කාටත් හිමි පොදු දේ නම්
නැති බැරි හිඟ අවහිරකම්
මේ දේ මැඩ ගෙන දස්කම්
පෑම තමයි සුරුවිරුකම්

මේ ගැන වැඩ කොට ඉමහත්
ලැබෙන දුකක් හිරිහැරයක්
නිවනට සරි කොට සිතතොත්
උඹයි මගේ පුතා සමත්
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

බටහිර විද්‍යාව තවත් එක් තීරණ ගැනීමේ ක්‍රමයක් විතරයි

“බටහිර විද්‍යාව තවත් එක් තීරණ ගැනීමේ ක්‍රමයක් විතරයි” කියන එක නලින් සිල්වා මහතාගේ ගිණුමට බැර කරලා ඔය නලින්ගේ මතවාද කාටද ඕනෑ කියලා අත පිහිදගන්නවාට වඩා අපි එය ප්‍රායෝගිකව අවබෝධකරගත යුතු බව සිතේ.

බොහෝ යුරෝපීයයන් පිළිගන්නේ ඇමරිකාව සොයා ගත්තේ කොළොම්බස් කියලනේ, ඒත් ඊට පෙර චීනයේ “චෙන්ග් හෝ” කියල සෙන්පති කෙනෙක් 1421 දී ඇමරිකාවට ගිහිල්ලා තියෙනවාලු. එසේම චීනයේ පැරණි පොත්ගුලක මේ සියල්ලන්ටම කලින් කාලයේ අඳපු ඇමරිකන් සිතියමකුත් තිබී තිබෙනවාලු. එපමණක් නොව පැහැදිලිවම කොළොම්බස් එහි යන්න කලින් බන්‍ටු, මායා, ඉන්කා ආදී බොහෝ ගෝත්‍රිකයන් එහි සිට ඇත. ඉතින් ඇමරිකාව සොයාගත්තේ කොළොම්බස් කියල කියන්නේ, ඇමරිකාව ගැන මුළින්ම සුද්දන්ට හරි විදියට දැනගන්නට ලැබුනේ කොළොම්බස්ගෙන් නිසයි, එනම් මේ මතවාදය තිබෙන්නේ යුරෝපීයයන්ට සාපේක්ෂව.

ඒ විධියට ගත්තොත් “බටහිර විද්‍යාව තවත් එක් තීරණ ගැනීමේ ක්‍රමයක් විතරයි” කියල කවුරුන් කිව්වත් මෑත යුගයේ සිංහලයන්ට හරියට මේ මතවාදය කැව්වේ මහාචාර්ය නලින් සිල්වා මහතා නිසා අපට අනුවනම් එම මතවාදය සොයා ගත්තේ ඔහුම තමයි. එසේ නැතිව සුද්දන්ගේ කෝණයෙන් බැලුවොත් අපිට කියන්න වේවි, ශ්‍රී ලංකාව සොයා ගත්තේ ලොරෙන්සෝද අල්මේදා කියලා!

හැබැයි මට තමත් මතකයි පාසලේදී ඉගෙන ගත්තා ඇමරිකාව සොයා ගත්තේ ක්‍රිස්ටෝපර් කොළොම්බස් වර්ශ 1492 දී කියලා, ඒත් ශ්‍රී ලංකාව හොයා ගත්තේ කවුද කියලනම් කිව්වේ නැත්තේ එහෙම කිව්වොත් බටහිර දැණුම ඒ ආකාරයෙන්ම පිළිපදින සමහර ඇදුරන්ගේ නූගත්කම හෙළි වෙන නිසා වෙන්න ඇති :D ඉතින් මේකෙන් පේන්නේ නූතන භූගෝල විද්‍යාවේ පවා තිබෙන බටහිර චින්තනයේ ආධිපත්‍යයයි.

දැන් යළිත් මුල් ඡේදය ගැන කතා කළොත්, අපි කිසි ලෙසකින්වත් කියන්නේ නෑ විද්‍යාව නොපිළිපදින්න කියලා. අපි පවසන්නේ බටහිර චින්තනය මත ගොඩ නැගී ඇති විද්‍යාව වෙනුවට පෙරදිග සාරධර්ම සහ සංස්කෘතිය මත ගොඩ නැගුනු සහ බුදු දහම උල්ලංඝනය නොකරන අපේම හෙළ විද්‍යාවක් නැවතත් බිහි කර ගත යුතු බවයි.

කුඹුරක් සී සෑමටනම් කුඹුරට බහින්නේ ඕනෑනේ. කුඹුරට බහින්නේ නැතිව ඒ කුඹුර සී සාන එක ප්‍රායෝගික නෑ. එසේම පෙරදිග සංස්කෘතිය මත හැදී වැඩුනු කෙනෙක් බටහිර විද්‍යාව දියුණු කිරීමට උත්සාහ කිරීමත් එලෙස කුඹුරට නොබැස සී සෑමට උත්සාහ කිරීමට සමානයි. ඉතින් බටහිර විද්‍යාව සඳහා සිංහලයන්ට එතරම් දායකත්වයක් දීමට නොහැකි වී ඇත්තේ බටහිර විද්‍යාව එකහෙළාම විශ්වාස කරමින් එය පිළිපදින “ගන්ධබ්බ සිංහලයන්” පවා කුඩා කාලයේදී සිංහල බෞද්ධ සංස්කෘතිය මත ජීවත් වූ නිසාම, යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත මුල් බැසගෙන නොසිටීම නිසයි.

ලෝකයේ නිර්මාණය කරන ලද විශාලතම ස්තූපය ලෙස අදටත් සැළකෙන්නේ ජේතවනාරාමයයි. මෙය සිංහල විද්‍යා දියුණුවේ ස්වර්නමය යුගය කියාපායි.

ශ්‍රී ලංකාවේ නව නිර්මාණ කරන උදවියව මොහොතක් මෙනෙහි කර බලමු. ඔවුන්ගේ නව නිර්මාණ වල විශේෂ ලක්ෂණයක්නම් එමගින් සේවයක් මිස කිසිසේත්ම කා හටවත් හානියක් සිදු නොවීම නේද? එසේම ඔවුන්ගෙන් අති බහුතරය විශ්වවිද්‍යාල උපාධි ඇති උදවිය නොවන බව දක්නට ලැබේ. මන්ද යත් අද ලංකාවේ විශ්වවිද්‍යාල යනු බටහිර දැණුම පොම්ප කරමින් “ගන්ධබ්බ සිංහලයන්” ව බිහි කරන තාක්ෂණ අයතන බවට පත් වී තිබේ. ඔවුන් උපාධිය ලබන්නේ වැඩි වැ‍ටුප් සහිත ‍රැකියාවක් කිරීමට මිස තම චින්තනය, බුද්ධිය සහ දැණුම දියුණු කරගෙන තමාට මෙන්ම රටටත් සේවයක් කිරීමට නොවේ. ඉතින් එකී සිංහල නව නිර්මාණකරුවන්ට උපාධියක් තිබුනද නැතද ඔවුන්ගෙන් “අති බහුතරය” වහාහී සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ ජීවත් වූ උදවියම බව මෙමගින් පැහැදිලි වේ.

එනම් අද ලංකාවේ සම්මත වී ඇති තවත් එක් තීරණ ගැනීමේ ක්‍රමවේදයක් වන බටහිර විද්‍යාව, යුදෙව් ක්‍රිස්තියානි නූතනත්වය සහ බටහිර පරිහෝජනවාදී සංස්කෘතියෙන් වියුක්ත කොට, එය බුදු දහම මත පදනම් වූ “සිංහල බෞද්ධ සංස්කෘතිය” තුළ ජීවත් කරවන තුරු අපට අපේම විද්‍යා දැණුම් සම්භාරයක් නැවතත් නිර්මාණය කිරීමට නොහැක.

[මෙම ලිපියෙන් උපුටා ගන්නේනම් යොමුවක් තබන්න]


1719
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

22 comments to බටහිර විද්‍යාව තවත් එක් තීරණ ගැනීමේ ක්‍රමයක් විතරයි

  • දවල් මිගෙල් රෑ දනියෙල්

    මහේන් ද සිල්වා කියන්නේ සහන ෆර්නන්ඩෝ
    කුලේ NGO..
    වැඩකරන්නේ ජිනිවාවල( මේ දවස්වල බර වැඩ )

    Thumb up 5 Thumb down 1

  • Veenath

    @ මහේන් “THE” සිල්වා
    මමත් ගොයිගම තමා, මම ඔය කුල මල භේද නම් තඹ සතේකට ගණන් ගන්නේ නෑ, එත් අපේ සමහර මිසදිටු මිනිස්සු හරි ලොකුවට ඔලුව උඩ තියාගෙන ඉන්නවා තමන්ගේ කුලේ උසස් කියල. තමන්ගේ කුලේට ගෞරව කලහම ඒ ඇති. මම මෙතන ඒවා ගැන කතාකරන්න නෙවෙයි හදන්නේ, තමුන් නම් ගොයිගම කුලේට වද්දගන්නවත් සුදුසු එකෙක් නෙවෙයි බොල. තෝ හොඳයි පර කුලෙකට. අපේ වීරෝදාර හමුදාව මානව හිමිකම් කැඩුවයි කියන, LTTE එකයි අපේ හමුදාවයි අතර වෙනසක් නෑ කියන, අපේ ජාතිය Geneva වලදී පරදීවා කියන සිතුවිල්ලෙන් ඉන්න තෝ වගේ නපුන්සක පරයෙක්ට මේ ලංකාවේ තිබෙන එකම කුලේකවත් ඉන්න සුදුසු නෑ, අන්න ඒක හොඳට මතක තියාගනින්.

    Thumb up 2 Thumb down 1

    • මහේන් ද සිල්වා

      Hidden due to low comment rating. Click here to see.

      Poorly-rated. Like or Dislike: Thumb up 0 Thumb down 4

      • Veenath

        අනේ ඉතින් මට උඹ කියන ඒවාට පස්ස පැත්තෙනුත් හිනා යනවා. උඹ කොයිතරම් අඥාන, අඳබාල, ගොබ්බ, පරයන්ට ගැති හිතක් තියෙන එකෙක්ද කියල මට නෙමෙයි මෙතන ඉන්න ගොඩ දෙනෙක්ට තේරෙනවා. අපි නෙවෙයි මිනිහෝ උඹයි මනෝ ලෝකෙක ඉන්නේ, ඇමෙරිකාව ක‍රන හැම රෙද්දම හරි කියල හිතන් ඉන්න. මම දන්නේ නෑ උඹ මෙතන දාල තියෙන statistics කොහෙන්ද හොයාගත්තේ කියල. ලංකාවේ වැරදි කරපු army එවුන්ට ඕන තරම් නඩු අහල දඬුවමුත් දීල තියෙනවා, එත් පුදුමේ කියන්නේ තෝ එක දන්නේ නෑ, ඇමෙරිකාවේ ඒවා නම් දන්නවා. අනේ මන්ද තෝ වගේ අවජාතකයෝ මේ මහපොළොවේ ඉන්නවනේ ඉතින්. උඹ දන්නේ නැත්නම් ඇමෙරිකාව කරන ඒවා බලාගනින්, wikileaks වගේ ඒවා කියවපන්. ඕන තරම් movies තියෙනවා, මන් දන්නේ නෑ උඹට ඒවා තේරුම් ගන්න පුලුවන්ද කියල, මොකද ඒ තරම් අඳුරකයි උඹ අතරමන් වෙලා ඉන්නේ. මේකයි උඹ ඇත්තටම මේ රටේ ඉපදුනානම් මේ රටට මිනිස්සුන්ට ආදරේ කරපන්, අවජාතක කතා කියන්නේ නැතුව. තෝ මේ රටේ ඉපදුනේ නැත්නම් තමුන්ගේ ඉපදුන රටේ දෙයක් බලාගෙන හිටපන්, නිකන් මිනිස්සු නොමග යවන අඳබාල කතා කියන්නේ නැතුව. Be Accountable to your Motherland and people, not to damn Ameri’cunts’.

        Thumb up 1 Thumb down 1

        • මහේන් ද සිල්වා

          අපි විරුද්ධ මේ ආණ්ඩුවට. රජයට නෙමෙයි. Motherland කියල දෙයක් නැහැ. තියෙන්නේ ආණ්ඩු. Motherland කියන්නේ සුද්ධෝන්ගෙන් ආපු දෙයක්. එහෙම කවුරුත් ලංකාවේ අථීථයෙ ඉඳන් හිතල නැහැ. මෙහෙ තිබ්බේ රජතුමාට සේවය කිරීම තමයි. යුද්ධෙට ගියත් යන්නේ රජතුමා වෙනුවෙන්, motherland wenuwen nemeyi. දැන් රජ තුමා වෙනුවට ඉන්නේ ආණ්ඩුව.

          Thumb up 0 Thumb down 2

        • Veenath

          “Motherland” සුද්දන්ගෙන් ආපු එකක් කියන්නේ මම ඉංග්‍රීසියෙන් ලියපු නිසාද? :) LOL මනුස්සයෝ motherland කියන්නේ මවුබිම, ඒ කියන්නේ තමන් ජාතක වුන රට. මොනවා වුනත් තමන් ජාතක වුන රටට ආදරේ කරන්න, ගෞරව කරන්න පුරුදුවෙයන්. motherland කියල දෙයක් නෑ කියන උඹ කියන්නේ Mother කියල කෙනෙකුත් නෑ කියන එකද? තමන් ඉපද්දුව කෙනාට තමා අම්ම කියන්නේ, උඹ කියන විදියට අම්ම කියල කෙනෙකුත් නෑ එහෙනම්. පුදුම වෙන්න දෙයක් නෑ තෝ වග එකෙක් අවජාතක විදියට හැසිරෙන්නේ ඒ නිසා වෙන්න ඇති. උඹ පවු බං. උඹ මහා පවුකාරයෙක්, උඹ බෞද්ධයෙක් කිවුව නේද, ඒ නිසා දැන්වත් හැදියන්, තවත් තොගේ මල්ලට පවු පුරවගන්නෙ නැතුව.

          Well-loved. Like or Dislike: Thumb up 5 Thumb down 0

      • වීර කාංචනබාහු

        @මහේන් ද සිල්වා

        “ඒ ලෝකේ තියෙන බලවත්ම හමුදාව”

        ඒක හින්ද වෙන්නැති වියට්නාමෙ ගොය්යන්ට පැරදුනේ.

        Thumb up 1 Thumb down 1

        • මහේන් ද සිල්වා

          ඇමෙරිකාව විඑත්නාම් යුද්ධෙන් පරාද වුනේ නැහැ. එක මිත්‍යාවක්. විඑත්නාම් යුද්ධේ සියලුම් සටන් අමෙර්කන් කාරයෝ දින්නා. වුනේ ඇමෙරිකන් දේශපාලක්ග්න්යෝ සටන පාවා දුන්න එක විතරයි. උන් එක දාල ගියා. යන්ද වුණා.
          http://www.vhfcn.org/stat.html

          Thumb up 0 Thumb down 0

  • වීර කාංචනබාහු

    මේ වෙබ් අඩවි‍යෙ ඇයි හැමතිස්සෙම නලින් ද සිල්වා මහත්තයගෙ නමේ “ද” යන්න හලන්නෙ?

    Thumb up 1 Thumb down 0

    • මහේන් ද සිල්වා

      Hidden due to low comment rating. Click here to see.

      Poorly-rated. Like or Dislike: Thumb up 0 Thumb down 4

      • සිංහලයෙනි, සුළු වාර්ගිකයින් තරම් අපි භේද බින්න නෑ, හේතුව දන්නවාද?
        Read more: http://sinhalabuddhist.com/2011/01/sinhala-unity/

        Thumb up 0 Thumb down 0

        • වීර කාංචනබාහු

          ඔබතුමා මගේ ප්‍රශ්නෙට උත්තරේ දීල නෑනේ. මට ඔය කුල බේද වැඩකුත් නෑ, මං ඒව ගැන දන්නෙත් නෑ. හැබැයි නලින් ද සිල්වා මහත්තයගෙ අදහස්වලට ගරු කරන කෙනක් හැටියට මම හිතන්නෙ එතුමගෙ නම හරියට සදහන් කළ යුතුයි කියල. අනික ‘නලින් සිල්වා’ කියනවට වඩා ‘නලින් ද සිල්වා’ කියනකොට හෙන ගැම්මක් තියනවනෙ.

          Thumb up 1 Thumb down 1

        • ද කෑල්ල හැලෙන ඇත්තම හේතුවනම් “නලින් the සිල්වා” ලෙස මගේ ඔලුවට ඒමයි. ඉතින් මා වඩාත් කැමති “the” හැලිමටයි. එක එක්කෙනාගේ පුද්ගලික මතිමතාන්තර. ඒව ගණන් ගත යුතුද?

          Thumb up 4 Thumb down 2

  • chinthaka

    තාරකා දොරටුව ගැන වැඩි යමක් දන්නා කෙනෙක් ඉන්නවද ?

    Thumb up 0 Thumb down 0

  • Ravi

    Hello,

    I am very much interested in SL history. These days I am trying to figure out how the stupas were built. I have had no luck from web since this information is not that popular. I would be very grateful if anyone could answer the following questions:

    (1.) Are bell shaped stupas such as Abayagiriya and Ruwanweliseya hollow inside??
    (2.) If they are hollow inside what is the thickness of the bell shaped wall?
    (3.) What was the wall made up of?
    (4.) What mechanism were used to make sure the walls didn’t collapse/ cave in?
    (5.) How was the squre and dome at the top (Koth Keralla) placed? Becuase it is so heavy, how did it not cave in and fall inside?

    Thanks & Regards,
    Ravi

    Thumb up 0 Thumb down 0

    • 1. Yes, but it is quite small and generally about five meters. It is a square hollow in the center bottom of the “Stupaya” and there is a small root to go there, but that root would be closed after the “Dhathunvahansela” were enshrined.
      2. As the hollow is quite small the Stupa wall is very heavy.
      3. Generally using bricks but those bricks are differ from the bricks in present.
      4. Around the the small hollow, the stone stumps were placed.
      5. There are several parts of a “Stupaya”. until the dome (“Kotha”) all are inbuilt with others. the dome is carried to the place using ropes with wooden wheels, and it had been got help from elephants. As the hollow is quite small and used stone stumps around it, it would be never cave-in.

      But when consider the “Kalutara Stupaya”, there is a huge hollow and, inside it there is another Stupaya. So the huge Stupaya is called as “Vatadageya”. (“Vatadageya” is round shaped shelter for a “Stupaya”; eg:Medirigiriya Vatadageya, but “Chethiyaghara” is a square shelter for a “Stupay” with roof tiles. eg: Thuparamaya Chetiyagaraya)

      The above information is written using my present knowledge and I’m not a historian at all, so please find more information from the history section of a Library

      Thumb up 1 Thumb down 0

    • සචිත අමන්දු

      මම අහල තියෙන පැරනි ජන කතාවක් ගැන කියන්න හිතුණ.

      මේ කතාව චෛත්‍යයක් නිර්මාණය ගැන,

      මේ චෛත්‍යෙය කොත් කැරැල්ල තනි කළු ගලකින් තමා නිර්මාණය කරන්න සැලසුම් කරල තියෙන්නෙ. ඉතින් හැමෝටම ප්‍රශ්නයක් උනාලු විශාලව හදන ගර්භය මතට මේ වගේ කෙත් කැරැල්ලක් ගෙනියන්නෙ කොහොමද කියල.

      පස්සෙ ඒ දේ කළේ මෙහෙමයි ,

      මුලින්ම කොත නිර්මාණය කරල එය චෛත්‍යෙයෙ පාදම මත මධ්‍යයට ගෙනගියා. පස්සෙ ක්‍රමයෙන් ගර්භය නිර්මාණය කරද්දි අඟලෙන් අඟලට කොත ඉහලට අරන් තියනවා. අන්තිමේදි සම්පූර්ණ වශයෙන් ගර්භය සහ දේවතා කොටුව ආදිය හදල ඉවර වෙද්දි කොත ක්‍රමක් ක්‍රමයෙන්ම තැබිය යුතු තැන දක්වා ඉහලට අරගෙන.
      ඒ නිසා එකවර විශාල ශක්තියක් යොදවල කොත් කැරැල්ල ලොකු උසක් ඔසවන්න වෙන්නෙ නැහැ. අඟලෙන් අඟල ඉහලට ගෙනියනවා…….

      මෙක සරල වාගේම ප්‍රාෙයා්ගික සැලැස්මක්.

      මම කතාවක් හැටියට තමා ඇසුවෙ. ඇත්තටම මෙහෙම තාක්ෂණයක් යොදා ගත්තද කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න

      Thumb up 0 Thumb down 0

  • ‍Very interesting & made me think a lot about “බටහිර විද්‍යාව“ & what we belive about it !

    Till now i did not know about “චෙන්ග් හෝ” කියල සෙන්පති කෙනෙක් 1421 දී ඇමරිකාවට ගිහිල්ලා තියෙනවාලු“ before “ක්‍රිස්ටෝපර් කොළොම්බස්” thx for the enlightenment !!!

    Thumb up 0 Thumb down 0

    • මේ ගැන මා දන්නා උගත් මිතුරෙකුට පැවසීමේදී තවත් තොරතුරු දැනගන්නට ලැබුණා.

      1492 වසරේ කොළොම්බස් යන්න පෙර, 1421 වසරේ දී “හොං බා ඕ හා ෂෞ මාන්” නම් සෙනෙවියන් , එවකට චීනයේ ස්වර්ණමය යුගයක් උදා කළ, මිංග් රාජ පරපුරේ “ෂෙන්ග් හී” නම් අධිරාජ්‍යයාගේ අණින් විශාල නැව් පංති ( නැව් 1000 කට වඩා තිබුණු, සේලරුවන් 100,000 ඉක්මවූ දැවැන්ත නාවික හමුදාවක් ) රැගෙන මුලු ලෝකයේම දේශාඨනය කොට තිබෙනවා…එයින් ඇමරිකාව පැත්තට ගිහිං තියෙනවා නැව් 200 කට කිට්ටු සංඛ්‍යාවක්…ඒ දේශාඨනය, කොලොම්බස් බැරි අමාරුවෙන් කරපු දේශාඨනයට වඩා බොහොම දියුණු එකක්…

      එකී චීන සෙන්පතියාගේ නම සමහර ලිපි වල දැක්වෙන්නේ චෙන්ග් හෝ ලෙසයි. චෙන්ග් යනු බොහෝ චීන්නුන්ට පොදු නමකි. “හොං” සහ “හෝ” යනු එකම චීන වචනයේ විවිධාකාර ඉංග්‍රීසි පරිවර්තන විය හැකියි. එනිසා මේ නම් දෙකෙන්ම දැක්වෙන්නේ එකම අයෙක් විය යුතුයි

      ඒ ඇමරිකාවට ගිය පළමු චීන නැව් වල, සේලරුවන් විදියට “සිංහලයනුත්” සේවය කර තියෙනවා…ඒ නිසා, බටහිර ඇමරිකාව දකින්න පෙර, අපේ මිනිස්සු දැක තියෙනවා….අපේ නැව් නම් නෙමෙයි..නමුත් අඩු ගාණේ නාවික වෘත්තියේ විදේශ ගත වෙලා යෙදෙන්න ප්‍රමාණවත් බුද්ධියක් හෝ තිබී තියෙනවා නේ…

      Thumb up 0 Thumb down 0

  • දමිත

    බොහොම අර්ථවත් වටිනා ලිපියක්

    Thumb up 0 Thumb down 0

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.