මීට හරියටම වසර දෙකකට පෙර ලංකාවේ කුප්‍රකට පුද්ගලයෙකුගේ මරණයක් ගැන පුවතක් අසා, අති බහුතරයක් දනාට කම්පා නොවී සිටීමට හැකි වුනා ඔබට මතකද? සුනඛයෙකුගේ මරණයක් දුටුවද දෑසට කඳුලක් නැගෙන බෞද්ධයින් කිසිවෙක්වත් එපුවත අසා කඳුළු නොසැලුවා මතකද? ඒ අතර තවත් පිරිසක් කැවුම් කිරිබත් කා උත්සව පැවැත්වුවා මතකද? ඒ මැයි 18, දෙවන නිදහස් දිනය, විජයග්‍රහණයේ දිනය…

ඔව්, අපි පිරිසිදු බෞද්ධයන් වෙලත් ප්‍රභාකරන්ගේ මරණය ගැන කම්පා වුනේ නෑ, මන්ද යත් ඔහුගේ රුදුරු ම්ළේච්ඡ ප්‍රහාර වලින් මියගිය අපගේ ඥාතීන්, මිතුරන් ගැන කම්පා වෙලා – කම්පා වෙලාම තවත් මරණයන් ගැන අපේ සිතේ කම්පාවන් ඇති නොවන තත්ත්වයටම සිත දැඩි වී තිබුණ නිසයි. ඔහුගේ මරණය ගැන අපි කඳුළු සැළුවේ නෑ, මන්ද යත් ඊට පර ඔහුගේ ත්‍රස්තවාදය නිසා මැරුම් කෑ උදවිය ගැන කඳුළු හළලා හළලාම අපගේ කඳුළු පවා ඉවර වී තිබුණ නිසයි. ඔහුගේ මරණය අසා අපි කිරිබත් කෑවෙමු, මන්ද යත් ඔහුගේ මරණය නිසා දස දහස් ගණනක් සිංහල දෙමළ මුස්ලීම් යනාදී සැමගේත්, ඉදිරියට ඉපදීමට සිටින ජාතියේ දූ පුතුන්ගේත් ජීවිත රාශියක් අවමංගල්‍යයන්ගෙන් බේරුන අතර ඒ කිරිබතින් සැමරුවේ එලෙස අභය දානය ලද සුවහසක් ශ්‍රී ලාංකිකයින්ගේ සහ කොටි කටේ සිරවී සිටි අහිංසක දෙමළ ජනතාවගේ ජීවත්වීමේ මංගල්‍යයයි!

කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම බුදුරජාණන් වහන්සේලාගේ පාදස්පර්ශයෙන් පවිත්‍ර වූ මේ පින් බිම, වසර දස දහස් ගණනකට පෙර බලි තාරක රාවණාදී හෙළ රජ දරුවන් විසින් ලෝකයේ බලවත්ම රාජ්‍යය කළා යැයි සැලකෙන මේ පින් බිම, පඬුවස්දෙව් ගාමිණීඅභය මහවිජයබා මහපැරකුම්බා යනාදී නරේන්ද්‍රයන් විසින් විශිෂ්ටත්වය කරා ගෙන ගිය මේ පින් බිම, තව දුරටත් පාපතර ත්‍රස්තවාදියෙකුගේද, අවස්ථාවාදී දෙස්පලුවන්ගේද සොහොන්පිටියක් වී තිබීම බලා සිටිය නොහැකිවූ, දෙව් ලොව උපත ලබා සිටි ගාමිණී අභය සේනාවෝ ජාතියේ වීර දූ පුතුන්ට නැවතත් ආවේශ වුනා විය හැක. මේ දිග හැරෙන්නේ ඔවුන්ගේ කතාන්තරයයි.
සිංහල බෞද්ධයින් තම රට ආක්‍රමණය කරන්නන් සමගවත් යුධ කිරීමට ඉතාමත් අකමැත්තේ නිවටමකක් නිසා නොව අපගේ පරම ගුරුවරයාණෝ විසින් එහි ආදීනව දේශනා කර ඇති හෙයිනි. 1983 දී එජාප රජයේ උසිගැන්වීම් මැද්දේ රජය මගින්ම පොලීසි වලට නිවාඩු ලබා දී රාජ්‍ය මැරයන් මගින් දෙමළ ජනතාවට යම් හානියක් සිදු කළත් ඉන් පසුව අද දක්වාම සිංහලයින් විසින් දෙමළ ජනතාව වෙත ප්‍රචන්ඩත්වය යොමු කර නැත. ත්‍රස්තයන් විසින් අරන්තලාවේ බුද්ධපුත්‍රයන් වහස්නේලාව කැති ගාත්දීත්, ජය සිරි බෝ හාමුදුරුවන් ඉදිරිපස පෙහෙවස් සමාදන් වූ උවැසු උවැසියන්ව කැති ගා දමද්දීත්, සිරි දළදා හිමි වැඩ සිටින මන්දිරයටත් බෝම්බ ප්‍රහාර එල්ල කරද්දීත්, දස දහස් ගණනක් සිවිල් ජනයාව මරා දමද්දීත්, දහස් ගණනක් මේ රටේ නායකයන්ව ඝාතනය කරද්දීත් සිංහලයින් විසින් එය දකුනේ ඉන්නා නඩරාජාලා ලෙච්චමීලා උඩින් හැරියේ නැත. දෙමළ ජනතාවගෙන් වියුක්ත වූ ඉතාමත් කුඩා කොටසක් ත්‍රස්තවාදය යොදා ගනිමින් රටෙන් 1/3 ක් ද මුහුදෙන් 2/3 ක් ද ඉල්ලද්දී එලෙස ජාතියක් වශයෙන් අපි ක්ෂාන්ති පාරමිතාව පිරුවේ, එම සිදු වීම් දෙමළ ජනතාව නොව ත්‍රස්තවාදීන් පිරිසක් විසින් කරල ලද දේවල් බව සියල්ලන්ම අවබෝධ කරගෙන සිටි බැවිනි. ඊනියා ඊළමක් සඳහා ත්‍රස්තයන් මරාගෙන මැරෙද්දී දෙමළ ජනතාවගෙන් 90% ක්ම දකුනේ සිංහලයන් අතර කිසිදු ගැටළුවක් නැතිව සිටීම ගැන අපිට ආඩම්බර විය හැක. නමුත් කාලයේ වැලි තලාවෙන් වැසී ගිය මිනී වළවල් “දෙමළ ජාතීන්ට වූ අසාධාරණකම්” නම් සවලෙන් හාරා ගොඩ දමා “ෆෙඩරල් නම් පිඟානට බෙදාගෙන”, “යුධ අපරාධ” “මානව හිමිකම්” නම් ලුණු ඇඹුල්ද කලවම් කරගෙන රස කර තලු ගසමින් කෑමට තවමත් නූතන අධිරාජ්‍යවාදයේ ඉත්තන් වන සමහර දේශද්‍රෝහී එන්.ජී.ඕ ක්‍රියාකාරී කැනහිළුන් මාන බලන බව අපි දැනගෙන සිටිය යුතුය.

අවසානයේදී කොටි ත්‍රස්තයන් සියලුම මානුශික ප්‍රතිපත්තීන් උල්ලංඝනය කරමින් මාවිල් ආරු සොරොව්ව වසා ජනතාවගේ ජලය ලබා ගැනීමේ අයිතියටද වැට බැන්දෝය. 77 දී අරම්භ වුන (අ)ධර්මිශ්ඨ රාජ්‍යයේ ප්‍රතිඵලය වෙනුවෙන් දැඩි තීරණයක් ගැනීමට මහින්ද රාජපක්ෂ රජයට සිදු විය. එලෙස ආරම්භ වූයේ රාජ්‍ය පාලකයාගේ අනිවාර්ය වගකීමක් වූ, ජනතාව ආරක්ෂා කිරීම සඳහා කැරැල්ලක් අවි බලයෙන් මර්ධනය කිරීමක් නොව සිවිල් වැසියන්ව ත්‍රස්තවාදයෙන් මුදා ගන්නා “මානුෂික මෙහෙයුමකි”. ඈත එපිට ගම් වල හැදී වැඩුනු කුහුඹුවෙක්වත් මරා දැමීමට අකමැති අහිංසක තරුණයින්ට රජයේ හමුදාවට එකතු වී ගිණි අවිය සියතට ගැනීමට සිදු වුනේ තම ජාතියේත් අනාගතයේදී ඉපදීමට සිටින දරුවන්ගේත් ජීවිත ආරක්ෂාව වෙනුවෙනි. ඔවුන් තම අත් පා පුදමින් හෝ ජීවිතය පුදමින් අපිව රැකගත්තා පමණක් නොව තම සංසාරය පවා ගැන නොසිතා අපි වෙනුවෙන් කටයුතු කළෝය. කිසිවෙක් විසින් “සිංහල බෞද්ධයින්ට යුධ කළ හැකිද?” කියා අසනවානම් ඔහුට අනුව යුධ ජයග්‍රහනයේ සම්පූර්ණ අයිතිය ඇත්තේ සිංහල බෞද්ධයින්ට පමණක් බව පිළිගනු ඇත. නමුත් අපි එතරම් අන්තගාමී වෙන්නේ නෑ, මානුශික මෙහෙයුම යනු සකල දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයින්ගේ එකතුවෙන් කරන ලද්දකි. ඉතින් එම මානුශික මෙහෙයුම සිංහල බෞද්ධයින් විසින් කරන ලද්දක් නොව දෙශප්‍රේමී ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් කරන ලද්දකි. අපි ඒ විරුවන් සියල්ලක්ටම පින් දෙන අතර ජාති ආගම් බේධ ගාවා ගන්නේ නැතිව ඉමු.

එක් අතක තුවක්කුවත්, අනෙක් අතේ මානව හිමිකම් ප්‍රඥප්තියත්, මුදාගත් ජනතාවට දෙන කෑම පාර්සලය බෑගයේත්, හදවතේ මානව දයාවත් රඳවාගෙන සටනට ගිය විරුවනි, අපි ඔබට ජාතියක් වශයෙන් ඇති ණය ගෙවන්නේ කෙසේද? අද අපිට “ගිහින් එන්නම්” යැයි ඉතිරි නිවැසියන්ට පවසා එකම බසයකින් ගොස් මරණ බයක් නැතිව වෙසක් තොරන් ඉදිරිපසට වී එය නැරඹීමට පුළුවන. ඒ ගොස් එන ගමන් විහාරයට ගොඩ වැදී අපි ශ්‍රී සම්බුද්ධත්වජයන්තිය වෙනුවෙන් පුදන පහනට අමතරව තවත් පහනක් රණවිරුවන් වෙනුවෙ නුත් දල්වමු. චේතනාවම කර්මය වෙන බව අපවේ විශ්වාසයයි. වීරෝදාර රණවිරුවනි, එනිසා ඔබගේ චේතනාව වූ සුවහසක් ශ්‍රී ලාංකික ජනතාවත් ශ්‍රී සම්බුද්ධ ශාසනයත් ත්‍රස්තවාදීන්ගෙන් රැක ගැනීමම ඔබට මතු නිර්වාණය අවබෝධ කරගැනීමට හේතුවාසනා වේවා!
එදා 2009 මැයි 18 දින තම ජාතියේ සතුරා වූ ප්‍රභාකරන්ගේ දේහය තම කර මතින් රැගෙන ආ රණවිරුවන්ගෙන් සමහරුන් ජාතියටම ඇහෙන්න පැවසුවේ එළාර රජතුමාට මෙන්ම මොහුටත් සෑයක් සාදවා එයට ගරු සත්කාර කළ යුතු බවයි. නමුත් එළාර රජතුමාට හාස්පතින්ම වෙනස් වූ කිසිසේත්ම පිදිය නොහැකි පුද්ගලයෙක් වූ නිසාම ප්‍රභාකරන් වෙනුවෙන් සෑයක් තැනුනේ නැත. ප්‍රභාකරන්ගේ දේහයට වහන මැස්සන්ව පවා තම දෑතින් එළවූ බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උතුම් ආදර්ශය අපගේ ඇස් අදහා ගත නොහැකි විය. එස් මහින්ද හිමි වැඩ සිටියානම් නූතන “ජාතික තොටිල්ල” මෙලෙස ලියනු ඇත.
මහ කොටියගෙ මළ කුණටත් – ගරු බුහුමන් කළෙ ඉමහත්
ශවෙන්ද්‍ර සිල්වාගෙ සිරිත් – පුරුදු කරන් පුතේ උඹත්.
නන්දිකඩල් කලපුවෙදී – වෙඩි පිට වෙඩි පහර වැදී
රණවිරුවන් දිවි දෙද්දී – මැවිල පෙනේ ඒ සිද්ධී.

ගත වූ මැයි 18 වනදා වනතෙක් සෑම නිවසකම රූපවාහිනිය හරහා ආලින්දයට ගොඩ වූ යුද වීරයන් ගැන අද කවුරුන් හෝ අමතක කර තිබේ නම් එය කෘතවේදීත්වයට පටහැනි බව අකමැත්තෙන් වුවද කිව යුතුය. එදා සෑම දෙනාගේම මුවඟ රැව් දුන්නේ මේ රටේ ජනපි‍්‍රය නළු නිළියන් හෝ නැට්ටුක්කාරයන් හෝ ගායකයන්ගේ හෝ නම් නොවේ. ජගත් ඩයස්/ කමල් ගුණරත්න/ චාගි ගාල්ලගේ/ ප්‍රසන්න සිල්වා/ ශවේන්ද්‍ර සිල්වා/ නන්ද උඩවත්ත/ ඔවුන්ගේ වීරයෝ වූහ. ඒ වීරයන්ගේ වීරත්වය යටපත් කරමින් රට පාවා දෙන කළ ගුණ නොදන්නා මිනිසුන්ගේ දැන ගැනීම සඳහා ශවේන්ද්‍ර සිල්වා මහතා කළ කෙටි ප්‍රකාශයක සාරාංශය සටහන් කරන්නේ එය ඇසට කඳුළු වගුරුවන්නක් බැවිනි.
“ශවේන්ද්‍ර සිල්වා මහතා නායකත්වය දුන් සේනාංකය ප්‍රභාකරන්ගේ පාමුලට යන්නට ගමන් ආරම්භ කළේය. අඩුම ගණනේ කොල්ලන් 35 දෙනෙකුගේවත් කකුල් නැතිවන බව ශවේන්ද්‍ර සිල්වාගේ සංඛ්‍යා ලේඛනවලට අනුව ඉතා පැහැදිලිය. මේ වන විටත් දින 4 ක් තිස්සේ කොල්ලන්ගේ නිල ඇඳුම් තෙත බරිත වී ඇත. ඒවා වේලෙන්නේ ඉර අව්වට නොව ඇගේ උණුසුමටය. ඔවුන්ට හෙවණක් නැත. ශවේන්ද්‍ර සිල්වා කොල්ලන්ගේ සෙවණැල්ල වැටෙන තෙක් මානයේ සිටී. වැස්ස හොඳටම තදවුණොත් යන්නට ඇත්තේ ටකරන් මඩුවකටය. මේ බව ශවේන්ද්‍ර සිල්වා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දුරකථනයෙන් දැනුම් දුන්නේය. එය ඇසූ ගෝඨාභය රාජපක්ෂ හෙළු සුසුමින් ඔහුගේ පපුව කඩා වැටුනාදෝයි ශවේන්ද්‍ර සිල්වා සිතුවේය. ඉතා කෙටි කාලයක් තුළ හීටර් සවි කළ කන්ටේනරයක් සටන් පෙරමුණට යැවූයේ කොල්ලන්ගේ යුනිෆෝම් වේලා ගැනීමටය. ප්‍රභාකරන්ව නන්දිකඩාල් කලපුවට රණවිරු කොල්ලන් හිර කළේ එසේය”

සරත් ෆොන්සේකා… ඔව් “යුධ හමුදාපති සරත්” මහතා නාවික හා ගුවන් හමුදාපතිවරු මෙන්ම යුධ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ සෙන්පතියෙකි. හමුදාපතිවරයා වරක් කැනඩාවේදී ප්‍රකාශ කළේ “ශ්‍රී ලංකාව සිංහලයන්ගේ රාජ්‍යයක් බවත් සුළු ජාතීන් අනවශ්‍ය ඉල්ලීම් ඉදිරිපත් නොකළ යුතු බවත්ය. නමුත් “දේශපාලඥ ෆොන්සේකා” මහතා කළ කී දෑ සිහිගන්වන්නේ “සත්තිකුම්භ ජාතකය” යි. එහෙත් අපි තවමත් ඒ යුධ හමුදාපතිවරයාගේ භූමිකාවට ගරු කරමු.
එසේම මේ මහා ජයග්‍රහණය පසුපස තිබූ දේශමාමක බලවේගය අපිට අමතක කළ නොහැකිය. තම වැඩිමල් පුතා මානුශික මෙහෙයුමේදී මිය යද්දී ඉතිරි බාල පුතාවත් හමුදාවට යැවූ අම්මලා, මාස හයකට වරක් හමුදාවට තම ලේ දන් දුන් තරුණ තරුණියන්, ආබාධිත රණවිරු අයියෙක් වෙනුවෙන් විවාහ යෝජනාවක් පුවත්පත් වල පළ කර විවාහ වී තම යෞවනය ඒ ආබාධිත විරුවා වෙනුවෙන් වැය කරන තරුණියන්, නිවන් මාර්ගයට යාමට සිතා මහණ වුන නමුත් නැවතත් සිවුර හැර හමුදාවට එක් වුන තරුණයින්, තම ආදරණීය සැමියා සහ ආදරණීය තාත්තා සටන් බිමේ දිවි පිදූ පුවත ඇසා මහපොළොව පවා කම්පා වන තරමට ඉකි බිඳ හැඬූ නමුත් වචනයකින්වත් මානුෂික මෙහෙයුමට පරිභව නොකළ බිරිඳන් සහ දරුවන්… කෙසේ ලියා ඉවර කරම්ද…

රටක් වශයෙන් අද අපි තීරණාත්මක මොහොතකට එලඹ ඇත. බරහිර නූතන අධිරාජ්‍යවාදීන් තමන්ගේ කෲරත්වය විවිධාකාර ලෙසින් ව්‍යාප්ත කරද්දී ඔවුන්ටම වාසිදායක ලෙස ගොඩනගාගෙන ඇති බටහිර දැණුමෙන්ම මොළ ශෝධනය වූ සමහර ශ්‍රී ලාංකික රාජත්‍රාන්ත්‍රික විද්වතුන් දැනුවත් ව හෝ නොදැනුවත්ව රටට සතුරු ක්‍රියාමාර්ග ගනිද්දී, එදා මානුශික මෙහෙයුමට නායකත්වය දුන් ශවේන්ද්‍ර සිලවා, ජගත් ඩයස් ආදී විරුවන්ට නැවතත් රාජත්‍රාන්ත්‍රික සටන් බිමට ද පිවිසීමට සිදු වී ඇත්තේ යටකී ඊනියා විද්වතුන්ගේ අවිශ්වාසවන්ත භාවය නිසාමය. මේ අවස්ථාවේදී රට නැවතත් බෙදා වෙන් කිරීමට දත කට මැදගෙන සිටින බටහිර අධිරාජ්‍යවාදීන්ට අපගේ නිර්දෝෂීභාවය හෝ දෙමළ වාර්ගිකයින්ට දී ඇති අයිතිවාසිකම් කියමින් බැගෑපත්වෙනවා වෙනුවට අපිට මිතුරු රාජ්‍යයන් ගොඩ නගා ගැනීම සිදු කළ යුතුය. පවත්නා විෂම චක්‍රීය ස්වභාවයෙන් ඉවත් වී අපේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් කිරීමට හැකිනම් ඔය කිසිදු චෝදනාවකට හෝ බෙදුම්වාදයකට ලක් වෙන්නේද නැත.
අද අපි අත් විඳින මේ සුන්දර නිදහස පසුපස ඇත්තේ ලේ කඳුලැල් සුසුම් පොදි වූ අදහාගත නොහැකි වේදනාවකි. වීරෝධාර රණවිරුවන් උතුරුනැගෙනහිර තම රුධිරයෙන් දෝවනය කළේත්, එහිදී තම අවසන් හුස්ම ලක් මෑණියන්ගේ උරහිසේ සැතපී සිට යැව්වේත් බෙදුම්වාදීන්ට අවශ්‍ය ලෙස නැවතත් ඊළාම් රාජ්‍යයට පාර කපන්නද? සිරිලක් අම්මේ, අපි කිසි දිනෙක ඔබව කෑලි කෑලි වලට කපන්න ඉඩ දෙන්නේ නෑ, නැවතත් ඔබගේ දෑසින් ලේ කඳුලැල් ගලා යාමට ඉඩ දෙන්නේ නෑ.
මේ ගැන වැඩ කොට ඉමහත් – ලැබෙන දුකත් හිරිහැරයත්
නිවනට සරි කොට සිතතොත් – නුඹයි මගේ පුතා සමත්

[මූලාශ්‍රය: www.tamilnet.tv 1st V-Day]
Convert to PDF

Great tribute to valiant & the
worlds greatest military force !!
We should never forget the
sacrifices that they have done !!!!
Jaya Sri !!!!!!!!!
Wonderful article by our good friend Ranga! And many thanks for mentioning our TRUE TamilNet website here
ආයු රක්ඛන්තු ආවඩා! Long live the soldier who died for us!
Bravo. So touchy.
To Sri Lanka. Wt ant other commanders?. Admiral Wasantha karannagoda and Air Marshal Roshan Goonatilake ?
මමත් ඊයේ කොළඹ නගරයේ ඈවිදින ගමන් ඕක කල්පනා කරා.
මීට දෙවසරකට කලින් නම් ඔහොම නිදහසේ යන්න පුලුවන්ද.
මම හිතන්නේ ලOකාවේ බොහොම ඉහලින්ම සමරපු,නිදහසේ බයක් සෑකක් නොමෑතිව සමරපු වෙසක් උත්සවය තමා මේක.
ඉතින් අපිට මේ නිදහස ලබා දුන්නු ගරු ජනාදිපතිතුමන්ටත්,ජෙනරාල් සරත් ෆොන්සේකා මෑතිතුමන්ටත්,ආරක්ශක ලේකම් තුමන්ටත් අපි සදා නයගෑතියි. එසේම තමන්ගේ රුදිරය,දහඩිය හෙලු රණවිරුවනුත් මතක් කිරීමට කෑමතියි.