රුවන්මාලි සෑ තනවා
මුනි පුත් සඟ ගණ පිනවා
ගිය එ රජුන් සිහි වෙනවා
මගේ පුතා නැළවෙනවා

තුදුස් වසක් වල් වැදිලා
සිට දෙමළුන් බල බිඳලා
පුරඳුරු සිරි ඇර පාලා
ලක එක සේසත් නඟලා
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

වැලන්ටයින් දිනයේ සැඟවුනු තවත් එක් සත්‍යයක්

වැලන්ටයින් සැමරීමේ අරමුණ කුමක් වුවද එය තවත් ධනවාදී වෙළඳපොළ ක්‍රමය තුල දිවෙන ප්‍රචාරාත්මක වෙළඳ උපක්‍රමයක් බව දන්නෝ දනිති. ඇත්ත වශයෙන්ම මෙමගින් අරමුණු කරන්නේ විවාහකයින් ගැන කියන ඉතිහාසගත සිදුවීමක් සැමරීම වුවද එය ආදරවන්තයින් සැමරීම නම් අයිසින් තට්ටුව ආලේප කර රස ගන්වා තාරුණ්‍යයට දිගු කරන්නේ තවත් නත්තල් සීයා කෙනෙක්ගේ කාර්යභාරයක් කරමිනි. නමුත් මෙහි හදවත කීරි ගස්වන ඛේදාන්තයක් තිබෙන බව ඔබ දන්නවාද?

ජීවිතයේ බරපතලක් නොතේරෙන තරුණ තරුණියන් ගෙන් වැලන්ටයින් උත්සවය හරහා “කල්ල මරේ” දමා ගැනීමට ව්විධ බලවේග දත කට නියවන ආකාරය ඉතාමත් අමානුෂිකය. එහි අතුරු ඵලය වන්නේ අපගේ ජාතිය පරිහාණිය කරා ගමන් කිරීමයි. වෙලඳපොළ අරමුණු උදෙසා පුම්බන ලද වැලන්ටයින් බැලුම පුපුරන්නේ තානායම් වල සහ වෙනත් හෝටල් කාමර වලට යන නව යොවුන් තරුණ තරුණියන් තම කුමාර බ්‍රහ්මචරියාව කෙළෙසා ගනිමිනි.

ඉන් සිදුවන්නේ කුමක්ද? තව තවත් ගබ්සාවන් සිදු වීමත් එමගින් මිනිසත් බව ලබා ගැනීමට පෙරුම් පුරාගෙන ආ කිරි සප්පයින්ට දස මස ගත වීමටත් පෙරම ඇස් ඇරීමටවත් අවස්ථාව නොතබා ලෝකයේ සාහසිකත්වය පිළිබඳව තම මවගෙන්ම ප්‍රථම හා අවසාන ආදර්ශය ලබාදීමය. මෙවන් සැහැසිකම් කළ අයට “මව” යැයි කීමට සිදුවීම ගැන මට සමා වෙන්න.

අනගාරික ධර්මපාල තුමාගේ තුන් කල් දක්නා ණුවනික් කී ඒ බහුවිධාර්ථ ප්‍රකාශය හරහා ගම්‍ය වන්නේ ද වැලන්ටයින් දිනය වැනි බරහිර කසල අනුභව කරන අපගේ කළු සුද්දන් අපගේ සිංහල ජාතිය වඳ කරන බවයි. මෙය වෙන්නේ කෙසේද?

  • ප්‍රාථමිකම සිදුවීමනම් නම් අඩු වයසින් නව යොවුන් තරුණියන් ගැබ් ගැනීමත් එමගින් ගබ්සාව හරහා ඉපදීමට සිටින දරුවන් වැනසෙනවා මෙන්ම යහපත් දරු පිළිසිඳ ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි ඒ තරුණියන් ශාරීරික සහ මානසික අතින් විනාශ වීමත්ය. ඉතින් යහපත් දරු පරපුරක් ඇති වන්නේ කෙසේද?
  • එසේම වැලන්ටයින් දිනය ගැන තිබෙන ප්‍රචාරයන් දෙසවන වදින බොහෝ නව යොවුන් තරුණ උදවියට ඇතිවන ප්‍රශ්නයනම් එය සැමරීමට ආදරවන්තයෙක්/තියක් අවශ්‍ය වීමයි. ඉතින් අඩු වයසින් නොගැලපෙන ආදර අන්දර වල පැටලෙන නොදරුවන් අවසානයේදී ආදරයත්, අධ්‍යාපනයත් මෙන්ම අනාගත යුග දිවියත් කෙළෙසා ගනී.

හිතවත් මිතුර, අඹු සැමි ප්‍රේමයට අපි කිසිදා විරුද්ධ නැත. ගිහියන්ට විවාහ වී අවශ්‍ය තරම් ආදරය කිරීමට කිසිදු බාධාවක් මේ සිංහල දේශය තුල කිසිදා තිබුනේ හෝ තිබෙන්නේ නැත. නමුත් වැලන්ටයින් හරහා අපගේ ජාතියේ කොඳු නාරටියට පහර වදිනවානම් වැලන්ටයින් රකුසාගෙන් නව යෞවනය මුදවා ගැනීම අප සැමගේම වගකීමක් වනු ඇත.

1196
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

9 comments to වැලන්ටයින් දිනයේ සැඟවුනු තවත් එක් සත්‍යයක්

  • Dulantha

    අපේ රටේ තමන් කෑමති කෙනෙකුට ආදරය කරන්න වගේම තමන් කෑමති කෙනෙක් එක්ක විවාහ වෙන්න කිසිම බදාවක් නෑ. ඒ වගේම අපේ රටේ ගොඩක් අඩු වයසින් විවාහ වෙන එක ඈත අතීතයේ ඉන්දන් පිලිගෙන තිබුන දෙයක්. මේව වෑලන්ටයින්ලාගෙන් අහලා දෑනගන්න අවශ්ය නෑ. තවත් එකක් තියෙනවා කියන්න. ඒ තමයි අපෙ රටට වලන්ටයින් දිනයට වඩා කාන්තා දිනය නොගලපෙන බව. කාන්තා දිනයේදි සියලුම පුරුශ විරොදි විකුර්ති අදහස් එලියට පනින්නෙ කාන්තා විමුක්තිය හෑටියට.

    http://spiritofnature99.blogspot.com/

    Thumb up 2 Thumb down 0

  • malli

    me lipiya hariyata hari .goda kaya therenne na ,,me lipipye anthar gathaya..minissu anndaei..ape buddist ayata threnne unata passe ..ethakan ohe ennava..danata ape rate thiyena F M radio nalika …me velatine nisa hodata hamba kara gannava ……pahu giya kale ..thibuna ..love tarin..love ..plane ..vage deval valin .kale egena ganna essara vela ..adaraya karanna kenek hoya ganna …e vidiyataei …guvan viduli nalika ape punchi kollo kello ravattuve …..me lipiyata comment dana ayata vath therila na eka…ape LOUTHURA AMA MANI BUDUN VAHASE …meva hodata pahadili karala dila thiyenava …..aye amuthuven kiyala denna ona …na …ada minissu atha katha karanna akamathi ..hithata vahal vela veda karanne ………velantine …ape davasak nemei…meka adaraya vinasa karanna gena ..thavath ..eka gini goda kvitharei………..eka davasak adare karala …aurudda purama mara ganna eka …thamaei me velatine …………davase themava ……….

    Thumb up 0 Thumb down 0

  • Nuwan Umesh

    ආදරයේ මුවාවෙන් මේ වගේ කාමුක ක්‍රියාවන්ට බිලිවෙන අහිංසක සහෝදරියන් පිරිස මේ විපතෙන් මුදාගැනීමට වැඩපිළිවෙලක් සකස් කලා යුතුයි නේද?
    මා සිතන පරිදි ආදරය හා කාමුක සිතිවිලි අතර ඇති වෙනස ගැන (විශේෂයෙන් පාසල් සිසුන්) දැනුවත් කිරීම ඉතා මැනවි.

    Well-loved. Like or Dislike: Thumb up 11 Thumb down 0

  • Sanuja

    @Thilaka Oba gahaniyakda prirmiyekda nodanemi. e obe nama apehedili nisaveni. namuth ihatha lipiye “Tharuna Thruniyan” washayen depakshaya ganama katha karai. eya obata “Tharuniyan” washayen pamanak penunado kiya sithei. Thawada,adu wayasen adaraye namayen dedenek lingikawa ek vu wita gahaniyata onanam eya dooshanayak kiya pirimiya pita warada patawiya haka. Beheth pethi gila shareeraya pirisidu kalada Aathmaya pirisidu wanne natha. Thamage mawa dooshanaya uwada? Ayata thawath wadimahal daruwan siteeda? yanna maw kusa thula sitina daruwata adala natha. ema daruwage ekam ashaawa melowa eliya dakeemaya. Bahira lokaye sitina minisunnge saha samajaye waradi ema daruwa pita patawa ohuge ema ashaawa sapura ganeemata ida nothabama ohu mara dameeme oba anumatha karanawaanam maranayen pasuwa oba apagatha wana bawanam pahadiliya. Wayasa 5k wana thama daruwa kalu gangata wisikala gahanun sitina mewani samajayaka oba wani aya siteema pudumayak nove.
    Thawada upath palanaya thulin Jaathiyak wanda kala haki bawada obata amathaka wee atha.

    Thumb up 4 Thumb down 0

  • Thilaka Randeni

    අප හුගක් දෙනෙක් පුරුදු වී තියෙන්නේ පටු ආකල්පයෙන් විවිධ ප‍්‍රශ්ණ දිහා බලන්නයි. මේ ලිපියේ චෝදනාත්මක ඇගිල්ල දිගු වී ඇත්තේ ගැහැනියටයි. එක අතකින් අත්පුඩි ගසන්නට බැරිය. කෝ මේ ගබ්සා වන දරුවන්ගේ තාත්තලා?
    ඔය අම්මලා අරගෙන ගබ්සා තිප්පොලවලට යන්නේ ඒ තාත්තලා.
    අපේ කියමනක් තියෙනවා ඉස්සා ඉහේ ගූ තියාගෙන මං සුදනා කියනවාලු. අනිත් එක දන්නවාද සමීක්‍ෂණයකින් ඔප්පු වූ වග වැඩියෙන් ගබ්සා කර ගන්නේ විවාහක කාන්තාවන් බව? ඇයි ඒ? එකක් ආර්ථික ප‍්‍රශ්ණ නිසා. තව එකක් වැඩිමල් දරුවන් දැන් හුගක් ලොකු නිසා. මා දන්නවා වරක් තම මවට දරුවකු ලැබිමට සිටින බව දැනගත් 18 වියැති පුතකු දිවි නසා ගත්තා. කෑගල්ල පැත්තේ. ඊළග සුමානයේ කෑගල්ල ආරෝග්‍යශාලාවේ මව්වරුන්ගේ වාට්ටුව පිරී ගියේ උපත් පාලන ක‍්‍රම කර ගන්න ආ විවාහක වැඩිහිටි කාන්තාවන්ගෙන්. අර දරුවා බලන කෝණය වෙනස් කර ගත්තා නම් මේ අම්මලා මෙහෙම දුක් විදින්නේ නෑ. ඒ පුතාටත් දොස් කියන්න බෑ. සමාජය ඒ දරුවාට විහිුලු කරන්න ඇති.
    මගේ ආච්චි අම්මාට මගේ තාත්තා හම්බ වෙන්නඅවුරුදු 2 කට කලින් ආච්චි අම්මාගේ අම්මාට පුතෙක් ලැබුණා. ඉතින් අපේ තාත්තාට හුගක් වෙලාවට කිරි දීලා තියෙන්නේ තාත්තාගේ ආච්චි අම්මාලු. අපේ තාත්තාට වඩා අවුරුදු 2 ක් බාල මාමා කෙනකුත් තාත්තාට ඉන්නවා.ලොකු වුණාම අපේ තාත්තා කටපුරා එයාට මාමා කිව්වා. එයා කටපුරා බෑණෝ කිව්වා. මොකද අප දකුණේ උදවිය නිසා.
    ගබ්සාවට විරුද්ධව කෑගසන උදවිය මොකද කරන්නේ? අඩු ගණනේ එයාලට පුඵවන් උනාද උප්පැන්න සහතිකයෙන් මව්පියන් කසාද බැදලාද කියා අසා තිබෙන වගන්තිය ඉවත් කරන්න?
    ඒ අයට පුඵවන්ද ලංකාව පුරා ළමා නිවාස ඇති කරන්න මව්වරුන්ට අනවශ්‍ය දරුවන් දමා යන්න?ඒ අයට පුඵවන් වුණාද ස්තී‍්‍ර දූෂකයකුට මරණ දඩුවම ලබා දෙන්න? ඒ අයට පුඵවන්ද දූෂණය වුණු දැරියක් විවාහ කර ගෙන ආදරයෙන් රැක බලා ගන්න? ඔව් මුලුින් නම් බාර ගනියි. ටිකක් කල් ගියාම කියයි මේකිම ඒකත් එක්ක ගිහින් ළමයි හදාගෙන බාර ගත්තේ නැති වුණාම පොලිසි ගිහින් දූෂණය කළා කියා එන්ටි‍්‍ර දාලා කියා. (අපි නොදන්න චෙස් කියන්නේ මේවාට තමා*
    මේකත් හොදට මතක තබා ගන්න. තහනම් ගහේ ගෙඩි කෑවේ ආදම් සහ ඒවා එකට. මහා ලොකු සර්ව බලධාරි දෙවියන් වහන්සේ දඩුවම් දුන්නේ ඊවාට විතරයි. ‘උඹට ළමයි හම්බ වෙන කොට විදවපන්’ කියලා. එයා මෝඩයි කියලා අපත් මෝඩ විය යුතුද?
    කෙල්ලන්ට කොල්ලන්ට ආදරය කරන්න හිතෙනවා. ඊළගට ඊට ටිකක් එහාට යන්න හිතෙනවා. අනවශ්‍ය ගැබ් ගැනීම් නැවතිය හැකි පෙති දැන් තියෙනවා බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සොයා ගත්. අඩුම ගණනේ ඒවා අප ප‍්‍රසිද්ධියේ නිතර කියමු. ගබ්සාවකට වඩා ඒක කොහොමත් හොදයිනේ.
    අමතක කරන්න එපා. කේලෝ කොල්ලෝ විතරක් නෙමෙයි ශය මැති ඇමතිවරුත් අනාචාරයේ හැසිරෙනවා. රස්සාවල් දෙන්න කොච්චර බිලි බා ගෙන ඇත්ද ගැහැණු ළමයින්ව?

    Well-loved. Like or Dislike: Thumb up 21 Thumb down 15

  • ඇත්තම මේ වගේ අපරාධ කරන උන් වගේම ආසාවන් පසුපස ඇදී යන පෙම්වතුන්ටවත් ආයෙ මේ වගේ අපරාධ නොවෙන්න පුළුවන් නිතියක් අවනම් මෙහෙම වෙන්නෙ නැහැ…අනිත් එක මේ වගේ ගබ්සා කරන කෙල්ලන්ට අම්මල කියන්නත් බැහැ…දෙයක් කරන්න කලින් හිතල බැලුවනං නේද යහපත් වෙන්නෙ…ආශාවන්ට හැමදේක ඉෂ්ඨ කරන්න බැහැ නේද ??

    Hot debate. What do you think? Thumb up 8 Thumb down 5

  • ලිපියට අදාල නැති උනත් ඉහත ඡායාරූපයට අදාල සිද්දියේ අයවනම් මරන්න ඕනිවිදිය පවා සිතාගැනීමට නොහැක,ඒවගෙම මරන එකේ ඇයි මේතරම් නිඳිත විදියට මරන්නෙ, මුන් තිරිසන්නුන්ටත් වඩා අවජාතකයි.

    Hot debate. What do you think? Thumb up 5 Thumb down 3

  • Dali Prawasi

    One has to understand that the so called british Empire is actually British Indian Empire. British are gone and the Indians did not return.

    Thumb up 0 Thumb down 2

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.