ඈත ධූලියෙන් වැසී ගිය “රේසින් කාර්” යැ. මෑත සුවඳ මලින්, සුගන්ධයෙන් සහ පහනින් පිදුම් ලබන සිරි දළදා හිමි යැ. ඈත කෝපයෙන් රත් වැ ගිය යවටක් වැනි ඇස් ඇති “රේසින් කාර්” ධාවන කරුවන් යැ. මෑත කරුණාවෙන් තෙත් ව ගිය, නිල් මහනෙල් මලින් දළදා හාමුදුරුවන්ව පිදීමට යන සැදැහැති උපාසකයින් යැ. ඈත එබු එබූ තිරින්ග පහරින් මහ පොළොව පළා වියන්නාක් මෙන් දිවන “රේසින් කාර්” යැ. මෑත එබු එබූ පයින් මිහිකත සනහ සනහා වඩිනා ආර්ය මහා සංඝරත්නය යැ. ඈත බැලු බැලූවන් ට හුරේ හුරේ හූ හූ කියවන “රේසින් කාර්” යැ. මෑත බැලූ බැලූවන් සාධු සාධු කියවන සිරි දළදා හිමි යැ.
මෙම වීඩියෝව පටිගත කළ යොයුරන්ට අපගේ ප්‍රණාමය
දළදා වීදිය මෙතුවක් කල් යොදා ගත්තේ දළදා පෙරහැර පැවැත්වීම ඇතුළු ආගමික කටයුතු වලටය. නමුත් මෑතක සිට දළදා වීදිය “රේසින් කාර්” තරග වලටද යොදා ගන්නා බව පවසන්නේ ඉමහත් සංවේගයෙන් යුතුවය. එළඹෙන දෙදහස් හයසීය බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසීමට කර ඇති තවත් දෙයක්නම් දළදා මන්දිරය ඉදිරිපිට “රේසින් කාර් ට්‍රැක්” එකක් කිරීමය.
බුදු දහමට අනුව සියල්ල අනිත්‍ය බැවින් මේ ගැන ආසාව අඩු කරගන්නා ලෙස අබෞද්ධයෙක් හෝ මහාප්‍රාණ බෞද්ධයෙක් මෙහි පහලින් කොමෙන්ට් කරනු ඇත. ඊට පසුව තව ටික දිනකින් දළදා මැදුර තුළ කානිවල් එකක් ආරම්භ කළද, මිස් ශ්‍රී ලංකා තරගය පැවැත්වුවද, දළදා මැදුරේම සතරමහා දේවාලද ඇති නිසා අන්‍යාගම් වලටත් සමානාත්මතාවය දීම වස් ක්‍රිස්තියානි පල්ලියක් සහ මුස්ලීම් පල්ලියක් ආරම්භ කළද අපිට මේ දෙස උපේක්ශාවෙන් බලා සිටින ලෙස ඔවුන්ම පවසනු ඇත.
මේ අස්සේම තවත් කෙනෙක් “ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී” ලෙසින් බණ පදයක්ද කොමෙන්ට් කර මේ ගැන අපි කලබල විය යුතු නැති බවත් ධර්මය විසින්ම දළදා මාළිගාව ආරක්ෂා කරනු ඇති බවද ප්‍රකාශ කරාවි. නමුත් මතක තබා ගත යුතු දේනම් ධර්මයේ හැසිරෙන්නාව ධර්මය විසින් ආරක්ෂා කරන්නේ ඔහුගේ ලෞකික ජීවිතය හෝ දේපළ නොව සංසාරයයි. ධර්මයේ හැසිරෙන්නාගේ සංසාරය එකකි, දළදා මාලිගාව තවෙකකි. ඇත්තෙන්ම මෙවැනි සරළ දේවල් පවා පැහැදිලි කිරීමට සිදු වී ඇත්තේ අපේ අයම බුදු දහම වැරදි තැනින් අල්ලාගෙන සිටීමද බුදු දහමට වින කරන අයගේ කුමන්ත්‍රණ නිසාදැයි කීමට නොහැකිය.
බුදු දහමට අනුව මේ සියලු දේම අනිත්‍ය බව පැහැදිලි සත්‍යයකි. නමුත් ඒ මතයේ සිටගෙන මේවා රැකගැනීමට අනවශ්‍යයැයි කියන උදවිය එසේ කියමින් මෙහි කොමෙන්ට් කරන්නේ නැතිව සහ අන්තර්ජාලයේ පැය ගණන් කාලය නාස්ති නොකර කරුණාකර නිවන් සෙවීමට උත්සුක වන්න. එක කොමෙන්ට් එකක් දාන මොහොතක් පාසා ඔබගේ කාලය අපතේ යයි. බෞද්ධයින්ට බෞද්ධ කම සහ ඒ ආශ්‍රිත පූජස්ථාන රැකගැනීමට අනවශ්‍යයැයි කීමෙන් සිදුවන්නේ එසේ කියනා අයගේ නිවන් සෙවීමට යොදාගත හැකි කාලය අපතේ යාමත් බුදු දහම රැක ගැනීමට ඉතිරිව සිටිනා බෞද්ධයින්ව අධෛර්යමත් වීමත්ය.
ඉතින් මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔබ කළ යුත්තේ කුමක්ද යන්න තීරණය කිරීම ඔබට බාරය. ඔබගේ විශේෂත්වය සහ හැකියාවන් අනුව එය තීරණය වනු ඇත. මතකතියාගන්න, මෙය මුට්ටිය දමා බැලීමක් විය හැකිය.
![sri-dalada-maligawa-7[1]](http://sinhalabuddhist.com/wp-content/uploads/2011/03/sri-dalada-maligawa-71-500x345.jpg)

othanta bar akakuth bit akata BBQ shop akath awanam kohomada athal aka, badu potnam thiyanawane, me ***** sinhalayinta owa nawaththanda pana ne, beela kakul hatharen inne, katha karanda awoth paga akath dunnahama kata wahagena yana yanda, me anduwath aathal anduwa, puthala kiyana deyak rajathuma ahanawa, labana awurudde dalada maligawa resturent akak karaida danne.
come on Namal, come on Yoshitha anith akage nama mathaka ne.
moda harak wage siyalla anithyai kiyanda epa bolaw. shraddhawa anithya na. eka anithya wenne niwan giyama. ape uthum maligawa issaraha jawsan natanakota maligawe watinakama gana minissu aduwen hithanawa… saralawa kiwoth eken minissunge hith walata loku balapamak wenawa…. minissu bududahama adahanne shraddawa thiyena nisa… me pansal, wehera, booo gas thiyena nisa minisunta ewa physically dakala bududahamata lan wenda puluwan.. api niwan giyama dharmayath atharinawa… eth ae niwan giyama ita kalin neme.. ehema unoth ganga madadi paruwen panna wage….
පසුගිය කාලයේ “ශ්රී සම්බුද්ධත්ව ජයන්තිය 2600 ට පිළිවෙතින් පෙළ ගැසුනු ආකාරයකි.
ඒත් අවසානාවක මහත පසු ගිය කාලය තුළවත්මන් ඇමති මණ්ඩලයේ එක් පුද්ගලයෙකු හෝ ඔහුගේ ගෝල බාලයින් පිරිසක් දෙතුන්වරක් ම පැමිණ බදුල්ල මහියංගණ මාර්ගය අසල ලොග්ගල්ඔය වැව ආශ්රිාතව ගම්වාසීන් තනවා පූජාකරන ලද කුඩා අසපුවක් වාසස්ථානය කරගෙන දිනකට එක් වේලක් දන් වලඳමින් සිල්වත් ජීවිතයක් ගත කළ ස්වාමින්වහන්සේට එම අසපුවෙන් පිටවන ලෙස තර්ජනය කර ඇත. එයට හේතුව ඔවුනට එම ස්ථානයේ හෝටලයක් ඉදිකිරීමට ඇති අවශ්යමතාවයයි. සැබෑ බුදු දහම ගැන ඉතා ප්ර ශස්ත වැටහීමක් හා ඊට අනුකූලවම ජීවිතය ගත කරමින් අවට ප්ර.දේශවාසීන්ට ද බුදු දහම පිළිබද සැබෑ අවබෝධයක් ලබා දෙමින් වැඩ සිටි උන්වහන්සේ පරිහරනය කරමින් සිටි පොත්පත් හා අනෙකුත් සියළුම දේ එම ස්ථානයේම තිබියදී පාත්රේය හා කුඩය පමණක් රැගෙන එම අසපුවෙන් පිටවී වැඩම කර තිබෙන්නේ අසල්වාසීන් ටද දැනුම් දීමකින් තොරවය. එම ස්වාමින්වහන්සේගේ ඇසුර අහිමිවීමෙන් ඒ අවට ගම්වාසීන්ට තම අධ්යාකත්මය දියුණු කර ගන්න තිබුණු අවස්ථාව අහිමි කර ඇති බව සාසනික සංවේගයෙන් යුතුව දන්වා සිටිමි.
Budhimath Obala Deviyo Rakeewa
Puduma minissu . . .Dalada hamuduruwane. . .munta anukampa karana sekwa. . . .! race padda eunge kalakannikama. . . godak dukai mewa dakinakota. . . .
Dear Ranga,
Also one of the priests i know spoke to this famous priest from Asgiriya chapter [you surely know him but i cannot mention names] but he didn’t seem to be overly concerned about this. He has said that the track is not “exactly” around Dalada Maligawa but goes near one of the fence bodering Dalada Maligawa. I think he does not want to upset a certian v. v. influential person as by upsetting this person we as Buddhists stand to “lose” more. Cannot tell you more:)
අසිරිමත් හෙළ බෞද්ධ ශිෂ්ටාචාරයේ අරුම නොදන්නා මුග්ධ මිනිසුන් පාලකයන් සිටින විට ඔවුන් වටේ හිට ගන්න අමු මුසල ගඳ ගහන තිරිසන් සහචරයන්ට ඔලු පුම්බන් මහජන දේපල කකා බිබී ඉන්න අවස්ථාත් හදා ගන්න එපැයි..මේ රටේ රසේපදින්න තැන ඕනේ තරම් තියෙද්දී ඔතනම ගන්න ඕනිද? තව ටික දවසකින් මස් ලොරි කස්සිපු ලොරිත් යන ගනීවි දළදා මාලිගාව ඉදිරියෙන්.මේවට උද ගෙඩි දෙන්නේ කව්ද මන්ද?
මේ රටෙ මහවුන්ට ආගන ජාතිය කියන්නෙ විකුන0කන දෙයක් කියලා දෑන් වත් තේරුම්ගමු.
මුන් මහලොකුවට ජාතිය ආගම කියලා පපුව බදාගෙන කෑගෑහුවට ඈත්තටම මේ කිසිකෙනෙකුට ජාතියක් ආගමක් නෑ.
මෙයාලගෙ සාස්තුරු වරයා ත්මා සල්ලි,ආගම තමා ආතල් ඵ්ක.
ජාතිය තමා සල්ලි කාර පෑලෑන්තිය.
මේ කපටි පාලකයන්ට උඩගෙඩි දෙන සුලුතරයක් වූ හාමුදුරුවරු කරන්නෙ මුන් කාල විසික්කරන මස්කටු වලට ආසවෙ රට ජාතිය ආගම මුන්ට පාවල දෙන ඵ්ක.
ඵ්නිසා දෑ0වත් තේරුම්ගමු ව්සිඋ0හ හම් පොරවගත් කෑනහිලුන්ගෙ තරම.
I showed this viedo to a former Basnayaka Nilame from Kandy. He knew about it and was already writing to some one but now he will use Ranga’s article because he said it was better written then what he would do. Of course in Kandy there is always ‘them” and “us”. He belong to “them” and so may be no one in power and access to the top, will listen to him. I personally feel that our Malwatu and Asgiri chapters and Maha Nayaka’s should get up from their sleep get out and see what’s happening. A strong message from one of them will surely catch the attention of the so called leaders.
Great work brother. That was a good idea to tell about that situation to him. This article is not suitable for an official letter but he could be able to get some points from this.
Ape konda pana nathi,salli issaraha anda wena desapaluwo innakam mewa me vidiyatama kerei
godak paw mewage weda karanwata.kawda mewata wagkiyanna ona…munta mole hodane.kalakanni palakyo mun..ape ratata dalada himi sarania ..its realy for me…mewa aimth wenna ida tiyanna narakai.
ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට කාර් රේස් තියන්නට තරම් රටක් වශයෙන් බංකොලොත් වීම එක අතකට පුදුමයක් නැත. දළදා මාලිගාවත් උගේ අම්මගේ අප්පාගේ බූදලයක් ලෙස සිතන අවලං බලු රෑනක් එයට පිඹුරු පත් සකසන විට උඩරට මහා ලොකු නිලමෙලා, මල්වතු අස්ගිරි මහා නායක හාමුදුරු අංකල්ලා සහ ඒ සියල්ලට වැඩියෙන් මෙරට ආරක්ෂා කොරන සර්වබලදාරී ජනපතියා නිදිද…? මොළේ කළඳක් වවාගෙන සිටින බලු වලිගයේ අග්ගිහෙවත් නැති අමනයෙකුට ජාතියක සංකේතයක් මත රමණය කරන්නට ඉඩ දී බලා සිටින කැනහිලුනි, ඔයිට වඩා ඩොලර් කඩා ගන්නට දළදා මැදුරේ කැසිනෝ එකක් දාපල්ලා….!!! දාල අර පැන්සොන් ගිණ රූපවතිව විකුනපල්ලා …!!!!
මෙන්න ෆොටෝ…
http://www.elakiri.com/forum/showthread.php?t=1082307
Labba Asse thovil natanna bane.
nathi wechcha bibikkan gana katha nokara thiyana deyak raka gannawa wina mona karannada?
ape inna samaharu kiyanawa ay ohoma karanne??? Mehema karanna thibbane… kiyala
e kiyanne dan nawaththaganna puluwan de nawaththaganna epa.
nawaththaganna amaru de nawaththanna dangalala mukuth karaganna baruwa uguduwo wage hitapiyo kiyala.
puluwan de nawaththuwahama amaru de nawaththagannath eka paara walallak wei.
දුටුගැමුණු මහරජතුමා තමන් විසින් පරාජය කරන ලද එළාර රජතුමාගේ භශ්මාවශේෂයන් ගෙන සෑයක් සාදවා එය අසලින් යන යන උදවිය සින්දු කියමින් යන්නේනම් එය නතර කළ යුතු බවත්, නටමින් යන්නේනම් එය නවතා සෙමෙන් යා යුතු බවත්, තූර්ය භාණ්ඩ වාදනය කරමින් යන්නේ නම් ඒවා නැවැත්විය යුතු බවත් නීති ගත කළේය. තාමත් සිංහලයින් එළාර සෑය අසල ඒවා පිළිපදියි. නමුත් සතුරාට එවැනි ගෞරවයක් දුන් සිංහලයින් තමන්ගේ මුදුන් මල්කඩ වන සිරි දළදා සමිඳු වැඩ සිටින මාලිගාව ඉදිරිපිට රේස් පදියි. (ක්වීන්ස් හෝටයල සහ මාලිගාව මැදින් පාරේ රේස් එක යන බව අපිට පෙනේ. එම පාර දළදා මාළිගාවේ එක් මායිමකි.)
meka weradi wenna puluwan.. hebei etath wada, Dalada Maligawa isserahama hadala thiyenawa “Bar” gena mona lokkekwath katak arinne nehe… Mewa Sudusuda?????
Maha Nayaka , Anu Nayaka Hamuduruwaru koheda? Dan nithara dakinna labenne Buddha Dharamayata labena adu salakili thamai. Athishain Kanagatudayakai.
අපි නම් ඉතින් ඇල්වතුරත් නිවලනේ බොන්නේ… මේ ධර්ම රාජ්‍යට යන ගමනේ ඔවැනි දේ සුලබ වෙන එක පුදුමයක් නොවෙයි සහෝ…..
den ape malwathu asgiri …swamin wahansela mokada kiyanne….
@ Sandun
සියල්ල අනිත්‍යයි තමයි ඒත් ගෞරවය ලැබිය යුතු තැනට ගෞරවය ලැබිය යුතුයි කියල බුදුන් වහන්සේ දේශනා කරල තියනව. බෞද්ධ දර්ශනය ගැන මෙලෝ හසරක් නොදැන අනිත්‍යක් කියනව.
රංග ජයවර්ධන සමඟ සම්පූර්ණයෙන්ම එකඟයි
ප්‍රදීප් නිලංග දෑල යනු
හිටපුකාර් රේස් තරඟකරුවෙකි. ඉතිරිය හිතාගන්න. මො**ඩ් ගියා විතරයි කට්ටියට මෙන්න තව එකක්.machan liberty plaza eke uda thattuwaka mahayana buddagame kiyala kiyana japanen apu hamuduruwaru inna pansalak thiyenawa..
e gollo kiyanne eka gaathaawai “NAM MIYO HO RENGE KIYO” eka kiwwama ape paw nathi wenawalu.sansare keti wenawalu.leda saneepa wenawalu.onna ohoma katha wagayak kiyanawa
budun wadina thana pilimayak na.itipandamak fruits water onna oya wage dewal thiyenne.candle eka paththu karala puluwan tharam welawak ara gaathaawa kiyanna onalu.kiyna time eka wadi wenna wadi wenna ape paw adu wenawalu
meka aththakda? poddak search karala balanna me mokadda kiyala..
මිතුර, මේ ගැන සොයා බැලුවා, වරක් භික්ශූන් වහන්සේලා එම තැනට වැඩ එය ගැන සොයා බලද්දී, නීතීඥ වරියක් එක් වරම කඩා පැන භික්ශූන් වහන්සේට තර්ජනය කරමින් ආගමික නිදහසට බාධා කරන්නේනම් නඩු දමන බවට පවසා තිබෙනවා. ඉතින් අර භික්ශූන් වහන්සේලාට පොලිසිය කැඳවා කිසිදු අවහිරයක් උන්වහන්සේලා විසින් එකී කල්ලියට නොකල බවට පෙන්වා ඉවතට වැඩියාලු.ගාල්ලේ සිරිවර්ධන කල්ලිය මෛත්‍රී බුද්ධ නමින් නාඩාගම් නටන්නේත් මේ ආගමික නිදහස යොදා ගනිමින්. මම දකින විධියට නීතිය යොදා ගනිමින් මර්දනය කිරීමෙන් නොව සාමාන්‍ය ජනතාවට නිවැරදි බුද්ධ ධර්මය බෙදා දීමෙන් මෙවැනි දේවල් සිදු වීම වැළැක්වීමට හැකියි. එවිට ජනතාව ඔවුන් පසුපස යන්නේ නැත
Well-loved. Like or Dislike:
7
0
බොහොම හොදින් පැහැදිලි කරල තියනව මිත්‍රයා! පුස් විදියට හිතන අයට ඔව විසින් හොද පිළිතුරක් සපයා තිබෙනවා!
බුදු දහමට අනුව සියල්ල අනිත්‍ය බැවින් මේ ගැන ආසාව අඩු කරගන්න
මේකට දළදා සුපර් ක්‍රොස් කියල නේද නම දීල තියෙන්නේ ? දළදා වහන්සේ ආශ්‍රිත දෙයකට ‘දළදා’ කියන නම යෙදීමේ කිසිම අවුලක් මම දකින්නේ නැහැ. උදාහරණ හැටියට දළදා කරඬුව, දළදා වතුර පෙන්වන්න පුලුවන්. නමුත් නුවර තියෙන හැම දෙයම දළදා වෙනවනම්, නුවර තියෙන හරක් මරණ තැන් වලටත් ඒ නමම යොදන්න වෙනවා.
මිතුර, මෙයට එම නම භාවිතා කර ඇත්නම් එය අපි ඉතාමත් පිළිකුළින් හෙළා දැකිය යුතුය. ඇත්තෙන්ම එය කොටි ත්‍රස්තවාදීන් විසින් දළදා මාළිගාවට එල්ල කළ ප්‍රහාරයට නොදෙවෙනි වෙන්නකි. මන්ද යත් කොටි කරපු විනාශය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට හැකි වුනද ජනතාවගේ ශ්‍රද්ධාවට හානි වුනොත් එය ප්‍රතිසංස්කරණය කිරීම ඉතාමත් අපහසු බැවිනි.
Please Define “ශ්‍රද්ධාව”
තෙරුවන කෙරහි ගැඹුරු අවබෝධයෙන් යුතුව ඇති කරගන්නා වූ පැහැදීම සහ ගෞරවය
එසේ නම් මෙම සිදුවීමෙන් කෙලෙසද එයට හානි වෙන්නේ
බෞද්ධයින් දළදා හිමිට ගරු කරනේ ජීවමාන බුදු රදුන්ට කරන්නා වූ ගෞරවයකිනි. කිසියම් පිරිසක් දළදා හිමි වැඩ සිටින මැදුර අබියස කාර් රේස් පදිනවානම්, හූ කියනවානම්, අරක්කු බොනවානම්, එමගින් සාමාන්‍ය ජනයාගේ ශ්‍රද්ධාවට හානි වන බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. බුදුරදුන්ගේ ශාරීරික ධාතූන් වහන්සේලා ඉදිරිපිට කාර් රේස් පවත්වා හූ කීමට ජනතාව නැඹුරු කරනවානම් එමගින් ශ්‍රද්ධාව රැකේවිද ?
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated. Like or Dislike:
0
3
ඇත්තෙන්ම සහෝදරයා මෙය ලියා ඇත්තේ මෙය බලා අනේ අපොයි කීමට නොවේ. මෙය දකින කෙනෙක් මේ ගැන සොයා බලනු ඇත. බුද්ධිමත් ජනතාවට කළ යුතු දේවල් කීමට අවශ්‍ය නොවේ. අනෙක් අතට ඔබ කී ආකාරයටම, දුටුගැමුණු රජතුමා උපේක්ෂාවෙන් බලා සිටියානම් අද ලංකාව දකුණු ඉන්දියාවේ යටත් විජිතයකි, විජයබාහු රජතුමා උපේක්ෂාවෙන් බලා සිටියානම් අද සිංහල කියා ජාතියක් නැත, 1948 යුගයේ සිටි විරුවන්ද සෑම දෙයක් ගැනම උපේක්ෂාවෙන් බලමින් සිටියානම් තාමත් අපි බ්‍රිතාන්‍යයේ යටත් විජිතයකි, මෑත කාලයේ සිටි රණවිරුවන් උපේක්ෂාවෙන් බලා සිටියානම් අද අපිට මොනවා වී තිබේදැයි කීමට නොහැකිය.
ඔබ පැවසූ පරිදිම ජනපති තුමාද මේ දෙස උපේක්ෂවෙන් බලා සිටිනවාද විය හැකිය. නමුත් විරුද්ධ පාක්ශිකයින් රජය පෙරළන්න යනවානම් ඒ දෙස එතුමා උපේක්ෂාවෙන් බලා නොසිටිනු ඇත.
උපේක්ෂාව අවශ්‍ය වෙන්නේ පාරමිතා පිරීම සඳහාය. එය නිවන් මාර්ගයට යෑමට අවශ්‍ය දෙයකි. ඒත් එය මෝඩ උපේක්ෂාවක් කරගත යුතු නැත. එසේම දළදා මැදුර රැක ගැනීම යනු ලෞකික අරමුණකි. සෑම ලෞකික අරමුණකටම බුදු දහම ගාවා ගත යුතු නැත. දළදා මැදුර රැක ගැනීමට අනවශ්‍ය යැයි කියන උදවිය විවාහ වී දරු මල්ලන් සාදන්නේත් ඔවුන්ව පෝෂණය කිරීම තම දිවියේ එකම කාර්යය කරගන්නේත් මන්ද යන්න සිතා බැලිය යුතුය.
එදා මාවිලාරු සනට ආරම්භ වීමේදී රනිල් වික්‍රමසිංහයින් පැවසූයේ “අනේ මේ හාමුදුරුගොල්ලො බුදු බණ අහන්නේ නැතිව වතුර වෙනුවෙන් සටන් කරන්න කියනවනේ” යන්නයි. ඒත් අද ජෙනරාල්ව උඩ දාගෙන ඉන්නේ එදා එහෙම පැවසූ අයයි.
මෙ මෙකද සිංහල රටෙ වෙන විනාශය බෙද්ධ රටෙ විනාශය ට අත වනන වාද
මුලින්ම කියන්න ඔනේ මම බෞධ්‍යයෙක් නොවෙමි. නමුත් මෙවැනි පහත් ක්‍රියා හෙලා දැකිය යුතුයි. ලංකාවෙ ඕන තරම් රෙස් ට්‍රැක් තියෙද්දි මේකම තොරගෙන තීයෙන්නේ බල්ලෙක්ට ජාතක උන් වෙන්නැති. මේක සිංහල බොදු රටක්… හැම ආගමකටම ගරු කරන්න දැන ගත යුතුයි. මම කතෝලිකයෙක් වශයෙන් මඩු පල්ලිය ඉස්සරහ මෙහෙම දෙයක් වෙනවට කැමති නැහැනෙ. ඒ වගේම මුස්ලිම් සහෝදරයොත් තමුන්ගෙ පල්ලියක් ඉස්සරහින් මෙහෙම දෙයක් වෙනවට කැමති නැහැනෙ…
අපේ පල්ලියක් ඉස්සරහා මෙහෙම උනොත් අපි රේස් පදින්න එන උන්ව බාවනව කියලා උන් දන්නවා බන්.. ඒ උනාට බෞද්ධ උන් කරන්නෙ රේස් කාර් වලට හුරේ දාන එක තමා
මේව කරන අයට ස්වභාව දහමත් දඬුවම් දෙයි!
මේකට විරුද්ධව පෙළගැහෙන්න කාලයයි මේ!
[...] විසින් කරන වර්ශාවසාන විනෝද සවාරි සහ ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට පැවැත්වුන ධාවන තරගයේ ඉන්ධන ගැනවත් [...]
[...] [...]