඩයකි Speaking,tools සතුන්, ජීවත්වන භාන්ඩ Living tools, භාන්ඩ, Tools,
එහෙයින් ඔවුන් සිතන ආකාරය වෙනස්ය එහෙත් දහමෙහි සඳහන් ආකාරයට මොනයම් හෝ සතකු මැරීමේදී ඇතිවන ඝාතන සිතුවිල්ල ඒ සඳහා උපක්‍රම යෙදීම හා ප්‍රාණඝාතයකට අවහ්‍ය කාරනා සපුරා ගනී ඒ පාප කර්මයක් කරන තැනැත්තා එහි අයිති කරුය තවත් අයට නොයෙකුත් ආකාරයෙන් සම්මාදම් වියහැක
බොහෝ විට මියයන සත්වයාටද ඵල දෙන්නේ පූර්ව කර්මයක් විය හැක එහෙත් සත්වයකු ඝාථනය කිරීමේදී ඇතිවන චේතනාවෙන් හා ක්‍රියාවෙන් ප්‍රාණඝාත අකුසල කර්මයක් කරගනී.
මේ දුර්ලබ මිනිස් ජීවිතයෙන් ගතයුතු ප්‍රෙයෝජනය එය නොවේ.
මැවුම් වාදය සත්‍යයක් නොවන බව මේ දියුන උපකරන සහිත අද ලෝකයේ කවුරුත් දනී ඕනෑම මැවුම් වාදී පොතක දෙවියන් මවා ඇති ලෝකය පැතලිය අද එය සත්‍යයයි කිසිවකුත් නොකියයි මැවුම් වාදී පොතට අනුව මේ විශ්වය සීමිතය එහෙත් අදනවීනම උපකරන වලින් ආලෝකවර්ශ මිලියන ගණනක් දකී එහෙත් සීමාවක් නොදකී නක්ශාස්ත්‍ර ග්‍රන්ථවල පෘතුවියේ වයස අවුරැදු මිලියන 4300ක් යයි සඳහන්වේ නවීනවිද්‍යාව පෘතුවියේ වයස අවුරුදු මිලියන 4000 ටත් 4500 ටත් අතර යයි කියයි
මැවුම් වාදී පොතට අනුව පෘතුවියේ වයස අවුරුදු 6000කි අප ලබාගන්නා පොසිල ඉන්දන යනු දැනටය අවරුදු මිලියන ගණනකට පෙර පෘතුවියට ලැබුන සූර්යාලොකයේ ප්‍රතිඵලය මේඅනුව මේ නවීන ලෝකයේ මැවුම් වාදය පිලිගන්නේ ඉතාම නොදියුනු පිරිසකි එහෙත් මේ මැවුම් වාදී ආගම් වලම බහුතරයක්ද මේ මැවුම් වාදය පිලිනොගනී මෙහි ඇත්තේ කලක් සත්‍යයයි පිලිගැනීම නිසා ඇතිවූ සම්මුතිය හා දේශපාලනයයි
අනාගාරික ධර්ම පාල තුමා යුගපුරුශයෙකි ලෝකයෙ සෑම බෞද්ධ යෙකුම මෙතුමාට විශේහයෙන් ගරුකලයුතුය ඒ මෙතුමා නොවන්නට මේවන විට බෞද්ධ යනට බුදධගයාවක් නොමැත
මෙතුමා ලංකාව ගැන කියා ඇති අනාවැකි අදවන විට ඒඅයුරින්ම සිදුවී හමාරය දැන්වත් සිංහල බෞද්ධයන් මෙගැනසිතා ප්‍රඤඤාවෙණ්කටයුතු කිරීම හොඳය
sahan fernando,you seem to be angry about this website.you have visited the most.if your mind is on fire you act like you are on fire.don’t try to bring your anger here.do your religion teach you how to control your self ,be polite,respect other religions and make your life better? OH!i forgot,they only teach you to dream about creation,sorry. if you like dream all you want but us sinhalabuddhist will go a strong path without poking into other beliefs.
ධර්මපාල තුමා, ගුණානන්ද හිමි වැනි අයට විශාල සටනක් කිරීමට සිදුවුනේ එකල අප යටත් විජිත අසාධාරනකම් වලින් හා බුදහම වියැකී යාමේ සැබෑ තර්ජනයකින් ඇත්තටම දුක් වින්ද නිසා. නමුත් අද අප රටේ ජනතාව මෝඩ කරලා රවටාගන්න බැහැ. දැන් තිබෙන්නේ බෞද්ධ සමාජයේ හැඟීම් අවුස්සා දැනුවත් කලයුතු බොදු ජනයා නිදා සිටින තත්ත්වයක් නොවෙයි. ඔවුන් ඕනෑවටත් වඩා දැන් සටන්කාමියි. ඒ නිසා බොදු හැඟීම් සටන්කාමි ලෙස උත්සන්න කිරීමෙන් වෙන්නේ විරුද්ධ ප්රඕතිපල. ඒ යටත්විජිත කාලේ වගේ දැන් විදේශිකයන්ට හෝ අන්තවාදීන්ට කුඩා රටක් බලෙන් යටකර ගන්න බැහැ. එවැනි දේ වළක්වන ජාත්යටන්තර සංවිධාන තිබෙනවා. රජය, ඉහළ නිලධාරීන්, ආරක්ෂක බලඇණි අවංක ප්රයතිපත්තියෙන් වැඩ කිරීමයි අවශ්යස. මුලධර්මවාදීන් හා අනෙක් අන්තවාදීන් ගැන සොයා බැලීමට කොමිෂන් පිහිටුවා රජය පියවර ගන්නවානේ. අන්තවාදීන් තමන් සිතන සිතන හැම දෙයක්ම අනිවාර්යයෙන්ම ඉටුකර ගන්නවා කියා දැඩි විශ්වාසයක් ඇතිකර ගන්න එපා. එය සෘණාත්මක පමණක් නොවේ, හානිකර ආකල්පයකුත් වෙනවා. ඔයාගේ අනෙක් බොහෝ ලිපි හා සමහර කමෙන්ට්ස් වල ස්වභාවය ගැනයි මේ ලියන්නේ. රටේ ජනතාව ක්රිවයා කලයුත්තේ බුද්ධියෙන් මෙන්ම මානුෂික හැඟීමෙන් ද යුතුවයි. එවිට කිසිවකට බිය වියයුතු නැහැ. ඒ සඳහා ජනමතයද යොදා ගැනීම වරදක් නොවන නමුත් එය කලයුත්තේ ඉවසීමෙන්, ආත්ම සංයමයෙන් හා හදවතට කතා කිරීමෙන්. කුපිත හැඟීම් අවලක්ෂනයි, මානසික හිංසනය ශාරීරික හිංසනයටත් වඩා දරුණුයි! අප මෙය හොඳින් සිතේ තබා ගත යුතුයි. ලිපි වල සමහර අදහස් අනුමත නොකරන බව දැක්වීම නිවැරදි ලෙස තේරුම ගන්න.දෙපැත්තම ගැන සංවාදයට ඉඩ දෙන්න.
මේ අදහස් දැක්වීමේ ගොඩක් කරුණු වලට සම්පූර්ණයෙන් එකඟයි. කොහොමත් අපව දැණුවත් කිරීම ගැන ස්තුතිය.
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
1
අනේ යකෝ, උඹලට ප්‍රශ්නවලට උත්තර නැතිවුනාම කරන්නේ ඔහේ බැන බැන යන එකනේ. පුළුවන්නන් මන් අහපු ප්‍රශ්නවලට උත්තර දීපන්කො. මම ඉතාමත් පැහැදිලි ප්‍රශ්න වගයක් අහල තියෙන්නේ. ඕගොල්ලෝ වගේ “ජේනෙරල්” ස්ටටෙමෙනට් දෙන්නේ නැතුව. අනිත් එක මේක අයිති පොර කියනවා ලෝඩ් වගේ මගේ කොමෙන්ට් දාන්නේ නැහැලු. යකෝ උඹල හිතන්නේ මේක
විතරද සයිට් එකකට තියෙන්නේ කියල??? මේකේ මේ කොමෙන්ට් දානංනේ කි දෙනාද? Maximum 9 දෙනෙක් ඇති. ඒ කියන්නේ
අතේ ඇඟිලි ගානකට වත් නැහැ. උඹලගේ තියෙන්නේ අර පුහු මානය. නැති දේ මහා ලොකුවට තියෙනවා කියල පෙන්නන එක. 8, 9 දෙනෙක් කොමෙන් දාන සයිට් එක නිකන් මුළු නෙට් එකේම තියෙන ලොකුම සයිට් එක වගේ කියන්නේ.
Meka ara Shan@Paris kiyana minihata reply eka.
යාළුවා, ගොඩක් කොමෙන්‍ටු වැටෙන්නේ ඔහේගෙ කොමෙන්‍ටු වලට හොඳ හොඳ වචන වලින් බැනලා. ඒව පළ කරන්න බැරි නිසයි දාන්නෙ නැත්තේ. එනිසා ඔයිට වඩා සංවරව භාෂාව හසුරවන්න.
අනික අපහු ප්‍රශ්න සියල්ලටම උත්තර දීල තිබෙනවා, ඒව ගැන ඔබ සෑහීමකට පත් නොවුනට අපිට කරන්න දෙයක් නෑ.
මන් නං කියන්නේ ඕව දාන්ඩ කියල. අනිත් එක මේකේ counter එකක් නැහැ මේ පේජ් එක කි පාරක් කියෙව්වද කියල.
fonseka_wasantha@yahoo.com
Sorry this is my REAL e-mail. sahan_fernando_75@yahoo.com.
Araka hora ekak.
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
1
ධර්මපාලතුමා පැවසුවේ හරක් මරන්න එපා කීම මිසක්, හරක් නොමරා අනෙකුත් නරක වැඩ කරන්න කියන එක නොවෙයි. හරක් නොමැරීම මගින් අනෙකුත් නරක වැඩ අනුමත කරනවා කියන්නේ කෙසේද?
උදාහරණයකින් කියනවානම්, කෑමට පෙර අත සෝදන්න කීමෙන් කෑමට පසුව අත සෝදන්න එපා කියල කියවෙනවද?
ඔබ වැඩිපුර ගරු කරන්නේ ඔබගේ මවටද නැත්නම් අල්ලපු ගෙදර ඉන්න අම්ම කෙනෙකුටද? තමුන්ගේ මවටනේ. එසේම අපිත් වැඩිපුර සෙනෙහස දක්වන්නේ අපිට ඉතාමත් ප්‍රයෝජනවත් ගවයාටයි. ඌරන් කුකුළන් ආදීන්ව මැරීමත් අප හෙළා දකින අතර පළමුව උත්සාහ ගන්නේ හරක් ටික බේරා ගැනීමටයි.
එය කරන්නෙත් බල කිරීමකින් හෝ මුස්ලීම් වරුන් මෙන් සෑම දේකටම නීති දැමීමකින් නොව හරක් නොමැරිය යුතු බවට අන් අයව දැණුවත් කිරීමෙනි. ඉතින් මුස්ලීම් අන්තවාදීන් හා අප සමාන වන්නේ කෙසේද?
ඔබගේ කොමෙන්‍ටු ඉදිරියේදීත් පල වේවි. ඒත් ඕනෑම කෙනෙක්ගේ කොමෙන්‍ටු වල “රෙප්” අඩු වුන විට ඒවා “ඉබේම” සැඟවෙන්නට හදලයි තියෙන්නෙ. ඒ නිසා අන් අයගේ ප්‍රසාදයට ලක් වන කොමෙන්‍ටු පල කරන්න, “රෙප්” වැඩි වන විට ඒවා “Highlight”වෙනවා. ඒකෙන්වත් ඔබ හැදෙයිද කියල බලමු.
Well-loved.
17
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
2
ධර්මපාලතුමා එදා එහෙම කළේ නැත්නම් අද මුළු ශ්‍රී ලංකාවේ අයම හරක් මස් කන ජාතියක් වන්නට තිබුණි. බුදු දහමට අනුවත් හින්දු ආගමට අනුවත් හරක් මරන අය පිරිහීමට ලක් වේ. හරක් මස් කෑම හරක් මැරීමට දිරි දීමක් නොවේද? ඕනෑම හරක් මස් විකුණන මස් මුදලාලි කෙනෙක් කියන්නේ හරක් මස් වලට ඉල්ලුමක් තිබෙන නිසා හරක් මරන බවත් කවුරුත් හරක් මස් ඉල්ලන්නේ නැත්නම් වෙනත් වෙළඳාමක් කරන බවයි.
ඔබ ධර්මපාල තුමා ගේ එක් එක් වචන ගැන කතා කරනවානම් අපිටත් ක්‍රිස්තියානි ආගමික නායකයන් කළ කී දෑත් කතා කළ හැකියි. ඒත් අපි එලෙස නොකරමු. ඒ වෙනුවට කෙළින්ම බයිබලයේ වැකි කිහිපයක් දක්වන්නම්.
If an ox gore a man or a woman, then the ox shall be surely stoned. Exodus 21:28
හරක් මස් කන අයව කොන් කරන්න කියල කියන එක්තරා සිංහල නායකයෙක් කියන එකද වඩා නරක, නැත්නම් හරකෙක් ඇන්නොත් ඒ හරකට ගල් ගහල මරන්න කියල ලොව පිළිගත් ආගමික ග්‍රන්ථයකින් නිර්දේශ කරල තිබීමද?
එහෙම කියල තිබුනත් අපි ඔබගේ ආගම අන්තවාදී යැයි නොකියමු. ඒ බුදු දහමෙන් අප ලද හැදියාව නිසයි.
Well-loved.
14
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
0
බමුණන් විසින් මුළා කරවන ලද රජවරූ දවන යාගයට පූජා පිණිස නොයෙක් සිය දහස් ගණන් ගවයින් මරා දැමූහ.එළුවන් මෙන් කිකරූ වූ, කළ පූරවා කිරි ලබාදුන්, අප ගේ කිරි දෙන්නු අගින් හෝ පයින් හෝ කිසිවෙකුටත් හිංසා නොකරත්. එහෙත් රජකුමා ඒ ගවයින් ව අගින් ම රැගෙන අවුදින් ආයුධයෙන් පහර දී මරණයට පත් කරවීය. මෙය දුටුදෙවියෝ ද, මහ බබුදද, ඉන්ද්‍ර ද, අසුර හා රාක්ෂයෝ ද අහෝ! මෙවැනි ගවයීන් මතආයූධ හෙළීමෙන් අධර්මය ඉපදුනා! යයී හඩා වැටුනාහ. එකල මෙහි තිබුනේ රෝග තුනක් පමණි. එනම්, අශාවත්, කුසගින්නත්, ජරා ජීර්ණ වීමත් පමණි.එහෙත් මේ ගවඝාතනය නිසා රෝග අනු අටක් ඇති විය.පෙර කාලයෙභී ගව ඝාතනය දධුවම් ලබන අධර්මයකි. එහෙත් යාග කරන මේ උදවිය අහිංසක ගව දෙනුන්ට පහර දී මරා දමමින් ධර්මයම යටට හෙලත්…
(සුත්ත නිපාතය- බ්‍රාහ්මණ ධම්මික සුත්‍රය)
කන අය ගැන කියනවානම්, මගේ උත්තරය තමයි හරක් මස් කන නිසයි වර්තමානයේදී හරක් මරන්නේ. ඉතින් කන එක නැවැත්වුවොත් හරක්ව මරන එකත් නවතීවි.
Well-loved.
11
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
0
ඔයා ඔය ඉංග්‍රීසි සයිට් එකක් දාල තිබෙන්නේ. ඒවායේ නියම සුත්‍ර පරිවර්තන නෑ. මෙන්න මේ සයිට් එකේ පොඩි පැහැදිලි කිරීමක් තිබෙනවා.
http://www.nalakainfo.com/2011/09/blog-post_14.html
පෙර ලොව පැවතුණේ රෝග තුනක් පමණි. එනම් ආශාව, කුසගින්න හා වයසට යෑම පමණකි. ගව ඝාතනය නිසා, එය අට අනූවක් රෝග බවට පත් විය.
තයෝ රෝගා ජ්රේ ආසුං – ඉච්ඡා අනසනං ජරා
පසුනඤ්ච සමාරම්භයා – අට්ඨානවුතිමාගමුං
නිදොස් ගව දෙනුන් හා ගවයන් මරමින් යාග කරන්නෝ දැහැමින් පිරිහෙති. එය පැරැණි බ්‍රාහ්මණ ධර්මය සපුරා අධර්මය බවට පත් කරන ලද්දකි. ගවයන් මරා යාග කරන ගෝඝාතක පූජකයා නුවණැත්තන්ගේ ගර්හාව ලබන්නෙකි.
මේ බුදුසරණ පත්තරේ.: http://www.lakehouse.lk/budusarana/2008/10/28/tmp.asp?ID=vision03
ඔයාට තාමත් විශ්වාස නැත්නම් මම ආතාපි.org සයිට් එකෙන් නියම බුද්ධ ජයන්ති ත්‍රිපිටකයෙන් හොයල ලින්ක් එක දෙන්නම්. ඒත් ඔබ ඔය කරුණු විමසන්නේ බුදු දහම ඉගෙනීමට නොවන නිසා මම නිකම් කාලය වැය කළේ නෑ. බයිබලයවත් (එහි බොහෝ පරස්පර විරෝධී කරුණු තිබේ. අවශ්‍යනම් කිව හැකියි.) හරියටම මතක නැති ඔබ ත්‍රිපිටකයේ අසූහාරදාහක් ධර්මස්කන්ධයේ ඇති දෙයක් එක් වර සොයා නොගැනීම ගැන මම පුදුම වෙන්නේ නෑ.
Well-loved.
6
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
0
එතකොට බයිබලේ කියල තියෙන්නේ තමන්ට අයිති සත්තුන්ට කරුණාව දක්වන්න අනිකු උන්ට ඕන දෙයක් කියල නේද ?
සත්‍ය අවබෝද කරගන්න තරම් පින් මදි උන ඔබ ගැන දුකයි දැන්වත් පින් ටිකක් කර ගන්න තව අතම 1000 කින් වත් සත්‍ය අවබෝද කරගන්න පුළුවන් බුද්දියක් ලැබෙන්න
Well-loved.
7
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
0
තයෝ රෝගා ජ්රේ ආසුං
ඉච්ඡා අනසනං ජරා
පසුනඤ්ච සමාරම්භයා
අට්ඨානවුතිමාගමුං
නිදොස් ගව දෙනුන් හා ගවයන් මරමින් යාග කරන්නෝ දැහැමින් පිරිහෙති. එය පැරැණි බ්‍රාහ්මණ ධර්මය සපුරා අධර්මය බවට පත් කරන ලද්දකි. ගවයන් මරා යාග කරන ගෝඝාතක පූජකයා නුවණැත්තන්ගේ ගර්හාව ලබන්නෙකි.
පණ්ඩිතය වගේ කෑ ගැහුවට බුදු දහමෙ විශේෂයෙන් දක්වලා තියෙනවා හරක් මරන්න එපා කියල. ඒ අනුව ඔහේ දක්වලා තියෙන තර්ක ඔක්කොම වැඩක් නෑ.
සත්‍ය අවබෝද කරගන්න මොලයක් නැති මේ සහන එක්ක වැඩ කරලා වැඩක් නැහැ.
අපිත් එක්ක වාද කරන්නේ නැතුව ගිහින් පංච මහා වාදය කියවන්ඩ සහන කියෝලවත් හැදෙන්න ඒ තේරෙන්නෙත් නැත්නම් අපිට සහන එක්ක වාද කර කර ඉඳල වැඩක් නැහැ
තමන්ගේ පව් තමන් ගෙවන්න ඕන බුද්දියෙන් අඩු මින්හෙක් එක්ක කතා කරලා වැඩක් නැහැ.
සහන මරුන දකට පෙනෙඉ ඇත්ත මොකද්ද කියල කරපු පව් වලට වින්දවනකොට හරක් මස් රහ දැනෙයි.
මම වඩාත් අගය කරණ චරිත වලින් එකක් ධර්මපාල චරිතය,ධර්මපාලතුමනි නැවතත් අප ලක් දිව ජනිත වනු මැනවි
Well-loved.
11
It was the last flaring up of the candle of his life before its extinction. In the middle of April he caught a chill, and fever developed. As his condition became more and more serious his disciple Devapriya Valisinha was summoned from Calcutta, and his physician Dr. Nandy arrived soon after. A few days later his nephew Raja Hewavitarne came from Ceylon, and the six samaneras who had been despatched to Buddha Gaya returned to the bedside of their beloved leader. Ven. Dharmapala, now in the grip of excruciating pain, had no wish to live any longer. Many times he refused to take medicine, saying that it was a useless expenditure on his decrepit body. “Leave the money for Buddhist work”, he would tell Mr. Valisinha, pouring the mixture into the spittoon.
As his sufferings increased he again and again repeated, “Let me die soon; let me be born again: I can no longer prolong my agony. I would like to be reborn twenty-five times to spread Lord Buddha’s Dharma.” This was not the cry of a coward, but of a warrior whose weapons have been broken in battle and who calls for a new suit of armour so that he may carry on the fight. Towards the end of his life, when the vigorous mind felt keenly the body’s decrepitude he made a solemn asseveration that he would take birth in a brahmin family of Benares and in a new body continue the battle for Buddha Gaya. With all the strength at his command he willed that it should so come to pass, and today his intimate followers believe that before long he will return to direct the movement to which he had vowed to dedicate himself life after life.
Even while he was lying on his death-bed, however, his enemies did not scruple to direct a blow at his defenceless head. The leader of a certain Buddhist group in Ceylon eager for notoriety, concluded a secret agreement with the Mahant which would have ruined Ven. Dharmapala’s labours. Subsequent protests from the Ceylon Buddhist public prevented this agreement from being put into operation, but when he heard of the treachery his grief and indignation were terrible to behold. “It was the greatest shock of his life,” writes Devapriya Valisinha, “and I can vividly recollect his pain and anguish … Alas! He never recovered from the shock. How could he forget such treachery even on his sick bed?” He exhorted those about him to carry on the great work of his life, and never rest until Buddha Gaya was restored to Buddhist hands.
Thereafter, he showed no desire for food, which had to be injected into him against his will. On the 27th he suddenly demanded pen and paper, and despite his semi-conscious condition with great difficulty scribbled something. One line was illegible, but the others read, “Doctor Nandy, I am tired of injections: I may pass away.” His eyes were now closed.
The following morning he was almost unconscious, and made no sound except to mutter “Devapriya” once. At twelve o’clock his temperature began to rise, and in spite of the physician’s efforts by two o’clock it had risen to 104.6. With anguish in their hearts, those who stood round his bedside realised that the hour which was to release him from his sufferings had come. The Bhikkhus and samaneras were summoned and requested to chant paritta, and as they recited the age-old verses of the sacred texts, the Great Being’s consciousness, radiant with a lifetime of wisdom, energy and love, relaxed its hold on the worn-out body and flashed into new realms of service, leaving upon the face of the corpse it had forsaken a serene smile of happiness and contentment…!!
Well-loved.
8
ඉතාමත් අගනා ලිපියක් !!
අප සියල්ලන්ම පිලිපැදිය යුතු උදාර චරිතයක් ධර්මපාලචරිතය !!
Well-loved.
8