ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රුක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

තමන් ලැබු දිවි පවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් නුඹෙන් පුතේ
මෙ ලොවට කිසි පලක් නැතේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

මුස්ලීම් වරයෙක්ගේ බෞද්ධ ඡන්ද ප්‍රචාරක දැන්වීම

උපුටාගැනීම: www.gossiplankanews.com/2011/03/buddhist-promo-by-muslim-candidate.html

මුස්ලීම් ජාතිකයාගේ ඉහත දැක්වෙන ඡන්ද ප්‍රචාරක දැන්වීම දකින විට අපිට පහත ප්‍රශ්න ඇති වේ. මේ ගැන වෛර සිතිවිලි ඇති කරගන්නේ නැතිව ඒවා ගැන සිතා බැලීම හෝ හැකි යමක් කිරීම ඔබට බාරයි.

  1. “මෙම නිවසට බුදු සරණයි” යනුවෙන් දැක්වෙන පරිදි ස්ටිකරයක් බෙදා හැරීම වරදක් නොවේ. එය මුස්ලීම් ජාතිකයෙක් කිරීමද වරදක් නොවේ. එය යහපත් ප්‍රවණතාවයකි. නමුත් ප්‍රශ්නය වන්නේ ඡන්ද ප්‍රචාරක දැන්වීම් සඳහා බුදු රුව හෝ දළදා මාළිගාව යොදා ගැනීම උචිතද? බුදුදහම යනු මැතිවරණ අපේක්ෂකයින්ව ප්‍රචාරය කිරීමට යොදා ගත හැකි අලෙවි උපායක්ද (marketing strategy)? අලෙවිකරණයට මෙතුවක් කල් යොදා ගත්තේ ආදරය සහ මව් සෙනෙහස වැනි ඉතාමත් සංවේදී දේවල් වන අතර එහි නවතම ප්‍රවණතාවය බුදු දහම යොදා ගැනීමද?
  2. මෙය යොදා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට විතරක් මඩ ගැසීමට සමහරුන් උත්සාහ දරයි, නමුත් ප්‍රශ්නය වන්නේ විපක්ෂ වලින්ද මේ දේවල්ම කර තිබීමය. මෙය දකින විට මට මතක් වූයේ වරක් සරත් ෆොන්සේකා මහතා පළ කර තිබූ දැන්වීමකි. මේවා නිවැරදිද? ඉතින් මේවා එක් පක්ෂයක විතරක් වැරදිද, නැතහොත් සමාජයම ඕනෑම දෙයක් විකුණාගෙන කන ජාතියේ අලෙවිකරණයකට යට වීමද?
  3. ඉස්ලාම් භක්තිකයෙක් පටු අරමුණු වලින් තොරව බුදු දහම සම්බන්ධ දේවල් පළ කිරීම අපිට ගැටළුවක් නොවේ. නමුත් ඉස්ලාම් ධර්මය අකුරටම පිළිපදිනවා කියන ඒ උදවිය වෙනත් ආගම් වල දේවල් පටු අරමුණු සඳහා යොදා ගැනීම ඉස්ලාම් වලට අනුව “හලාල්” ද?
  4. දළදා මාළිගාව හා බුදු රුව දක්වා මෙම නිවසට බුදු සරණයි කියන්නේ දළදා මාළිගාවට බුදු සරණයි යන්නද? එසේ කියන්නේ ඇයි? එයට මෙතුවක් කල් බුදු සරණ නැද්ද?
  5. මුස්ලීම් අයට බෞද්ධ ඡන්ද ගැනීමට බුදු දහම යොදාගනෙ ඡන්ද ප්‍රචාරය කිරීමට හැකිනම් ඒ ආකාරයටම බෞද්ධ අයට මුස්ලීම් වරුන්ගේ ඡන්ද ගැනීමට ඉස්ලාම් ධර්මය යොදා ගත හැකිද? එසේ කිරීමට මුස්ලීම් වරු ඉඩ දෙනවාද? ලඟදී තහනම් වූ ඉරාජ් ගේ ගීතය තහනම් වීමට ප්‍රධානතම හේතුව වූයේ ඉස්ලාම් වල “සලාත්” කිරීමක් ඉන් ඇසීම සහ “මස්ජිඩ්” එකක් එහි පෙන්වීම නේද? ගීතයකට ඉස්ලාම් යොදා ගැනීම තහනම් කර ඇති ඔවුන් ඡන්ද දැන්වීම් වලට බුදුරුව යොදා ගන්නේ කුමන පදනමින්ද?
  6. බෞද්ධයින්ට අනෙකුත් ආගම් වල දේවල් ලාභාපේක්ෂාවෙන් යොදාගැනිම තහනම් වුවද, සර්වාගමික සංකල්පය හරහා අබෞද්ධයින්ට බුදු දහම පටු අරමුණු සඳහා යොදා ගැනීමට සම්පූර්ණ නිදහස ඇති බැවින් මෙයත් 2600 ශ්‍රී සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසීමේ තවත් උපායක්ද?
  7. මෙය මුස්ලීම් ජාතිකයින් සිටින නිවාස වලට බෙදන්නේ නැත්තේ ඇයි? එමෙන්ම ඉස්ලාම් දහම යොදාගෙන ඔහු ඡන්ද ප්‍රචාරය කරන්නේ නැත්තේ ඇයි?

අවසාන වශයෙන් අපිට කීමට ඇත්තේ බෞද්ධයින්ට බුදු දහම රැක ගැනීමට පෙරට පැමිණීමේ කාලය එලඹ ඇති බවයි. බුදු දහමේම දැක්වෙන ධර්මය යොදාගෙන එලෙස කිරීම අනවශ්‍ය බව සහ පැත්තකට වී උපේක්ෂාවෙන් බලා සිටීම සුදුසු බව කියන අයට පෙර ලිපියෙන් ඒ ගැන උත්තර දී ඇත.

1341
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

8 comments to මුස්ලීම් වරයෙක්ගේ බෞද්ධ ඡන්ද ප්‍රචාරක දැන්වීම

  • RUSIRU

    This isn’t gud at all men !

    Thumb up 0 Thumb down 0

  • Janaka

    Ada me hamadeyakma wela thiyenne hamuduruwange konda pana nathi kama nisa.hamuduruwan ada golu wela.ee wageema ratee thiyena badajahara deesapalanaya nisa thamai me dee apita wela thiyenne.2025 wenakota lankawa muslim ratak wenawa.ada ape ratee inna hamuduruwo tika nikan pilima wage witharai.bauddagama lankawa thula pathuruwanna uwamanawak nehe.ada parliament ekata ringala inna sangaya wahanseela tika monawada karala thiyenne ,,mee ratata?…maha nayaka nahimiyanta honda CAR ekak janadi pathi dunnama katawaha ganna yugayak meeka……eeta passe an agam walata baninawa,bauddayanwa wena agam walata bandawa gannawa kiyala,,,,,,

    Thumb up 0 Thumb down 0

  • aroshi

    me kiyana budu dahama hamudula wikunagena kanne nadda?pansal kiyala kadawal dagena dayaka mudal walin sura sapa widinne nadda.pinata labena salli ganunta wiyadam karanne nadda?pansal wala thiyenne anithyaya da sura sapada????????

    Thumb up 0 Thumb down 1

    • එවැනි ස්ථානයන් ඇත්තේ සුළුතරයක් පමණි, නමුත් ඒවා ට මාධ්‍ය මගින් විශාල ප්‍රසිද්ධියක් ලැබීමෙන් අධිසාමාන්‍යකරණය වී ඇත. එසේම එවැනි තැනක විශාල ලෙස බුද්ධ දේශනාවන් උල්ලංඝනය කෙරෙයිනම් ඒවා තව දුරටත් බෞද්ධ පන්සල් නොවේ.

      Thumb up 1 Thumb down 0

  • Priyantha Liyanage

    ශරියා ඉස්ලාම් නීති වලට අනුකූල අධිකරනයක් මෙහි පිහිටුවීමට යන බවට තිබෙන කථා සත්‍යද? නීති කෙටුම්පත් කරලා ඉවරයි කියා කියනවා.

    Thumb up 0 Thumb down 0

    • ඉස්ලාම් නීතියට අනුව නඩු අසන වෙනමම ඉස්ලාමීය අධිකරණ 58 පිහිටවීමට කටයුතු කර ඇති බව සත්‍යයක්. ඒත් ඒවා සම්පූර්ණයෙන්ම ශරියා නීතියට අනුව නඩු අසන බවට රජය ප්‍රකාශ කර නෑ. අනික් අතට ශරියා නීතිය තවම ශ්‍රී ලංකාවේ සම්මත නීතියක් නෙමෙයි. ඉතින් ශරියා නීතියේ කොටසක් යොදා ගනිමින්ලු නඩු අසන්නේ. http://www.gossip9.com/2010/11/blog-post_20.html <<මෙතනින් මේ ගැන වැඩිදුර කියවීමට පුළුවන්.

      නමුත් මෙතන ප්‍රශ්න කිහිපයක් තිබෙනවා.

      [1] ඉස්ලාම් නීතිය යනු ශරියා නීතියයි. ඉස්ලාම් නීතියට අනුව නඩු අසනවා යනු ශරියා නීතියට අනුව නඩු ඇසීම නේද? ඉතින් ශරියා නීතිය සම්පූර්ණයෙන්ම යොදා ගන්නවාද, නො එසේනම් කොටසක් විතරක් යොදා ගන්නවාද? එය කුමණ පදනමින්ද?
      [2] බිරිඳන් 4 ක් තබා ගත හැකි යැයි කියන කොටස දැනටමත් භාවිතා වෙනවා. එත් ගල් ගසා මරා දැමීම් තවමනම් නෑ. ඉතින් එම නීතියේ කොටසක් විතරක් භාවිතා වෙන්නේ අනික් ඒවා නුසුදුසු නිසා විය යුතුයි. කොටසක් විතරක් නුසුදුසු නීතියක් භාවිතා කරන්නේ කෙසේද?
      [3] දැනට කොටසක් විතරක් යොදා ගන්නා ශරියා නීතිය ඉදිරියේදී සම්පූර්ණයෙන්ම යොදා නොගනීද? දැනටමත් මේ සඳහා ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා.
      [4] ජනපති තුමා කියා හිබෙනවා “අද උතුරේ සිට දකුණටම ඇත්තේ එකම නීතියක්” බව. ඒත් මුස්ලීම් අයට වෙනමම නීතියකුත් දෙමළ අයට තේසවලාමේ වැනි වර්ගවාදී නීතියකුත් තිබෙනවා. ඉතින් මේක හතර බීරි කතාවක් නේද?
      [5] මුස්ලීම් අයට වෙනමම නීතියක් දීම යනු මුස්ලීම් අය සිංහල අයට වඩා වෙනස් අය බව රජය පිළිගැනීමයි. දේශපාලඥයින් කියනවා අපි ඔක්කොම ශ්‍රී ලංකා, අපිට වර්ගබේධ නෑ කියලා. ඒත් මුස්ලීම් අයට වෙනමම නීතියක් දීමෙන් වර්ගවාදය වපුරන්නේ රජයම නේද? මෙහිදී වර්තමාන රජය මෙන්ම එජාප රජය කාලයේද මුස්ලීම් නීතිය තිබුන නිසා මේ ඔක්කොම අය ජාතිවාදයට වක්‍රාකාරව සහයෝගය දෙන බව කිව යුතුයි.
      [6] කිසියම් සිංහලයෙක් “මම සිංහල” යැයි කී විට “අන්න ඌ ජාතිවාදියා” කීමට තරම් සමහරුන් බුද්ධිමත් වී ඇති යුගයක මුස්ලීම් අයට වෙනමම නීතියක් යොදා ගනිමින් මුස්ලීම් අයට සිංහලයින්ට වඩා වෙනස් ලෙස නීතිය යොදා ගැනීමෙන් සිදුවන වර්ගවාදය ගැන ඒ අය මුනිවත රකියි.

      Thumb up 2 Thumb down 0

  • Chaaminda

    එක එක පුද්ගලයාගේ සැබෑ අරමුණු මොනවාදය් හරියටම කීම ඉතා අසීරුයි. එහෙත්, මට පෙනෙන ආකාරයට නම් පොදුවේ ගත් විට මුස්ලිම් චන්ද අපේක්ෂකයෙකු ් බොදුනුවකුගේ නිවසකට බුදු සරණ පතන්නේ නම් හුදෙක් චන්දය ලබා ගැනීමේ උපායක් ලෙස මිස බෞද්ධ සංස්කෘතිය පිලි ගන්නා නිසා වත්, එය අගය කරන නිසා වත් නොවේ.

    එක හරියටම කියනවා නම් බටහිර සුපිරි බලවතුන් යටි අරමුණු හේතුවෙන් අන් රටවල “ප්‍රජාතන්ත්‍රවාදය” අගය කරනවා වගේ වැඩක්.

    Thumb up 0 Thumb down 0

  • sandu upekha

    this is the time to get together and think about our nation….

    Thumb up 1 Thumb down 0

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.