2004 දෙසැම්බර් 26 දින දළ රළ පෙළ විසින් ශ්‍රී ලංකාද්වීපයේ වෙරළ සළිත කරද්දී එම පහරින් කිසිදු හානියක් නොවූ බුදු පිළිම වහන්සේලා ගැන කලින් ලිපියක් පළ කළා ඔබට මතක ඇතයි සිතමි. මෑතකදී ජපානයේ සිදුවූ භූමිකම්පා සහ සුනාමි ව්‍යසනයේදීද බුදු පිළිම වහන්සේලා කිසිදු හානියකින් තොරව වැඩ සිටින බව අසන්නට ලැබුණි.
තෙරුවන් කෙරහි කිසිදු ශ්‍රද්ධාවක් නොමැති උදවියට, “දහස් ගනන් ජනතාව මිය ගොස් ලක්ෂ ගණන් අනාත වෙත්දී බුදු පිළිම විතරක් ආරක්ෂා වීමෙන් ඇති ප්‍රයෝජයන කුමක්දැ” යි සිතෙනු ඇත. නමුත් ඔවුන් එලෙස සිතන්නේ බුදු දහම ගැන ගැඹුරු අවබෝධයක් නොමැති නිසාය. බුදු දහම යනු අල්පේච්ඡ ජීවිතය පිළිබඳව කියා දෙන දහමයි. ඉතින් කිසිවකට නොසැලී සිටින බුදු පිළිම වහන්සේලා විනාශ නොවී තිබීමෙන් අපිට ගත හැකි පණිවිඩයනම් මිනිස් වර්ගයාට විනාශ නොවී රැකෙන්න තියෙන එකම ක්‍රමය බුදුරදුන් කියා දුන් මග යමින් අට ලෝ දහමින් නොසැලී මැදුම් පිළිවෙත අනුගමනය කිරීම කියන එක නේද? සුනාමියට විනාශ වූ බොහෝ ජපන් වැසියන් මසුන් මරන්නන්ය, වෙරළබඩ විසූ බොහෝ අධාර්මික කටයුතු වල නියැලෙන්නන්ය. ඒ අතරම යහපත් පුද්ගලයින් සුළුතරයක් සිටියද කෙනෙකුගේ කර්මය පරිසන්දීම බුදුරදුන් ජීවමානව වැඩ සිටියත් වැළැක්වීමට නොහැකිය. සමහර සිංහල බෞද්ධයින්ද මාළු ආහාරයට ගන්නේ “අන්න අර බෞද්ධ ජපනුන්ද මාළු කනවා” යැයි උදම් අනමිනි. ඉතින් එවන් පව්කාරයින්ව රැකීමට දෙවි දේවතාවුන් එයිද? එනිසා අප සත්ව හිංසාව හෝ එයට අනුබල දීම හෝ නැවැත්විය යුතුය. ඒ අතරම අස්වාභාවිකත්වයෙන් මිදී මිහිතලය විනාශ නොකර ජීවත් විය යුතුය. බුදුපිළිම වහන්සේලා නොසැලී නොනැසී වැඩ සිටීමෙන් දෙන පණිවිඩය එයයි.
ඉතින් මේ පුවත් මත එල්බෙමින් අන්ධ විශ්වාසයෙන් යුතුව බුදු පිළිම වන්දනාව කරන ලෙස අපි ඔබෙන් කිසිවිටෙකත් ඉල්ලා සිටින්නේ නැත. එය බුදු දහමේ එන ආමිස පූජාවක් මිස නිවන් මග යාමට අත්‍යාවශ්‍ය සාධකයක් නොවේ. නමුත් අපි නොදන්නා කොතරම් රහස් මේ ලෝ තලයේ සැඟවී තිබෙනවාද? දුටුගැමුණු මහරජතුමා යුද්ධය නියත වශයෙන් ජයගන්නා බව සපථ කිරීමට මෙන් එදා බුදු පිළිම වහන්සේලාගෙන් රැස් විහිදුනු බව අපි ජනශ්‍රැතියෙන් අසා ඇත්තෙමු, එසේම මහින්ද ජනපතිතුමාද මානුශික මෙහෙයුමින් නියත වශයෙන් ජය ගන්නා බව සපථ කරමින් බුදු පිළිම වහන්සේලාගෙන් රැස් විහිදුනා ඔබට මතකද? මුස්ලීම් අන්තවාදීන් විසින් බාමියන් ප්‍රතිමා වහන්සේලාව බෝම්බ දමා විනාශ කිරීමෙන් පසුව තලේබාන් වරුන්ද ඇමරිකන් බෝම්බ වලින් විනාශ වී ගිය ආකාරය ඔබට මතක ඇත. ලංකාවේ පවා බුදුපිළිම විනාශ කළ උදවියට දිට්ඨධම්මවේදනීය කර්මයෙන්ම පරිසන් දුන් බවට ඕනෑ තරම් උදාහරණ ඇත. හෞතික විද්‍යාව තවමත් එතරම් දියුණු විෂයක් නොවන නිසා මේවා විද්‍යාත්මකව පැහැදිලි කිරීමට තවමත් නොහැකි වී ඇත, එක්කෝ දැනට පැහැදිලි කර ඇති ඒ විද්‍යාත්මක මත පරස්පර විරෝධී වේ. එනිසා මිත්‍යාව සරණ යාම මෙන්ම විද්‍යාවෙන් පැහැදිලි කර නැති සෑම දෙයක්ම ප්‍රතික්ෂේප කරමින් හෞතික විද්‍යාව සරණ යාමද බාලයාගේ ලක්ෂණයකි.
හෞතික විද්‍යාවෙන් දෑස් අන්ධ කරගන්නා උදවිය තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහසේ පෑ යමා මහ පෙළහර පවා ප්‍රශ්න කරනා යුගයක මෙවන් දේවල් අපගේ දෑස ඉදිරිපිටම සිදුවීම ඒ මහා ගුණ කඳානන්ගේ අසම සම බුද්ධ ශක්තියට ස්වභාවධර්මයා හෙවත් ලෝ තලය ආරක්ෂා කරන්නා වූ දෙවි දේවතාවුන් පවා ගරු කරනා බව සහ බුදු රදුන් ඉගැන්වූ මග යමින් අල්පේච්ඡ ජීවිතයක් ගත කරන ලෙස නොකියා කීමක් නේද?
පහත දැක්වෙන්නේ මහත් සුනාමිය විසින් පවා හානියක් නොකළ බුද්ධ ප්‍රතිමා වහන්සේලා කිහිපනමකි. ඉදිරියේදී ලැබෙන පුවත් අනුව කිසිදු හානියක් නොවූ තවත් පිළිම වහන්සේලා ගණනාවකගේ වුවද පින්තූර පළ කල හැකි වේවි.

නටොරි ප්‍රදේශයෙන් ගත් ඡායාරූපයකි. ප්‍රතිමා වහන්සේගේ හස්තයට හානි වී තිබුනේ බොහෝ කලකට පෙරය. සුනාමියෙන් සහ භූමිකම්පාවෙන් කොන්ක්‍රීට් කුට්ටි පවා සුනු විසුනු වී යද්දී බුද්ධ ප්‍රතිමා වහන්සේට කිසිදු හානියක් වුනේ නැත.

උතුරු ජපානයේ ටොයොමා නගරය සුනාමි රළ පහරට දරුණු ලෙස ගොදුරු විය. මෙහි නිවාස සුනාමි රළ නිසා විනාශ වුවද එක් නිවසක බුදු පිළිමය පමණක් සුරක්‍ෂිතව තිබුණු අයුරු ඒ. පී. ඡායාරූප ශිල්පී මාර්ක් බේකර්ගේ කැමරාවට හසුවූ අයුරු.

Hidden due to low comment rating. Click here to see.
Poorly-rated. Like or Dislike:
2
7
එතකොට පිළිම වහන්සේ වටේට ඇති කුටිය හදල තියෙන්නෙ මැටියෙන්ද?
This is JUST coincidence. Nothing else. I don’t think we should make big deal out of this.
භෞතික විද්යාව හදාරන අයට තේරේවි ඇයි මෙහෙම බුදු පිලිම විනාශ නොවී තියෙන්නෙ කියලා…
මැජික් කතා ගැන හිතන්නේ නැතුව ධර්මය ඉගෙනගෙන ප්‍රගුණ කලොත් මැනවි..
machan apitath dena ganna eka kiyala deepanko …
සුනාමියේන් පිලිම වහන්සේ ලා විනාස නොවුනා කියා උදම් ඇනුවාටම මදිවේවි ධර්මයේම පිහිටා සියල්ලෝම හැසිරේන්න.
Very good evidence for truth of Buddha .Path to freedom
that’s power of Buddha.
THIS IS A VERY GOOD ARTICLE FOR ALL PEOPLE TO READ IT SHOWS HOW LORD BUDDHAS STATUES WERE UNHARMED BY TSUNAMI THIS IS BECAUSE IT IS THE REAL TRUTH THAT PEOPLE MUST THINK WHY THESE WERE NOT HARMED BY THE NATURE PEOPLE MUST THINK.BE GOOD AND TRUTH FULL GO ACCORDING TO BUDDHIST WAY OF LIFE IT WILL PROTECT ALL
ප්‍රිය මිතුර ඉතාම අගනා ලිපියක්, අනන්ත අප්‍රමාන ගුණයෙන් යුතු බුදුපියාණනව්හන්සේගේ ඒ මගා ගුණ සයුර හා සංසන්දනය කරනා විට මහ සයුර බොහෝ සුලුයි. එවන් සාගරයකට බුදුගුණ ගයනා බුදු පිළිමයකට හෝ හානියක් කිරීමේ ශක්තියක් කොයිද?
බුදුසරණයි!!
Well-loved. Like or Dislike:
6
1
සත්‍ය සොයමියි කියා තම නිරීකෂණ සඳහා සාක්ෂි සොයන(ඊනියා විද්‍යාව) ලෝකය සැබවින්ම කරන්නේ තම නිරීකෂණ සඳහා සාක්ෂි සෙවීමක් නොව තමන්ට උවමනා දෙයක් පමනක් ඔප්පු කිරීමට හැකිවන පරිදි වූ නිරීකෂණ සැලකීම පමනක් බව පෙන්වීමට මෙය හොඳ උදාහරණයකි. කලින් ලංකාවේමද දැන් ජපානයේද උප මෙය නිරීකෂණ කර ඇත. නමුත් ඒ ගැන නෑසූ කනින් සිටීමට ප්‍රීය තාවක් ලෝකය දක්වන්නේය. මෙය ඔප්පු කිරීමට ඊනියා විද්‍යාවට හැකියැයි මෙයින් අදහස් නොකෙරේ. නමුත් ඒ දෙස විශේෂයෙන් බැලීමට බහුතර ලෝකය බිය වන්නේ ඇයි? ඒ ඔව්නට යමක් අහිමි වේ යැයි යන බිය නිසාය. සත්‍ය සොයන ඊනියා විද්‍යාඤයින් තමන්ගේ දෙයක් රැකගැනීම වෙනුවෙන් සත්‍ය දෙස නොබලා සිටීමටද සූදානම් සේය.
අකම්පිත බුදු රජාණන් වහන්සේගේ පිලිම වහන්සේලාට පවා ස්වභාවධර්මය ගෞරව දක්වයි!
ඒකෙත් හැටි නේද
සාදු සාදු සාදූ !