කැප්පැටිපොළ සෙනෙවි සුරූ
කර රුපු සෙන් මන් දැදුරූ
අබිරු විකුම් පෑ අයුරූ
උඹට පුතේ වෙයි මියුරූ

ඇඳි සළුපට ගෙන සෝදා
දළදා සමිඳුන්ට පුතා
කඩුවට ගෙළ දුන්නේ එදා
ගුරුකමටයි උඹට මෙදා
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

සිරස ටීවී, බන්දුල සහ බුද්ධශාසනයේ අනාගතය

ඇමති බන්දුල ගුණවර්ධනයන් පැවැත්වූ දානයක් ගැන සිරස ටීවී එක විකාශය කළ වැඩසටහනක් සම්බන්ධයෙන් විශාල සමාජ කතිකාවතක් ඇති වී තිබෙන්නේ එය හුදු දේශපාලඥයෙකුට කළ නිග්‍රහයක් නොව සමස්ත බෞද්ධ සම්ප්‍රදායටම එල්ල කල මරු පහරක් බැවිනි. බන්දුල ගුණවර්ධනයන් තබා දුටුගැමුණු මහ රජතුමාට වුවද කවුරු හෝ පුද්ගලික හෝ දේශපාලන කෝන්තරයක් නිසා පරිභව කළාට අපිට කම් නැත. නමුත් එමගින් ශාසනයට හානියක් වෙනවානම් ඒ ගැන කතා කළ යුතුය. ඉතින් එම සිදුවීම ගැන අපි මෙලෙස විශ්ලේෂණය කර බලමු.

[1] මුලින්ම ඔවුන් පවසන්නේ “මේ පාසල කේන්ද්‍ර කරගනිමින් සිදු වන්නා වූ දෑ අනුව එමගින් අධ්‍යාපන ක්ශේත්‍රයට හඳුන්වා දීමට යන සංස්කෘතිය ප්‍රශ්න කළ යුතු බවයි”. නමුත් දානයක් දීම බෞද්ධයින්ට සංස්කෘතික ප්‍රශ්නයක්ද? සමහර විට අන්‍යාගමික මූලධර්මවාදීන්ට නම් මේ බෞද්ධයින් කරන දානමය පින්කම් ප්‍රශ්නකාරී විය හැකිය. බෞද්ධයින්ගේ දානමය කටයුතු ප්‍රශ්න කිරීමට සිරසට ඇති අයිතිය කුමක්ද? දස පුණ්‍ය ක්‍රියා, සතර සංග්‍රහ වස්තු, දස රාජ ධර්මය මෙන්ම දස පාරමිතා වලද ප්‍රමුඛස්ථානය ගන්න “දානය” සෑම බොදු දරුවෙක්ම පළමුවම ප්‍රගුණ කළ යුත්තකි. ඉතින් මේ සිරසක් නැති සිරස ප්‍රශ්න කරන්නේ එදා මිහිඳු මහ රහතන් වහන්සේ සිංහලයාට හඳුන්වා දුන් තවමත් සුරැකී පවතින බෞද්ධ සංස්කෘතිය නේද?

[2] මීට දින 55 කට පෙර විවෘත වුන පාසලක දානයක් දීමට තරම් සාධාරන නිමිත්තක් නැති බවද ඔවුන් පවසයි. නමුත් ඕනෑම බෞද්ධයෙක්ගේ ගොඩනැගිල්ලක් විවෘත කිරීමේදී දානයක් දෙන බව සිරසේ ලොක්කන් දන්නේ නැද්ද? නැත්නම් ඔවුන්ගේ සිරසේ දෝශයක්ද? අනික් අතට දානයක් දීමට නිමිත්තක් අවශ්‍යද? ඒ නිමිත්ත කුමක්ද?

[3] දානයක් දීමට මහජන දිනය වෙන් කිරීමද සිරස විසින් ප්‍රශ්න කර ඇත. නමුත් සිරසේ සිටින අන්‍යාගමික මිසදිටුවන් නොදන්නා දේනම් දානයක් දීම මහජන සේවාව කිරීමට වඩා උසස් දෙයක් බවයි. බුදුරදුන් වදාල අට මහා කුසල් අතර සාංඝික දානයද ඇතුලත් වෙන නමුත් මහජන සේවාව ගැන සඳහන්ව නැත.
කඨිනං ච පරික්ඛාරං – වාස දානංච උත්තමං
බුද්ධප්පමුඛසංඝස්ස – දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානංච සංඝස්ස – පටිමා කරණං පි ච
කරණං වච්ච කුටියා – අට්ඨ පුඤ්ඤානි වුච්චරේ
මේ පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ විශේෂ හේතුවක් ඇති බැවිනි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අයහට සසර තමා විසින් මව මැරීම ආදී පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති අයට වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වේ. ඉතින් සිරස ජඩමාධ්‍යවේදීන් බුදු බණටත් අභියෝග කරනවාද?

[4] එසේම මෙම දානය සිදු කළේ කිසියම් අයෙක්ගේ හෝ පිරිසකගේ පෞද්ගලික ධනයෙන් බව සිරස පිළිගනී. එය පෞද්ගලික දානයක් නිසා එහි වරදක් නැතිලු. නමුත් ඔවුන් නොකීවා වුනාට හුණුපිටිය ගංගාරාමය, කැළණි රජ මහා විහාරය වැනි විහාරස්ථාන වලින් දන් දෙන්නේ මහජනයාගෙන් එකතු කරගත් මුදලිනි. එසේනම් සිරසට අනුව මහජන මුදලින් දන් දන් දෙන ඒ පින්කම් පවා වැරදි විය යුතුය.

[5] ඉන් පසුව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පැමිණි වාහන වලට ඉන්ධන සැපයීමේ දන්සැලක් තිබුනේ නැති බවද සිරස පවසයි. නමුත් පින්කමක් සඳහා මහජන මුදල් යෙදවීම වැරදිද? වෙස්සන්තර ජාතකය අසා අපි පහන් සිත් ඇති කර ගන්නෙමු. නමුත් සිරස ජඩමාධ්‍යවේදීන් මෙලෙස අසාවි. “වෙස්සන්තර රජතුමා දන් දුන්නේ තමන් දාඩිය මාන්සියෙන් හම්බු කළ ධනයද? රාජ්‍ය භාණ්ඩාගාරයෙන් දන් දීම මහජන දේපල කොල්ලයක් නොවේද?” :D මෙවැනි බොලඳ තර්ක ගෙන එන සිරස පවසන්නේ රාජ්‍ය දේපල කිසි විටෙකත් බෞද්ධ පුන්‍ය කටයුතු වලට යොදා නොගන්න කියන එක නේද? අනෙක් අතට රාජ්‍ය නිලධාරීන් විසින් කරන වර්ශාවසාන විනෝද සවාරි සහ ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට පැවැත්වුන ධාවන තරගයේ ඉන්ධන ගැනවත් සිරස කතා කළේ නැත. මෙම නිලධාරීන්ම ඔවුන්ගේ පුද්ගලික ගමන් සඳහා පින් කමට වැය වුන ඉන්ධන මෙන් තිස් ගුණයකට වඩා ඉන්ධන මසකට වැය කරන බව නොරහසකි. ඒවා ගැන තර්ක නොකළ සිරස, දානය සඳහා වැය වූ ඉන්ධන ගැන කතා කරන්නේ ඇයි? නමුත් සිරසේ අලුත්ම නීතියට අනුව දානයක් දීමේදී ඉන්ධන දන්සැලක්ද ඒ අසල පැවැත්විය යුතුය. මෙය බුද්ධශාසනයේ චිරාගත සම්ප්‍රදායටම කළ සාපරාධී අපහාසයකි.

[6] සිරස පවසන පරිදි පාසල් දරුවන්ගේ දිවා ආහාර වැඩසටහන අකර්මන්‍ය කළේ රාජ්‍ය නිලධාරීන්නම් ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ගයක් ගත යුතුව ඇත. නමුත් “දන් දීමේ පින් කම් වලට තිත තැබිය යුතුය” යන්න බරපතල ප්‍රකාශයකි. පින්කම් කිරීම බෞද්ධයින් පමණක් නොව අන්‍යාගමිකයින් පවා සිදු කරන දෙයකි. පින් කම් වලට තිත තැබීමට හදන සිරස පැතිරවීමට යන දෘශ්ඨිය කුමක්ද?

[7] මෙම දානයේ පසුබිම ගැන සලකා බැලුවොත් බන්දුල ගුණවර්ධනයන්ට අනුව තම මෑණියන්ට පුන්‍යෝදනාවක් වශයෙන් තම ජන්ම දිනයේදී පවත්වා ඇත. නමුත් මැතිවරණයක් ආසන්නයේදී පැවැත්වූ නිසා මෙමගින් දේශපාලන වාසියක් ලබෙන බව සත්‍යකි. අනෙක් අතට මැතිවරණයට පෙර මෙම පුවත විකාශය කර සිරසද තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රය ට අනුව කටයුතු කර ඇති බව පෙනේ. නමුත් දේශපාලන වාසි තකා සමහර බලවතුන් කරන අරක්කු සාද ගැන විවේචනය නොකළ සිරස විසින් දානයක්ම විවේචනය කරන්නේ ඇයි?

[8] ලොකුවට මහන්සි නොවී, පිනක් කරන්න පුලුවන් ක්‍රමයක් තමයි අනුමෝදන් වීම. සිරස බළල් අතට ඒ හැකියාව නැති බව පෙනේ. ඔවුන් කර ඇත්තේ දානයක් ගැන වැරදි චිත්‍රයක් මවමින් එයට සම්බන්ධ වුන අයගේ පවා සිත් දූෂණය කරමින් අකුසල් අනුමෝදම් කිරීම නේද?

[9] දානයක් වළක්වනවා නම් දානය පරිභෝජනය කරන පැත්තට කරන්නේ විපතක්. දායකයාට කරන්නෙත් විපතක්, ඊලඟට ද්වේෂ සහගතව සිතිවිලි හසුරුවලා තමනුත් පව් කරගන්නවා. මේ කාරණා නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මෙහෙම දානයක් වළක්වන්නේ ‘හොරෙක්’ කියලා.

[10] පින් දහම් රැස් කරගැනීම යනු දරුවන්ට පෙළ පොතින් ඉගැන්විය හැකි දෙයක් නොවේ. එනිසා මෙය දරුවන්ට කරන ලද මහත් සේවාවකි. පින් දහම් කිරීමාට විරුද්ධ වීම පසුපස ඇත්තේ කුමන බළල් අතක්ද යන්න ජනතාව දනී. පාසලක් ඇරීම යනු සිර ගෙවල් සියයක් වැසීම ලෙස දක්වන්නේ පාසලෙන් උගන්වන ශාස්ත්‍රීය විශයන් නිසා දරුවන් යහමගට යාමට අමතරව දන් දීමට ඉගැන්වීම වැනි ධාර්මික කටයුතු නිසාද සමාජය යහපත් වන බැවිනි.

[11] සමාජය යහපත් කිරීමට විරුද්ධ සිරස කරන්නේ හැකි තරම් ඉන්දියානු මෙගා නාට්‍ය පෙන්වමින් ඒවායේ ගැටුම් උලුප්පා දක්වමින් සමාජයේ ක්‍රෝධය සහ වෛරය ඇති කිරීම නේද? මනෝ වෛද්‍ය විශේෂඥ ඩී වී ජේ හරිස්චන්ද්‍ර මහතා සහ තවත් බොහෝ මනෝ විද්‍යාඥයින්ට අනුව මෙම රූපවාහිනී නාලිකා වලින් පෙන්වන ප්‍රචන්ඩත්වය සමාජයට ඉතාමත් හානිකරය.

[12] සිරස මාධ්‍ය ජාලයේ අතීතය ජනතාවට තවමත් අමතක නැත. රණවිරුවන් කිලිනොච්චිය ජයග්‍රහණය කරද්දී සිරස කළේ කොළඹ කිසිවෙකුට හානියක් නොවී පිපිරී ගිය බෝම්බයක් ගැන පැය බාගයකට වරක් පුවත් විකාශය කරමින් අර කිලිනොච්චි ජයග්‍රහණය ජනතාවගෙන් වසන් කිරීමට නින්දිත උත්සාහයක් ගැනීමය. එසේම මානුශික මෙහෙයුම දිනවලදී සෑම පුවත් ප්‍රකාශයක් ආරම්භයේම සිරස ගුවන්විදුලිය “යුද්ධයක් දිනූ රටක් නොමැත” කියමින් ත්‍රස්තවාදීන්ව පැරදවීමට බැරි බවට ජන මතයක් ඇති කිරීම දිගටම කළේය. ඉතින් ඒ දිනවල සිරස මාධ්‍ය ජාලයේ න්‍යායපත්‍රය කුමක්ද යන්න අලුතෙන් කීමට අවශ්‍ය නැත.

source: www.tamilnet.tv/news

[13] කවුරුන් තරහා වුවද සිරස නරඹන උදවියගෙන් අති බහුතරයක් බුදු දහමට වඩා එක් පක්ෂයක් ඔළුව උඩ තබගෙන ඇති බව පැවසිය යුතුය. ඉතින් ඒ අනුව සමාජය ප්‍රධාන වශයෙන් දේශපාලන පිල් දෙකකට බෙදී ඇත. සිරස ඕනෑම ජරා වැඩක් කළ විට සහ තවකෙක් ඒ වැඩේ විවේචනය කළ විට සිරස නරඹන උදවිය දේශපාලන කණ්නාඩිය දමාගෙන සිටින නිසා ඔවුන්ට එය පෙනෙන්නේ සිරස විවේචනය කිරීම යනු තම දේශපාලන පක්ෂයද විවේචනය කිරීමක් බවයි. ඉතින් සිරස ටීවී එකේ ප්‍රේක්ෂකයින් සිරස විසින් කරන ඕනෑම සදාචාර විරෝධී දෙයක් සාධාරණීකරණය කිරීමට සහ තමන්ද එය සාධාරනීකරණය කර ගැනීමට සැදී පැහැදී සිටියි. උදාහරණ ලෙස සිරස ගෙන ආ එම පුවත සාධාරණීකරනය කරගත් උදවිය ඉදිරියට කිසිදු රජයේ දේපලක් හෝ රාජකාරී කාලයෙන් බිඳක් දානයක් දීමට යොදා නොගනීවි. ඉදිරියේදී කිසිදු රාජ්‍ය ආයතනයක දානයක් දීමට පවා මේ උදවිය විරුද්ධ වේවි. ඒ අනුව මෙවැනි පුවත් විකාශ යොදා ගනිමින් බුදු දහමින් තම ප්‍රේක්ෂකයාව ටිකෙන් ටික ඈත් කරන බව කාටවත් නොතේරේ. ටිකෙන් ටික පටන් ගන්නා මේ ක්‍රියාවලිය පසුව දළදා පෙරහැර විවේචනය කර එතැනින්ද නොනැවතී සමස්ත බුද්ධ ශාසනයම ජනතාවට එපා කරන තැන දක්වා දුර දිග යාවි.

සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට!

ආශ්‍රිත ලිපි:

http://www.dayariya.info/posts/413

http://www.gossip9.com/2011/03/blog-post_1966.html

http://www.lankacnews.com/sinhala/index.php?option=com_content&view=article&id=4446:—10—-&catid=1:latest-news&Itemid=269

1422
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

22 comments to සිරස ටීවී, බන්දුල සහ බුද්ධශාසනයේ අනාගතය

  • Dulantha

    සියලු රස්තියාදුකාරයන් සන්දහා මෙම කුප්‍රකට නාලිකාව 1990 ගනන් වල හෑදුවෙම රටේ ජාතිකත්වයට එරෙහිව සමාජය හෑඩගස්වීමටයි.

    Thumb up 0 Thumb down 1

  • Kushan

    Mata hitena vidiyata nam mehidi degollanma waradi. Sirasa sema welawema aanduwa vivechanaya karana bawa sawama danna karunak. Esema owun budu dahamata menma lankawatada kudammage salakili sidu karanawa. meya eetha waradi kriyawak. Esema Anduwada meeta wada mahajana mudal pariharanaya pilibadawa salakilimath viya yuthui.
    Meya mage personal idea 1 bawin meyata viruda vimata onama kenekta hakeeyawak atha.

    Thumb up 0 Thumb down 0

  • priya

    Sirasa is the channel that spoiled our culture.

    Thumb up 1 Thumb down 0

  • hasaranga prasad

    අපේ රට අපේ නොවේ….. ????
    (ජනපතිතුමනි…. අපි කියන හඩ නෑසෙයිද… )

    රට “මහරජා” වෑනි ජාතියත් ආගමත් වනසන උන්ට අනුව නෑටවේ…..
    අපේ හඩ නෑසෙයි….. මාධ්ය නිදහස සුරෑකේ…..

    කොන්ද පණ නෑති හිවලුන් පරයා…. විරුවන් නෑගිටියි…. නමුත් දේශපාලනය නම් අලුගොසුවන් උන් මරා දමයි…. කෙදිනකවත් ජාතිකත්වය නොනෑගිටිනු ඈත….

    මා ආදර අම්මෙ , අපි අසරණයි …. ඔබ විනාශවනු දෑක දෑක නිදා සිටින චන්ඩාල පුත්තු අපි වෙමු…

    අප ජාතියේ ඉරණම ???
    සිරස නෑදැකම් සදාකාලිකම්ලු මගෙ අම්මේ….

    Thumb up 3 Thumb down 0

  • rasintha

    SIRASA YANU OLUWAK NETHI SAMAJAYE THARUNA MANAS WILAMBEETHA KARANA KALAKANNI MADYA JALAYAKI.EYA WINASA WENAM EMA KARUNA MULUMAHATH SRILANKEYA JATHIYATAMA WANA SETHAKI.

    Thumb up 1 Thumb down 0

  • වටිනා ලිපියක්….දැනුවත් කළාට ස්තූතියි…..අපි විමසිල්ලෙන්….!!!!!!!

    Thumb up 2 Thumb down 0

  • විමර්ෂක

    මහ ලොකුවට සිරසයි ලගම නෑයා කියමින්..සිරසෙ බන කියන බොරැල්ලෙ අතුල පදලන්ගල ධම්මිදේව .අබයතිස්ස ඉදුරාගරෙ ධම්මරතන වගෙ හාමුදුරුවරු මෙ රටට වග කියන්න ඔනෙ සල්ලි වලට ධර්මය විකුනන මෙ අයට මුලු රට ම විරුද්ධ වෙන්න ඔනෙ

    Thumb up 3 Thumb down 1

  • Sampath

    Sirasa always work against Buddhism. New trend was they organize stupid parties in front of Sri Dalada Maligawa in Kandy city center and dances of half naked women. I didn’t hear any objection from most of our ven. monks. Who gave the right to criticize Buddhist events such as ‘dana’ even it was orgaize to get political basis.

    Thumb up 1 Thumb down 0

  • Sampath Bandara

    Sin First.

    Thumb up 1 Thumb down 0

  • සිරස ටීවී යනු දේශද්‍රෝහී, ත්‍රස්තවාදී නාලිකාවකි. ඒ ගැන තර්කයක් නැත. නමුත් එය තහනම් කළ යුතු නැත. ඒ එවිට අති උතුම් ශුද්ධ වූ මහා බලවත් මාධ්‍ය නිදහසට අවමානයක් වන බැවිනි. ලංකාවේ පුද්ගලික බස් හිමියන් රියදුරන් හා කොන්දොස්තරයන්ද, වෛද්‍යවරුන් සහ හෙදියන්ද ලඟට අමුතු නීතියක් සහ අසීමිත නිදහසක් බලාපොරොත්තු වන අනෙක් වර්ගය ඔය ශුද්ධ වූ කිසිම වරදක් නොකරන මාධ්‍යවේදීන් සහ මාධ්‍ය බැවින් ඔවුන් තහනම් කිරීම අහස පොළොව නුහුලන අපරාධයකි.
    නමුත් වැරදි වැඩ කරන විට රිදෙන්නට දිය යුතුය. බිවු රන්කිරි කටින් එන්නට ආංඩු මට්ටුවක් කල යුතුමය. අපි ඒකට අමනාපයක් නැත.

    Thumb up 3 Thumb down 0

  • Rasanjana

    Mama nam meya dakinne pin salaka dun danayak lesa nowa desapalana wasi salaka dun danayak vidiyatai. danayak dun pamanin pinak sidu nowe. danayak diya uththe pirisidu sithakini. mahajana mudalin danayak deema waradak noveemata puluwan, namuth patu deshapalana wasi salaka karana mevani pinkam valin kisidu pinak ath nowana bawath, ein bududahamata kisidu sethak nowana bawa nam pahadili. ein sidu wanne thawa thawath akusal ras karaganeema pamani.

    Thumb up 1 Thumb down 0

    • අපට ප්‍රශ්නය වී තිබෙන්නේ දේශපාලන වාසි තකා දුන් දානයක් වුවද විවේචනය කිරීම සාධාරණද යන්නයි. මෙමගින් ඇමතිට පිනක් සිදු නොවුනත් එයට එක් වන දරුවන්ට විශාල කුසලයක් සිදු වෙනවා නේද? දානයක් දෙනවා දැක එහි පින් අනුමොදම් වී අවශේෂ සමාජයට කුසලයක් සිදු කරගැනීමට හැකියාව තිබියදී සිරස කල මේ වැඩෙන් සිරසට පක්ෂ පාතී අය වෛර සිතිවිලි උපදවාගෙන මහත් පාපයක්ම සිදු කරගෙන ඇත. දානයක් දෙනවා දැක එය කෙරෙහි වෛර සිතිවිලි ඇති කරගන්නා අය කල්ප ගණනාවක් ප්‍රේත භව වල ඉපදී ආහාර නැතිව දුක් විඳි බව බුදු දහමේ දැක්වේ.

      Thumb up 3 Thumb down 1

      • Rasanjana

        “බුදුදහම යනු මැතිවරණ අපේක්ෂකයින්ව ප්‍රචාරය කිරීමට යොදා ගත හැකි අලෙවි උපායක්ද (marketing strategy)?” oba mese prashna kara thibune muslim jathikayekuge mathiwarana pracharanayata budu ruwa yodaganeema gana neda? eya waradaknam mathiwarana pracharanayata danayak deemada aniwarenma waradaki. bududahamata preyojanayak uwath nathath paudgalika laba preyojana udesa budu dahama yodaganeema ma anumatha karanne natha. Namuth baudda rataka mahajana mudal baudda wadakata yodaganeema pilibadawa prashna kireemata Sirasata aithiyak nathi bawa mama piliganimi.

        Thumb up 1 Thumb down 1

  • Priyantha Liyanage

    Dear Kushan,
    You explained it perfectly quoting direct from Dhamma. Theruwan Saranai

    Thumb up 0 Thumb down 0

  • Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Like or Dislike: Thumb up 1 Thumb down 4

    • මිතුර,
      ඇමතිවරුන්ගේ නාස්ති දූෂණ අක්‍රමිකතා ආදිය ඉතාමත් වැඩි බව මමත් පිළිගනිමි. විපක්ෂය වහා සංවිධානය වී ඒවා මැඩ පැවැත්වීමට කටයුතු කළ යුතුය. විපක්ෂයක් සිටින්නේ ඒකටය. ඒත් මහජන මුදලින් වුවද පිනක් කිරීම වරදක් නැත. මන්ද යත් එය මහජනතාවටම අනුමෝදන් වන බැවිනි. සෑම බෞද්ධයෙක්ම විශ්වාස කරන්නේ කා බී විනෝද වී කිසිදු කුසලයක් නොකර සුවදායක දිවියක් ගත කරනවාට වඩා පිනක් දහමක් කරගෙන දුගී ලෙස ජීවත් වීම වුවද සුදුසු බවය. ඉතින් ජනතාවට කා බී සැපෙන් සිටීමට ඇති මුදලින් වුවද පිනක් දහමක් කර ජනතාවට අනුමෝදම් කිරීම ඉතාමත් යහපත් දෙයකි. (භද්‍රා ථෙරී ගාථා:- ,භද්‍රාවෙනි, ශ්‍රද්ධාවෙන් පැවිදිව යහපතෙහි යහපත්ව ඇලෙන්නෙක් වෙව. කාමාදී රැහැන්වලින් නිර්භයවූ නිවන්යාමට කුසල් දියුණු කරව – ත්‍රිපිටකයේ ඛුද්දක නිකාය)

      අනික් අතට මෙය මහජන මුදලින් නොව ඇමතිගේ පෞද්ගලික මුදලින් කළ පිනක් බව සිරස පිළිගනී, ඔවුන්ගේ ප්‍රශ්නය වෙන්නේ ඉන්ධන වැය වීමය. ඒ අනුව ඉදිරියේදී කිසිදු රාජ්‍ය සේවකයෙකුට විහාරයකට යාම වුවද අකැපය. මේකද සිරස උගන්වන බුදු දහම? ඔබගේ තර්කය අනුව අර මා [5] කරුණේ පැවසූ පරිදි වෙස්සන්තර රජතුමාගේ දාන පාරමිතාව ගැනද ඔබට ප්‍රශ්න ප්‍රශ්නකාරී විය හැකිය. නමුත් වෙස්සන්තර රජු රාජ්‍ය භාණ්ඩාගාරයෙන් කළ දාන පාරමිතාව ඔබ ප්‍රශ්න කරන්නේ නෑ නේද? සිරසසේ මිසදිටු මාධ්‍යවේදීන් නොදන්නා දේනම් ලංකාවේ බුදු දහමට ප්‍රමුඛස්ථානය ඇති බවත් බුදු දහම සුරැකීමට රජය කොන්දේසි විරහිතව කැපවී සිටින බවත්ය.

      අනික් අතට ඔතරම් දූෂණ වංචා කරනවායැයි කියන ඇමති ඡන්ද වාසි ලබාගැනීමට හෝ අරක්කු පාටි දාන්නේ නැතිව පිනක් කිරීම වරදක්ද? එසේම ඡන්දයෙන් ඔහුගේ පක්ෂය දිනීම යනු ජනතාව ඔය කියන දූෂණ වංචා අනුමත කිරීමද, නැතහොත් එවනි දූෂණ වංචා නොමැති වීමද? අනෙක් අතර රජය හොර කර ඡන්දය දිනුවා කියනවානම් එහි තේරුම අපේ විපක්ෂයට ජනවරම තිබියදීත් ඡන්දයක් දිනීමට නොහැකි තරම් දුර්වල පක්ෂයක් බව නේද? ඉතින් විපක්ෂය බලාපොරොත්තු වෙන ආකාරයට රජය රිදී බන්දේසියක තබා බලය විපක්ෂයට ලබා දුන්නද එවැනි දුර්වල විපක්ෂයකින් රාජ්‍ය ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්නේ කෙසේද?

      ඉහත [3] කරුණෙහි දක්වා ඇති ගාථාවේ ඇති අශ්ඨ කුසලයට අයත් වන්නේ වඩාත්ම පින් ඇති කුසලයන්ය. ඒ අනුව මහාසංඝයාට දන් දීමද එයට ඇතුලත් කර ඇත. ඒත් ජනතා සේවයක් ගැන එහි සඳහන්ව නැත. බුදු දහමේ සඳහන් ජනතා සේවය (“චරථ භික්ඛවේ චාරිකං බහු ජන හිතාය, බහු ජන සුඛාය, අත්ථාය හිතාය සදේව මනුස්සානං” << මහණෙනි, දෙවියන් සහිත ලෝකයාගේ යහපත පිණිස සදහම් චාරිකාවෙහි හැසිරෙන්න) යනු ජනතාවට ධර්මය ලබා දීමය. ඒ අනුව බුදුන් වදාල ජනතා සේවයට මෙම දානයද ඇතුලත්ය. මන්ද යත් මෙහි සහභාගී වන දරුවන් ධර්මය ගැන පොඩ්ඩක් හෝ ඉගෙන ගන්න බැවිනි.

      Thumb up 4 Thumb down 1

    • Kushan Dinusha

      එළු, කුකුළු, ඌරු, බලු, බළල්, ගව ආදි තිරිසන් සතකුට දුන් ආහාර ආදිය සියයක් ජාතියෙහි ආයුවර්ණ, සැප, බල, ප්‍රඥා වශයෙන් පන්සියයක් විපාක දෙයි. වැදි කෙවුල් ආදී දුශ්ශීල මනුෂ්‍යයකුට දුන් දානය දහසක් ජාතියෙහි පන් දහසක් ආනිශංස දෙයි. බාහිර සිල්වත් දැහැමි මනුෂ්‍යයකුට දුන් දානය ලක්ෂයක් ආත්ම භාවයන්හි පන්ලක්ෂයක් විපාක වෙයි. අෂ්ට සමාපත්ති ලාභී බාහිර තාපසයකුට දුන් දානය කෙළ ලක්ෂයක් ජාතියෙහි උපදවා පස්කෙළ ලක්ෂයක් විපාක දෙයි. ඔවුන් සියයකට දුන් දානයට වඩා මේ සසුනෙහි තිසරණයෙහි පිහිටියකුට දෙන දානය උසස් වෙයි.

      පන්සිල්හි, අටසිල්හි, දසසිල්හි පිහිටි උපාසකයින්ට දුන් දානය එකිනෙකට ආනිශංසයෙන් වැඩිවෙයි. අසංඛෙය්‍ය අප්‍රමෙය්‍යවූ විපාකම දෙයි. එයට වඩා මේ ශාසනයෙහි පැවිදි බවට ඇතුළත් වූ සාමණේරය, සාමාන්‍ය උපසම්පන්නය, ව්‍රතසාර උපසම්පන්නය, ආරබ්බ විදර්ශකය, මාර්ග සමන්ගීය, සොතාපන්නය, සකදාගාමීය, අරහත්ය, ප්‍රත්‍යෙක බුදධය යන දක්ෂිණාර්හ පුද්ගලයන්ට දුන්දානය පිළිවෙළින් එකිනෙකට සියක් දහසක් ගුණෙන් වැඩිවෙමින් අනන්ත අප්‍රමාණ ආනිශංස දෙයි. පසේ බුදු වරුන් සියක් දහසකට දුන් දානයට වඩා එක ලොව්තුරා බුදු කෙනෙකුට දුන් දානයම අනන්තාපරිමාණ ආනිශංස දෙයි.

      බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට දුන් සාංඝික දානය එයටත් වඩා අසීමිත ආනිශංස දෙයි. සතර දිගින් වඩින මහා සංඝයාට ආවාසයක් කර දුන්නේ නම් එහි ආනිශංසය එයටත් වැඩි වෙයි. ඇසිල්ලක් සියලු සතුන් වෙත මෛත්‍රීය වැඩුවේ නම් එයට සත සහශ්‍ර ගුණයෙන් වැඩි ආනිශංස වෙයි. විදර්ශනා වැඩුවේ නම් එයටත් වඩා අප්‍රමෙය්‍ය වූ ආනිශංස දෙයි. යමෙක් ධර්ම දානය දුන්නේ වී නම් හෙ දෙවුයේ වී නම් ඒ ධර්ම දානමය කුශල කර්මය ඉහත කී සියලුම දානයන්ට වඩා මහත් ඵල මහානිශංස වෙයි. ප්‍රමාණකල නොහැකි වූම සැප විපාක ඇති වෙයි.

      {{දැන් බලන්න සාමාන්‍ය ජනතාව හෙවත් සිල්වතුන්ගෙන් සහ දුස්ශීලයිගෙන් පිරි සමාජ සේවයට වඩා මහා සංඝරත්නයට දන් දීම කොච්චර උතුම්ද? මේවා අපේ තිලෝගුරු බුදුපියාණන් වදාල දේවල්. ඒවාට විරුද්ධ වන සිරස එකේ වසලයින් කොහේ උපදින්නද?}}

      Thumb up 4 Thumb down 0

      • වීර පුතා

        @Kushan Dinusha
        අනර්ඝ පිලිතුරක් පින්වත් මිතුර!
        The Matrix විසින් අසන ලද පැණයට ඔබ විසින් අගනා ලෙස පිලිතුරු සපයා තිබෙනවා! බුදු සසුනක් පවතින කාලයකදී පමණක් දිය හැකි සාංඝික දානය කාමයෙන් පීඩිත මිනිසුන්ට කරන සේවයට වඩා මොනතරම් උසස්ද!
        කුෂාන් මිතුරා විසින් දක්වපු කරුණ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ වේලාම සූත්‍රයේ. [[මෙතනින්]] වේලාම සූත්‍රය කියවන්න පුලුවන්.

        Thumb up 1 Thumb down 0

    • nirosh

      mehemath pin pau danne nethi minissu lankawe innawane.

      Thumb up 0 Thumb down 0

  • Yasantha

    මේ කියන කතාව දකින විදියෙන් වෙනස් වෙනවා.තමන් කරන වැරදි,ජරාවැඩ, වංචා දානයක් දුන්න පමනින් පහව යන්නෑ.බෞද්ධයො විදියට අපි දානමය පුන්‍යකර්මයක් කරන්නෙ දෙයක් open කරන දවසෙදිමයි.මෙතන යන්නෙ වෙන කතාවක්,කවුරැ මොනා කීවත් සත්‍ය ආගමකට කැලලක් සිද්ධ වෙන්නෑ.(ඹයාගෙ ලිපිය හොදයි)

    Thumb up 1 Thumb down 1

  • aaaaaa

    apo sirasa nalikawa nisa samajaya tanikara pissu watila tiyenne naraka dewal walata..eyala boruwata poya dawasata bana dala anith dawas seragema danne minisunge keles wadi karana ewa..podi lamain ta unath dena adarshaya hoda na .

    Thumb up 0 Thumb down 0

  • My idea about this TV channal is the same,

    “සිරස ටීවී යනු දේශද්‍රෝහී, ත්‍රස්තවාදී නාලිකාවකි. වහා එය තහනම් කළ යුතුය 69.91% votes” !!!!!!!!!!!!

    Yet again a great article bro !!

    I understand that finding a jobb is hard these dayes, but been Sinhala Buddhist & working in this tv channal is just getting payed to betrey the country & Buddhism !!
    I would rather “die in hunger” than working in this tv channel !! ((I die a happier man knowing that i did not betrey my country & Buddhism))

    Well-loved. Like or Dislike: Thumb up 5 Thumb down 0

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.