ඉස්ලාම් ආගම ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීමේ අරමුණින් පකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි මුස්ලීම් මූලධර්මවාදීන් කණ්ඩායමක් (ශ්‍රී ලංකාවේ සිටින සාමාන්‍ය මුස්ලීම් වරු මෙවැනි දේ නොකරයි) බුදු දහම විකෘති කරමින් “රා බුද්ධා” නමින් ආගමක් ප්‍රචාරය කරන බව මේ දිනවල අසන්නට ලැබෙයි. මොවුන් පවසන ආකාරයට හඳ දෙස බලාගෙන සිටීමේදී තමන්ගේ ඕනෑම ආගමක ආගමික ශාස්තෘවරයා සමග සම්බන්ධ වීමට හැකි බව පවසයි. එලෙස සම්බන්ධ වී තම ලෞකික අවශ්‍යතා තම ආගමේ ශාස්තෘ වරයාට පවසා ඉටු කර ගත හැකිලු
බලන්න මෙය කළ හැකිනම් මොන තරම් අපූරුද? “බුද්ධා” නම් පදය මෙයට ගාවාගෙන ඇත්තේ බුදු දහම ගැන ප්‍රමාණවත් දැණීමක් නොමැති බුද්ධාගම්කාරයින්ව මෙයට එකතු කරගැනීමේ කූඨෝපායක් වශයෙනි.
“බුද්ධ” නම් පදය දුටු සැනින්ම කිසිදු සැක බියක් නොමැතිව එයට දොහොත් මුදුන් දී වැඳීමට පුරුදු වී ඇති අප බොදුනුවන් ව බහුල වශයෙන් අන්‍යාගම්කරණය කිරීමට යොදාගන්නේ මේ උපායයි. මේ දිනවල එවැනි කල්ලි ගණනාවක් ඇත. මෙය ඔබට එතරම් දෙයක් නොවුනත් තව කාලාන්තරයකින් පසුව එළඹෙන මෛත්‍රී බුද්ධ ශාසනය දැන් පහළ වී ඇතැයි සිතන අය 2000 කටත් වඩා ශ්‍රී ලංකාවේ සිටින බව ඔබ දන්නවාද? මෙහි භයානකත්වය වන්නේ මුදලට ගිජු වූ චීවරධාරීන් කීප දෙනෙකුද මීට සම්බන්ධ වී සිටීමයි. මෙම අන්තවාදී කල්ලිය ගැන සම්පූර්ණ තොරතුරු මෙම වීඩියෝ නැරඹීමෙන් දැනගන්න පුළුවනි.
සම්පූර්ණ ආගමික නිදහසක් ඇති ශ්‍රී ලංකාවේ ඕනෑම කෙනෙකුට ඇවිත් ඕනෑම නාඩගමක් නැටීමට ඉඩ දී තිබීම නිසා නුදුරු අනාගතයේදී මෙවැනි මතවාදයන් තුළින් බෞද්ධයින් බේදබින්න වී ගිය දාක කරගත් මෝඩකම වැටහීමේදී ලක්වැසියන් ප්‍රමාද වී තිබීමට ඉඩ ඇත. දඩාවතේ යන ආගමික නිදහස දිය යුත්තේ සියලුම බෞද්ධයින්ට බුදු දහම ගැන සම්පූර්ණ අවබෝධයක් තිබේනම් පමණි. සිංහල භාෂාව පවා 40% පමණ අසමත් වන පුද්ගලයින් සිටින රටක බුදු දහම සියල්ලන්ටම කියා දීම ලේසි නැත. නමුත් ඉතාමත් සරළ ඉගැන්වීම් තිබෙන සහ ලෞකික ජීවිතයට බොරු පොරුන්දු දෙන ආගම් වලට එවැනි නූගතුන් නැඹුරු වීමේ සම්භාවිතාව වැඩිය. එය එසේ වූ පමණින් අන්‍යාගමිකයින්ට බුද්ධියෙන් හීන බුද්ධාගම්කාරයින්ට (බෞද්ධයා බුද්ධියෙන් හීන නැත) ඒ ආගම් වලට ගන්නා තෙක් රජය කට ඇරගෙන සිටිය යුතුයි කියන්නෝ එවැනි අන්‍යාගමික අන්තවාදීන්මය.
පොඩි උදාහරණයකින් මෙය පැහැදිලි කිරීමට මට අවසර; සතුන්ට නිදහස දිය යුතුය, මහ මග යන සුනඛයින්ට නිදහසේ මහ මග යාමට අවසර තිබිය යුතුය. එනිසා පාරේ යන සුනඛයින්ව මරා දැමීම මහින්ද ජනපතිතුමා විසින් මීට වසර කීපයකට පෙර තහනම් කරන ලදී. නමුත් ප්‍රශ්නය වන්නේ ජලභීතිකාව සෑදුනු සුනඛයෙන් දුටු දුටුවන් සපා කමින් පාරේ යනවානම් අප කුමක් කළ යුතුද යන්නයි. සත්ව නිදහස කියමින් ඌට නිදහසේ මගීන්ව සපා කමින් යාමට ඉඩ දිය යුතුද? නැතහොත් වෙඩි තබා මරා දැමිය යුතුද? මගේ අදහස අනුවනම් ඒ දෙකම වැරදිය. කළ යුතු වන්නේ අර සුනඛයාව අල්වා හොඳට ආහාරාපානාදිය දී නිරෝධාගාරයක තැබීමයි. එමෙන්ම පසුව ජලභීතිකාව නොසෑදෙන ලෙස අනෙකුත් සියලුම සතුන්ට එකවර එන්නත් කර තිබීම සුදුසුය. එම එන්නත් නිපදවීමට හැකි එකම ස්ථානය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවයි. නමුත් කරුමය වන්නේ මුදලට ගිජු අපගේ දේශපාලඥයින් කිසියම් පක්ෂයක් ආණ්ඩුව පෙරලන්න හැදුවොත් පමණක් ඇහැරෙමින් මර නින්දක සැතපී සිටීමය.
![buddha-moon[1]](http://sinhalabuddhist.com/wp-content/uploads/2011/03/buddha-moon1.jpg)

This video explains who make such types of religions…
http://www.youtube.com/watch?v=ptjUhuv90vs
Agreed !