කෘෂි රසායන ද්‍රව්‍ය වල ආසනික් ඇති බව දැන් සක්සුදක් සේ පැහැදිලි වී ඇත. එහෙත් ජනපති තුමා එක් වරම එය නොපිළිගැනීම විධිමත්ව සිතා බලා ගත් දේශපාලන තීරණයක් බව සිතේ. යම් ලෙසකින් කෘෂි රසායන ද්‍රව්‍ය වල ආසනික් ඇති බව පිළිගතහොත් එමගින් සහල් වලත් ආසනික් ඇති බව ගම්‍ය වේ. එසේ වූවානම් මේ දේවල් සිදු වේවි.
1. ජනතාව සහල් පරිහෝජනය අඩු කරයි.
2. එමගින් සහල් ඉල්ලුම අඩු වී, ගොවියා බංකොලොත් වේ.
3. ආදේශක භාණ්ඩය වන පාන් වලට අධි ඉල්ලුමක් ඇති වේ.
4. කෙටිකාලීන පාන් හිඟයක් ඇති වී එමගින් පාන් මිල දැඩි ලෙස ඉහල යයි.
5. ආහාර වලට වැඩි මිලක් වැය වීමෙන් ජනතාවගේ ක්‍රයශක්තියත් එමගින් ජීවන තත්වයත් පහල යන අතර චක්‍රීය උද්ධමනයක් ඇති වේ.
6. පාන් යනු අරක්කු මෙන්ම ඇබ්බැහි වූ විට නවතාලීමට නොහැකි ආහාරයකි. ජනතාව පාන් වලට යළිත් ඇබ්බැහි වුවහොත් එමගින් දියවැඩියාව, ගැස්ටයිටීස් ආදී දහසක් ව්‍යාඪි වලට ලක් වී එමගිනුත් ජනතාවගේ ජීවන තත්ත්වය පහල යයි.
7. අවසානයේදී සිදු වන්නේ ජනතාව කබලෙන් ලිපට වැටීමත්, ප්‍රීමා සමාගම සහ ඖෂධ සමාගම් පොහොසත් වීමත් එමගින් ජාතික ධනය විදේශ කරා වැය වීමත්ය.
8. රටේ ආහාර වල ඒකාධිකාරී බලය තිරිඟු පිටි සමාගම් වලට යට වුනොත් බටහිරයන්ට අප රටට එල්ල කළ හැකි පීඩනය තවත් ඉහල යාවි. ඉදිරියේදී යම් විදේශ ආක්‍රමණයක් සිදු වුවහොත් එහි පළමු අදියරේදීම අප පරාජය වෙන්නේ ශ්‍රී ලාංකික හමුදාවෝ කොටින්ට කෑම කන්න දෙමින් සටන් කළත් බටහිරයන් කිසි දා අපට කෑම දෙමින් සටන් කිරීමක් නොකරන බැවිනි.
බහුතර ජනතාවව පාන් පිටි ත්‍රස්තවාදයෙන් මුදවාගෙන සහල් ආහාරය සඳහා යොමු කළේ ඉතාමත් අමාරුවෙනි. මෙයට මූලික වුනේ වෙසෙසින්ම දේශප්‍රේමී වෛද්‍යවරුය. ඊට අමතරව දේශහිතෛශී ජාතික ව්‍යාපාරයයි. මේ සියල්ලන්ටම අපගේ ප්‍රණාමය පුද කළ යුතුය. ඉතින් නැවතත් එම මහා දේශීය බලවේගය ආපසු ආපසු හරවා පාන් පිටි සමාගම් පොහොසත් කිරිමට ඉඩ දිය යුතු නැත.
මෙහිදී පැහැදිලිවම පෙනෙන්නේ ජනපති තුමා “කෙටිකාලීනව” ගෙන ඇත්තේ විකල්ප දෙකෙන් වඩාත්ම “අයහපත අඩු” තීරණය බවයි. නමුත් මේ අවසරයෙන් ආසනික් ඇති කෘෂි රසායන ද්‍රව්‍ය නැවතත් සාමාන්‍යකරණය වීමට ඉඩ ඇති බැවින් ඒවා තහනම් කිරීමට සියල්ලෝම එක්සත්ව කටයුතු කල යුතුය. කෘෂිකර්ම ඇමති වරයා මෙන්ම රජයේ මෙන්ම විපක්ෂ වලත් පොඩි තැන සිට මහ තැන දක්වා සිටින්නේ සියලු සංස්කාරයන් ප්‍රහීණ කළ උතුමන් නොවේ. එනිසා ජනපති තුමාට ඒ සඳහා සියල්ලන්ම එක් වී අධි විශ සහිත කෘෂි රසායන ද්‍රව්‍ය තහනම් කිරීමට දැඩි පීඩනයක් එල්ල කළ යුතුය. නමුත් රට ගැන නොසිතා බඩ ගැන සිතා ඉන් අයුතු දේශපාලන වාසි ගැනීමට උත්සාහ ගන්නා බටහිරයන් ගැනත් ඇහැගසාගෙන සිටිය යුතුය.

ජලයේ ආසනික් තිබෙන කතාව වෙනතක යවා, සහල් වල ආසනික් ඇති බවට ප්‍රචාරය කළේ තෙවන පාර්ශවයක ආර්ථික ඝාතකයින් විසිනි. ඔවුන් රජයට විරුද්ධ අය හෝ, ප්‍රීමා සමාගමේ අය හෝ, රසායන ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් විය හැකියි. එනිසා නැවතත් ජලයේ ආසනික් ගැන සංවාදයට ජනතාව යොමු විය යුතුය.
අපි පැහැදිලිවම පැවසිය යුත්තේ සහල් වල ආසනික් ඇති කතාවක් නොව කෘෂි රසායන ද්‍රව්‍ය වල ආසනික් තිබෙන බවයි. මන්ද යත් අපි සහල් වල ආසනික් ඇති බවක් කිව්වොත් එමගින් සිදු වන්නේ බත් වලට වඩා පාන් ආහාරයට සුදුසු බව ප්‍රීමා සමාගම විසින් පැතිරවීමත්, එමගින් ලිපිය මුලදී දක්වා ඇති කරුණු සිදු වීමත්, එම කෙටි කාලීන ආර්ථික හානිය වැළැක්වීම සඳහා රජයට ආසනික් කතාව සම්පූර්ණයෙන්ම යට ගැසීමට සිදු වීමත්ය.
කෘෂි රසායනික ද්‍රව්‍ය වල ආසනික් ඇති බව ඔප්පු කිරීමට ඇති තරම් බටහිර විද්‍යාත්මක සාක්ෂි තිබේ. මෙම මතවාදය බටහිරයන්ට බිඳළිය නොහැකි ලෙස උන්ගේ ක්‍රමයටම ගෙන ආ විට කෘෂි රසායන ද්‍රව්‍ය සමාගම් වලට කඩේ යන උදවියට ගලේ පැහැරූ බළලුන්ට අත් වූ ඉරණම අත් වේවි.
නැවතත් සහල් වල ආසනික් කතාව කරළියට ගෙන එන්නන්ට දිය යුතු පිළිතුර මෙයයි. සහල් වල ආසනික් තිබෙනවා කියා මදකට සිතමු. එය එසේ වූයේ කෘෂි රසායන ද්‍රව්‍ය වල ආසනික් තිබුන නිසාය. එසේනම් කළ යුත්තේ ආසනික් අඩංගු කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා නොකිරීම නේද? කන්න දෙකක් ගත වූ විට අනිවාර්යයෙන්ම හොඳ සහල් ලැබේවි.
සහල් වල ආසනික් නෑ කියා තව දුරටත් කෘෂි රසායන ද්‍රව්‍ය ගෙන්වීමත්, ආසකින් තිබෙනවා කියා බතින් ජනතාව ඈත් කිරීමත් සුදුසු දෙයක් නොවෙයි. ඔය අන්ත දෙකින්ම ඉවත් වී ජනපති තුමා කරනවාක් මෙන් මැද මාවත ගනිමින් “එදා වේල ශේප් කර ගැනීම” ත් නුසුදුසුය. අපි කළ යුත්තේ චතුෂ්කෝටිකයේ සතර වෙනි තර්කනය භාවිතා කරමින් මැද මාවතද ඇතුළුව අන්ත තුනෙන්ම ඉවත් වීමය. මෙයට කෙටි හා දිගු කාලීන වැඩපිළිවෙළක් දියත් කළ යුතුය.
කෙටි කාලීන දේනම් ආනයනික කෘෂි රසායන ද්‍රව්‍ය වල ආසනික් නොමැති බව තහවුරු කිරීම සහ ආසනික් ඇති කෘෂි රසායන ද්‍රව්‍ය තහනම් කිරීමයි. දිගුකාලීනව කළ යුත්තේ කෘෂි රසායන ද්‍රව්‍ය වලින් සහමුලින්ම ඉවත් වීමට ජනතාව පෙළ ගස්වා හෙළ ගොවිතැන සඳහා ජනතාව යොමු කිරීමයි. එහිදී ජනතාව වෙත අවධාරණය කළ යුත්තේ “ආසනික් ගැනමත් නොව කෘෂි රසායනික ද්‍රව්‍ය වල ඇති විශ සහිත බවත් ඒවා මුසු වෙන ආහාරත් විශ සහිත වෙන බවත්” ය.

මූලාශ්‍රය: lankapuvath.lk
ජාතික චින්තනය හරහා මෙන්ම, හරිත ආහාර ගැන උනන්දු වෙන විද්වතුන්ද ජනතාව නැවතත් දේශීය ගොවිතැනට යොමු කරවීමට උත්සාහ දරා තිබීම අපි අගය කරමු. ඒ අතර කෘෂි රසායන ද්‍රව්‍ය වලට එරෙහිව ප්‍රබල ජන මතයක් ඇති කළ යුතුය. මේ සඳහා ජාතික චින්තකයන් මෙන්ම ජාතික චින්තනයට විරුද්ධ අයත් එක්ව එකට පෙළ ගැසිය යුතුය.
වහ කෑමට සහ බීමට ගැනීමට කැමැත්තෝ කවරහුද?

Mewa harima lamata saha prathamika dewal. Nikan ohe kiyewwata oyala monawada me wenuwen karala thiyenne? Gedata elawalu wewwada? Pan kana eka dukalada? Gedara harak ennawada kir bonna? Nikan prayogika nethi vikara kiyawanna epa.
මෙහි සිටින අනෙකුත් ඇඩ්මින් වරු ගැනනම් නොදනිමි, අපේ ගෙදරනම් කිරි හරක් ඇති අතර ප්‍රමාණවත් එළවළු වගාවකුත් ඇත.
එසේම දේශීය කෘෂිකර්මාන්තය ප්‍රචලිත කිරීමට වෙහෙසෙන නලින් සිල්වා මහතාත් දේශීය කෘෂිකර්මාන්තය ගැන පර්යේෂණ කරන අතර කැළණි සරසවි සිසුන් සමග හෙළ ගොවිතැන යොදා ගනිමින් වස විස නැතිව කන්න හතරක් වගා කර ඇත
හොඳ ලිපියක්. අපි කරන්න ඕනෑ අපේ දේශීය ගොවිතැනට යළිත් යොමු වෙන එකයි. හැබැයි මේකෙදී ප්‍රශ්න කීපයක් වෙනවා
එකක් තමයි අස්වැන්නේ ඵලදායිතාවය අඩු වෙන එක
අනික දැන් තිබෙන පළිබෝධයන් බටහිර රසායන ද්‍රව්‍ය වලට අනුවර්තනය වීම නිසා ඉතාමත් ශක්තිමත් වී ඇති හෙයින් ඒවා අපගේ හෙළ කෙම් ක්‍රම වලට ඔරොත්තු දෙයිද කියල විශ්වාස නෑ.
එනිසා රජය සහ පර්යේෂකයන් මැදිහත් වී වස විස නැති ගොවිතැනක් සඳහා වඩාත් ඵලදායී ක්‍රම සොයා ගත යුතුයි. මේකට ඉපැරණි හෙළ ගොවි ශාස්ත්‍රය මෙන්ම නවීන හරිත කෘෂිකාර්මික ක්‍රමත් සම්මිශ්‍රණය කළ යුතුයි