බියගලුකම නිවට කමයි
එය නැති නම් පිරිමිකමයි
සිංහල සිතුවිලි මෙහෙමයි
පුත නඹටත් එය උරුමයි

එබඳු උතුම් ලංකාවේ
දුසිරිත් දසතින් බෝවේ
මේ ගැන වැඩ කළොත් ලොවේ
උඹෙත් මගෙත් නම කියවේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

සෑම සිංහල බෞද්ධයෙක්ම ශ්‍රවණය කළ යුතු දේශනාවක්

පූජ්‍ය මාවරලේ භද්දිය හිමි යනු ඉතා වටිනා යුග මෙහෙවරක් කිරීමට ජාතියේ පිනටම පහල වූ බුද්ධපුත්‍රයාණන් වහන්සේ නමකි. බුදු දහමේ ඉගැන්වෙන ලෝකෝත්තර තත්ත්වය සහ ලෞකික දිවිය පටලවමින් ඊනියා “ලෞකික ශ්‍රී ලාංකිකයින්” විසින් සිංහල ජාතිය සහ බුද්ධ ශාසනය රැක ගනීම නිශ්ඵල දෙයක් යැයි දෙසාබාන අවධියක මුන්වහන්සේගේ දේශනා ජාතිය නැවතත් අවදි කරවීමකි. වසරක් පමණ පැරණි දේශනයක් වුවද රට ජාතිය පැත්තෙන් ගත් කළ තවමත් මෙහි වටිනාකම අමිලය. හුදු ධර්ම දේශනාවක් නොවන මෙය ජාතිය එළඹ ඇති අවාසනාවන්ත තත්ත්වයත් ඉන් ගොඩ යාමත් පිළිබඳව වටිනා උපක්‍රම රැසක් කියා දෙන සෑම සිංහල බෞද්ධයෙක්ම ශ්‍රවණය කළ යුත්තකි. මෙහි පළමු වීඩියෝවේ තිබෙන්නේ ආරම්භක උත්සවය වන අතර දෙවන වීඩියෝවේ සිට ඔබට දේශනය ශ්‍රවණය කිරීමට පුළුවන.

මෙහිදී අවධානයට ලක් වූ ප්‍රධානතම කරුණු 3 දක්වීමට අවසර:

  1. ජාතියේ සතුරන් විසින් කුල වාදය හරහා සංඝ සමාජය අතරතුර මෙන්ම ගිහි සිංහලයින් අතරද බේධ බින්න ඇති කිරීම. මෙහෙම බේධ වුනොත් කුමක් වේද?
  2. සිංහල ජාතියට දරුවන් අහිමිවීම. දැනට සිංහලයින් රටේ බහුතරය වුවද ඒ බහුතර සිංහලයින්ගෙන් 68% ක් පමණ මැදි වියද ඉක්මවූ නැවත දරුවන් බිහි කිරීමට නොහැකි අයයි. ඉතින් නුදුරේදීම සිංහලයින් සුළුතරය වේවිද?
  3. සිංහල ජාතියට ඉපදුනු දරුවන්ව කාමාතුරයින් වශයෙන්ද, මත්ලෝලීන් වශයෙන්ද, සූදුකරුවන් වශයෙන්ද වැනසවීම හරහා ජාතියේ අනාගතයට කුමක් වේද?

ඉහත ප්‍රශ්න වලට ජාතියක් වශයෙන් සිංහලයින් මුහුණ දීමට අවශ්‍ය ආකාරය පිළිබඳව වැදගත් පණිවිඩ රාශියක් ඉහත පූජ්‍ය මාවරලේ භද්දිය හිමිගේ දේශනාව හරහා ලබා ගත හැකිය.

1386
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

14 comments to සෑම සිංහල බෞද්ධයෙක්ම ශ්‍රවණය කළ යුතු දේශනාවක්

  • duminda ranchagoda

    මුළු මහත් සමාජයට යහපත් පණිවිඩයක් ගෙන ඒමට “එකමුතුව “මගින් අවස්ථාවක් ලැබීම මහත්කොට සලකමි ..විදේශයක රැකියාව කරන අප computer /අන්තර්ජාලය මගින් සෑම මොහොතකම අපේ මවුබිම වෙත නෙත් යොමාගෙන සිටි ..ඒ පින් බිමේ වටිනා කම අපට බොහෝවිට දැනෙන නිසා විය යුතුය …රූපවාහිනි නාලිකාවලින් ප්‍රචාරය වන telidrama නරබා අප ලබන මානසික සහනය අපමණය ..ඒ වෙනුවෙන් එයට දායක වෙන සැමටම අප තුති පුද දෙන්නෙමු …නමුත් සමහර නාලිකාවලින් ප්‍රචාරය වන telidrama කුමන අරමුණක් උදෙසා නිර්මාණය කර තිබේද යන්න පුදුම සහගතය …උදාහරණයක් ලෙස සිරස නාලිකාවේ ප්‍රචාරය වන “ආදරේ අහස තරම් “ටෙලිනාට්ට්ය ආරම්බයේදී අප සැමට එකට හිදගෙන නැරබීමට හෙකිවිය ..නමුත් දැන් දැන් එය මගින් පෙන්වන දෙය වැඩිහිටියකුට උවද නැරබීමට නොහෙකි තත්වයක් පවතී …එම telidrama එක පුරාවටම සමාජයට දෙනු ලබන්නේ අසංවර අදහස් පමණි …කසිප්පු බොන්නට එන මිනිසුන්…අන්සතු අබුවන් කර එන මිනුසුන් …පාතාලයේ කෙරුමන්ගේ කෙරුමන් …ගරු සරුවක් නැති කතා විලාසය ….දිනපතා ප්‍රචාරය වන මේ දේවල් කුඩා දරුවන්ගේ ග්‍රහණයට අසු උවහොත් අපේ සිංහල බෞද්ද රටේ අනාගතය කෙසේ සකසා ගත හැකිද කියා සැකයක් පැන නගී ….මෙම telidrama හදන මහතුන් ඔවුන්ගේ නිදහසට කියන්නේ telidrama අවසානයේ වැරදි ලෙස ජීවත් උන අයට දඩුවම් ලබාදෙන අයුරුද පෙන්වන බවය …එහෙත් එම දඩුවම් ලැබෙන කොටස විනාඩ දහයකට පමණක් සිමාවෙනු ඇත…සමහරවිට එම කොටස නැරබීමට නොහෙකිවනු ඇත …අවුරුද්දේ දිනපතාම වැරදි අදහස් /වැරදි දර්ශන නරබන කුඩා දරුවාගේ සිතේ තැන්පත් වන්නේ වැරදි දර්ශනයන්ය කසිප්පු විකුණන ලතා අක්කා/ලතා අක්කගේ නරක වචන සමාජයට සාමාන්‍ය දෙයක් බවට පත් වී හමාරය …දිනෙන් දින වැඩෙන දරුවා/ වැඩි හිටියගේ මනස ලතා අක්කලගේ චරිතය සාමාන්‍ය දෙයක් ලෙස දකින්නට පෙළබුනොත් අපේ සිංහල බෞද්දයගේ ඇති හරය කුමක්ද ?????සිරස රුපවාහිනිය ඉතාමත් අගන වැඩසටහන් ප්‍රචාරය කරන අතර telidrama පැත්තෙන් ගත්කල ඔවුන් ප්‍රචාරය කරන බොහෝ කතන්දර සමාජයට ගෙන එන්නේ වැරදි පණිවිඩයන් බව මගේ හැගීමය …විශේෂයෙන් දරුවන් සමග එකට වාඩිවී නැරබීමට නොහෙකි ඒවා වීම විශේෂය ,…බෞද්ද සමාජයකට ආදරය කරන අප නොපෙනෙන මර උගුල් ලෙස මේ සියල්ල දැක ගත යුතුය …රටක් සමාජයක් සුමගට ගැනීමට වචනයකින් හෝ දායකත්වයක් ලබා දීමට මා උත්සහ දරන්නේ මුළු මහත් සමාජයටම ආදරය කරන මිනිසෙක් ලෙසින්මය …ඔබ සැමට තෙරුවන් සරනෛ….

    Thumb up 3 Thumb down 0

  • duminda ranchagoda

    මම සිංහල බෞද්දයෙක් වන අතර මුළු මහත් සත්ව වර්ගයාටම ආදරය කරන මිනිසෙකි ….මෙම දර්ම දේශනාව කාලින වශයෙන් ඉතාමත් වැදගත් වන අතර බුද්දිමත් අයට ගත හෙකි බොහෝ දේ ඇත ….අද වන විට ලෝකය බොහෝ දේ වෙනස් වී ඇති අතර ජාති ආගම් වශයෙන් බෙදුන මිනිසා මිනිස් සංහතියේම විනාශය ලගා කර ගන්නේ පුදුම උපදවන අන්දමින්ය ….බුදු දහම යනු මිනිසාගේ පැවැත්මට ප්‍රායෝගික ලෙස බාවිත කල හෙකි අසම සම දහමකි …බුදු දහමේ හරය ලොවට ගෙන යාම වෙනුවට අද සිදුවන්නේ අස්සරවත් දෙයක් සමාජ ගත කිරීමය …යුරෝපිය ජනතාව බාවනාවන් මගින් සිත් නිවා ගත හෙකි බවත් …සිත දමනය කිරීම මගින් මුළු ජීවිතයම සුවදායක කරගත හැකි බවත් පුන පුනා සමාජයට ඒත්තු ගැන්වීමට උත්සහගනී …බුදුන් වහන්සේ දෙසු ගැබුරු දහම බිම තබා අනවශ්‍ය දේවල් හිස තබා ගනිමින් අපේ බෞද්දයා බුදුදහමට කරනා විනාසය සුළුපටු නොවේ …අපේ රටේ සිංහල බෞද්ද්යාගෙන් පැවැත එන පරම්පරාවම එදිරියට ගෙන යාමට දරන උත්සාහයට අප එක සිතින් එකග වෙමු …නමුත් ස්වාමින් වහන්සේ පවසන දෙය තේරුම් ගැනීමට තරම් මොලයක් නැති උන් කරනුයේ තව තවත් බෙදා බින්න වෙන තරමට වැඩ කිරීමය ..එම නිසා බෞද්දයකු /සිංහලයකු ලොව පවතින තාක්කල් පැවතීමට ගතයුතු හොදම ක්‍රියාව ලෙස මා දකින්නේ බුදු දහම පෙන්වා දී ඇති යහපත් මාර්ගය කුඩා කල සිටම දරුවන්ගේ සිත් තුලට කා වද්දීමය …බුදු දහමේ හරය තේරුම් ගත කිසිවකු එය හැර යන්නේ නැත හැර යා යුතුද නැත ..මන්ද බුදු දහම යනු මනුෂ්‍යයන්ගේ දහමකි…පන්සලේ හාමුදුරුවන් බණක් දේශනය කරනවිට බුදු දහමේ හරය ගෙනහැර දක්වන්නේනම් ..අපේ සිත සුවපත් කරගන්නට බුදුන් වහන්සේ දෙසු දහම හරි හැටි පෙන්වා දෙන්නේ නම් අපේ රට පමණක් නොව මුළු ලොවටම බුදු දහමේ සිසිලස ලබා ගැනීමට වාසනාව උදාවන්නේය

    Thumb up 1 Thumb down 0

  • amila rajakaruna

    please kindly let me know how to contact this EKAMUTHUWA organization and GAURAWANEEYA hamuduruwan.
    thanks.Amila Rajakaruna

    Thumb up 0 Thumb down 0

  • Nadun Dissanayake

    මේ හාමුදුරුවෝ The Buddhist Channel එකේ බණ කියනවා.. මම බලනවා.

    Thumb up 0 Thumb down 0

  • dilandamith

    How can I download this video. I need help for the download this programme.

    Thumb up 0 Thumb down 0

  • Helaya

    හැකිනම් මෙම විඩියෝ දෙකත් ප්‍රසිධද කරන්න කාලීන දේශනාවකි

    http://www.youtube.com/watch?v=5ak5K4M3X2c&feature=related

    http://www.youtube.com/watch?v=4zMUIGI2yRM&feature=related

    Thumb up 0 Thumb down 0

  • වීර පුතා

    භද්දිය ස්වාමීන් වහන්සේට අපි ණයගැතියි! මේ කරන සේවයට.
    මේ දේශනා හැම කෙනෙක් අතටම යන්න ඕන. මේ දේශනා රැසක් එකතු කරල CD හෝ DVD විදියට මිනිසුන් අතරට යවන්න පුලුවන්නම් තවත් බොහෝ පිරිසක් අතරට මෙම අමිල උපදෙස් ලබාදෙන්න පුලුවනි.

    “සංකල්පනා” කිව්ව වගේ මෙම දේශනා එකින් එක ගෙන අදාල දේශනාවේ සාරාංශය සමගලාලුත් ලිපියක් විදියට දාන්න පුලුවන් නම් මෙම දේශනා තවත් වැඩි පිරිසක් අතට පත් කරන්න පුලුවන්. එය භද්දිය ස්වාමීන් වහන්සේට කරන ගෞරවයක්ද වනවා. මම මේ ගැන රංග ජයවර්ධන මහත්මාගේ අදහස දැන ගැනීමට කැමතියි.

    Thumb up 2 Thumb down 0

    • වීර පුතා

      නිවැරදි කිරීම :
      දේශනාවේ සාරාංශය සමග අලුත් ලිපියක් විදියට

      Thumb up 0 Thumb down 0

    • @වීර පුතා, ඔබතුමා පැවසුවේ ඉතාමත් වැදගත් දෙයක්. මා දන්නා මිත්‍රයෙක් යුටුයුබ් යොදාගනිමින් වීඩියෝ නිර්මාණය කරනවා. මම එතුමාට කියන්නම් මේ දේශනාවද ගෙන සංස්කරණය කර විනාඩි 10 වීඩියෝ දෙකකට පමණ සීමා වූවක් පුළුවන්නම් සාදන්න කියලා. එවිට එය ජංගම දුරකථන හරහා වුවද බෙදා හැරීමට හැකි වේවි. ඒ අතර අපි ඉදිරියේදී මෙම දේශනාව කොටස් වශයෙන් ලිඛිතව පළ කරන්නම්.

      Thumb up 1 Thumb down 0

  • සංකල්පනා

    මේක සිංහල බ්ලොගර්ස් වල සහෝදරයෝ ගොඩක් අහන්නම ඕනේ. ඒ නිසා මේහි ඇති වීඩියෝ කොටස් 8, 8 වරකට පල කරන මෙන් ඉල්ලා සිටිමි. එවිට අඩුම තරමේ 50% සහෝදරවරුන්ට මේ පණිවිඩය යාවි. එකෙකුගේ දෙන්නෙකුගේ වත් ඇස් ඇරේවි.

    නැතිනම් මෙය නොවැදගත් බ්ලොග් ලිපි සමූහය යවත්කාලීනවෙනවාත් සමගම යටටම ගොස් අවධානයෙන් මිදීයාවී. එබැවින් මෙය දින 8කදී වීඩියෝ (8 parts) වෙන වෙනම ප්‍රසිද්ධ කරන්න.

    ඔබලා හා සම්බන්ධ විය හැකි යම් ඊමේල් ලිපිනයක් වත් ඇත්නම් කරුණාකර පුද්ගලිකව හෝ ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.

    Thumb up 0 Thumb down 0

    • ඔබගේ උපදෙසට බොහොම ස්තුතියි මිතුර. ඒ අනුව මෙම දේශනාවේ ප්‍රධාන කොටස් 5 ක් (අවසාන කොටසේ කරුණු 3 සහ මුල් කරුණු 2) දැකිය හැකි අතර ඒවා 5 වතාවකදී ලිපි වශයෙන් පළ කිරීමටද අපි බලාපොරොත්තු වෙමු. නිකම්ම බ්ලොග් කරුවන් වන අපි මෙවැනි දේවල් ලිනයවාට වඩා මෙවන් ප්‍රසිද්ධ තරුණ ස්වාමීන් වහන්සේ නමකගේ දේශනාවක් උපුටා දක්වමින් සහ එයද දක්වමින් ගෙනහැරපා ලිපි ලිවීමෙන් මෙම කරුණු ඉතා හොඳින් සමාජ ගත වේයැයි සිතීමට පුළුවන්.

      sinhalabuddhist.com@gmail.com

      Thumb up 0 Thumb down 0

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.