විසි වන සියවස මුල සිටම සුද්දන් හා උන්ගේ පශ්චාත් භාගය ලෙව කෑ කළු සුද්දන් විසින් ජාතියක් කියා දෙයක් අනවශ්‍ය බව කියමින් සිංහලයාගේ ජාතික අභිමානය ක්‍රමක්‍රමයෙන් දියාරු කර හැරිය අතර අනගාරික ධර්මපාල තුමාගේ ජාතික පුනරුදයෙන් නැවතත් එය පනනැගුනි. මෙහිදී ජාතිවාදයට අපි විරුද්ධ බවද එනමුත් ජාතියක් කියා දෙයක් තිබිය යුතු බවද සඳහන් කළ යුතුය. අවසානයේදී “මම සිංහලයෙක්” යැයි කීම අමුම අමු ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස පෙන්නුම් කිරීම දක්වා සුදු නෙළුම් තවලම් මාෆියාව දුර දිග ගියේය. තිත්ත ඇත්ත වන්නේ යැංකි ඩිකී කීවද ජේ.ආර්. ට පසුව “මම සිංහලයෙක්” කියා කීමට තරම් කොන්දක් ඇති කිසිදු රාජ්‍ය නායකයෙක් තවමත් බිහි නොවීමයි.
එහි පරතිඵලය වූයේ ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමට ඉදිරිපත්වීම සඳහා සෙබලුන්ගේ හිඟයක් ඇතිවීම දක්වා තත්ත්වය බරපතල වීමයි. මන්ද යත් සුදුපරෙවියන් නිසා “කොයි ජාතියත් එකනේ, ප්‍රභාකරන් මේ රටේ ජනාධිපති වුනොත් ලංකාව මීට වඩා හොඳට පාලනය කරාවි” යන චින්තනයට එක කාලයක සිටි තරුණ පරම්පරාව වැටිණි.
විසි වන සියවස අවසානයේදී බටහිර කුමන්ත්‍රණකරුවන් විසින් ආරම්භ කරන ලද සර්වාගමික පිළිලය දැන් දුර දිග ගොස් තිබේ. මෙහි භයානකත්වය වන්නේ, ඉස්සර ජාතිවාදය අනවශ්‍ය යැයි කියමින් “සිංහල” යන්න තහනම් වචනයක් කළාසේ දැන් දන් “ඔය ආගම් කෝකත් එකයි…” යනාදී ලෙස කියමින් “බෞද්ධ” යන්නද තහනම් වචනයක් කිරීම දක්වා කුමන්ත්‍රණ කරුවන් පෙළ ගැසී සිටීමයි. කොයි ආගමත් එක වූ විට මූලධර්මවාදීන් විසින් සදාචාර විරෝධී ලෙස අන්‍යාගම් පැතිරවුවද ඒ ගන කතා කිරීමටවත් කෙනෙක් ඉදිරිපත් නොවෙයි.
එහි පළමු පියවර වශයෙන් බුදු දහමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඇති ප්‍රමුඛස්ථානය නොපිළිගනිමින් අගමැති තුමා විසින් “සියලුම ආගම් එක සමාන” යැයි පැවසූ අතර දෙවැනුව බෞද්ධයින්ට විතරක් විශේෂිත වූ උත්සවයක් වන බුද්ධ ජයන්තියට සර්වාගමික සංකල්පය ඇතුලත් කළේය. දුර දිග පෙනෙන ජාතියේ මුරදේවතාවුන් සහ විද්වතුන් විසින් මේ කරුණ අරබයා ජාතිය දැනුවත් කිරීමට වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා හැකි පමණින් සහයෝගය දීම සියලුම සිංහල බෞද්ධයින්ගේ යුතුකමකි.
![179647_178500962191526_100000948704724_373304_4153595_n[1]](http://sinhalabuddhist.com/wp-content/uploads/2011/02/179647_178500962191526_100000948704724_373304_4153595_n11.jpg)

ජයවේවා….අපි ඔබ සමගයි