සිංහලයාගේ ඉතිහාසය සහ සිංහලයා ජාතියක් වශයෙන් කෙසේ පරිනාමය වූවේදැයි පිළිඹඳව දැන් අන්තර්ජාලය හරහා නොයෙකුත් අර්‍තකථනයන් ඉදිරිපත් වෙමින් පවතී. මෙසේ ඉදිරිපත් කරන බොහෝ දෙනෙකු තම තමන්ගේ හිතේ මුල්බැසගෙන ඇති කරුණු තහවුරු කරගැනීමට තවත් නොයෙකුත් මතවාදයන් ගලපවා ගනිමින් සිටිනබව පෙනීයයි. මෙහිදී සමහර පුද්ගලයන් සිංහලයාගේ සම්භවය පිළිඹඳව ශ්‍රී ලාංකිකයන් තුල හා විදේශිකයන් තුලද දැනට ස්ථාවරව පවත්නා පිළිගත් ජනප්‍රවාදය වන සිංහබාහු කථා ප්‍රවෘතිය අසත්‍යක් බවට විවේචනය කරමින් තමන්ගේ මතය ස්ථාවර කිරීමට වෙරදරති. මෙමගින් මොවුන් බලාපොරොත්තුවන කාරනා දෙකක සේයාවන් පිටින් සිට බලන අයෙකුට පැහැදිලිව පෙනීයයි. ඉන් එකක් වන්නේ, තමන්ගේ සිතේ ඇතිවී ඇති උතුරා හැලෙනා ශ්‍රී ලාංකික හැඟීම සහ ශ්‍රී ලංකාවේ මුල්ම අයිති කරුවන් සිංහලයන් නැතිනම් හෙලයන් බව ලොවට කියාපෑමට සිංහබාහු කථා ප්‍රවෘතිය ප්‍රමානවත් නොවේ යැයි ඔවුන් සිතා සිටීම හෝ, තමන් විශාල දැණුම් සම්භාරයක් ඇති පන්ඩිතයන් ලෙස අනෙකුත් අන්තර්ජාල මිතුරන්හට හුවාදැක්වීමට උත්සාහ දැරීම, යන කාරනා දෙකය.
මේ කුමක් හෝ වේවා ඒ හරහා ශ්‍රී ලංකා ඉතිහාසයටත්, සිංහල ජාතිකත්වයටත් සිදුවන මාරාන්තික ප්‍රහාරය මොවුනට නොවැටහෙන්නේ ඔවුන්ගේ ඇති මන්ද බුද්ධික භාවය නිසා බවනම් පැහැදිලිය. මහාචාර්ය නලීන් ද සිල්වා මහතාගේ සිංහබාහු කථා ප්‍රවෘතිය පිළිඹඳ ලිපියෙහි අන්තර්ගතය කෙතරම් වටින්නේ දැයි සමහරුන්ට වටහාගැනීමට තරම් ශක්තියක් නැතිවීම ඇත්තටම කනගාටුවට කරුනකි. මම මෙසේ කියන්නේ මාගේ කට කසනවාට නොව, එසේත් නැතිනම් අනුන්ට කඩේ යෑමක් වශයෙන්ද නොව, ප්‍රායෝගිකව මා ලද අමිහිරි අත්දැකීමක් හේතු කොටගෙනය.
ඔබ සියළුදෙනාගේ දැනගැනීම පිනිස මම එය මෙහි සැකෙවින් සටහන් කරමි. මෙය නිරවුල් බුද්ධියෙන් යුතුව වටහාගන්න. මේ මෑත දිනකදී මාහට දැනට සිටින රටේදී දෙමළ ජාතිකයන් කිහිපදෙනෙකු සමග සංවාදයක පැටලෙන්නට සිදුවිය. ඔවුන් L.T.T.E ත්‍රස්ත හිතවාදීන් බව මා හොඳින්ම දැනසිටියෙමි. කෙසේ උවද මුලින්ම ඔවුන් මා සමග ජනවාර්ගික අර්බුදය ගැන වාදයට ආවේය. පසුව එම වාදය ශ්‍රී ලංකා ඉතිහාසයට පෙරලුනේය. එහිදී ඔවුන් එකවරම කියාසිටියේ “සිංහලයාගේ ඉතිහාසය පිළිඹඳව දැන් සිංහලයා තුලම අර්බුද ඇත්වී ඇති බවත්, මහාවංශය බොරුවක් කියා දැන් සිංහලයා විසින්ම තේරුම්ගෙන ඇති බවත්” ය. “එමනිසා ඔවුන් පෙර කී පරිදි මහාවංශය පුළුස්සා දැමිය යුතු බවත්, ශ්‍රී ලංකා ජාතික කොඩියේ ඇති සිංහලයාගේ සම්භවය කියා පාන සිංහ රූපය, ජාතික කොඩියෙන් ඉවත් කල යුතු බවත්” ඔවුන් තරයේ කියා සිටියේය. මේ නීචයින් එසේ කියන විට මා වික්ෂිප්ත භාවයට පත්වූ අතර, “මහාවංශය පිළිඹඳව එවැනි ප්‍රශ්නයක් සිංහලයන් තුල ඇතිවී නැතිබවත්, උඹලා කියන්නේ බොරුවක්” යැයි කියා මම උන් සමග තදින්ම තර්ක කළෙමි.මේ අවස්ථාවේදී මගේ පැත්තට සිටියේ මා පමනකි. පස් හය දෙනෙකුම සිටියේ දෙමළ කොටින්ය. (සත්‍යවශයෙන්ම ශ්‍රී ලංකාවේ සිංහලයන් තුල එවැනි අභූත මත වාදයන් ගොඩනැගෙමින් ඇතිබව සිංහලයෙක් වන මමවත් ඒ වනවිට දැන සිටියේ නැත. නමුත් යුරෝපයේ සිටින දෙමළුන් ඒබව ඉතා හොඳින් දන්නේය.) පසුව මෙම වාද-විවාදය අවසන්වූවේ දැඩි උණුසුම් ස්වභාවයකිනි.

මොවුන් ජාතික කොඩියේ සිංහයාව විතරක් ගිණි තියන්නේ ඇයි කියා දන්නවාද?
උක්ත සත්‍ය සිදුවීම මා මෙම ලිපියෙහි ලා සඳහන් කලේ මහාචාර්ය නලීන් ද සිල්වා මහතාගේ ලිපියට අර්ථ පූර්‍ණ්යක් එක්කිරීම සඳහාය. වසර ගනනාවක අත්දැකීම් ඇති මහාචාර්ය වරයකු වශයෙන් එතුමාගේ ලිපියෙහි අන්තර්ගතය කෙතරම් ප්‍රායෝගිකදැයි එම ලිපිය කියවීමේදී මාගේ අත්දැකීම හා සංසංදනය කිරීමෙන් මට පසක් විය. නමුත් ජාත්‍යන්තරයෙහි සිටින කොටි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකලාපයත්, ඔවුන්ට අවශ්‍යකරන්නේ කුමක්ද යන්න පිළිඹඳවත් කිසිදු අවබෝදයක් නැති සමහර සිංහල බක පන්ඩිතයන්, සිංහලයාගේ සම්භවය පිළිඹඳව ඇති අගනා මූලාශ්‍රය වන සිංහබාහු කථා ප්‍රවෘත්තිය මහාවංශයෙන් ඉවත්කල යුතුයැයි කියා තප්පුලන්නේ ඔවුනට කිසිදු ප්‍රායෝගික දැනුමක් නොමැති කම නිසා යැයි මම සිතමි. ශ්‍රී ලංකාවෙන් පිටත වෙනම ඊලාම් රාජ්‍යයක් පිළිඹඳව සිහින මවන ජාත්‍යන්තරයෙහි සිටින කොටි හිතවාදී දෙමළුන්ටත්, ශ්‍රී ලංකාව තවත් මුස්ලිම් රාජ්‍යයක් කිරීමට දතකන ලංකාවේම සිටින මරක්කලයින්ටත්, ශ්‍රී ලංකාවේ ඒකීය භාවය විනාශකිරීමට වෙහෙසෙන විජාතික බලවේගයන්ටත්, ඕනෑකරන්නේ කුමක්ද ? උන්ට ප්‍රධාන වශයෙන් උවමනා කරන්නේ, සිංහලයා බේද බින්න කිරීමත්, බෞද්ධ දර්ශනය විනාශකිරීමත්, සිංහලයාගේ අනාදිමත් අනගිභවණීය ලිඛිත ඉතිහාසය සහ වංශකථාව විනාශකිරීමත් ය. මේ අතරින් සිංහලයාගේ මහාවංශය යනු දෙමළුන්ට, මරක්කලයින්ට, පරංගින්ට, සුද්දන්ට හෝ ලොව වෙනත් කිසිදු ජනවර්‍ගයකට නැති සිංහලයාට පමනක් උරුම වූ අගනා ලිඛිත ඉතිහාස ග්‍රන්ථයකි. මෙය අප හොඳින් වටහාගතයුතුය.

මොවුන් ජාතික කොඩියේ සිංහයා සිටින පෙදෙස විතරක් බිම දමන්නේ ඇයි කියා දන්නවාද?
මේ අතර මම තවත් දෙයක් මේ බක පන්ඩිතයන්ට මතක් කරදීමට කැමැත්තෙමි. මීට වසර දෙකකට පෙරාතුව අපගේ උදාර සිංහ හමුදාව අතින් මැරුම්කෑ, නීච ප්‍රභාකරන් නැමති වසලයා වරක් කියූදෙයක් ඔබ දන්නෙහිද ? එය මෙසේයි. නොදන්නා පඬියන් මෙය දැනගනිත් වා! “අපට ඕනෑකරන දේවල් අපවිසින් කරන්නට පෙර දකුනේ සිංහලයා විසින් කර, රත්තරං බන්දේසියක තබා අප අතට බාරදෙති.අපට ඇත්තේ ඉතුරුටික කරගෙන යෑමටය.” යන්නයි.
ජාතියේ වාසනාවට දැන් ඒ නීචයා පරලොව ගොස් අවසන්ය. නමුත් දැන් අපගේ සමහර පඬියන් නැවත දතකන්නේ ජාත්‍යයන්තරයේ සිටින ඒ නීචයාගේ සහචරයින්ට අවශදෙය බන්දේසියක තබා දීමට නොවන්නේද ? ජාත්‍යයන්තරයේ සිටින ඒ නීචයාගේ සහචරයින්හට යම් කොනක් අල්ලා ගත්තොත් හොඳටම ප්‍රමානවත්ය. ඒ බව මම ඉහතින් සඳහන්කල මාගේ අත්දැකීමෙන්ම ඔබට නොවැටහෙන්නේද? සිංහලයාගේ වංශකථාවේ දොස් නගමින් කෑගසනා මේ බක පන්ඩිතයන්ට තරු පෙනෙන්නේ ඔවුනුත් මා වැනි අත්දැකීමකට මුහුනදුන් දවසටය. නමුත් ඒවන විට ඔවුන් ප්‍රමාද වී වැඩියයි ඔවුන්ටම වැටහෙනු ඇත .
(මම, ඉදිරියේදී මේ පිළිඹඳව තවත් පුළුල්ව අදහස් දැක්වීමට බලාපොරොත්තු වෙමි.) ස්තූතියි.
~ සුජීව තෙබුවන ආරච්චි.
[මෙම ලිපියෙන් උපුටා ගන්නේනම් යොමුවක් තබන්න]

Sujeewa Tebuwanarachchi… Dear friend if u have time to text me just do it Im interesting to talk to you.
අපේ දේවල් වලට ගරහන්නේ බටහිර ඩොලර් කාක්කන්. උන්ට ඕනැ වෙලා තිබෙන්නෙ බුදු දහමයි සිංහල ජාතියයි අතර තිබෙන සම්බන්දෙ විනාස කරල දාන්න. ඒ සම්බන්දය ගොඩ නැගුනෙ මහවංසයෙන්. ඉතින් උන්ගේ අරමුන මහාවන්සය විනාස කිරීමයි. ඒක ගිණිතියන්න බැරි තැන මතවාදිවම ඒක ගිණි තබ්බවන්නයි ඔය පරගැත්තන් හදන්නෙ.
Tilaka Randeni සහ Kishan කියන එවුන් LTTE කාරයින්ද කොහෙද. උන් රාවනාව පෙන්වල අපේ මහාවන්සයට ගරහන ද්‍රෝහීන්. උන්ගේ කොමෙන්‍ටු අනුමත කරන රංග, උඹත් ද්‍රෝහියෙක් වෙන එක නවත්වන්න බෑ.
විජයාගමනය නිසාවත් මහින්‍දාගමනය නිසාවත් අපේ ජාතිය එසවුණේ නෑ. තියෙන තත්ත්‍වයෙන් පහළට වැටුණා මිසක්. විජය මහා මිනිස් සංහාරයක් කළේ. මිහිඳු හිමි ජාතියේ මොළ සේදීමක් කළේ.මිහිඳු හිමි කළ දේ දැන ගන්න අශෝකගේ, දේවානම්පියතිස්සගේ අත්තලාගේ කාලවලට යන්න ඔ්න.
Here is the truth. Selucas Nicator of Syria was the ruler of the invaded areas of Alexander the Great after his death. Nicator appointed Megasthenes as his ambassador to King Chandraguptha Maurya’s court. There, ambassador Megasthenes reported that Sri Lanka had exported by crafts, elephants which were bigger and stronger than Indian elephants, Sri Lanka’s precious pearls were bigger than Indian ones and that Sri Lanka has much gold than India (Antoney, 2006, p.203).
Not only ambassador Megasthenes, but Onissicriters, King Alexander’s commander in chief, a Greek writer Plutarch, a Greek sailor Justin also had mentioned that Sri Lanka had flourished in international trade (Wikipedia free Encyclopedia).
These reports which proved that our kings were in the field of international trade before the period of King Asoka were made nine hundred years before we started to write our chronicles such as Deepawansa and Mahawansa.
Even King Pandukabhaya, the grand-father of King Devanampiyathissa who reigned from 437 B.C.-367 B.C., laid out near the west gate the ground set apart for Yonas (Geiger, 2003 p.74). They must be traveler traders from Greek or Arab.
I suggest that not only the kings, but their queens also had engaged in international trade. When Thero Mahinda came to Sri Lanka, on the second day he preached ‘Damma’ in the elephant stall. He preached ‘Chulla Haththi Padopama Suththa’. This Suththa show how to find out the best elephant.
By hearing this suththa, queen Anula who understood it well, approached to the first step of ‘Nirvana’.(Sothapathi). She was the first person in Sri Lanka to gain that success. How could she understand that? Because she was very interest in elephants and she knew every details about elephants. I think she personally engaged in elephant trade.
“අපිට ශිෂ්ටාචාරයක් තිබුණනම් එය සතුව හොද ගෘහ නිර්මාණ ශිල්පයක් තියෙන්න ඕන.”
මෙන්න මේකම තමයි සුභාරතී වැඩ සටහනින් අගලකඩ සිරි සුමන හාමුදුරුවන් මට කිව්වේ. එහෙත් සුනාමියෙන් පසු උන් වහන්සේට මෙසේ ලියා යැව්වෙමි. ‘ඔබ වහන්සේගේ ගොඩනැගිලි සුනාමියට ගසා ගෙන ගියේය. එහෙත් මගේ ශිෂ්ඨාචාරය තවම තිබේ.’ එයින් පසු දිනක් උන් වහන්සේ මා දුටු දිනක කීවේ සිංහල ජාතිය ගැන දැන් නම් උන් වහන්සේට බියක් ඇති නොවන බවය.
ශිෂ්ටාචාරය යනු ගොඩනැගිලි නුවූවද ලෝක ඉතිහාසයේ පැරණිම ලිඛිත නගර සැලැස්ම ඇත්තේ අපේ රටේය. ඒ පණ්ඩුකාභය රජ දවසේ ඉදි කළ අනුරාධපුරයයි. ඒ මිහිඳු හිමි මෙහි පැමිණීමට ශත වර්ෂයකටත් කලින් ය.
මෙම නගරය ඉදි කර ඇත්තේ වෘදංග බෙරයක හැඩයට(නගරයේ ඉදිරිපස දිගට වඩා පිටුපස දිග කෙටියට* යැයි පවසන වාස්තු විද්‍යාඥ මහාචාර්ය නිමල් සිල්වා, එවැනි නගරයක් ලොව කොතැනකවත් නැති බවත්, ලෝකයේ ප‍්‍රධාන නගර ඉදි කර ඇත්තේ, එක්කෝ සමචතුරස‍්‍රාකාරව හෝ නැතිනම් සෘජු කෝණාස‍්‍රකාරව බවත්, මෙය සිංහලයාගේම අනන්‍යතාවය පිළිඹිඹු කරන නගරයක් බවත්, තව දුරටත් පවසයි. (ඇත්තෙන්ම ඉන්‍දියාවේ සිටි ප‍්‍රසිද්ධ අර්ථ සාස්ත‍්‍රඥ කෞටිල්‍ය පවා නගර නිර්මාණයට බසින්නේ පණ්ඩුකාභය රජ පුත් මුටසිව රජුගේ 44 වන රාජ වර්ෂයෙන් පසුවය. ඒවාත් සුපුරුදු හතරැුස් ඒවාය*.
ඉතාම දියුණු නවීන ලොව ඉදි කරන නගරයකට නොදෙවෙනි ආකාරයට මෙය ඉදි කර තිබූ බව, පුරා විද්‍යා කැණීම්වලින් තහවුරු වී තිබේ. අග නගරයකට සුදුසු සිය`ඵම අංගෝපාංග තිබුණා පමණක් නොව, මහාවංසයට අනුව යවනයන් සඳහා (බටහිර ආසියාතික වෙළ\ුන් – ගී‍්‍රකයන් හෝ යෝනකයන්* නගරයේ බස්නාහිර දොරටුව අසල ශාලාවක් වෙන් කර තිබූ බවත් කියැවේ. මෙයින් පැහැදිලි වන්නේ, ඒ කාලයේත් අප රට විදේශ වෙළ\මේ යෙදුණු බවය.
මොකක්ද අශෝකගේ හා දේවානම්පියතිස්සගේ සම්බන්‍ධය?අශෝක අධිරාජයා එවු, ඉන්‍දියා භූමිය නියෝජනය වන රතු පස් උඩට නැගී, මගධයේ අභික්‍ෂේක ක‍්‍රමයට අනුව, මගධයේ රාජ්‍ය කකුධ භාණ්ඩ උපයෝගී කර ගෙන, ගං`ගා නම් ගෙ`ග් වතුර මගධයේ රාජ කන්‍යාවකගේ අතින් ඉස්සවා ගනිමින් අපේ දේවානම්පියතිස්ස රජු ඉන්‍දියාවේ මගධය නමැති රාජ්‍යයේ සංකේතාත්මක ව අභික්‍ෂේකය ලැබූ බව ඉමහත් අභිමානයෙන් කියමි.
මිහිඳු හිමි අපවත් වී අවුරුදු 22 ක් ගත වන්නට මත්තෙන් ඉන්‍දියාවෙන් ආ රජෙකුට හෝ සේනාධිනායකයකුට හෝ නොව අශ්ව වෙළ\ුන් දෙදෙනෙකුට යටත් වීමට තරම් අපේ ජාතික මානසිකත්‍වය 0 ට බැස්ස වගයි. මෙසේ මිහිඳු හිමිගේ කාර්ය භාරය නිමාවට පත් වූ වගයි.
ආ තව එකක් අමතක වුණා. සගමිත් තෙරණිය මෙහි ආවේ මිහි\ු හිමිගේ ඉල්ලීමට අපේ උත්තිය රජු දුන් ශිෂ්‍යත්‍වයකටය. කෘතගුණය දැක්වීමට සිරි මහා බෝධිය රැගෙන ආවාය. (අභිමානි හෙළන්කා-ලංකා ඉතිහාසයට විප්ලවීය අර්ථකථනයක්-තිලකා රන්දෙනි-2007)
Hot debate. What do you think?
3
5
ඒ කතාවම සඳහන් මහාවංශයේ සඳහන් වන්නේ ඉන්දියාවෙන් පිටුවහල් කරන ලද විජය ඇතුළු සිරකරුවන් 700 කට මුළු ලංකාවම යටත් වෙලා අළුතෙන් ජාතිය ඇරඹුනා කියලයි. ඒක වුනේ මහින්දාගමනයට පස්සෙනේ. ඉතින් ඔහේ කියයි බුදුන් වැඩිය නිසා විජයට රට යටත් වුනා කියල. යකෝ ඔය කතා කියන එවුන්ට යන්න අපායවල් කොහෙද? අශ්ව වෙළඳුන්ගේ කතාව පිළිගන්නවානම් ඔබට විජයගේ කතාව ම්ග හරින්න බෑ නේද ආයොබොං?
ඔහෙල වගේ උදවිය තමයි බුදු සසුනට වින කරන්නෙ. බුදු සසුනට වින කටිල යන අපාය කුමක්ද කියල දන්නවනෙ?
අනික ඔහෙට පිස්සු වුනාට මුළු දඹදිවම දිනූ අසෝක රජ්ජුරුවන්ට වෙනත් රටක රජෙක්ව තමන්ගේ රටේ සංකේතාත්කම රජෙක් කරන්න තරම් පිස්සුවක් තිබුනෙ නෑ. ගොන් කතා නොකිය ඉන්නව ආයුබෝං
සත්ත්වයකුගෙන් පැවත එන්නකු එම ආදිතමයා කරගත් වහාම ඒ ආදිතමයාට අනෙක් මිනිසුන්ගෙන් වෙන් වූ අනන්‍යතාවයක් ලැබේග ඔහු තවදුරටත් පිය පාර්ශ්වයෙන් මිනිසකුගෙන් පැවත නොඑන බැවින් අනෙක් මිනිසුන්ගෙන් වෙන්වෙයිග ඔහු නව මිනිස් පරපුරක ආරම්භකයා වෙයිග සිංහබාහු ප්‍රවාදයේ පමණක් නොව මෙවැනි බොහෝ ප්‍රවාදවල සොහොයුරා සොහොයුරිය විවාහ කර ගැනීමක් ද සිදු වෙයිග සිංහබාහු ප්‍රවාදයේ සිංහබාහු තම නැගණිය වූ සිංහ සීවලී විවාහ කර ගනියිග මෙහි තේරුම කුමක් ද? සොහොයුරා මෙන් ම සොහොයුරිය ද සත්ත්වයකුගේ දරුවෝ වෙතිග ඔවුන් දෙදෙනාට ම පිය පාර්ශ්වයෙන් වෙනත් මිනිසුන් සමග සම්බන්ධකමක්ල නෑදෑකමක් නැතග වෙනත් අයුරකින් කියන්නේ නම් ඔවුන් දෙදෙනාම පිය පාර්ශ්වය වශයෙන් ගත් කල ර්‍ණශුද්ධ ර්‍ණ වෙතිග එවිට ඔවුන්ගෙන් උපදින දරුවෝ තව පරම්පරාවක්වත් ර්‍ණඅශුද්ධවීමෙන්” වළකියිග”
අනේ රංග මහත්තයෝ මගේ සිංහල දැණුම නම් හුගක් අඩුයි වගේ. ඉහත වාක්‍ය කියවලා මා නම් තේරුම් ගත්තේ මේ කියන්නේ සිංහබාහු හා සිංහසීවලී යන සොයුරු සොයුරියන්ගේ පියා මිනිසකු නොව සිංහයකුම යැයි කියනා බවයි. ඒක එහෙම නෙවෙයිද?
එතකොට සිංහයාට දාව ලැබුණේ සිංහ පැටවුනුත් නොවෙයි නම් මිනිස් පැටවුනුත් නෙමෙයි නම් අපි අඵත් නමක් හදමු. නරාසිංහ කියලා. අර ඉස්සර ඉන්‍දියාවේ සිටි දාරාසිංහට(wrestler) වරද්දා ගන්න එපා.
ඔබතුා මෙය හොඳට දැනගන්න. රෝමය බිහි වුණේ වෘක ධේනුවකගේ පැටවුන්ගෙන් නෙමෙයි. රොමියුලස් හා රීමස් නම් නිවුන් දරුවන් දෙදෙනා මිනිස් දරුවන්. ඔවුන් වැඩුනේ වෘක ධේනුවකගෙන් කිරි බීලා. බලන්න ඒ කතාව කොච්චර සාර්ථකව ගොඩ නගලා තියෙනවාද කියලා. ඔන්න ඔ්කනේ විශේෂ අනන්‍යතාවයක් ඔ්න නම් කරන්න ඔ්න.
ඔබ නම් අති ශ්‍රේෂ්ඨ සිංහලයෙකි. ලෝකයම පිළිගන්නා අපේ පුරා විද්‍යඥයන් සොයා ගන්නා දෙයින් හෙළිවන දියුණු ජාතියක ලක්‍ෂණ ඔබතුමාට පදනම් විරහිත වේ. එහෙත් 2010 අගෝ.25 වෙනි දින හල්දුමුල්ල සොහොන් බිමේදීම ආචාර්ය රාජ් සෝමදේවයෝ මටම මේ අන්දමට පැවසූහ. ‘‘අපි මෙච්චර කල් හිතා හිටියේ ඉන්‍දියාවෙන් අපේ රටට යකඩ තාක්‍ෂණය ආවා කියායි. ඒ වුණත් දැන් පරීක්‍ෂණවලින් ඔප්පු වෙනවා රටවල් දෙකේ සමගාමීව එකට යකඩ තාක්‍ෂණය ආරම්භ වී ඇති බව.’’ එසේම මගේ ඉල්ලීමකට එතුමා කීවේ ළගදීම හෝරට්න්තැන්නට යන බවත්, එය පිච්චී ගොස් ඇත්තේ න්‍යෂ්ඨික පිපිරීමකින්ද සොයා බලන එක එතරම් ගැටඵවක් නොවන බවත්ය.
ඔබතුමාට කියන්න මගේ සැමියාගේ පැත්තෙන් නම් ඔය සිංහ නැට්ටට යම් උරුමයක් ඇත. එය මා වරක් බදාදා දිවයින පත‍්‍රයෙන් මෙන්ම මගේ අභිමානි හෙළන්කා-ලංකා ඉතිහාසයට විප්ලවිය අර්ථකථනයක් ග‍්‍රන්‍ථයෙන්ද හෙළි කර ඇත.
රාවණා බොරු කරන්න හදිස්සි වෙන්න එපා. හෝමර් 15 වෙනි ශත වර්ෂලේ දැක්ක ට්‍රෝයි නගරය හොයා ගත්තේ 20 වෙනි ශත වර්ෂයේදී. ඒක නිකන්ම වැළලී ගිය නගරයක්. මේක න්‍යෂ්ඨක පිපිරීඹ්වලින් වැළලුනු ප‍්‍රදේශයක්.
අග්ගඤ්ඤ සූත‍්‍රයේ කොයි ජාතිය ගැනවත් නෑනේ. අඩු ගානේ දීපංකර බුදු හාමුදුරුවන් ගැනත් නෑනේ. ඒ වුණත් උන්වහන්සේ හිටිය භද‍්‍ර කල්පත් විනාශ වෙලා ගිහින්නේ.
දෙමඵන්ට මුහුණ දෙන්න ඔයිට වඩා අප දැනුමෙන් පෝෂණය වනවා මිස සිංහයකුගේ නැට්ටේ එල්ලිලා වැඩක් නෑ. හැබැයි මට නම් පුඵවන් උන්ටත් හොඳ අනන්‍යතාවයක් ගොඩ නගා දෙන්න.
බලන්න මේක හොඳ\ කියලා.
ඇත්තෙන්ම ද්‍රවිඩ යනු භාෂා කුලයක් පමණි. එහෙත් අපේ රටේ සිටිනා දෙමලාට අවශ්‍ය නම් අපටත් වඩා හොඳ අනන්‍යතාවයක් ගොඩ නගා ගත හැක. මගේ වලට ගොස් ඉතිහාස කූඩුවේ හැඳින්වීමේ ඇති බල්ලාට යන පදය තුළින් ඉරිදා ලක්බිමට 2009 මැයි 3 වනදා ලියූ ලිපියකට යා හැක.
එහි ඇත්තේ ඉන්‍දු පෙරේරා ලේඛිකාවට පිළිතුරු ලිපියකි. ඇය දක්වා තිබුණේ ඕස්ටේ‍්‍රලියාවේ සිටින පරයා ඩෝග්ට වයස අවුරුදු 5000 ක් යැයි සිතා සිටිය නමුදු මෑතකදී කරන ලද පරීක්‍ෂණවලින් තහවුරු වී ඇත්තේ ඌ මීට අවු 12500 කට පෙර ලංකාවෙන් ගෙන ගිය බල්ලන්ගෙන් පැවත එන බවලූ.
හැබැයි ඒ බල්ලා එහාට ගියේ කොහොමද දන්නවාද? ඉන්‍දියාවේ සිට ලංකාවට ආ ආර්යන් මේ බල්ලාත් රැුගෙන ඒ රටට ගියාලූ. මගේ ලිපියෙන් මතු කළේ අපේ මිනිසකු අත බල්ලා නොයවා ආර්යයන් අතේ ඇරියේ එරට මිනිසුනුත් පැවත එන්නේ ස්ටෙප්ස් තැනිතලාවෙන් ආ ආර්යයන්ගෙන් බව කීමට අපට වගේ ම පුදුම මෝඩ ආශාවක් උන්ටත් ඇති නිසා බවය.
දැන් දෙමලාටත් අවශ්‍ය නම් මහාචාර්ය නලින් සිල්වාට මෙන් ශ්‍රේෂ්ඨ අනන්‍යතාවයක් ඇති කර ගත හැක. එසේ ඕස්ටේ‍්‍රලියාවට ගිය ආර්ය කාන්තාවක් අපේ බල්ලා සමග සහවාසයේ යෙදී දෙමල ජාතිය බෝ වුණු බවත් පසුව ඔවුන්ගෙන් කීප දෙනෙක් ලංකාවේ උතුර හා නැෙ`ගනහිරට පැමිණ පදිංචි වූ බවත් කිව හැක.
එවිට දෙමලා අපටත් වඩා ශ්‍රේෂ්ඨ වනු ඇත. හේතුව ඒ දෙමලාගේ මව බල්ලකු සමග සහවාසයේ යෙදුණේ අවුරුදු 12500 කට පෙර වන අතර අපගේ ඒ ශ්‍රේෂ්ඨ සුප්පා දේවි සිංහයකු හා සමග සහවාසයේ යෙදී ගතවුණේ අවුරුදු 2600 ක් පමණක් නිසාය.
ඊළ`ගට දෙමලා ආඩම්බරයෙන් කියාවි ජර්මන් ෂෙපර්ඞ්ටත් වඩා දිග ඉතිහාසයක් ඒගොල්ලන්ට තියෙනවා කියා. එතකොට අප කියන්නයැ එදා ලංකාවේ හිටිය ඒ බල්ලට අදත් අප කියන්නේ සිංහල බල්ලා කියලා කියා? එහෙම කියන්න ගියොත් දෙමල ඩයස්පෝරාව බැන් කි මූන්ව උසි ගන්වාගෙන එක්ක එයි දෙවන දරුස්මාන් වාර්තාව ලියන්න. සමහර විට මේ අනන්‍යතාවය ගොඩ නගලා දුන්නාට කේ.පී. මට නැවක්ම තෑගි කරයිද දන්නේ නෑ.
දැන් පේනවාද ජාතියක අනන්‍යතාවය කොයි තරම් වැදගත්ද කියලා. ඒක විජය දක්වා ලඝු කරන්නට කිසිදාක මම ජීවත් වනතුරු ඉඩ නොදෙමි.
Sorry,I forgot to mention my website. It is http://www.thilakarandeni.lk
Thank you.
මුල් ඡේදය ගැන කිවහොත් එමගින් අදහස් වෙන්නේ ප්‍රවාදයක්බවයි. අතීතයේ මෙරට සිටි යක්ෂ, නාග, දේව, රාක්ෂ, ගන්ධබ්බ ආදී හෙළ ගෝත්‍රියකින් එක් ජාතියක් ලෙස එක් වීමේදී එම ප්‍රවාදය යොදා ගෙන තිබෙනවා. එසේම අතීතයේ ශ්‍රී ලංකාවට උතුරු ඉන්දියාවෙන් සහයෝගය ලැබුනෙත් මෙවැනි ප්‍රවාද මගින් සිංහලයින්ව ඉන්දියාවට නෑ කම් ඇති කළ නිසයි.
ඔබ තවත් දෙයක් අමතක කර ඇති සෙයක් පෙනෙනවා. පණ්ඩුකභය රජතුමාගෙන් පසුව නැවතත් රාජ පරම්පරාව යක්ෂ ගෝත්‍රිකයින්ට සම්බන්ධ වෙනවා. ඉතින් කිසියම් විධියකට සිංහයෙක්ගෙන් පැවත ආවෙක් සිටියත් (එසේ නොවේ, එය සංකල්පයක් පමණි), පණ්ඩුකාභය රජතුමාගෙන් පසුව එය නවතින බව පැහැදිලියි.
රටේ ජනතාව යනු රජගේ දරු මුනුබුරන් නෙමෙයි. ඒ අනුව විජයාවතරනයට පෙර සිටි ජනතාව විජයාවතරනයට පසුවත්, විජය විසින් යක්ෂ ගෝත්‍රික නායකයින්ව මරා දැමීමට පසුවත් පැවතුනා.
රාවණා ගැන පැවසුවහොත්, රාජ් සෝමදේවයන් කරන්න යන පරීක්ෂණය මත පදනම්ව රාවණා ගැන ඔප්පු කිරීමට නොහැකියි. ඔහු පවසා ඇත්තේ එය න්‍යෂ්ඨික පිපිරීමක්ද යන්න සෙවිය යුතු බවයි. සෙවිය යුතු දෙයක් ස්ථිරවම පිළිගත හැකිද? යම් දිනෙක ඔහු එය සොයා ගත්තොත් අපිට යම් තාක් දුරකට රාවණා ප්‍රවාදය සත්‍යයක් යැයි කිව හැකියි.
අග්ගඤ්ඤ සූත්‍රයට අනුව යුග විනාශයක් අවසානයේදී මුරුගසන් වර්ෂාවක් වසිනවා. ඒ වර්ෂාවට හසු වෙන කිසිදු ජාතියක් පැවතීමට නොහැකි බව පැහැදිලි විය යුතුයි. එසේම පින්වත් මිනිසුන් සුළුතරයක් ඉතිරි වුනත් ඔවුන් නැවතත් අළුතෙන් ජනාවාස ගොඩනගා අළුත් ජාතීන් බිහි කරනවා.
ඉතින් කාශ්‍යප බුදුන් සමයේ යම් ජනතාවක් සිටියත්, ඔවුන් එකී යුග විනාශයෙන් පසුව ඒ ආකාරයෙන්ම පවතින්නේ නෑ. නැවතත් ඔවුන්ගේ අන්‍යතාවයන් ගොඩ නගා නව ජාතීන් බිහි කරනවා.
ඒ අනුව මීට පෙර කල්පයක රාවණා රජතුමා සිටියානම්, ඒ සිංහලයන්ගේ නෑයෙක් යැයි කීමට කිසිදු ඉඩක් නෑ. එසේ කවුරුන් හෝ කිව්වොත්, ඒ තරක මත පදනම්වම අපිට කිව හැකියි ලෝකයේම ජනතාව ලේ නෑයන් බව.
අපේ ජාතිය යම් තරමකට හෝ ඔසවලා තැබුවේ විජයගේ ආගමනයත්, මහින්දාගමනයත් සමග සිදු වූ සමාජ විපර්යාසය නිසා බැවිනි.. කවුරුන් හෝ කියනවානම් විජය ආගමනයට පෙර අපිට හොද ශිෂටාචාරයක් තිබුනා කියලා ඒක කොහොමටවත් පිලිගන්න බෑ..
අපිට ශිෂ්ටාචාරයක් තිබුණනම් එය සතුව හොද ගෘහ නිර්මාණ ශිල්පයක් තියෙන්න ඕන..නමුත් මිහිදු හාමුදුරැවො එනකොට අපිට හොද ගෘහ නිර්මාණ ශිල්පයක් තිබුණ බවට සාධක විරලයි.. ඒ වගේම මිහිදු හිමියන්ට වැඩ වසන්න නිර්මාණය කරපු කාල ප්‍රාසාදය දිහා බලන්න. එය මැටියෙන් හදල එවෙලේ ගින්නෙන් පුලුස්සපු එකක්.. අපිට අනුරාධ පුර නගරයේ හොද නගර නිර්මාණයක් තිබණ නම් දෙවන පෑතිස් රජුට තිබුනා තම නගරයේ තියෙන අතිරික්ත මාලිගයක් හෝ ආවාසයක් මිහිදු හිමියන්ට දෙන්න..ඒ වගේම අපි සතුව විශාල ශාලා නොතිබුන බවට සාධකයක් තමයි ධර්ම දේශනා කිරීමට ඇත් හල පිරිසිදු කර දීම..
මම අහන්නේ රාවණාවාදීන් කියන ලෙසට ඊජිත්තුවේ පිරමීඩ හදන්න තරම් තාක්ෂණය ලබා දෙන්න හැකියාවක් තිබුනානම්, රාවණාගේ මහා මාලිගා තිබුනානම්, දෙවන පෑතිස් යුගය වනවිට ඒ නිර්මාණ ශිල්ප ක්‍රම වලට හෝ නගර වලට මොකද උනේ.
මේකෙන් පේනවා රාවනා යනුවෙන් යමෙක් සිටියත් එම ශිෂ්ටාචාරය වැළලී ගිය එකක් බව. ඒ කියන්නේ මෙය “මේ කපේ” එකක් නෙමෙයි. ඉතින් ගොඩනැගිලිවත් ඉතුරු නොවී ශිෂ්ටාචාරයක් වැළලී ගියානම් ජාතියක් ඉතුරු වේවිද? එනම් රාවනා යුගයක් කියා එකක් තිබුනානම් එය සහ අද සිටින සිංහලයින් කිසි සේත්ම ජාතියක් වශයෙන් සම්බන්ධ වෙන්නේ නෑ.
//රාවණා ගැන නම් කතා කර පළක් නැත. තවමත් ඉන්ද්‍රජිත්ගේ න්‍යෂ්ඨික අවි හෝ ඊජිත්තුවේ පිරමීඩ හදාපු රාවණාට තිබූ වැසිකිළියක්වත් හමු වී නැත. රාජ් සෝමදේවයන් විසින් වසර 3500 කට පමණ පෙර තිබූ සොහොන් බිමක් සොයාගෙන ඇති අතර එමගිනුත් මහාවංශය දක්වන පරිදි අතීතයේ යම් ශිෂ්ටාචාරයක් තිබුන බවක් මිස, රාවණා වාදීන් දක්වන ආකාරය න්‍යෂ්ඨික අවි, ගුවන් යානා, චක්‍රාවාට අතර ගමන් ගන්නා යානා ආදී ෆැන්ටසියක් නොතිබුන බව තව තවත් තහවුරු වේ.//
ගුවන්යානා,න්‍යෂ්ටික අවි ආදිය ගැන අපිත් විශ්වාස කරන්නෙ නෑ ..ඒ යුගයට සාපේක්ෂව දියුණුවක් තිබුණ වෙන්ඩ පුළුවන්න්නෙ
හල්දුම්මුල්ලෙන් සහ රoචාමඩමෙන් හොයාගෙන තියෙන විදියට නිවාස තනාගෙන ජීවත්වූ ,කාන්තාවන් රූපලාවන්‍ය කටයුතු කරපු තරමට දියුණු ශිෂ්ටාචාරයක් විජය එන්ඩ අවුරුදු 1000කට කලින් මේ රටේ තිබුණුබව හොයාගෙන තියෙනව.ඔයා මුලින්ම කියන කරුණු ඒකෙන් බිඳවැටෙනව ..මහින්දාගමනයෙන් මෙරටට ආපු ශිල්පශ්‍රණිවලින් අපේ සoස්කෘතියට බෞද්ධාගමික මුහුණුවරක් ලැබුණ මිස අපේ මිනිස්සු ශිෂ්ටාචාරවත් වුණේ ඒකෙන් නෙවෙයි.
//ගුවන්යානා,න්‍යෂ්ටික අවි ආදිය ගැන අපිත් විශ්වාස කරන්නෙ නෑ ..ඒ යුගයට සාපේක්ෂව දියුණුවක් තිබුණ වෙන්ඩ පුළුවන්න්නෙ//
රාවණාවාදීන්ව ඔබට ලඝු කළ හැකිද? රාවණාවාදීන් යනු ඔබ විතරද? නැත. හෙළ යුගය පොත කියවා සූරිය ගුණසේකරයන් එය විශ්වාස කරන හැටි දැනගන්න. එසේම වෙනත් රාවණාවාදීන් තවමත් ඒ ෆැන්ටසියේ සිටින බව මම හොඳාකාරව දනිමි. ලැජ්ජාව වසා ගැනීමට විතරක් ඔබ ඒවා විශ්වාස නොකරන බව පවසා බේරෙන්නට හදයි.
//හල්දුම්මුල්ලෙන් සහ රoචාමඩමෙන් හොයාගෙන තියෙන විදියට නිවාස තනාගෙන ජීවත්වූ ,කාන්තාවන් රූපලාවන්‍ය කටයුතු කරපු තරමට දියුණු ශිෂ්ටාචාරයක් විජය එන්ඩ අවුරුදු 1000කට කලින් මේ රටේ තිබුණුබව හොයාගෙන තියෙනව.ඔයා මුලින්ම කියන කරුණු ඒකෙන් බිඳවැටෙනව//
නිවාස තනාගෙන ජීවත් වීම යම් තරමක දියුණු ශිෂ්ටාචාරයක් බව හැබෑය. එනිසයි මම දක්වා ඇත්තේ //මහාවංශය දක්වන පරිදි අතීතයේ යම් ශිෂ්ටාචාරයක් තිබුන බවක් මිස// කියලා. එහෙත් දියුණුව යන් සාපේක්ෂ දෙයකි, දියුණුව මනින්නේ නිරපේක්ෂව නොව වෙනත් ශිෂ්ටාචාරයන්ට සාපේක්ෂවය. රාජ් සෝමදේව මීට අවුරුදු 3500 කට පෙර සොයාගත් අත්තිවාරමත්, මීට අවුරුදු 4571 කට පෙර ගීසාහි තිබූ පිරමීඩත් සංසන්දනය කර බලන්න. http://en.wikipedia.org/wiki/Great_Pyramid_of_Giza එවිට මම කිව් දේ වැටහේවි.
//මහින්දාගමනයෙන් මෙරටට ආපු ශිල්පශ්‍රණිවලින් අපේ සoස්කෘතියට බෞද්ධාගමික මුහුණුවරක් ලැබුණ මිස අපේ මිනිස්සු ශිෂ්ටාචාරවත් වුණේ ඒකෙන් නෙවෙයි.//
දැන් ඔයාලගෙම නඩය ෆේස්බුක් එකේ කියනවා නේද මහිංදාගමනයක් සිදු වුනෙත් නෑ කියලා. දැන් ඔබ කියාවි එහෙම එකක් අපි කිව්වෙ නෑ කියල. එතකොට ඒ “අපි” කියන එකෙන් නියෝජනය වෙන්න කාවද? ඔබගේ මතය අනුව එක විධියකටයි තවත් කෙනෙකුගේ මතය අනුව තව විධියකටයිද අපි සමග වාද කරන්න එන්නේ? ඔය වගේ දෙපැත්ටටම නැත් දේවල් කිය කියා යන දරුවන් සමග සංවාද කිරීම මාගේ කාලය කා දැමීමකි.
//රාවණාවාදීන්ව ඔබට ලඝු කළ හැකිද? රාවණාවාදීන් යනු ඔබ විතරද? නැත. හෙළ යුගය පොත කියවා සූරිය ගුණසේකරයන් එය විශ්වාස කරන හැටි දැනගන්න. එසේම වෙනත් රාවණාවාදීන් තවමත් ඒ ෆැන්ටසියේ සිටින බව මම හොඳාකාරව දනිමි. ලැජ්ජාව වසා ගැනීමට විතරක් ඔබ ඒවා විශ්වාස නොකරන බව පවසා බේරෙන්නට හදයි.//
රාවණාවදින් කියා සුළු පිරිසකට ලඝු කරන්නට තැත්කරන්නෙ කවුද කියලනම් හොඳට පේනවා ..අතිබහුතර රාවණ ගවේෂකයින් ඔය මහා තාක්ෂණය ගැන විශ්වාස කරන්නෙ නෑ.ඔබලා හැමවිටම රාවණාවදින් මෙහෙම හිතන් ඉන්න ෆැන්ටසිකාරයො විදියට හැමතැනම බොරු ප්‍රචාරය කරකර මිනිසුන් නොමග යවනවා
//නිවාස තනාගෙන ජීවත් වීම යම් තරමක දියුණු ශිෂ්ටාචාරයක් බව හැබෑය. එනිසයි මම දක්වා ඇත්තේ //මහාවංශය දක්වන පරිදි අතීතයේ යම් ශිෂ්ටාචාරයක් තිබුන බවක් මිස// කියලා. එහෙත් දියුණුව යන් සාපේක්ෂ දෙයකි, දියුණුව මනින්නේ නිරපේක්ෂව නොව වෙනත් ශිෂ්ටාචාරයන්ට සාපේක්ෂවය. රාජ් සෝමදේව මීට අවුරුදු 3500 කට පෙර සොයාගත් අත්තිවාරමත්, මීට අවුරුදු 4571 කට පෙර ගීසාහි තිබූ පිරමීඩත් සංසන්දනය කර බලන්න//
කියනදේ හරියට තේරුම් ගන්න ..මහාවසයේ දක්වල තියෙන්නෙ මිහිඳු මාහිමියන් වැඩම කරනවිට මේ රටේ හිටපු මිනිස්සු හරියට නිවසක්වත් හදාගන්න බැරි පිරිසක් විදියට ..ඒක එහෙම නෙවෙයි කියල රාජ් සෝමදේවයන්ගෙ ගවේෂණවලින් හෙලිවෙලා තියෙන්නෙ ..ඒ ශිෂ්ටාචාරය පිරමීඩ හදපු ඊජිප්තුවරුන් සමග සසඳන එක විහිළුවක් ..මොකද පිරමීඩ හදපු තාක්ෂණය පිටසක්වලින් ලැබුණු එකක් විදියටයි පිළිගැනෙන්නෙ .
//දැන් ඔයාලගෙම නඩය ෆේස්බුක් එකේ කියනවා නේද මහිංදාගමනයක් සිදු වුනෙත් නෑ කියලා. දැන් ඔබ කියාවි එහෙම එකක් අපි කිව්වෙ නෑ කියල. එතකොට ඒ “අපි” කියන එකෙන් නියෝජනය වෙන්න කාවද? ඔබගේ මතය අනුව එක විධියකටයි තවත් කෙනෙකුගේ මතය අනුව තව විධියකටයිද අපි සමග වාද කරන්න එන්නේ? ඔය වගේ දෙපැත්ටටම නැත් දේවල් කිය කියා යන දරුවන් සමග සංවාද කිරීම මාගේ කාලය කා දැමීමකි.//
බොරු කියන්න එපා මහත්තයො .අපි කොයිවෙලේවත් කියල නෑ මහින්දාගමනයක් වුණේ නෑ කියල ..අපි කියන්නෙ මේ රටේ බුදුසසුන පිහිටෙව්වෙ බුදුන්වහන්සෙමයි කියල.මහාවසයෙන්ම ඒකට ඕනෙවටත් වඩා සාක්ෂි හමුවෙනව.මිහිඳු මාහිමියන් පසුකාලෙක මෙහාට වැඩම කරපු ධර්මදූත හිමිනමක් විතරයි
//රාවණාවදින් කියා සුළු පිරිසකට ලඝු කරන්නට තැත්කරන්නෙ කවුද කියලනම් හොඳට පේනවා ..අතිබහුතර රාවණ ගවේෂකයින් ඔය මහා තාක්ෂණය ගැන විශ්වාස කරන්නෙ නෑ.ඔබලා හැමවිටම රාවණාවදින් මෙහෙම හිතන් ඉන්න ෆැන්ටසිකාරයො විදියට හැමතැනම බොරු ප්‍රචාරය කරකර මිනිසුන් නොමග යවනවා//
අති බහුතරයක් ඔය ෆැන්ටසි කතා විශ්වාස කරන්නේ නැති බව සත්‍යයකි. ඔවුන් පිළිගන්නේ මහාවංසය ආදී පිළිගත් ඉතිහාස මූලාශ්‍ර වලින් සහ සහ වෙනත් පුරාවිද්‍යාත්මක ගවේශණ මගින් මතු වන ඉතිහාසයයි. ඔවුන්ටයි ඉතිහාස ගවේශකයින් යැයි පවසන්නේ. එහෙත් රාවනාවාදීන් යනු හිංදු මිත්‍යා කතා වල ඇති ෆැන්ටසි හිස් මුදුනෙන්ම පිළිගන්නා උදවියයි. මෙන්න උදාහරණයක්.
[[ඒවා අතර යම්කිසි සම්බන්ධතාවක් ඇති බව පෙනී යයි.ඇතැම් විට මෙවන් අහස් යාත්‍රා වල තාක්ෂණය හෙළයන් විසින්, තාරකා දොරටු මගින් ,අනිකුත් සමකාලීන ශිෂ්ටාචාර වලට යන්නට ඇත.ඇතමුන් රාවනා යනු සාමාන්‍ය මිනිසෙකු නොව,වෙනත් චක්‍රාවාටයකට අයත් ග්‍රහ ලොවක සිට මෙලොවට පැමිණි අයෙකු ලෙස හැදින්වීමට උත්හස ගනුයේ එය නිසා විය හැක.ඔහු තම ගුවන් යානාව උපකාරයෙන් වෙනත් වෙනත් ග්‍රහ ලෝකවල ,අහසේ සිට යුද්ධ කළ අයෙකු ලෙසද පැවසේ.]] පච බ්ලොග් වලට යොමු දැක්වීමට අනවශ්‍ය නිසා මූලාශ්‍ර නොදක්වමි.
//කියනදේ හරියට තේරුම් ගන්න ..මහාවසයේ දක්වල තියෙන්නෙ මිහිඳු මාහිමියන් වැඩම කරනවිට මේ රටේ හිටපු මිනිස්සු හරියට නිවසක්වත් හදාගන්න බැරි පිරිසක් විදියට ..ඒක එහෙම නෙවෙයි කියල රාජ් සෝමදේවයන්ගෙ ගවේෂණවලින් හෙලිවෙලා තියෙන්නෙ ..ඒ ශිෂ්ටාචාරය පිරමීඩ හදපු ඊජිප්තුවරුන් සමග සසඳන එක විහිළුවක් ..මොකද පිරමීඩ හදපු තාක්ෂණය පිටසක්වලින් ලැබුණු එකක් විදියටයි පිළිගැනෙන්නෙ .//
මහාවංසයට අනුව තමයි අතීතයේ මිනිස්සු මැණික් පුටුවක් සහ චෛත්‍ය පවා හැදුවා කියලත් කියන්නෙ. ඒත් ඒ තාක්ෂණය යම් මට්ටමක තිබුණක් මිස මිසර සහ චීන ශිෂ්ටාචාර තරම් දියුණු නැත. රාවනාවාදීන්ට අනුව ඊජිත්තු පිරමීඩ වලට තාක්ෂණය ලැබී ඇත්තේ පිටසක්වලින් නොව රාවනා මගිනි. එය ලෝක විහිළුවක් වන්නේ රාවනාට කිසිදු පිරමීඩයක් තියා ඔහුගේම කියා මාලිගාවක ගල් කණුවක්වත් නොතිබීමයි.
//බොරු කියන්න එපා මහත්තයො .අපි කොයිවෙලේවත් කියල නෑ මහින්දාගමනයක් වුණේ නෑ කියල ..අපි කියන්නෙ මේ රටේ බුදුසසුන පිහිටෙව්වෙ බුදුන්වහන්සෙමයි කියල.මහාවසයෙන්ම ඒකට ඕනෙවටත් වඩා සාක්ෂි හමුවෙනව.මිහිඳු මාහිමියන් පසුකාලෙක මෙහාට වැඩම කරපු ධර්මදූත හිමිනමක් විතරයි//
රාවනාවාදීන් දරන්නේ එකිනෙකට වෙනස් අදහස්ය. මිරැන්ඩෝ ඔබේසේකර මහතා “දේව” සහ “යක්ෂ” යනු එකම ගෝත්‍රයක් බව කියද්දී සූරිය ගුණසේකර මහතා පවසන්නේ ඒ ගෝත්‍ර දෙයක් බවය. ඉන් එහාට ඇත්තේ එකිනෙකට වෙනස් කතන්දර මිස තනි මතයක් නොවේ. කොහොමත් නිශ්චිත මූලාශ්‍ර මත පදනම්ව සාධක සහිතව ඔප්පු කරන ඉතිහාසයක් වෙනුවට එක් එක් බ්ලොග් කතන්දර ආතලාගේ කයි කතන්දර වලින් ඉතිහාසයක් ගොඩ නැගීමට යාමේදී විවිධාකාර මතවාදයන් ඇති වීම නොවැළැක්විය හැකිය. එනිසා රාවනාවාදීන්ට “අපි” කියා මතයක් ඉදිරිපත් කළ නොහැකිය. “අපි” කියා සියලුම රාවනාවාදීන්ව නියෝජනය කිරීමටනම් ඔබට රාවනාවාදීන් සියල්ලම එක් මතයකට ගෙන ආ යුතුය. ඔබ මහිංදාගමනය බොරුවට හෝ පිළිගනිද්දී මහිංදාගමනය කියා දෙයක් සිදු නොවුන බව කියන උදවියව මම ඕනෑ තරම් දැක ඇත. ඔබට ඒ ගැන දැනගැනීමට අවශ්‍යනම් ඔබ ඔය අටවාගෙන ඉන්න ෆේස්බුක් ගෲප් වල මහින්දාගමනය සිදුවී ඇද්ද නැද්ද කියා විමසා බලන්න.
මේ තිබෙන්නේ ඉහල තිලකා රන්දෙනි දාල තිබෙන කොමෙන්‍ටුවක්
//විජයාගමනය නිසාවත් මහින්‍දාගමනය නිසාවත් අපේ ජාතිය එසවුණේ නෑ. තියෙන තත්ත්‍වයෙන් පහළට වැටුණා මිසක්. විජය මහා මිනිස් සංහාරයක් කළේ. මිහිඳු හිමි ජාතියේ මොළ සේදීමක් කළේ.//
තිලකා රන්දෙනි යනු රූපවාහිනියේ පවා කතා කරන මහත්මියකි. ඇයට අනුව මිහිඳු හිමි යනු සිංහලයන්ව “බ්‍රේන්වොශ්” කිරීමට පැමිණි කෙනෙකි. දැන් “අපි” ලෙස සලකා ඔබත් පවසනවාද “මිහිඳු හිමි ජාතියේ මොළ සේදීමක්” කළා කියලා? එසේනම් “අපි” ලෙස තවදුරටත් ඔබට රාවනාවාදීන්ව නියෝජනය කිරීමට නොහැකි බව සිතාගන්න. තිලකා රන්දෙනි විසින් මහිඳුමහරහතන් වහන්සේව “බ්‍රේන්වෝශ්” කරුවෙක් ලෙස දක්වද්දී තවත් බොහෝ රාවනාවාදීන් විසින් මහිංදාගමනය සිදු නොවූවක් බව පවසනවා මූනු පොතේ ඇති තරක් මම දැක ඇත.
//අති බහුතරයක් ඔය ෆැන්ටසි කතා විශ්වාස කරන්නේ නැති බව සත්‍යයකි. ඔවුන් පිළිගන්නේ මහාවංසය ආදී පිළිගත් ඉතිහාස මූලාශ්‍ර වලින් සහ සහ වෙනත් පුරාවිද්‍යාත්මක ගවේශණ මගින් මතු වන ඉතිහාසයයි
//
විජය නැමැත්තකුට අයත් මාලිගාවක් තබා එවැන්නකු ඉන්දියාවේවත් සිටිබවට සාධක නැත
//ඒවා අතර යම්කිසි සම්බන්ධතාවක් ඇති බව පෙනී යයි.ඇතැම් විට මෙවන් අහස් යාත්‍රා වල තාක්ෂණය හෙළයන් විසින්, තාරකා දොරටු මගින් ,අනිකුත් සමකාලීන ශිෂ්ටාචාර වලට යන්නට ඇත.ඇතමුන් රාවනා යනු සාමාන්‍ය මිනිසෙකු නොව,වෙනත් චක්‍රාවාටයකට අයත් ග්‍රහ ලොවක සිට මෙලොවට පැමිණි අයෙකු ලෙස හැදින්වීමට උත්හස ගනුයේ එය නිසා විය හැක.ඔහු තම ගුවන් යානාව උපකාරයෙන් වෙනත් වෙනත් ග්‍රහ ලෝකවල ,අහසේ සිට යුද්ධ කළ අයෙකු ලෙසද පැවසේ.//
කලින් කිව්ව දේම ඔබ ආපහු රෙකෝඩ් එකක් වගේ දානවා ..සිහලෙන් කීවනෙ අතිබහුතරයක් ඔය කතා පිළිගන්නෙ නැතිබව
//රාවනාවාදීන් දරන්නේ එකිනෙකට වෙනස් අදහස්ය. මිරැන්ඩෝ ඔබේසේකර මහතා “දේව” සහ “යක්ෂ” යනු එකම ගෝත්‍රයක් බව කියද්දී සූරිය ගුණසේකර මහතා පවසන්නේ ඒ ගෝත්‍ර දෙයක් බවය. ඉන් එහාට ඇත්තේ එකිනෙකට වෙනස් කතන්දර මිස තනි මතයක් නොවේ//
යම් යම් කරුණු සම්බන්ධයෙන් වෙනස් මත තියෙනව ..අපි දැනට පිළිගන්න ඉතිහාසයෙ මෑත ඉතිහාසයෙ උණත් එහෙම වෙනස් මත තියෙන අවස්ථා තියෙනව ..එහෙම තමයි ඉතිහාසය සකස්වෙන්නෙ ..බහුතර දෙනෙක් පිළිගන්නෙ සූරිය ගුණසේකර මහතාගෙ අදහස
//තිලකා රන්දෙනි යනු රූපවාහිනියේ පවා කතා කරන මහත්මියකි. ඇයට අනුව මිහිඳු හිමි යනු සිංහලයන්ව “බ්‍රේන්වොශ්” කිරීමට පැමිණි කෙනෙකි. දැන් “අපි” ලෙස සලකා ඔබත් පවසනවාද “මිහිඳු හිමි ජාතියේ මොළ සේදීමක්” කළා කියලා? එසේනම් “අපි” ලෙස තවදුරටත් ඔබට රාවනාවාදීන්ව නියෝජනය කිරීමට නොහැකි බව සිතාගන්න. තිලකා රන්දෙනි විසින් මහිඳුමහරහතන් වහන්සේව “බ්‍රේන්වෝශ්” කරුවෙක් ලෙස දක්වද්දී තවත් බොහෝ රාවනාවාදීන් විසින් මහිංදාගමනය සිදු නොවූවක් බව පවසනවා මූනු පොතේ ඇති තරක් මම දැක ඇත//
තිලකා රන්දෙනිය මහත්මියගෙ පොත මම තවම කියවල නෑ ..ඒක කියවල තමයි මම ඒගැන අදහසක් දක්වන්නෙ .ඔබ ”අපි” ලෙස හඳුන්වන්නෙ ඒ මහත්මියද ? …ඔබ කියන විදියට ගත්තොත් අපි කියල කිසිම කණ්ඩායමක් පෙන්නන්ඩ බෑ ..මේ ඉතිහාසය ගැන තවම ගවේශන කරගෙන යනව ..ඒ නිසා ප්‍රතිවිරුද්ධ මත තිබීම ස්වභාවිකයි ..ගවේශනය තුලින් තමයි ඉතිහාසය නිර්මානය වෙන්නෙ.හැමදේම එක තැනක ලියැවෙන්නෙ නෑ
//විජය නැමැත්තකුට අයත් මාලිගාවක් තබා එවැන්නකු ඉන්දියාවේවත් සිටිබවට සාධක නැත//
විජය රජතුමා දඹදිවින් ආ කෙනෙක් නිසා ඔහුටම කියා මාලිගාවක් තිබුනේ නැත. පළමුව බින්න විවාහ ක්‍රමය අනුව කුවේනියගේ මාළිගාවේ ලැගුම් ගත් අතර කුවේනි යකින්නව පන්නා දැමීමෙන් පසුව ඔහුට එය අයත් විය. [එය සමාන වන්නේ සමුද්‍රදේවිය මරා දැමීමෙන් පසුව ඇයගේ සියළුම වස්තුව වීදිය බණ්ඩාර කුමාරයාට අයත් වීම වැන්නකටය. විජයගේ ක්‍රියාව සදාචාර විරෝධී යැයි පඬියන් කිවහොත් එම චෝදනාවම වීදිය බණ්ඩාර කුමාරයාටත් එල්ල වීම නොවැළැක්විය හැකිය.] පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් තම අත තබාගෙන සිටින්නේ කලින් කුවේනියට අයත්ව තිබී පසුව විජය රජතුමාට අයත් වූ මාළිගාවේ ගල් කණුවකටයි. උන්වහන්සේගේ ගවේශණ අවසන් වීමෙන් පසුව විජය මාළිගාව ගැන පොතක් ලිවීමට නියමිතය.
http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/10/Wil-1.jpg
//කලින් කිව්ව දේම ඔබ ආපහු රෙකෝඩ් එකක් වගේ දානවා ..සිහලෙන් කීවනෙ අතිබහුතරයක් ඔය කතා පිළිගන්නෙ නැතිබව//
//යම් යම් කරුණු සම්බන්ධයෙන් වෙනස් මත තියෙනව ..අපි දැනට පිළිගන්න ඉතිහාසයෙ මෑත ඉතිහාසයෙ උණත් එහෙම වෙනස් මත තියෙන අවස්ථා තියෙනව //
පෙනව නේද ඉහත කොමෙන්‍ටු දෙකේ පරස්පර භාවය. ඔබ අති බහුතරයක් කියා කියන්නේ කිසිම සමීක්ෂණයක් කිරීමෙන් තොරවයි. පරස්පර මතවාද වල තරම ගැන දිවයිනේ ඒ දවස් වල ගිය ඉතිහාස ලිපි වලින් කියවා බලන්න. වෙනස් මත තිබෙන නිසා තමයි ඔබට “අපි” කියා රාවනාවාදීන්ව නියෝජනය කිරීමට නොහැකියි කියන්නේ. ඔබගේ මතය මගින් අනෙකුත් අයගේ මතයන් නියෝජනය නොවේ.
//තිලකා රන්දෙනිය මහත්මියගෙ පොත මම තවම කියවල නෑ ..ඒක කියවල තමයි මම ඒගැන අදහසක් දක්වන්නෙ//
ඔබ “අපි” කියාගෙන රාවනාවාදීන්ව නියෝජනය කළත් ඒ හා සම්බන්ධ පොත් පත් කියවා නැති බව පෙනේ. රාවනාවාදීන්ගේ සංගමයේ සභාපති ලෙස අප හා වාදයට ආවත් ඔබ නොදන්නා දේවල් කොපමණ තිබේද? ඉතින් ඔබ “අපි” ලෙස රාවනාවාදීව නියෝජනය කිරීම විහිළුවකි.
//ඔබ කියන විදියට ගත්තොත් අපි කියල කිසිම කණ්ඩායමක් පෙන්නන්ඩ බෑ//
ඒක තමයි බුදු දහමෙනුත් කියන්නේ. [නා නත්ථ කායා නා නත්ථ සංඥා] ඔබට බුදු දහමේ ප්‍රාථමික ඉගැන්වීම් ගැනත් වැටහීමක් නැති පාටයි.
//මේ ඉතිහාසය ගැන තවම ගවේශන කරගෙන යනව ..ඒ නිසා ප්‍රතිවිරුද්ධ මත තිබීම ස්වභාවිකයි//
දැන් තේරුනා නේද “අපි” කියල කට්ටියක් නෑ කියල. ඔබ දක්වා ඇත්තේ ඔබගේ පුද්ගලික මතයයි.
එහෙත් මේ අනන්‍යතාවය අද වන විට ආචාර්ය සිරාන් දැරණියගල ආචාර්ය රාජ් සෝමදේව වැනි විශිෂ්ඨයන් විසින් බිඳ දමා ඇත්තේ විජයාවතරණයට අවුරුදු බොහෝ ගණනක් ඈතට යන නොබිඳිය හැකි සාක්‍ෂි සමගය.
සිංහයා අපේ ආදිතමයා වශයෙන් ගතහොත් අපේ ජාතිය පටන්ගන්නේ කි‍්‍ර.පූ. 6 වන සියවසේදීය. ස්පෝලියා සෙලනිකා 39 වෙනි වෙ`ඵමට අනුව ආචාර්ය හෝකින්ස් පෙන්වා දී ඇත්තේ ඔවුන් විසින් සිදු කරන ලද දන්ත පරීක්‍ෂණයට අනුව (මෙය ඞීඑන්ඒ පරීක්‍ෂණයට වඩා ඉහළ පරීක්‍ෂණයකි* ප‍්‍රාග් ඓතිහාසික සොහොන් බිමක් වන පොම්පරිප්පුවේ නිදන්නේද සිංහලයන් මිස වෙන අන් අය නොවන බවය. මේ පරීක්‍ෂණය සදහා මිනී 50 ක් 60 ක් පමණ යොදා ගත් බව ආචාර්ය දැරණියගලයෝ පැවසූහ.
මහාචාර්යතුමාගේ මෙම මතය අප පිළිගතහොත් රාවණා රජුට ඇති අපේ අයිතියත් අහෝසි වෙයි. එය ඉතා දරුණු වන්නේ අපේ අතින් ගිලිහෙන එම අයිතිය ඩැහැ ගැනීමට ප‍්‍රභාකරන් බලා සිටි නිසාය. ජයලලිතා පෙරටු කොට ගත් දෙමල ඩයස්පෝරාව ඊළ`ගට එම කාරියට අත පොවනු ඇත. නැත දැනටමත් අත ගසා ඇත. රට පිළිගන්නා ඇතැම් විද්‍යාර්ථීන් රැුස්වීම් තබමින් මේ අයිතිය අහෝසි කර ගනිමින් සිටිති. මෙය පනින රිලවුන්ට ඉනිමං බැඳීමකි.
විජයාවතරණයක් සිදුවිය. විජය සමග 700 ක් පිරිස ආහ. විජයට මධුරා පුරයෙන් මනාලියක ගෙනෙන විට මේ පිරිසටද මනාලියෝ ආහ. විජයගේ දරු දෙදෙනාගෙන් සිංහල ජාතිය පහළ නොවූ කල සිංහල ජාතියට වැඩිය අයිතිවාසිකම් කිව හැක්කේ මේ හත්සිය පිරිසට නේද?
අපේ ජාතියේ ප්‍රෞඩත්වය ගැන ආඩම්බරයෙන් කිව හැකි කරුණු මට එමට ඇත. ඒ සඳහා සිංහයකුගේ නැට්ටේ එල්ලීමට මට නම් අවශ්‍ය නැත.
මා දැන් අභියෝග කරමින් සිටින්නේ අශෝක රජුට විදේශාධාර යවා ඉන්‍දියාවේ සංකේතාත්මකව රජ වූ අපේ දේවානම්පියතිස්ස රජුගේ කතාව පුඵවන් නම් බොරු කරන්න කියාය. තවම එකම ඉතිහාසඥයකුට එම කාරිය බැරිවිය. ඉස්සරහටද බැරි බව ආඩම්බරයෙන් කියමි.
මෙම ලිපියෙන් සිංහයෙකුට දාව මනුශ්‍ය පැටියෙක් ලැබුන බවක් පවසා නැත. එනිසා නැවතත් හොඳින් කියවා බලන්න. ඊට අමතරව ලිපියෙන් යොමුවක් දා ඇති නලින් සිල්වා මහාචාර්යතුමාගේ ලිපියත් කියවා බලන්න.
සිංහලයාගේ ආරම්භකයා සිංහයෙක් බව දක්වා ඇත්තේ, වෙන් වෙන්ව සිටි අතීත හෙළ ගෝත්‍ර වලට එක් වී එක් ජාතියක් ලෙස ජාතිකත්වය ආරෝපණය කිරීම සඳහය. එනම් සිංහල නම් ජාතියට ජාතිකත්වය ලැබුනේ මෙම සිංහයෙක්ගෙන් පැමිණියා කියන ප්‍රවාදය අනුවයි.
රෝම ජාතිය පවත එන්නේ වෘක ධේනුවකගෙන් බව ඔබ දන්නවා ඇති. ඉන් අදහස් කරන්නේ වෘකයෙකුට මිනිස් පැටියෙක් ලැබුන බවද?
මහාචංශයට අනුවම විජයාවතරණයට පෙර මෙරට යක්ෂ ගෝත්‍රිකයින් සිටි බව සඳහන් වේ. ඔවුන් කපු කැටීමේ සිට මැණික් පුටු සහ චෛත්‍ය සෑදීම දක්වා දියුණුව සිටි බවත් දැක්වෙන්නේ මහාවංශයෙන්මය.
එනිසා මහාවංශ විරෝධීන් ගෙන හැර දක්වන ආකරයට, සිංහලයන් සිංහයෙක්ගෙන් එන්නේ කොහොමද, විජයට පෙර මෙරට දියුණු ජාතියක් සීටියේ නැද්ද ආදී පදනම් විරහිත තර්ක මතු කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමි.
රාවණා ගැන නම් කතා කර පළක් නැත. තවමත් ඉන්ද්‍රජිත්ගේ න්‍යෂ්ඨික අවි හෝ ඊජිත්තුවේ පිරමීඩ හදාපු රාවණාට තිබූ වැසිකිළියක්වත් හමු වී නැත. රාජ් සෝමදේවයන් විසින් වසර 3500 කට පමණ පෙර තිබූ සොහොන් බිමක් සොයාගෙන ඇති අතර එමගිනුත් මහාවංශය දක්වන පරිදි අතීතයේ යම් ශිෂ්ටාචාරයක් තිබුන බවක් මිස, රාවණා වාදීන් දක්වන ආකාරය න්‍යෂ්ඨික අවි, ගුවන් යානා, චක්‍රාවාට අතර ගමන් ගන්නා යානා ආදී ෆැන්ටසියක් නොතිබුන බව තව තවත් තහවුරු වේ.
පසුගිය යුග විනාශයට පෙර එවැනි දේවල් තිබෙන්නට ඇත. එසේ වුවත් ඒ කාලයේ සිට සිංහලයින් පැවත නෝඑන බව අග්ගඤ්ඤ සූත්‍රයෙන් පැහැදිලි වේ. යුග විනාශයකට පසුව ජාතියක් ඒ ආකාරයෙන්ම පැවතෙනවා කීම බුදු බණ අවිශ්වාස කිරීමකි.
ඒ වසලයාගේ අනිත් ජෝක්ස් හොඳ උනාට ඒවා ගැන ලියන්න කම්මැලියි. අනේ පව් කාලකන්නියා
මෙන්න සුකරයාගේ දෙවන ලිපිය – නපුංසක ජාත්‍යාලය ඇති සිංහල ජාතිවාදය
“මහා හයියෙන් සිංහල කම ගැන කෑ ගහන ජාතිවාදීන් නොදන්නා දෙයක් ඇත. උන් ජාතිය කියන අපි රට කියන ශ්‍රී ලංකාව දියුණු වුණේ බ්‍රිතාන්‍ය ජතිකයින් නිසාය. බ්‍රිතාන්‍යයන් මේ රටට ආවේ නැත්නම් අපේ මහ වුන් තාමත් හරක් නගුල එළවමින් කුඹුරු මඩවනවාය. පැල් කොට වල සිටිමින් වැස්සට බෙරි වෙනවාය. ”
මේ වේ *** පුතා නොදන්නා එක කරුණක් ඇත දඩයම යුගයේ සිට එඬේර යුගයටත් එඬේර යුගයේ සිට කාර්මික යුගයත් මිනිසා පරිණාමය වුයේ කිසිවෙලු උගන්වා නොව සොබාවයෙන්මය බ්‍රිතාන්‍යය කලේ අප රටේ සාරය උරා බිම පමණයි. බ්‍රිතාන්‍යන් ලංකාව ආක්‍රමණය නොකලා නම් අද අපි දියුණු ජාතියක්
” ඉතින් එදා සිටි ම්ලේච්ඡ ජාතියට සානුකම්පිතව බලය යෙදවීමට යුරෝපීයයින්ට සිදු විය. එමගින්ද මට්ටු නොවූ සිංහල ජාතිවාදීන් විසින් දිගින් දිගටම යුරෝපීයයන්ගේ වෙළඳාමට බාධා කළ නිසා අහිංසක ආක්‍රමණයක් කිරීමට ඔවුන්ට සිදු විය. එමගින් එදා ලංකාව තුළ නීතිය සහ සාමය රජ විය. සිංහලයැයි කියා ගන්නා උදවිය ශිෂ්ටාචාර ගත වුණේ එසේය.”
මාර ජෝක් එක මේක හොඳයි කොන්ඩේ බැඳපු චීන්නුන්ට.
මෙන්න සුකරයාගේ දෙවන ලිපිය – නපුංසක ජාත්‍යාලය ඇති සිංහල ජාතිවාදය
“මහා හයියෙන් සිංහල කම ගැන කෑ ගහන ජාතිවාදීන් නොදන්නා දෙයක් ඇත. උන් ජාතිය කියන අපි රට කියන ශ්‍රී ලංකාව දියුණු වුණේ බ්‍රිතාන්‍ය ජතිකයින් නිසාය. බ්‍රිතාන්‍යයන් මේ රටට ආවේ නැත්නම් අපේ මහ වුන් තාමත් හරක් නගුල එළවමින් කුඹුරු මඩවනවාය. පැල් කොට වල සිටිමින් වැස්සට බෙරි වෙනවාය. ”
මේ වේ *** පුතා නොදන්නා එක කරුණක් ඇත දඩයම යුගයේ සිට එඬේර යුගයටත් එඬේර යුගයේ සිට කාර්මික යුගයත් මිනිසා පරිණාමය වුයේ කිසිවෙලු උගන්වා නොව සොබාවයෙන්මය බ්‍රිතාන්‍යය කලේ අප රටේ සාරය උරා බිම පමණයි. බ්‍රිතාන්‍යන් ලංකාව ආක්‍රමණය නොකලා නම් අද අපි දියුණු ජාතියක්
” ඉතින් එදා සිටි ම්ලේච්ඡ ජාතියට සානුකම්පිතව බලය යෙදවීමට යුරෝපීයයින්ට සිදු විය. එමගින්ද මට්ටු නොවූ සිංහල ජාතිවාදීන් විසින් දිගින් දිගටම යුරෝපීයයන්ගේ වෙළඳාමට බාධා කළ නිසා අහිංසක ආක්‍රමණයක් කිරීමට ඔවුන්ට සිදු විය. එමගින් එදා ලංකාව තුළ නීතිය සහ සාමය රජ විය. සිංහලයැයි කියා ගන්නා උදවිය ශිෂ්ටාචාර ගත වුණේ එසේය.”
මාර ජෝක් එක මේක හොඳයි කොන්ඩේ බැඳපු චීන්නුන්ට. පෙර බුද්ධ ධර්මය තිබුණු රටකට සානුකම්පිතව බලය යොදවල ( වැඩි දේවල් නෙමෙයි මිනිස්සු මරල ගැනු දුෂණය කරලා ) තමයි සමහර ජාතින් හැදුනේ
අර උඩින් දාල තියන බ්ලොග් එක නම් නියමයි. කියවනකොට හිනා වෙලා පන යනව
මේකේ තියන රසවත්ම කැලි ටික මෙතන ලියනකල් මට නින්ද යන්නේ නැහැ.
මුලින්ම අපි ගමු මේ ලිපිය – මුස්ලීම් සහෝදරවරුන්ට වෛර කරන සිංහල ජාතිවාදියෙක් සිතන විධිය
“අනික ඒ ගෑනුත් උංට මාර බයය. ඒක හිංදා ‘මෙහෙ වර….’ කියපුවාම අතන රිදෙනවා…. මෙතන රිදෙනවා කිය කියා ඇඹරෙන්නේ නැතුව ඇතිය.”
එතැනින්ම පේනවා මේක ලියන එකාගේ මානුෂික මට්ටම කොහොමද කියල
” ඒත් උංගේ කෙල්ලංගේ මැණික් කටුවක්වත් අපිට පෙන්නන්නේ නැතිය. උපංදා ඉඳං වහගෙන හදන හිංදා උංගේ එව්වායේ අපේ උන්ට වඩා හොඳ ෆිනිෂ් එකක්ද නැතුවා වෙන්නට බැරිය. ඒවාද හෝල්සේල් බලාගන්ඩ පින තියෙන්නේද උන්ටය. උනුත් උන්ටය. මුනුත් උන්ටය. අපිට හුලංය.”
මේ සුකරයාගේ දැනීමේ තරම තමයි මුන් හිතාගෙන ඉන්නේ උන්ගේ ගැනු ඔක්කොම වහගෙන ගියාට හොඳ ශාන්ත දාන්ත තීන්ත කුඩු කියල.මෙතන මම දන්නා දේවල් මම කියන්න යන්නේ නැහැ. මොකද එහෙම කිව්වොත් මේක ජාතිවාදී ගැටළුවක් වෙනවා. මම බනින්නේ ජාතියකට නෙමෙයි. මේක ලියාපු හිවලට මොනවා උනත් මම මේ කියන කාරණය කට්ටියට තේරෙන නිසා ටිකක් ඒ ගැන හොයල බලන්න එතකොට ඇත්ත තේරෙයි.
ඇත්තටම මුදල් නොට්ටුවෙන් සිංහයා අයින් කිරීමත් මෙවැනි කුමන්ත්‍රණයක් නොවේද ?
මේ යන විදියට ගියොත් තව අවුරුදු ගානකින් අපේ ජාතික කොඩියෙනුත් සිංහයා අයින් කරලා නරියෙක් දායි
මේ ගැන සෝම හාමුදුරුවෝ කලින් කිව්වා ඒත් එතුමාත් ඉතාමත් අබිරහස් විදියට අපවත් උනා
ඇත්තටම සිංහලයා බේරා ගන්න නායකයෙක් ඇත්තෙම නැද්ද ?
Well Said! Please read the following article as well.
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=30303
The article nicely highlights how the film Kuveni does the very same thing: debunking Mahavamsa which was also one of the main themes of Anton Balasinham to attack Sinhalese.
Admin please remove above comment, its giving unwanted publicity to that site
I think the very majority of the traffic goes to that site, from our site are true patriots and they will get some idea about those fake arguments. It is better to show those sites to our visitors otherwise our visitors never know the real threat to the Sinhala people.
I read that article and it is very stupid one and anyone could easily able to break that crap, so no need to waste the time to reply for it. But if more people requested, we will think twice to keep that comment.
http://beyondnation.wordpress.com/ වගේ අසමජ්ජාති අවජාතක බ්ලොග් අඩවි කරන්නෙත් ඕකමතමා. පුලුවන් එකෙක් ඉන්නවනම් ඒ siteවලට attack/Hack කරලා මේ ගෙනයන මඩප්‍රහාර අඩු කරමු.