තවුසකු සේ ඇඳ පළඳා
පඬුවස්දෙව් මහ රාජිඳා
මාකඳුරින් ගොඩ බට දා
මඟුලක් වී ලක මුළු දා

ලස්සන මෙන් මහ පොළවේ
අනුරාපුර ඉදි කෙරුවේ
දොරමඬලේ කුමරිඳු වේ
උඹට පුතේ සුව එළවේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

සම්බුද්ධ ජයන්තිය සමරද්දී පන්සලක් වෙන්දේසියේ විකුණන්නට යයි !!!

පෙරදිග අහසින් වෙසක් පුන් සඳ මුළුමහත් දේශයම බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඒකාලෝක කරමින් නැග එත්දී, දහස් ගණන් බොදුනුවන් සුදු වතින් සැරසී සුදු මල් වට්ටි දෝතින් ගෙන සාදුකාරදෙමින් අමා මෑණියන් පුදන්නට පන්සල් වලට එක් රොක් වේවි. තාලයට ඇසෙන ඝන්ඨාර හඬ සුමධුර ස්වරයක් ගෙන එත්දී මල් සුගණ්ධ සුවඳ හා මුසු වුන සිල් සුවඳ දසත පතුරමින් ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සැමරීමට විහාරයට එක් රොක් වන බැතිමතුන් විහාරයේ ධර්ම ශාලාවේ සිට සුමධුර ධර්ම දේශනා ශ්‍රවණය කරාවි.

ඒත් තවත් අපේම සිංහල බෞද්ධ සහෝදර සහෝදරියන් පිරිසකට, ඒ පුන් සඳම වළාකුළු අතරින් යන්තම් හිස දමා මළානිකව ඔච්චමට මෙන් සිනැසෙන අතරේදී, තම දහඩිය මහන්සියෙන් ගොඩනැගූ පන්සල බලහත්කාරයෙන් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන හැටි කඳුළු පිරි දෑසින් යුතුව බලාගෙන සිටින්නට සිදු වේවි. විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේට උන්වහන්සේ වම් ඇස මෙන් සුරකින සධාතුක කරඬුවද දකුණු ඇස මෙන් සුරකින මහපිරිත් පොතද තම චීවර පරික්‍රාර ආදියද රැගෙන කුලී නිවසක නැවතීමට සිදු වේවි. අලුතෙන් පන්සල මිලදී ගන්නා අන්‍යාගමිකයින් බෝධි රාජයාණන් වහන්සේව උදුරා දමා චෛත්‍යය ඩෝසර් කර එතන වෙනන් ගොඩනැගිල්ලක් ඉදි කරාවි.

මේ මහත් විනාශය සිදු වීමට යන්නේ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධයින් විසින් තම දහඩිය මහන්සියෙන් හම්බු කළ මුදල් යොදවා මුල සිටම ගොඩන නගන ලද “රෝම බෞද්ධ විහාරය” ටයි. ලෝහිත කුරුසයේ මහ දෙව් මැදුර අබියසටම ගියද බුදු දහම පණ මෙන් රැකගත් මේ බෞද්ධ විරුවන් වතිකානුව පෙනෙන මානයේම නීත්‍යානුකූලව මිලදී ගත් ඉඩමක පන්සලක් ඉදි කිරිම සමහරුන්ට කටු ඔටුනු දරා සිටීමට වඩා අමාරු බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑ. ඒ නිසාම දීර්ඝකාලීන සැලසුමකට අනුව විහාරය විනාශ කිරිමට මොවුන් සියුම් කුරුස යුද්ධයක් දියත් කළා. ඉතින් මේ වෙන්නට යන වින්නැහිය ගැන “රෝම බෞද්ධ විහාරය” ට සම්බන්ධ මා දන්නා මහතෙක් පැහැදිලි කළේ මෙහෙමයි.

පන්සලේ සිටි පැරණි දායක මණ්ඩලයේ නිලධාරීන් යම් මූලධර්මවාදී කුමන්ත්‍රණකරුවන් පිරිසක් සැලසුම්සහගතව දියත් කරන ලද කේලාම් මෙහෙයුමක් නිසා නායක හාමුදුරුවන්ගෙන් ඈත් වුනා. ඒත් ඉන් එක් මහතෙක් විතරක් පන්සල අත හරින්නේ නැතිව දිගටම පිරිස් සංවිධානය කරමින් විහාරයේ වැඩ කටයුතු කරගෙන ගියා. ඔය අතර එක් ක්‍රිස්තියානි භක්තිකයෙක් හා මුස්ලීම් අයෙක් පන්සලට සම්බන්ධ වෙන්න උත්සාහ කළා. ඒත් ඒ අයගේ පවිටු චේතනාව නොදන්නා නායක හාමුදුරුවෝ ඔවුන් සත්භාවයෙන්ම විහාරයට දායක වෙන්න හදනවා කියා සිතා ඔවුන්ව පිළිගත්තා.

ඉතින් අර පවිටු පුද්ගලයින් දෙදෙනා කවුරුවක්වත් නැති අවස්ථාවක් බලා පන්සලට ඇතුළු වී පන්සලේ ඇති ලිපි ලේඛන සොරකම් කර ඒවා ව්‍යාජ ලෙස සකසා නඩු දෙකක් දැම්මා.
[1] පන්සල ගොඩනැගීමට මුදල් දුන්නේ ඔවුන් යැයි ව්‍යාජ ලෙස ඔප්පු කර එම මුදල් ආපසු ඉල්ලමින්
[2] සුනාමි මුදල් නායක හිමියන් වංචා කළ බව පවසමින්
නමුත් ඒ පුද්ගලයින් දෙදෙනා ගැන ඇති අප්‍රසාදය සහ බිය නිසාම පැරණි පැරණි දායක මණ්ඩලයේ නිලධාරීන් ප්‍රශ්නයෙන් පැනලා ගියා.

දෙවැනි නඩුවෙන් අපි පැහදිලිවම දිනුවා. අපි සුනාමිය වෙලාවේ ඉතාලියෙන් එකතු කළේ යුරෝ 30000 ක් පමණයි. එම ආධාර මුදලද යොදා ගනිමින් යුරෝ 50000 ක් පමණ වියදම් කර බේරුවල නොමිලයේ උගන්වන කාර්මික පාසලක් ආරම්භ කළා. එම නඩුව විහිළුවක්, ඔවුන්ට අවශ්‍ය වුනේ පන්සල අත් පත් කර ගැනීම සඳහා නායක හිමියන්ව හිරේ යැවීමට.

පළමු වැනි නඩුවේදී එයාලා අපේ ලිපි සොරකම් කරගෙන ගිහින් ව්‍යාජ ලියකියවිලි සාදා කෙසේ හෝ එය දිනුවා. ඒ අතරම ඒ කපටි පුද්ගලයින් “ථේරවාදී බෞද්ධ සංවිධානය” නමින් ව්‍යාජ සංවිධානයකුත් හැදුවා. මේ නමින්ම විහාරස්ථ දායක සභාව අයත් වන නියම සංවිධානයක් තිබියදී තමයි ඒ අය එහෙම කළේ. දැන් ව්‍යාජ ලියකියවිලි පෙන්වා නඩුව දිනූ අයට විහාර පාර්ශවයෙන් යුරෝ 100000 ක් දීමට සිදුවෙලා. දුන්නේ නැත්නම් තව මාස කිහිපයකින් උසාවියෙන් පන්සල වෙන්දේසි කරනවා. ඒත් වෙන්දේසියෙන් ලැබෙන මුදලින් යුරෝ 100000 කට වඩා ඉතිරි වෙන මුදලවත් විහාර පාර්ශවයට ලැබෙන්නේ නැත්තේ අර “ථේරවාදී බෞද්ධ සංගමය” නමින් ව්‍යාජ එකකුත් තිබෙන නිසා නීතිය ඉදිරියේදීවත් ඇත්ත එක ඔප්පු කිරීමට නොහැකි වීමෙන්.

දැන් තුන් වැනි නඩුවකුත් තිබෙනවා 2012 දී. ඒකෙන් දිනන අයට මුදල් ලැබේවි. ඒත් ක්‍රිස්තියානි දත් තිස් දෙක මැද තිබෙන බෞද්ධ පන්සලක අපි වගේ අහිංසක දායකයින් කොහොම ඔවුන් සමග ගැටෙන්නද? ඉතින් මේ සඳහා අවශ්‍ය වෙන්නේ නිදාගෙන සිටින තනාපති තුමාව ඇහැරවීම සහ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මැදිහත්වීමයි. ඒ සඳහා මේ අවස්ථාවේදී ලංකාවේ සිට්නා ඔබ සැමගේ සහයෝගය අවශ්‍ය වී තිබෙනවා.

එකක් පැහැදිලිව කිව යුතුයි. “රෝම බෞද්ධ විහාරය” විනාශ කිරීමට උත්සාහ දරන එක් පුද්ගලයෙක් සහ සෝම හිමි අපවත් කිරීමට සම්බන්ධ සැකකටයුතු පුද්ගලයෙක් අතර ඉතාමත් සමීප සම්බන්ධයක් තිබෙනවා. ඊට අමතරව එකී පුද්ගලයා මෑතකදී බංකොලොත් වූ ක්‍රිස්තියානි භක්තික සමාගම්කරුවෙක්ගේ ඉතාලි නියෝජිතයාද වෙනවා. ඒ වගේම සුභසාධනයට මුවාවී ලෝකයේ ක්‍රිස්තියානි ආගම පැතිරවීම තම එකම අරමුණ කරගත් ප්‍රසිද්ධ සංවිධානයක්ද මේ විහාරයට විරුද්ධ පිරිස් වලට සෘජුවම අනුග්‍රහය දක්වනවා. ඊට අමතරව සිවුරු පොරවාගත් ගිහියෙකුත් විහාරයට වින කරන මෙම ක්‍රිස්තියානි මූලධර්මවාදී කල්ලිය සමග සිටිනවා. ඊට අමතරව ප්‍රධාන දේශපාලන පක්ෂයක නායකයෙක් තමයි මේ ක්‍රියාවලියේ මහ මොළ කාරයා.

රෝම බෞද්ධ විහාරයට විරුද්ධව කටයුතු කරන අය ගෙන එන විකට තර්කයක්නම් “පන්සල පොදු කරනය” යන්නයි. එනම් විහාරයේ අයිතිය දායක මණ්ඩලයට පවරා දීමයි. ගිහියන්ගේ නමට ලෝකයේ මොන සාංඝික දේපළක්ද තිබෙන්නේ? මීට පෙර ගිහියන්ගේ නමට පවරා තිබූ එකම විහාරය වන ජර්මනියේ තිබූ විහාරයක කොටසක් දායක මණ්ඩලයේ සිටි කුමන්ත්‍රණකාරීන් විසින් විකුණලා. ඉතින් බෞද්ධයින් මහා සංඝරත්නයව තරම් ගිහියන්ව විශ්වාස කරන්නේ කෙසේද? “පන්සල පොදු කරනය” හරහා මේ මූලධර්මවාදීන් උත්සාහ කරන්නේ සඟ සතු දේපළ විකිණීමට නේද?”

මෙම පන්සල ගොඩ නැගීමට පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමි සහ මාදුලුවාවේ සෝභිත හිමි මූලික වුනද දේශපාලන බේධ නිසා උන්වහන්සේලාද දෙපසකට වී මේ දෙස නොබලාම සිටිනවා. ගරු නායක ස්වාමීන් වහන්ස, අපිට මුලින්ම වැදගත් වන්නේ දේශපාලනය නොව ශාසනයයි. එනිසා ඔබවහන්සේලාගේ දේශපාලන බේධ දුරලා ශාසනය රැකගැනීමට පෙරට වඩිනු මැණවි.

අපි අපේ පන්සල් වලට කොපමණ ගරු කරනවාද එපමණම ඉතාලියේ සිටින බෞද්ධයින්ද රෝම බෞද්ධ විහාරයට ගරු කරනවා. අපි වගේම රෝමයේ සිටිනා බෞද්ධයින්ද ඒ විහාරය මුලික කරගෙන තම දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දීමේ සිට ශීල සමාදාන සහ කඨින පුන්‍යෝත්ස්ව දක්වා බොහෝ පින්කම් සිදු කරනවා. ඒත් ඉදිරියට තත්ත්වය අවිනිශ්චිතයි. පහත වීඩියෝ වලින් ඔබ දකින්නේ ඒ සුන්දර පුද බිමේ දසුන් සහ ඉතාලියේ සිටින සිංහල බෞද්ධයින් විසින් ඒ විහාරය මූලික කරගෙන කරන ලද වැඩසටහන් කිහිපයක්.

බුදු දහම ගැන පැහැදුනු ඉතාලි ජාතිකයෙක් (Dr.Mario) පවා රෝම විහාරයේදී පැවිද්ද්ද ලැබුවා. රෝමයේ පවා බුදු දහම පතුරවන මෙම විහාරය වෙන්දේසි වෙන්නට හරින්නේ මොන හිතකින්ද?

පහත දැක්වෙන්නේ විහාරය සම්බන්ධ කරගත හැකි ක්‍රම.

නායක හිමි: පූජ්‍ය මොල්ලිගොඩ ධීරානන්ද ස්වාමීන් වහන්සේ TP: 0039 06 22460082
දායක සභාවේ ලේකම්: වසන්ත ප්‍රභාත් පෙරේරා මහතා Mobile: 0039 338 3696390
විහාරයේ වෙබ් අඩවිය http://www.buddhismotheravada.it/
ලිපිනය: Via Mandas 02 , RM Rome Lazio 00132
ඊමේල් ලිපිනය: cbtitalia@libero.it

සිංහල ජාතිය සහ බුදු සසුන සුරැකීමට මැති සබයට ආ චම්පික රණවක ඇමතිතුමා, උදය ගම්මන්පිල ඇමතිතුමා ප්‍රමුඛ හෙළ උරුමයේ ප්‍රබලයින්ගේ සහ ස්වාමීන් වහන්සේලාගේද, විපක්ෂයේ සිටින සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා ඇතුළු බෞද්ධ මන්ත්‍රී තුමන්ලාගේද සෑම පොහොයකටම රජ ගෙදරම බණ අසන පින්වත් අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගෙන් සහ රජයේ සිටින බෞද්ධ ඇමති තුමන්ලාගේද, ත්‍රෛනිකායික මහානායක හිමිවරු ඇතුලු මහා සංඝරත්නයේද අවධානය මේ සඳහා යොමුවෙනු සේක්වා.

ඉතින් මේ එළඹෙන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ඔබ දන්සැල් පැවැත්වීමට හෝ මහා තොරන් සහ පහන්කූඩු රාජයන් ඉදි කිරීමට හෝ වෙනත් අවශේෂ ආමිස පූජා පැවැත්වීම්ට සිතා ගෙන සිටිනවා ඇති. ඒත් රෝමයේ සිටිනා අපේම සහෝදර හෙළ බොදුනුවන් මේ එළඹ සිටින ඛේදවාචකයෙන් බේරාගෙන ඔවුන්ට නැවත තම පන්සල ලබාදීමට යමක් කළ හැකිනම් ඔබට එය නිවන් දක්නා තුරා යහපත් විපාක දෙන මහා කුසලයක් වේවි. තෙරුවන් සරණයි.

1409
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

13 comments to සම්බුද්ධ ජයන්තිය සමරද්දී පන්සලක් වෙන්දේසියේ විකුණන්නට යයි !!!

  • Dasun06

    mema siddiya aththakda? me wage boru siddi godak lankaweth danata godak sidda wenawa,eth mema siddiya aththaknam mama godak kamathiy mata puluwan widihata sulu hari aadarayak karanna..

    Thumb up 0 Thumb down 0

    • මෙය සත්‍ය සිද්ධියක්. දැනටමත් රෝම බෞද්ධ විහාරය බේරාගැනීම සඳහා එහි දායකයන් එයට ආධාර දැක්වූ අයගේ සහායෙන් කටයුතු කරගෙන යනවා. මෙහි දක්වා ඇති දුරකථන අංක හරහා ඔබට වැඩිදුර තොරතුරු විමසිය හැකියි

      Thumb up 1 Thumb down 0

  • Thivnaka

    Meka Etada? Samaru mehma boruwatath salli ekathu karnwa…

    Thumb up 0 Thumb down 0

  • M. Suneetha

    It’s very sad to hear such a inhuman and injustice work. as original Buddhist people, we must do our duty. we will do what we can. Dear Friends, Please consider about this and come forward to protect the Buddhism. Theruwan Saranai for all.

    Thumb up 0 Thumb down 0

  • මෙම ලිපියට යොමුවක් සහිතව අපගේ අඩවියේ මේ සම්බන්ධව ගිණුම් අංක සහිත බැන(ර්) එකක් දැම්මා. සියළු ජාති හිතෛෂී අඩවි වලත් එම ගිණුම් අංක සහිත බැන(ර්) පල කලහොත් උපකාරයක් වේවි යයි අපි සිතමු.

    Thumb up 0 Thumb down 0

  • KMD

    පන්සල බේරගන්න අසපු වලින් උදව් ලෙබෙන්නෙ නෑ වගේ .

    Thumb up 0 Thumb down 0

  • pansalata edama ganna mulika mudalata mamath dayakunaa eth mee hora upasaka samitiyakata api deepu mudal denna api kemathi nehe
    oya pau karayannta wedi eethaka netiwama pala wipaka dei [mama risit samaga oya horunnta, pansal kana ,paukarayanta ,wiruddawa ediripath wenna.

    Thumb up 0 Thumb down 0

  • මේව අද ඊයේ කරන දේවල් නෙමේ….1804 දි පත්වෙච්ච ඉංග්‍රිසි සාමාන්තයා (ෆ්‍රෙඩ්රික් නෝත් විය යුතුයි ) පහත රට ලක්වැසියන්ගේ සාමයත් සංවරයත් කඩකොට ජාතිය බේද භින්න කර රටම නම්මවා ගැනීමට…එකල ලංකාවටම අභිමානයක්ව වැඩ සිටි…සමස්ත ජනතාවම ඇහුම්කන් දුන්…බෝවල,කරතොට මාහිමියන් වහන්සේලා භේද භින්නකරවිය යුතුයැයි රහසේම එංගලන්තයට ලියා යැව්වේය…අපිට වඩා දේශපාලනයේ සූත්‍රධාරින් වූ ඔවුහු එම මාහිමියන් වහන්සේලා දෙනම හා දායකාරකාදින් භේද බින්න කරවිය…එමගින් දේශිය නායකයෝ භේද වූහ…..අපේ ස්වාධිනත්වය නැති විමේ එක් පියවරක් පමණි එය…
    දැන් තත්වය ඊටද වඩා නරකය…..රටම පක්ස වල මිස…වෙන එකකට නැත..පාලකයා පටන් අන් සියල්ල රටට ආදරේ නැත….මෙය හරියන දවසක රටම දිනිය හැක…“රාජා භවතු ධම්මිකෝ“
    අපේ රටට තෙැවන් සරණයි !

    Thumb up 0 Thumb down 0

  • anil

    පින් පව් ඒනවා අපි පසු පස්ෙස්
    ෙකායි ෙලාව යන්ෙන් මරණින් පස්ෙස්…?????

    Thumb up 0 Thumb down 0

  • සිංහල බෞද්ධයා

    ගෙවන්න ඇති මුදල ශ්‍රී ලංකා මුදලින් රු.15,665,035.00 මම හිතන්නේ නෑ ඔය මුදල ආණ්ඩුවෙන් ගෙවයි කියලා. (IIFA එකට වියදම් කරන්න ආණ්ඩුවට මුදල් තිබුනට) හැබැයි දෙස් විදෙස් දායකයො එකතු වුනොත් එකතු කරගන්නත් බැරි වෙන්නේ නෑ. අවසන් දින මොනවද, මුදල් බැරකළයුතු ගිණුමක් තිබේද, කියන විස්තරත් තිබේනම් ඒවත් මේකට එකතු කරන ලෙස ඉල්ලා සිටිනවා.

    Thumb up 0 Thumb down 0

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.