පන්නිපිටියේ දෙව් රම් වෙහෙර විහාරයේ සිද්ධාර්ථ කුමාරයාගේ දෙමාපියන්ට උපහාර පිණිස පෙරහැරක් පැවැත්වුන බව අසන්නට ලැබුණි. පුවත් වාර්තා අනුව එය නම් කර තිබුනේ “සුදොවුන් මහාමායා බුදුමව්පිය උපහාර පෙරහැර” වශයෙනි. සිද්ධාර්ථ කුමාරයා සහ ගෞතම බුදුරජාණන් වහන්සේ යනු පැහැදිලිවම දෙදෙනෙක් නිසා සිදුහත් කුමරුගේ දෙමාපියන්ට බුදු මාපිය වශයෙන් දැක්වීම කොතරම් උචිතදැයි ප්‍රශ්නයක්ද පැන නැගේ. එසේම “බුද්ධ” යනු ලොව ඇති උතුම්ම තත්ත්වය වන අතර එය මව් කුසකින් ජනිත වන්නක්ද නොවේ. අනෙක් අතට බුදුරජාණන් වහන්සේ විසින් “බුද්ධ මාතා” ලෙස හඳුන්වා ඇත්තේ ප්‍රජාපතී ගෝතමියයි. කෙසේ නමුත් මව් පියන් යනු බුදුන්ට සේම ගරු කළ යුතු උත්තමයින් නිසා අපි එම පෙරහැරේ නම නොසළකා හරිමු.

පිදිය යුත්තන්ට පිදීම ඉතා හොඳ දෙයකි. එහි අදහස ඔවුන් වෙනුවෙන් පූදපූජා චාරිත්‍ර විධි මහා පරිමාණයෙන් හඳුන්වා දීම නොවේ. උදාහරණ ලෙස අපි අපේ දෙමාපියන්ට කොතරම් ගරු කළද දෙමාපියන් ඉදිරියේ පහන් කපුරු දල්වා, සුවඳ දුම් පිළිගන්වා, මල් තබා වඳින්නේ නැත. එසේම බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන ශ්‍රේෂ්ට උතුමන්ටද ගරු කිරීමේ සම්ප්‍රදායක් බිහි වී තිබේ. ඒවා වෙනස් කිරීම කොතරම් උචිතද යන්න ගැඹුරෙන් සලකා බැලිය යුතුය.
ගෞතම බෝසතානන් වහන්සේ සාරාසංඛ්ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරද්දී සැරියුත් මුගලන් රහතන් වහන්සේලා අසංඛ්ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරූ බව අසා ඇත්තෙමි. නමුත් සිදුහත් බෝසතානන්ගේ මව හා පියානන් වහන්සේලා එසේ එතරම් කල් කැපවී පාරමී පිරුවාදැයි නොදනිමි. නොසිතමි. අපට සැරියුත් මුගලන් රහතන් වහන්සේලා ගැන මෙසේ ගුණ වැයුම් පෙරහැර දකින්න ලැබෙන්නේ නැති තරම්ය.
පුදපූජා විධි ඒ ඒ රටේ චාරිත්‍ර වාරිත්‍ර ස්වභාවයන් ද ඇසුරු කර ගනිමින් බුදු දහම මුල් බැස ගත් ක්‍රමය අනුව නිර්මාණය වී ඇත. හෙළදිවහි නම් ඒ අපගේ වත්මනෙහි පවතින අනන්‍ය චාරිත්‍ර විධීන් වේ. අපටම අනන්‍ය වූ බෞද්ධ ලකුණක්ද සහිත අවමංගල්‍ය චාරිත්‍රයන් එක් උදාහරණයෙකි.
ප්‍රතිපත්තියට වඩා පූජාවට තැන ලැබීම බුදු දහමේ හරය විනාශ වීමකි. බෝධිසත්ව වන්දනාවත් අපිට මහායාන ආගමින් ලැබුණ දෙයක් විනා ථෙරවාදයේ බෝධිසත්ව වන්දනාවක් නැත. බුද්ධ පූජාවත්, බෝධි පූජාවත් හැරුණාම වෙන කිසිම පූජාවක් ථෙරවාදයේ ඇත්තේ දැයි මම නොදනමි. මෙම පූජාදෙකම බුද්ධකාලයේ සිටම පැවත එන්නකි. ඒ හැර අනෙක් සියල්ල පසුකාලීනව යම් එකතු වූ දේවල්ය.
හින්දු දේව වන්දනාවට විකල්ප ලෙස පෙර විසුවෝ නොයෙක් හඳුන්වා දීම් කළහ. හින්දු දෙවිවරුන් බුද්ධ ශ්‍රාවකයන් ලෙස හඳුන්වා දීම ද, ඇතැම් දෙවි දේවතාවුන් මතු බුදු වීමට පෙරුම් පුරන්නන් ලෙස දැක්වීමත් එයට උදාහරණ වේ. කෙසේ නමුදු මෙම ඇදහිලි ක්‍රම දුර දිග යාම හේතුවෙන් ඒවා බෞද්ධයන්ට කළ යුතුම තත්වයේ දේවල් බවට පසුගිය කාලය පුරාම පත්ව තිබුණි. ගරුතර සෝම ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝ පීතෘවරයන් වහන්සේලා කිහිප නමක් විසින් පසුගිය කාලයේ සිදු කරන ලද ව්‍යායාමයන්හි ඵලයක් ලෙස අද එම ඇදහීම් බෞද්ධ ජනතාව වෙතින් බොහෝ දුරස් තත්වයට පත්ව ඇත. ඉතින් වර්තමාන සමාජය දෙවියන් පසුපස නොයෑම හේතුවෙන් ආර්ථික වශයෙන් අපහසුතාවයට පත් වන කොටසක්ද සිටින බව නොරහසකි. ඉතින් මෙවැනි නව ඇදහිලි වලට එවැනි අයගෙන් නොමද සහය ලැබේවි.
විකල්ප හඳුන්වා දෙනවා යැයි කියමින් ද, ගරු කළ යුත්තනට ගරු කරනවා යැයි කියමින් ද අද මෙම කරන කර්තව්‍යයෙහි ක්ෂණික හානිකර අතුරුඵලයන් නොදක්නට හැකි වනු ඇත. නමුත්, මෙය සමාජීය නැඹුරුවක් වූ පසු? එය විමසිය යුත්තෙකි. එක් විහාරස්ථානයෙක මෛත්‍රී බෝධිසත්ව වන්දනාව ද, ඒ සමඟම තවත් බොහෝ මහායානික බෝධිසත්ව වන්දනාවන් ද, ශුන්‍යතාව වැනි ථේරීය සම්ප්‍රදායට විරුද්ධ අදහස් ප්‍රචාරය කිරීම් ද සිදු කරනු ලබන බව අප දන්නා කරුණෙකි. මේ ආකාරයට නානාප්‍රකාර ධර්ම ප්‍රතිරූපක ප්‍රචලිත වීමෙන් ත්‍රිපිටකානුගත ශ්‍රී සද්ධර්මය යටගොස් එම චාරිත්‍ර විධීන් හා අමුතු අවබෝධයන් සහිත ප්‍රතිරූපකයන් කාලයාගේ ඇවෑමෙන් ඉස්මතු වීම වැලැක්වීම අප දැන්ම ක්‍රියා කළ යුතුය. එනම්, මෙවැනි බැලු බැල්මට කිසිදු වරදක් නැතැයි තර්කානුකූලව පෙනෙන, එහෙත් දීර්ඝකාලීනව බොහෝ හානි ඇති කරවිය හැකි තත්වයන් ගැන ශාසන හිතකාමීව ධර්මානුකුල අයුරින් පෙන්වා දීම කළ යුතුය.
පුදපූජාවනට ලක් කළ යුතු සියල්ලන් අතරින් තථාගතයන් වහන්සේම අග්‍ර වන්නේය. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය විෂයෙහි සාංගික වශයෙන් සිදු කරන පුද පූජාවන් එය ද ඉක්මවා යන්නේ වේ. මලක් සිඹින තරම් කලක් මෙත් වැඩිය හැකි නම් උක්ත සියලු පූජාවන් ඉක්මවමින් මහත් ඵල ලබා දෙන්නේය. ඇසිපිය හෙලන තරම් කලක් අනිත්‍යය මෙනෙහි කළ හැකි නම් ඉහත සියල්ල ඉක්මවමින් මහත් ප්‍රතිඵල ලබා දෙන ක්‍රියාවකි. එහෙයින් බුදු රජාණන් වහන්සේ වදාල ධර්මය අනුවම යමින් බොහෝ ජනයාට හිතසුව සැලසීමට ගෞරවනීය මහා සංඝරන්තය වඩ වඩාත් උත්සුක වන්නේ නම් මැනවි.
මූලාශ්‍ර:
http://www.facebook.com/home.php?sk=group_179429195426760&view=permalink&id=192252780811068
http://www.adaderana.lk/sinhala/news.php?nid=15082

මමත් කියන්නම් යමක්, ඔය පන්සලට මමත් ගිහින් තියනවා තුන් හතර වතාවක් ඒ මගේ බිරිදගේ කැමැත්ත නිසා.පන්සලක් විදියට එතන පවතිනවානම් හොදඊ ඒත් එතන යන්නේ බිස්නස් එකක් කියලඊ මටත් හිතෙන්නේ.මිනිස්සුන්ට අමුඋලික ශ්‍රද්දාවක් ඇතිකරලා කරන මේ වගේ දේවල් ස්වාමින් වහන්සේලා කරන එක ඒ තරම් හොද වැඩ නෙමේ.බුදු දහමේ ඇති හරය මොන තරම් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් කම තියෙද්දී ඊ මෙහම දේවල් වලින් දුප්පත් අසරණ බව්ද්දයන්ව මුලා කරන එක ඇපයේ යන වැඩ.
It is like installing Buddhism on a Catholic Framework..
Some people wants to be different, so they mix and match things to their taste, but it is not good to label something like that (eclectic) as the mainstream version (Theravada Buddhism) of that. That kind of flavors should be identified separately, just because people would get confused that for what we call “Theravada Buddhism”.
If you know the whereabouts of the world, Theravada Buddhism is not the only form (strain) of Buddhism found on the face of earth. There are Mahayana, Vajrayana, Tibetan Buddhism where followers practice a variety of rituals that differ because of different interpretations in different languages and different cultures.
But, as far as I know, Buddhism is not to be taken as “Creative Commons Attribution-ShareAlike license”.
ඇත්තටම මෙකේ ඉතිහාසය වෙනම දෙයක් මුලින්ම පටන් ගත්තේ මාතෘ දිව්‍යරාජ වන්දනාව, හාමුදුරුවන්ගේ අම්මාගේ ෆොටෝ එකක් තියලා මිනිස්සු ලවා වැන්දෙව්වා, එකට මිනිස්සු කැමති නැහැ කියලා දැන ගත්තාම මාහාමායා දේවියට වදින්න කිව්වා. දැන් එක බුදු මව්පිය උපහාර වෙලා ඇයි මේ හාමුදුරු වරු බුදු දහම විකෘති කරන්නේ එහෙන් ක්‍රිස්තියානි කරයෝ අනික් පැත්තෙන් මුස්ලිම් හැමොම එකතු වෙලා මේ පිරිසිදු බුදු දහම විකෘති කරලා ලංකාවෙන් ආගම නැති කරන්නයි හදන්නේ අපේ හාමුදුරු වරුන්ගෙන් කීදෙනනාද දැන් බුදුහාමුදුරුවෝ කිව්ව පාරෙ යන්නේ
@ දිමුතු නිලංක
ඔබ කාරණය පටලවාගෙන ඇති සැටියකි… කවුරුන් විසින් කලද බුදුදහමේ නාමයෙන් මිත්යා මත සමාජ ගත කිරීම බරපතල වැරැද්දකි. ඔබ ඔය කියන විහාරස්තානයට ගියා නම් සැබැ තතු අවබොද කරගත හැකිය.
බුදුරදුන්ගේ දෙමව්පියන් පුත‍්‍රයාට හා උපස්ථායකටත් කල්ප ලක්ෂයක් පෙරුම් පිරිය යුතුය. (Ref: ධර්ම විනිශ්චය – රේරුකානේ චන්දවිමල මහ නාහිමි)
1. සුද්ධොදන රජතුමාද රහතන් වහන්සේ නමකි. මව සෝවාන් මාර්ගඵල ලාබීය. ආර්යයන්ට නොදැන හෝ නිග‍්‍රහ කර මහා අකුසල් රුස්කර නොගනිත්වා.
2.යමෙක් සැදැහැ සිතින් යුක්තව ආර්යයන් පුදයි නම් එය කුසලයක් මිස අකුසලයක් නොවේ.
ප‍්‍රතිපත්තිය පූජාවට වඩා වටිනා බව පිළිගනිමි එයින් පූජාව නොකළයුතු බව අදහස් නොවේ .එම හිමියන් බුදුදහමට කළ විශාල සේවයක් ඇත. මා දකිනා ආකාරයට මේ තුල මෙලෙස විවේචනය කර ලිපි පලකිරීම වැරදිය.
මම පහුගිය පොයට දෙවුරම් වෙහෙරට ගියා…. එතන තත්වය දැක්කම හරිම කනගාටුයි… එතන දැන් යන්නෙ තනිකරම බිස්නස් එකක්.. කනගාටුවට කරුන නම් වගකිවයුතු කිසිවකුගේ අවදානය මේ පිළිබද යොමු නොවීමයි…
බුදුමව්පිය උපහාර පෙරැහැර ගැන බවුද්ද ඉතිහාසයේ කිසිම තැනක සදහන් වෙනවාද?
එහෙමත් නැත්තම් මේ කතොලික ආගමේ මරිය තුමිය සංකල්පයද?
සමාජයේ බොහො පිළිගැනීමට ලක්වූ ස්වාමීන්වහන්සේ නමකට අයත් පංසලකත් මේ වගේ දේවල් වෙනව නම් අපි මේ ගැන කාට නම කියන්නද?
me wage pinkam ada rata purama thiyenawa..
pitidoowe siridamma himiyange bosath wandanaawath me wage poojaawak..me hema dekinma wenne ahinsaka sinhala minissu rawatana ekai..hondata salli hamba kara gannawa..agamika naamayen minissu rawattana me wage hamuduruwarunta media walin loku thalluwak lebenawa…neth f.m. api danna widihata honda agamika weda yana chenal ekak..eeth pitidoowe siridamma wage …. ee nalikawen boru bana kiya kiya minissunwa thamange business ekata adagannawa
ධමිමො භවෙ රක්ඛති ධමිමචාරී
හිතන්න පුළුවන් මනුෂ්‍ය ජීවිතයත්, සම්බුද්ධ ශාසනයත් එක විට ලැබෙනවා කියන්නේ, කෙනකුට ලැබෙන අතිදුර්ලභ භාග්‍යයක් තථාගතයන් වහන්සේ , ඒක ‘ක්ෂණ සම්පත්තිය ‘ හැටියටයි වදාළේ.
බුදු රජාණන් වහන්සේ “අක්ඛණ සූත්‍රයේ දී “ වදාළා ලෝකයේ ක්ෂණ සම්පත්තිය නැති අයමයි වැඩි, කියලා. නමුත් අපට දැන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ලොවුතුරු බුදු සසුන මුණ ගැහිල තියෙනවා. ඒ වගේම මේ වනකොට අපි ඉන්නේ, මිනිස් ලෝකයේ ඉතින්, අපි මේ දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න මහන්සි ගන්න ඕන. මනුෂ්‍ය ජීවිතයෙන් ගත යුතු හැබෑම ප්‍රයෝජනය තමයි ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගැනීම .
අනාගත ලෝ තතු පවසන කොසොල් රජතුමා දුටු සිහින:
==================================
ස්වාමීනි! මා දුටු එකොළොස්වන සිහිනය නම් කහවනු ලක්ෂයක් වටිනා සඳුන් හරයක් ඇඹුල් රසැති කිරිමෝරු වලට හුවමාරු කිරීමයි.
මහරජතුමනි! අනාගතයේ දී ලජ්ජා බය නැති දුසිල් භික්ෂූහු පහළ වෙති. ඔවුන් තම බඩ වියත වෙනුවෙන් නිර්වානගාමී දහම විකෘති කොට ජනතාවට දෙසති.මහජන මුදල් ලබාගැනීමේ අරමුණින් විසිතුරු බස් කියමින් ජනතාව රවටමින් බුදු දහම විකුණා කෑමේ ව්‍යාපාර ආරම්භ කරති.
ජනතාව නිර්වානගාමී දහමට යොමු කිරීමට ඔවුන්ට අවශ්‍ය නොවන්නේය. තෑගි බෝග සදහා දහම වංචනික ලෙස කියමින් මහ වීදි වල, මැදුරු වල දහම් කියමින් යති. මෙය එකොළොස්වන සිහිනයේ පලාඵළය වන්නේය.
මිතුර,ඔබ දන්නවාද මෙහි ගිනි පෑගීමේ උත්ස්වයක්ද පෑවෑත්වෙන බව? කිරි වලින් [බුදු පිළිමයක් විය යුතුයි] නෑහෑවීමේ උත්ස්වයක්ද තියන්න යනවා.මේවා තියෙන්නේ හින්දු කෝවිල් වල.කතරගම දේවාලෙ පන්නිපිටියට ගෙනත් වගේ. වරක් මල් වලින් බුදු පිළිමයට ඉහින පූජාවකුත් මෙහි තිබුනා.මම නම් දෑක්කේ මල් වලින් බුදු පිළිමයට දමා ගෑසීමක්.දෝතින් ගත් සුවද මල්, මගේ බුදු පියානන්ගේ ශ්‍රී පාද මුල දොහොත් මුදුන් දී පූජා කල අපි දෑන් ඒ මලින්ම උන්වහන්සේට “දමා ගෑසීමක්” ගෑන හිතන්නේ කෙලෙසෙද? අපේ හාමුදුරුවරු මෙතරම් මිත්‍යා දෘශ්ටික වුනේ ජාතියේ අවාසනාවටද?
පින්වත් මිතුර, අපිව මේ ගැන දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි, අපි කිසිවිටෙකවත් එවැනි දෙයක් වේවි යැයි සිතුවේ නෑ. මේ ගැන අපිත් සොයා බලන්නම්. එවැනි වැඩ සිදුවෙනවානම් සියළුම බෞද්ධයින් ඒවා තරයේම හෙළා දැකිය යුතුයි.
බලාගෙන ගියාම මෙතන තිබිල තියෙන්නෙ වෙන අරමුණක්නේ! මේ නාඩගම් වලට ඉඩදෙන්න බෑ! මේ හදන්නේ බුදු දහම තුලට නැවතත් බමුණු මත ඇතුළු කරන්නද!