
උතුරේදී දමිළ මන්ත්‍රීවරුන්ට රැස්‌වීමක් කරන්න ඉඩදෙන්නේ නැතිනම් සාමාන්‍ය ජනතාවගේ තත්ත්වය කෙබඳුදැයි යන්න අමුතුවෙන් කිවයුතු නැතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (17) ප්‍රකාශ කළේය.”
ජවිපෙ, “කුමන සිහියකින් ඉන්නවාද”? යන්න බැලු බැල්මට නොපෙනෙන තරමේ, ලණු ලිහී ගිය පාරුවක් වැනි ස්ථාවරයකට කෙසේ හෝ සේන්දු වී ඇත. එක්කෝ, රටට විශාල ජාත්‍යන්තර පීඩනයක් එල්ල වෙමින් පවතින මොහොතක, ඒ සම්බාධක වලින් ජනතාව හාමත් කොට, හෝ ඒ සෘජු මැදිහත් වීමකින් ජනාධිපතිවරයාට ධූරය අහිමි වන්නට සලස්වා ඉන් පසුව තම රජයක් පිහිටුවීම, බඳු ආවේණික වූ සිහිනයක් දකිනවා විය යුතුය.
ඇතැම් අය නින්දට ගිය පසු, නින්දේදී “මනෝකාය” ඉවත්ව, වෙනත් අවකාශයේ සැරිසරන භූතාත්මයක මනෝ කාය ඒ සිරුරට ඇතුළුවී, පසුව එකම දේහය දරන වෙනස් පුද්ගලයෙකු සමාජගත වීම වැනි දෑ අප අසා ඇත්තෙමු. එදා 2004, 2005 වසර වලදි රටේ ඒකීය භාවය උදෙසා යුධ ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර ගමන් ගිය පක්ෂයක්, අද මේ කියන කථා බැලුවාම, ජවිපෙටත් එවැන්නක් සිදු වී ඇත්දැයි අපිට සාධාරණ සැකයක් පහළ වේ.
ජනාධිපතිවරයා කෙරෙහි ඇති කරගෙන සිටින බද්ධ වෛරය නිසාම “මෙරට සිවිල් ආරක්ෂාව සහ අයිතිවාසිකම් නැත” කියන ප්‍රකාශය හරහා යම් කිසි ජාත්‍යන්තර අත පෙවීමකට ආරාධනා පත් ලියා දෙන්නේ, එදා ලක්ෂයක් දිවි පුදා ඉන්දීය මිලිටරි ඩැහි අඬුවේ මැදිහත් වීමෙන් දේශය මුදවා ගත් ජනතා විමුක්ති පෙරමුණම වීම එක අතකට ශෝක ජනකය. අනෙක් අතට, ඔවුන්ගෙන් විමුක්තියක් ලැබෙතියි සිතන ජනතාවට සිහි එළවන සුළුය.
යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රීන් පිරිසකට පහර දෙන්නට, යුද හමුදාවේ සෙබළුන් පිරිසකට ඇති අවම උවමනාව කුමක්දැයි අපට නොවැටහෙන්නේ, ද්‍රවිඩ ජාතික සන්ධානය සමඟ රජය ගෙන යන සාකච්ඡා මේ වන විට සාර්ථකත්වයක් කරා ළඟා වෙමින් පවතින බැවිනි. රජයේ උවමනාවෙන් නොකෙරුණත්, හමුදාව මෙතෙක් කල්, උග්‍ර කොටි හිතවාදී මන්ත්‍රීවරුන්ටත් රැකවරණය සපයා තිබේ. මේවා බොහෝ විට “නාටක” ගණයට ඇතුළත් කළ හැකි වෙනු ඇත.
මෙවැනි තත්වයන්හිදී අපිට සිහි වන්නේ, යකුන්, මළ පෙරේතයන් නිවසකට බැල්ම හෙලා ඇති බව දැන, නිවස තුළ පුළුටු බැදීම් සංවිධානය කරන පවුලේ කෙනෙකුගේ ක්‍රියාකාරීත්වයයි. මේවා යුද්දයේ අවසාන කාළයේද සිදුවිය. කිලිනොච්චිය රජයේ හමුදා යටත් කර ගත් දිනට, දෙදිනකට පසුව මාධ්‍ය ආයතනයක් ගිනි බත් වූ හැටිත්, ජනතාව එය ගණන් නොගත් විට, එකී ආයතනය යළි එදිනම සවස සක්‍රීය වූ හැටිත්, ඔබට මතක ඇතැයි සිතමි. ( ආම්පන්න තිබුණේ කොහේද යන්න වෙනම ගැටළුවකි…)
අපට අනාවැකි කියන්නට බැරිය. නමුත් වෙන දේ සහ උන දේ ඇසුරෙන් යමක් සිතා ගත හැක. චැනල් 4 ඇසුරේ රට වෙත එල්ල වෙන ජාත්‍යන්තර ගෙරවිලි වැඩි වුවහොත්, එම පරිසරය තුළ, නුදුරු දිනකම තවත් ඊනියා “විකල්ප” වෙබ් අඩවියක හෝ පුවත් පතක “මාධ්‍ය වේදියෙකුට” ප්‍රහාරයක් එල්ල වීම, හැංඟීම ( අතුරු දහන් වීම ), “රතු තුන් හුලස” තුන් වැනි වරටත් ගිණි ගැනීම, වැනි දෑ සිදු විය හැකි බව කියන්නට විශේෂ සය වැනි සංවේදයක් අවශ්‍ය නොවේ.
මූලාශ්‍ර:
1. http://www.divaina.com/2011/06/18/news16.html
2. http://www.divaina.com/2011/06/18/news03.html

ඕක තමයි අපේ අයත් එක්ක බැරි…!!!!! ජාති,ආගම්,කුල,මල,ආගම් වලින් අපි එකමුතු වෙලා රටක් හැටියට හිටියත්,අපේ රට පක්ෂ ,පාට බේද නිසා කෑලි කෑලි වලට කැඩිලා ගිහිල්ලයි තියෙන්නේ..!!!! පිටින් නොපෙනුනාට,ගොඩාක් ගැඹුරින් බලනකොට ඒක හොදට පේනවා.එක පක්ෂයකින් හොද වැඩක් කළොත්,ඒක අනිත් පක්ෂ වලට පේන්නේ නරක වැඩක් විදිහටයි.එක පක්ෂෙකින් නරක වැඩක් කළෝත්,ඒක ඒ පක්ෂෙටම පේන්නේ හොද වැඩක් විදිහටයි….
මහින්ද රාජපක්ෂට අභියෝග ජය ගැනීමේ හැකියාව තියෙනවා.රනිල් වික්‍රමසින්හට හොද බුද්ධියක් තියෙනවා. ජ.වි.පෙ වුනත් ජනතාව රවට්ටන්න හරි දක්ෂයි…ඉතින් ඔය තුන් අය එකමුතු වෙලා,අත් වැල් බැද ගෙන,සමගියෙන්,එකා වගේ,බේද වෙන්නේ නැතුව,ඉදිරියට ගියොත් යූ.එන් එකට,චැනල් 4ට,ජාත්‍යන්තර බල වේග වලට,ඩයස්පෝරාවට හොද පාඩමක් උගන්නන්න පුළුවන්,අපේ රටට අත නොතියන්නම…..
කෝටු ගොඩක් එකට තියලා කඩන්න අමාරුයි.ඒත් කෝට්ටක් නම් පහසුවෙන්ම කඩන්න පුළුවන්..අපේ රටට වින කටින බලවේග ,එන්න එන්නම ප්‍රබල වෙමින් පවතින්නේ අන්න ඒකයි……