තවුසකු සේ ඇඳ පළඳා
පඬුවස්දෙව් මහ රාජිඳා
මාකඳුරින් ගොඩ බට දා
මඟුලක් වී ලක මුළු දා

ලස්සන මෙන් මහ පොළවේ
අනුරාපුර ඉදි කෙරුවේ
දොරමඬලේ කුමරිඳු වේ
උඹට පුතේ සුව එළවේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

බුදුරදුන්ට අපහාස වන ලෙස “අරහං” යන වචනය වැරදියට යොදාගන්නේ ඇයි?

වර්තමානයේදී “අරහං” යන පදය සමහර උදවිය යොදා ගන්නේ තමන්ට අකමැති දෙයක් ගැන කීමටයි. උදාහරණ ලෙස “මට ඕවා අරහං” ලෙස සමහර උදවිය පවසන ආකාරය දක්නට ලැබේ. නමුත් “අරහං” යනු බුදු දහමේ පූජනීය පදයකි. එනම් “අරහං” යනු බුදුගුණයකි. මෙන්න එහි තේරුම:

රහසත් පවු නොකොට
කෙලෙසරයනුත් දුරු කොට
නිසි වූයෙන් පුදට
අරහ යැයි නම කියති මුනිඳුට

බුදු රජාන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරුවූ හෙයින්ද, සියලු කෙලෙසුන් නැසූ හෙයින්ද සංසාර චක්‍රයෙහි සියලු රාගාදී සිඳ දැමූ හෙයින්ද (සංසාර චක්‍රයේ අර සිඳලූ හෙයින්ද) රහසින්වත් පවු නොකල හෙයින්ද , සියලු පූජාවන්ට සුදුසු විය. එබැවින් උන්වහන්සේ “අරහං” නම් වන සේක.

එමෙන්ම “අරහං” යන බුදු ගුණය මෙලෙස කෙටියෙන් දැක්වුවද එය සම්පූර්ණයෙන් පැහැදිලි කර අවසාන කළ හැක්කේ තවත් බුදුවරයෙකුටම පමණක් බව පත පොතෙහි දැක්වේ. නමුත් වර්තමානයේදී සමහර අය “අරහං” යන බුදුගුණය දැන්වෙන වචනය භාවිතා කරන ආකාරය අනුව එය බුදුරජාණන් වහන්සේට “බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක” ලෙස යොදා ගැනීමට පවා සමාජයට දෙගිඩියාවක් ලෙස පෙනී යාමට හැකියි.

මේ වචනය වැරදි ලෙස සමාජ ගත කරවීම බුදු දහමට එරෙහි බලවේගයන්ගේ ක්‍රියාවක්. “සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා” යන්නෙනුත් එහි මූලික සිද්ධිය ඉතාමත් විකෘති සිංහලයාට අපහාස කරමින් යොදා ගන්නා ආකාර ගැන කලින් ලිපියකින් ලිව්වා ඔබට මතක ඇති. එනිසා මෙවැනි දේවල් ගන අපි වැඩි අවධානයක් යොමු කළ යුතුයි. එමෙන්ම “අරහං” යන වචනය වැරදියට භාවිතා කරන අයව කාරුණිකව දැණුවත් කිරීම සිංහල බෞද්ධ ඔබගේ යුතුකමකි.

1261
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

19 comments to බුදුරදුන්ට අපහාස වන ලෙස “අරහං” යන වචනය වැරදියට යොදාගන්නේ ඇයි?

  • udana sen

    මෙවැනිම ආකාරයෙන් බුදු දහමට පහරක් එල්ල කරන තවත් වචනයක් තමයි “ලෝකෝත්තර” කියන වචනය.. මේක දැන් මිනිස්සු යොදාගන්නෙ කපටියෙක් යන අර්ථයෙන් කෙනෙක් හැදින් වීම සදහායි..මෙවන් වදන් සමාජයෙන් අතුගා දැමීමට කාලයයි මේ.. ස්තුතියි!

    Thumb up 2 Thumb down 0

  • ආර්ය ශ‍්‍රාවකයාගේ ස්වභාවය

    සප්පුරිස භූමිය ඉක්මවීමෙන් අනුප‍්‍රාප්ත වන්නේ ආර්ය ශ‍්‍රාවක භූමියටයි. ආර්ය භූමියට වන් ශ‍්‍රාවකයෝ ආර්ය ශ‍්‍රාවකයෝ වෙති. ඔවුහු ධුත වශයෙන් සිවු වැදෑරුම් වෙති.

    1. සෝවාන් මාර්ගස්ථ හා ඵලස්ථ
    2. සකෘදාගාමී මාර්ගස්ථ හා ඵලස්ථ
    3. අනාගාමී මාර්ගස්ථ හා ඵලස්ථ
    4. අරහත් මාර්ගස්ථ හා ඵලස්ථ

    මෙයින් මාර්ගස්ථයෝ ජීවතුන් අතර නැත්තෝය. සිටින්නෝ ඵලස්ථයෝ පමණි. ඊට හේතුව මාර්ග සිත එක් අවස්ථාවක පමණක් පහළ වන හෙයිනි. දෙවරක් පහළ නොවන හෙයිනි. මේ ආර්ය ශ‍්‍රාවකයෝ කොටස් දෙකකට ප‍්‍රභේද වෙති. එනම්

    1. සේඛ
    2. අසේඛ වශයෙනි

    ස්ඛාර්යයෝ හත් දෙනෙකි. සෝවන් මාර්ගයේ සිට අරහත් මාර්ගය තෙක් වූවෝය. අධිශීල අධිචිත්ත, අධි ප‍්‍රඥාාවෙහි ශීක්ෂණය ලබන්නෝ යන අර්ථයෙන් සේඛ නම් වෙති. අරි අටැඟි මග නමැති ශ්‍රෝතසයෙන් සමන්වාගතයෝය යන අර්ථයෙන් ද සේඛයෝ වෙති. අසේඛයෝ නම් ආර්ය මාර්ගයට බැස නිර්වාණධිගමය කළ උතුමෝ ය. එනම් රහත් උතුමෝ ය.

    අරහත් ආර්ය ශ‍්‍රවකයා

    සකල ක්ලේශයන් ප‍්‍රහීණ කිරීමෙන් ලබන ලොකුත්තරිය තත්ත්වය වන නිවනට පත් උතුමා හඳුන්වන්නේ අරහත් නාමයෙනි. පඤ්ච ඕරම්භාගිය සංයෝජන නිරවශේෂ ප‍්‍රහාණයෙන් අනාගාමී වන පුද්ගලයා රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යා යන සංයෝජන පහ සිඳලීමෙන් අරහත් වන බව අටුවාව දක්වයි.

    එහෙත් උද්ධම්භාගිය සංයෝජන ධර්ම සිඳීම පිළිබඳ විශේෂ සඳහනක් සූත‍්‍ර දේශනා තුළ නොමැත. සෝවන්, සකෘදාගාමී, අනාගාමී තත්ත්වයට පත්වීමේදී ක‍්‍රමයෙන් දස සංයෝජනයන්හි එන ඕරම්භාගිය සංයෝජන දුරුලන අයුරු සූත‍්‍ර දේශනාවල එයි.

    එහෙත් උද්ධම්භාගිය සංයෝජන සිඳීමක් ගැන නොව සියලු ආශ‍්‍රව සිඳීමක් පිළිබඳ පෙළෙහි සඳහන් වේ.

    ‘ආසවානං ඛයා අනාසවං චෙතො විමුක්තිං
    පඤ්ඤා විමුක්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා
    සච්ජිකÀවා උප සම්පජ්ජ විහරෙය්‍යන්ති’

    යන සඳහනෙන් එය පෙනේ. එහෙත් පඤ්ච ඕරම්භාගිය හා උද්ධම්භාගිය සංයෝජන පිළිබඳ ද්විධ වර්ගීකරණයක් සූත‍්‍ර වල දැක්වේ.

    Thumb up 0 Thumb down 0

  • Chanaka Lasantha Nanayakkara

    අරහත් ආර්ය ශ‍්‍රවකයා

    සකල ක්ලේශයන් ප‍්‍රහීණ කිරීමෙන් ලබන ලොකුත්තරිය තත්ත්වය වන නිවනට පත් උතුමා හඳුන්වන්නේ අරහත් නාමයෙනි. පඤ්ච ඕරම්භාගිය සංයෝජන නිරවශේෂ ප‍්‍රහාණයෙන් අනාගාමී වන පුද්ගලයා රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යා යන සංයෝජන පහ සිඳලීමෙන් අරහත් වන බව අටුවාව දක්වයි.

    එහෙත් උද්ධම්භාගිය සංයෝජන ධර්ම සිඳීම පිළිබඳ විශේෂ සඳහනක් සූත‍්‍ර දේශනා තුළ නොමැත. සෝවන්, සකෘදාගාමී, අනාගාමී තත්ත්වයට පත්වීමේදී ක‍්‍රමයෙන් දස සංයෝජනයන්හි එන ඕරම්භාගිය සංයෝජන දුරුලන අයුරු සූත‍්‍ර දේශනාවල එයි.

    එහෙත් උද්ධම්භාගිය සංයෝජන සිඳීමක් ගැන නොව සියලු ආශ‍්‍රව සිඳීමක් පිළිබඳ පෙළෙහි සඳහන් වේ.

    ‘ආසවානං ඛයා අනාසවං චෙතො විමුක්තිං
    පඤ්ඤා විමුක්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා
    සච්ජිකÀවා උප සම්පජ්ජ විහරෙය්‍යන්ති’

    යන සඳහනෙන් එය පෙනේ. එහෙත් පඤ්ච ඕරම්භාගිය හා උද්ධම්භාගිය සංයෝජන පිළිබඳ ද්විධ වර්ගීකරණයක් සූත‍්‍ර වල දැක්වේ.

    Thumb up 0 Thumb down 0

  • Thanks for clearing this simple but powerfull word, for the people who misuse it (some without knowing & some who know that they are misusing) !!

    Thumb up 0 Thumb down 0

  • Priyantha Liyanage

    Ref what SASH said;

    අරහං නම් වූ ගුණය වෑරදි ආකාරයෙන් යොදා ගෑනීම නිසා තථාගතයන් වහන්සේට එය “ප්‍රශ්නයක්” නොවුනත් ඒ වචනය කියන්නාට යම් අකුසලයක් ඈති වීමට පිලිවන්ය කියා මට හිතේ.සමහර රහතන් වහන්සේලා යම් යම් දේවල් නොකලේ එය තමන්ට වෙන පාඩුවක් ගෑන සිතා නොව එය වෑරදියට අර්ථ දක්වා අනිත් පුහුදුන් මිනිසුන් විසින් අකුසල් පුරවා ගනීයෑයි අනුකම්පාවෙනි.

    Thumb up 0 Thumb down 0

  • Priyantha Liyanage

    කාලකරාම සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දේශනා කල පරිද්දෙන් අතීත,වර්තමාන, අනාගත තුන් කාලයේදීම සියළු සත්ව ප්‍රජාව විසින් ගනු ලබන්නාවු,අවබොධ කරන්නාවු,පෑමිනෙන්නාවූ සියළුම අරමුණු උන්වහන්සේ විසින් දුටු නමුත් ඒ කිසිවක් තන්හා,මාන,දිට්ථි වශයෙන් නොගත් අතර ඒසා විශාල, පුහුදුන් අපගේ මනසට අනුමාන වශයෙන්වත් හිතා ගත නොහෑකි එවන් අරමුණු රෑසක් “දුටු” උන්වහන්සේ ඒ සියල්ල තමන්වහන්සේ දුටුවායි ප්‍රකාශ නොකොට යම් ධර්මස්කන්ධයක් තවත් ධර්මස්කන්ධයක් දෑකීමක් පමනක් ලෙසම ප්‍රකාශ කිරීමෙන්ම උන්වහන්සේගේ නිකලෙස් බවට හොදම උදාහරනයයි.

    Thumb up 1 Thumb down 0

  • Hiran Miskin

    Expanding on what SASH said, and as per ‘Brahmajala Sutta’(D.N.1).

    ”මහණෙනි, පිටස්තර උදවිය මට වුණත් අපහාස කරනවා නම්, ධර්මයට වුණත් අපහාස කරනවා නම්, සංඝයාට වුණත් අපහාස කරනවා නම්, ඒ කියුම් ගැන ඔබ විසින් තරහ බැඳගැනීම් නොකළ යුතුයි. අමනාපය ඇති නොකරගත යුතුයි. සිතේ නොකැමත්තක් ඇති නොකරගත යුතුයි. මහණෙනි, පිටස්තර උදවිය මට දොස් කියන විට, ධර්මයට දොස් කියන විට, සංඝයාට දොස් කියන විට ඒ ගැන ඉදින් ඔබ කෝප වෙනවා නම්, අසතුටු වෙනවා නම්, එයින් ඔබටමයි අන්තරායක් වන්නේ. මහණෙනි, පිටස්තර උදවිය මට දොස්කියන විට, ධර්මයට දොස් කියන විට, සංඝයාට දොස් කියන විට ඒ ගැන ඉදින් ඔබ කෝප වෙනවා නම්, අසතුටු වෙනවා නම්, එතකොට පිටස්තර උදවිය කියන දේවල් යහපත්ව කියනවාද, අයහපත්ව කියනවාද යන්න ඔබ තේරුම් ගන්නේ කොහොමද?” ”ස්වාමීනී, එය නොවේ ම යි”

    ”මහණෙනි, පිටස්තර උදවිය මට දොස් කියන විට, ධර්මයට දොස් කියන විට, සංඝයාට දොස් කියන විට ඒ ගැන ඔබ විසින් කළ යුත්තේ ‘මේ කාරණයෙන් ඕක නම් නැති දෙයක්මයි. මේ කාරණයෙන් ඕක නම් අසත්යයක්මයි. ඔය කියන දෝෂය අප තුළ නැති දෙයක්. ඔය දෝෂය අප අතර දකින්න නෑ’ කියල අසත්ය ය අසත්යතය වශයෙන් තේරුම් ගෙන ලිහා ඉවත් කිරීමයි.”

    ”මහණෙනි, මා ගැන වුණත් පිටස්තර උදවිය ගුණ වර්ණනා කරනවා නම්, ධර්මයට ගැන වුණත් ගුණ වර්ණනා කරනවා නම්, සංඝයා ගැන වුණත් ගුණ වර්ණනා කරනවා නම්, ඒ ගැන ඔබ අමුතුවෙන් සතුටු විය යුතු නැහැ. සොම්නස් විය යුතු නෑ. සිතෙහි උද්දාමයට පත්විය යුතු නෑ. මහණෙනි, මා ගැන වුණත් පිටස්තර උදවිය ගුණ වර්ණනා කරන විට, සංඝයා ගැන වුණත් ගුණ වර්ණනා කරන විට, ඒ ගැන ඔබ අමුතු සතුටක් ඇති කරගන්න ගියොත් සිත සතුටු කරගෙන උද්දාම වෙන්ට ගියොත් ඒකෙන් අන්තරායක් වන්නේ ඔබටමයි. මහණෙනි, මා ගැන වුණත් පිටස්තර උදවිය ගුණ වර්ණනා කරන විට, ධර්මය ගැන වුණත් ගුණ වර්ණනා කරන විට, සංඝයා ගැන වුණත් ගුණ වර්ණනා කරන විට, ඒ ගැන ඔබ විසින් කළ යුත්තේ මේ කාරණයෙන් ඕක නම් ඇති දෙයක්මයි. මේ කාරණයෙන් ඕක නම් සත්යබයක්මයි. ඔය කියන ගුණය අප තුළ තියෙනවා. ඔය ගුණය අප අතර දකින්නට ලැබෙනවා කියල සත්යකය සත්යසය වශයෙන්ම තේරුම් ගැනීමයි.”
    -බ්ර හ්මජාල සූත්රිය (දී.නි. 1)

    Thumb up 0 Thumb down 0

    • මිතුර, “අරහං” යන ගුණය වැරදි ලෙස යොදා ගැනීම අපහාසයක් පමණක්නම් අපට එය නොසලකා හැරිය හැක. එනමුත් එය ශ්‍රී සද්ධර්මය වැරදි ලෙස භාවිතා කිරීමකි. බුදු රජාණන් වහන්සේ ශ්‍රී මුඛ දේශනාවෙන්ම දක්වා වදාල පරිදි ශාසනය දිනෙක නැතිවන්නේ ධර්මය හා සමාන වෙනත් දේ ඉස්මතු වීමෙනි. එනිසා බුදුගුණ වැරදි ලෙස භාවිතා කිරීමට යොදාගනීම බුදුසමය වැනසීමට කැස කවන අයගේ පැතුමකි.

      Thumb up 1 Thumb down 0

      • බොදු දරුවා

        පින්වත් රංග, ඔබතුමාට බොහොම පින්. මේ සරල සත්‍යයවත් නොතේරෙන අන්ධ පිරිසකට කරුණු පැහැදිලි කිරීම ගැන.

        Thumb up 0 Thumb down 0

      • By reading all the comments, you have the most simple & clear comment !!

        Thumb up 1 Thumb down 0

  • පින්වත් සොයුර මෙවෑනි ලිපියක් ලීවාට ඔබට ගොඩාක් පින්

    Thumb up 0 Thumb down 0

  • බොදු දරුවා

    පින්වත් මිතුර ඔබට බොහොම පින්!!!
    ධර්ම දානය හැම දානයකටම වඩා අග්‍ර වන්නේය යන්න බුද්ධ වචනයයි.

    Thumb up 0 Thumb down 0

  • How come anything anyone says is an insult to Buddha? He never was bothered by insults, why would you?

    Thumb up 0 Thumb down 0

    • sam

      @Sach:Friend, Say for example your beloved mother is deaf and blind. For some reason someone is treating her in filth. You go against this,try to stop and it worry about her (Assuming the general scenario). So without knowing anything(that she is your mother) I question you why the hell you worry too much that deaf and blind woman? Will it be fare? So my friend.. you cant simply apply day to day rules for sacred things..

      Thumb up 0 Thumb down 0

      • I don’t see the connection.

        If someone treats my mother, it does harm her.

        On the other hand, some useless intentional or otherwise comments can not harm Buddha’s philosophy (I’m not much a fan of calling Buddhism a religion) one bit. How much criticism, flak, insults did Buddha cope? But he was never troubled by any. So shouldn’t you. This whole insult thing is about perspective, if you choose to not see it as insult, however much someone says things none of it would affect you would it?

        I think the best way for the so called Buddhist to protect the Buddhism is not to waste energy on useless things like this but rather try to live according to the principal of Buddhism. How many Buddhists do that these days?q

        Thumb up 0 Thumb down 0

  • මෙම කෙටි සටහන පළ කිරීමට උපදෙස් දුන් නම හෙළි කිරීමට අකමැති මිතුරාට අපගේ ප්‍රණාමය.

    Thumb up 0 Thumb down 0

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.