බියගලුකම නිවට කමයි
එය නැති නම් පිරිමිකමයි
සිංහල සිතුවිලි මෙහෙමයි
පුත නඹටත් එය උරුමයි

එබඳු උතුම් ලංකාවේ
දුසිරිත් දසතින් බෝවේ
මේ ගැන වැඩ කළොත් ලොවේ
උඹෙත් මගෙත් නම කියවේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

අංගම්පොර – පනික්කි රණකෙළි පූජාව

කස්තාන, සිංහ කඩු, නයි පෙණ කඩු, ඉලුක්කොල කඩු, එතුණු කඩු, කලාකිරිඤ්ඤ, කිනිසි, කිරිච්චි, පලිහ, රිටි, හෙල්ල ආදී හෙළයේ සටන් ආයුධ පසෙක තැන්පත් කර ඇත. මලින් සරසා සුවද දුමින් පුදමින් ඉතාමත් ගෞරවයෙන් තැන්පත් කර ඇත. එම ආයුධ වලට අවසරයකින් තොරව කිසිවෙකුට අත තැබිය නොහැකි ය.

ගිරිකුළ සිට අවට පිරිසරය එක් පසෙකින් කැලණි ගංඟා‍වත් හිමයෙන් වැසුණු නිල්ලත් එපිටින් ක්ෂිතිජය වසා කදු පංතියත් දිස්වේ. ඒ අතිරින් අවටම ආලෝකවත් කරමින් හිරු නැගී සිටී. හංවැල්ල ඇඹුල්ගම රජමහා විහාරයට අයත් භූමියේ විශාල ගල්තලාවතුළ කිසියම් ගුප්ත කටයුත්තක් සිදුවෙමින් පවතී.

කඩුවකින් සහ පලිහකින් සන්නද්ධව සිංහල හේවායෝ සීරුවෙන් සිටිති. හෙළ ඇදුමින් සැරසීගත් පිරිසක් මලින්, සුවඳඳුමින් දෙවියන්, යකුන් පුදති. ප්‍රධාන ඇදුරු තුමෙකි, ඔහු ප්‍රධාන ගුරුන්නාසේ ය. මෙහි සිදුවන්නේ කුමක් ද? රූගත කිරීමක් හෝ රග දැක්වීමක් නොව සත්‍යම සිදුවීමකි. මෙවන් සිදුවීමක් ඔබ දැක ඇද්ද?

කඩුවෙල කොරතොට අංගම් මඩුවේ ශිල්පීහු මහත් අභිමානයෙන් පනික්කි රණකෙළි පූජාවක් පැවැත්වූහ. අංගම්හරඹ ශිල්පය හදාරන ශිල්පීන් ආයුධ නමයක් පුහුණුව ලැබූ පසු පනික්කි රාළ තනතුරට පත්කරයි. පනික්කි රාළ යනුවෙන් හදුන්වන්නේ අංගම් මඩුවේ ආධුනිකයින්ට පුහුණු කිරීමේ පුසුදුකම් ලැබීමයි. අංගම් හරඹ හැදෑරූ ශිල්පීන් අංගම් හා ඉලංගම් ශිල්පයේ එන ගුස්ති සටන්, රිටි සටන්, රිටි කැරකැවීම, පිනුම් හරඹ, කඩු පලිහ සටන්, ඉලංගක්කාර කඩු සටන්, හෙල්ල පලිහ සටන්, එතුණු කඩු කැරකැවීම, එතුණු කඩු සටන, නිරායුධ සටන හා තැරැක්ක සෙල්ලම් කිහිපයක් මෙහිදී ප්‍රදර්ශනය විය.

වසර දහස් ගණනාවකට පෙර බලි, තාරක, මහා රාවණා ආදී හෙළ රජවරුන් විසින් ගොඩ නගන ලද පැරකුම්, විජයබා ආදී සිංහල රජදරුවන් විසින් පෝෂණය කරන ලද නන්ද්‍රිමිත්‍ර, සුරනිමල, මහා සෝණ… සිට වීදියබණ්ඩාර දක්වා යෝධයින් විසින් විවිධ කාල වකවානු වලදී රට දැය සුරැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් භාවිතා කරන ලද අංගම් යුධ හරඹ කලාව අදටත් යම් තාක් දුරකට හෝ මේ හෙළ බිමේ සිටින ජාතිහිතෛශීන් විසින් රැකගෙන සිටීම සිංහල අපිට කොතරම් අභිමානයක්ද?

1480
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

6 comments to අංගම්පොර – පනික්කි රණකෙළි පූජාව

  • DarkKnight

    අංගං මල්ලි!
    අර මම මුලිං දාපු එකේ ඉන්න එක්කෙනා ගැනයි එයා ගැන මම ඔය කියපුව ගැනයි මොනාහරි කිව්වනං නේද සම්පූර්ණ??????

    Thumb up 0

  • දැරණියගලගේ හෙළයේ ත්‍රාස්‍ය ජනක ක්‍රී ඩා පොතොන් අංගම්පොර ගැන දැනගත් කරුණාපාල නැමත අංගම්පොර ගුරුවරයා. (angampora.org හි අංගං ව්‍යාපාරික) අංගම්පොර යනුවෙන් මෙතෙක් කල් කරගෙන ආ සටන් ක්‍රමය චීනඩි ශාස්ත්‍රයම බව කියමින් මේ හිදැස පුරවන්නට තවත් පිරිසක් ඉදිරිපත් විය. ඒ අන් කවුරුන්වත් නොව එතෙක් චීනඩි කලාවප්‍රසිද්ධියේ කරමින් සිටි පරිසක් වන තුසිත ආත්මාරක්ෂක සංගමය, වහාම එම ශාස්ත්‍රය අංගම්පොර යනුවෙන් හඳුන්වා දෙන ලදී.

    මේ ගැන වැඩි විස්තර දැන ගන්න
    http://gurukarunapala.blogspot.com/
    බලන්න…

    Thumb up 1

  • Tharindu Lakmal

    Ajantha perera is not a true angampora master . . .he is dam lying man . . his shows and doing things are so attractive..but if you search to bottom of his life you will see …he is a dam liar . . .but some day he will be sorry . . . . .. . .go to “angampora.org” web site . . .you all see the truth . . . Budusaranai

    Thumb up 0

  • අදුරු ආරක්ෂකයා!

    මහන්ත ආරච්චිගේ අජන්ත පෙරේරා යනු නියම අංගම් ගුරුන්නාන්සේ කෙනෙකු නොවන බව දැනගන්නට ලැබී ඇත!

    http://www.facebook.com/#!/photo.php?fbid=457224581119&set=o.28221200315&type=1&theater

    http://picturepush.com/public/4587998

    Thumb up 0

  • I remember that i wrote,
    “our true history was forgotten & some times we were forced to forget ! Things like our own ancient marshal arts ”Angam Pora” & many other cultural & historical things & some things were lost forever, only myths are left today.”
    in an artickle long ago in sinhalabuddhist.com.

    So it seemes that ”Angam Pora” neither lost nor a myth !
    The true history is comming back !!

    Wonderful !!!

    Thx for the article !!!!

    Thumb up 0

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.