බියගලුකම නිවට කමයි
එය නැති නම් පිරිමිකමයි
සිංහල සිතුවිලි මෙහෙමයි
පුත නඹටත් එය උරුමයි

එබඳු උතුම් ලංකාවේ
දුසිරිත් දසතින් බෝවේ
මේ ගැන වැඩ කළොත් ලොවේ
උඹෙත් මගෙත් නම කියවේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

අන්ත්‍රාවයි! අති බිහිසුනු දිදුලන චක්‍රායුධයක් ජනපති මැදුරට හා රුවන්මැලි මහසෑයේ කොතට ඉහළින්…

ශ්‍රී ලංකාද්වීපයේ දී බිහිවී යුරෝපයේ දී වැඩි දියුණු කරන ලද රත්පැහැ තියුණු සිරසකින් හා එපැහැති බඳකින් යුත් අති බිහිසුනු දිදුලන චක්‍රායුධයක් ජනපති මැදුරට හා රුවන්මැලි මහසෑයේ කොතට ඉහළින් කරකැවෙමින් පවතී. මේ චක්‍රායුධයේ ආලෝකයෙන් ඇස් ගිණිගෙන වැටුන හිමිවරු දෙතුන් දෙනෙක්, ජඩමාධ්‍යවේදීන් හා අගමැතිතුමා ඇතුළු පිරිසක් මහා අසිරියෙකැයි පවසමින් නන්දෙඩවීමට පටන්ගෙන ඇත. ජනපති තුමාගේ දෑස පවා මෙහි දිළිසීමෙන් නීලංකාර වී ඇති අතර ඉදිරියේදී එතුමාවද එහි වසඟයට යාදෝයි සිංහල බෞද්ධයෝ බියෙන් පසුවෙති.

බටහිරයින් විසින් එම චක්‍රායුධය සිංහල බෞද්ධයාට විරුද්ධව මුලදී එළිපිටම භාවිතා කළද පසුව වැඩිදියුණු කිරීමෙන් සහ ලෝහිත වර්ණ ගැල්වීමෙන් පසුව ඔවුන්ගේ ප්‍රබලතම රහස් අවිය ලෙස භාවිතා කිරීමට පටන් ගෙන තිබේ. බටහිරයින් විසින් එයට නුදුරු අනාගතයේදී ධවල පැහැ වර්ණාලේපිත කර න්‍යශ්ඨික අවියක් මෙන් අති බිහිසුණු වූ ලෝක බලවත් ආයුධයක් කිරීමට යෝජනා වී ඇති අතර එය එසේ සිදු වුවහොත් ශ්‍රී ලංකාද්වීපය තුල බෞද්ධයාගේ අවසානය එයම වනු ඇත. එම චක්‍රායුධයට සිංහල බෞද්ධයාගේ වර්තමාන ප්‍රතිචාරය අනුව එය සිදු වනු හෝ නොවනු ඇත.

එය කොතරම් බලවත්ද යත් ඉන්දූනීසියාවෙන් ටිමෝරය වෙන් කිරීමේදී බරහිරයින් විසින් භාවිතා කරන ලදී. එය බරහිර අධිරාජ්‍යයේ මහා මන්දිරයේ ස්ථානගත වෙමින්, තියුණු දත් ඇති මාංශභක්ෂකයා සහ ගිණි අවි යුගලයක් නිරූපණය කරන්නා වූ අසුරයින්ට ජීව වායුව පිඹින්නට ද සමත් විය. උත්තරාර්ධයට සහ නැගෙනහිරාර්ධයට සිංහලයින් පුනරාගමනය කරන විට, එය තම විශ හී පහරින් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තේ දැනට වසරකට පමණ පෙර සිටය.

චක්‍රායුදයේ පහරින් සිංහල ජාතියත් ශ්‍රී සම්බුද්ධ ශාසනයත් විනාශවීමට පෙර විමංශනාක්ෂිය ඇත්තවුන්ට කරනු ලබන අනතුරු ඇඟවීමයි.!!!


~ලාල් ගමගේ සොයුරාගේ සංකල්පනාවකට අනුව රචනා කරන ලදී…

1136
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

15 comments to අන්ත්‍රාවයි! අති බිහිසුනු දිදුලන චක්‍රායුධයක් ජනපති මැදුරට හා රුවන්මැලි මහසෑයේ කොතට ඉහළින්…

  • karunarathne

    This is a good Hint..! I think you are saying about Sarwa Agamika Kamituwa” .There is not a Sarwa Agam in Sri Lanka.
    All other relegion other than Buddhism(Actually not a relegion-This is Universal way of Freedom from the natural Birth)are same in a way ” Athma” but Buddha said there is no Athma which is permenet..But only changing..Budhha’s way is stopping birth ..Other relegion not as that…
    Therfore we have to protect tresureous Vinaya,Suttra,abhidharma..Only true in this Universe…!!!

    Well-loved. Like or Dislike: Thumb up 8 Thumb down 1

  • සහන් ෆර්නැන්ඩෝ

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Like or Dislike: Thumb up 4 Thumb down 20

    • මේක ව්‍යංගාර්ථයෙන් ලියපු ලිපියක්, එහෙම නැතිව චක්‍රායුධයක් තියෙනව කියල අපි කියන්නේ නෑ. ඒ නිසා නිවැරදිව තේරුම් ගන්න

      Well-loved. Like or Dislike: Thumb up 12 Thumb down 1

    • IllletUNOlater

      Hidden due to low comment rating. Click here to see.

      Poorly-rated. Like or Dislike: Thumb up 2 Thumb down 6

    • sampath kalupahana

      obata wayanga pili genime hekiywak nethi bawin buddiya gena wadayak netha..boudyage ganithaya gena katha karana obalage batahira ganithannayoma thama obage dhrmaya musawak yeioppu kiriamata patan gaththe..asiya minissu ganithya widyawa gena atauthu karaddi oya gollange sudu mahathturu kele kolakana sattu..thawamth asiyawe wedekamata,joyothishyata,purana Ravana thakshanayata sama karanna kisiawak oya Uropae bihi unu ganutha widya deka samath nehe..namuth ewanuth gatha heki prayojana thiye…namuth ewata ayithi wasikam kiyanna oya sahan ge agame ayata behe..mokade ehema unoth bible eka puchchanna wei???????

      Thumb up 3 Thumb down 1

  • ගිහාන්

    හෙලය විනාශ කරන්න කැසකවපු වාර ගාන අසීමිතයි …
    අද බටහිරට ලොකුම හිසරදය බුදුදහම හා ඒ ආශ්‍රිත ඉගැන්වීම් මොකද ඔවුන්ගේ කිසිදු කූට ව්‍යාපාරයක් මේ බුදුදහම තියනකන් මේ පින් බිමේ වපුරන්න බැරිකම නමුත් අවාසනාවක මහිම අපේ ඉන්න අන්ධ බෞද්ධයො මේවා තේරුම් ගන්නෙ නැතිකම අපිට මේක තේරෙන්නෙ නැති ගානට ඔවුන් අපිව අන්දල …
    මෙන්න මේ මෝහයෙන් මුලා වුන අපේ අය බේරගත්තු දාට ආයෙම මේ බිමේ සදහම් සක පෙරලේවි ….

    Well-loved. Like or Dislike: Thumb up 13 Thumb down 0

  • ලොව අප රාජිත ජාතින් පහෙන් එකක් වන සිංහලයා හෝ හෙළ යක් පරපුර වන අප නැසීම වතිකානු හෝ ඉස්ලාමිය සිහිනයක් පමණයි නියම චක්‍රායුධය ඇත්තේ සිංහල අප අතේය පංච ආයුදය තුල කුඩාකල සිට අප පලද සිටි… පංච ආයුදය මහා රාවණ රජුන්ගේ නිර්මාණයකි

    Well-loved. Like or Dislike: Thumb up 11 Thumb down 1

  • Priyantha Liyanage

    Dear Admin,
    I think you should publish weekly[or daily]bit from the Buddhashasana commission report of 2009. It will be a good eye opener. When you read what World Vision and other such fundamentalist groups have been doing in rural areas you feel like crying,cos other than very very few people, no one else seems to be bothered. Same goes for most of our Nayaka Theros. when prime minister is causing such a lot of controversary why can’t they make an official compliant to the president or at least make their displeasure known by issung a statement?

    Thumb up 1 Thumb down 1

    • Admin

      Dear Priyantha Liyanage, thanks for the suggestion and we will try to publish that report throught this website. I think the politicians are trying to keep their power and they afraid to do something without the request from the majority of the population. For example if the majority in sri lanka didn’t request to eliminate terrorism, I’m sure the government wouldn’t use the forces to defeat them. As the non Buddhists are also engaging with the government, they don’t like to loose their support. But we must try to tell the truth to the people and force to the government to make a proper actions against that kind of situations as you said.

      Thumb up 2 Thumb down 1

  • Kamal

    I do not understand anything. Please explain in clear terms.

    Thumb up 0 Thumb down 0

    • Admin

      Actually we wrote about that situation just like a fantasy, to give a chance to our friends to think deeply. I’m sure there may be several meanings of this article. You could compare this with the current news in sri lanka relating to Buddhism as well as your experience and could able to get a conclusion.

      Thumb up 0 Thumb down 0

  • ගෝඨයිම්බර

    තුන්හෙළය එකලු කළ එදා සිටි මහ නර වීරවරු තවමත් මුර දේවතාවන් ලෙස මේ ජාතිය රකිනවා,අප සියලු දෙනාම විමසිල්ලෙන් සිට නිසි ක්‍රියාමර්ග ගතහොත් ඔය මහ ලොකු චක්‍රායුධවලට පයින් ගසා පන්නා දමන්නත් ඒ දේවතාවන් ආශිර්වාද කරාවී.

    Thumb up 3 Thumb down 0

  • ප්‍රසාද්

    මටනම් මේ ගැන බය හිතෙනවා, ඇත්තටම මේ දේ වෙන්න පුළුවන්. අපේ ජනපති තුමාත් මේ දවස් වල කිසි හල හොල්මනක් නැතුව ඉන්නවා, අගමැති තුමාට පිස්සු නටන්න දීලා. ජනමාධ්‍ය ගැන කියලා වැඩක් නෑ. සිංහල බෞද්දයින්ගේ ඉරණම ලඟදීම තීරණය වේවි නේද?

    Thumb up 2 Thumb down 0

  • මාරයා...

    මොන දේ උනත් මොන දේ කලත් නියමිත වකවානුව ඉක්මවනා කල් කොයි කවුරු කැරකැවුනත් කිසිම හානියක් වෙන්නේ නැහැ…

    හැබැයි මටත් පේන වෙනම කාරණයක් තියෙනවා..අද ඉන්න නායක හිමිවරුන්ගේ ගමන කොයි මාර්ගයටද කියලා අධ්‍යයනය කල යුතුමයි..ඉතා අප්‍රසන්න කාරියක් උනත්..දැන් ටික දවසක ඉඳලා යන්නේ රුවිතෙට…
    ඒකට එක හේතුවක් තමයි නායක උනාට ධර්මය ගැන මෙලෝ අවබෝධයක් නොමැති කම..

    ඉතිං ජනතාවට අගම දහමෙ වටිනාකම කියාදෙන්න වගේම තවත් ආගම් අතරින් බෞද්ධාගම සුවිශේෂි වෙන්නෙ ඇයි කියලා කියා දෙන්න තරං හැකියාවක් නැති කම සහ..වාදයට පැටලෙවෙයි කියලා තියෙන බය හින්දා කිසිම විටක ප්‍රසිද්ධියේ කතා කරන්න බිය වීම..තමුන්ගේ නොහැකියාව එළි වෙයි කියා තිඛෙන බිය..

    ඉතිං ලේසිම මාර්ගය..

    සෑම ආගමක්ම සමානය..හැම ආගමම මිනිසාව යහපතට යොමු කරවයි..

    ඔය තියෙන්නේ ලේසිම ගැලවිජ්ජාව..

    Well-loved. Like or Dislike: Thumb up 5 Thumb down 0

    • ප්‍රසාද්

      මම හිතන විධියට නියමිත වකවානුව දැන් එළඹිලා, ලබන බුද්ධජයන්තියට කළින් දෙකින් එකක් විසඳේවි . බෞද්ධයින්ගෙන්ම ආපු ආණ්ඩුව දැන් බෞද්ධයින්ටම කෙළ කරන තත්ත්වයක ඉන්නේ. විපෂයත් මිශනාරීන් සමග නිසා මේ ගන කතා කරන්න කවුරුත් අනෙ. හෙළ උරුමයටත් මාද්‍ය සකච්චා තියනව මිසක් කරගන්න දෙයක් නෑ.

      Thumb up 1 Thumb down 0

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.