කැප්පැටිපොළ සෙනෙවි සුරූ
කර රුපු සෙන් මන් දැදුරූ
අබිරු විකුම් පෑ අයුරූ
උඹට පුතේ වෙයි මියුරූ

ඇඳි සළුපට ගෙන සෝදා
දළදා සමිඳුන්ට පුතා
කඩුවට ගෙළ දුන්නේ එදා
ගුරුකමටයි උඹට මෙදා
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

සර්ව ආගමික උමතුව – භික්ශූන් වහන්සේලා අන්‍යාගමිකයින් ඉදිරියේ හෑල්ලු වීම සහ අපේ කම පාවාදීම

මීට දසකයකට පමන පෙර ජනමාධ්‍ය වලින් දක්නට ලැබුනු සර්ව ආගමික සංකල්පය විසි එක් වන සියවසේදී රැල්ලක් මෙන් ළියලා විත් දැන් උමතුවක් දක්වා වර්ධනය වී තිබේ. මෙය කොතෙක්ද කියතහොත් බුදු දහම ගැන ප්‍රමාණවත් දැණුමක් නොමැති සමහර අහිංසක සිංහල බෞද්ධ ගැමියන් සහ අඩු අධ්‍යාපනයක් ලැබ ඇති සමහර නාගරිකයන් “මේ ආගම් කෝකත් එකයි” කියන තත්වයට වැටී ඇත. එපමනක් නොව බෞද්ධ ආගමික සිරිත් විරිත් වල “හිමිකම” යම් යම් අන්‍යාගමික කොටස් උදුරාගන්නා අතර සමහර බෞද්ධයින් අන්‍යාගමික සිරිත් විරිත් පන්සලටද ගෙඩි පිටින් වැද්ද ගන්නා තත්ත්වය දක්වා කාරණය දුර දිග ගොස් ඇත.

උදාහරණ

කරුණාකර මේවා දැක භික්ශූන් වහන්සේ කෙරෙහි වෛර සිත් ඇති කර නොගන්න. සමහරුන් කරන්නා වූ අඳබාල වැඩ වලට භික්ශූත්වය කෙරෙහි වෛර බැඳීම මහත් අකුසලයකි.

පහත පින්තූරයේ සිටින භික්ශුවක් මැල්කම් රංජිත් කාදිනල් තුමාගේ අත් අල්ලාගෙන පින්තූරයේ පෙනී සිටිනවාට අමතරව කාදිනල් තුමා ඉදිරිපිටදී අසුනෙන් නැගිට එතුමාව පිළිගනියි. (එහි ඇති දෙබස් දැක්වීම අපගේ නිර්මාණයක් නොවේ.) මුළු මහත් දඹදිව් තලයම සළිත කරවමින් එක් සේසත් කළ චණ්ඩාශෝක අධිරාජයානන් ඉදිරියේදී අසුන් ගැනීමට ආරාධනා ලද කුඩා සාමණේරයන් වහන්සේ කෙනෙක්, අධිරාජ්‍යයාගේ සිංහාසනයේ වාඩි වී ආරක්ෂා කරන ලද චීවරයේ අභිමානය, කාදිනල් වරයෙක් ඉදිරියේදී පාවා දුන්නේ ඇයි අපේ හාමුදුරුවනේ….

පාප් වහන්සේට අතට අත දීම – ශුද්ධ වූ බැඳීම (A holy bond) ලෙස නම් කර ඇත. බැඳීම් නැති කරමින් නිර්වාණය කරා යන ගමන කියා දෙන ත්‍රිවිධ රත්නය ක්‍රිස්තියානිය සමග බැඳීම් ඇති කරගන්නේ කෙසේද? බෞද්ධයින්ට පිටින් මෙවන් දේ වෙන්නේ මේ සර්වාආගමික මාෆියාවට “පවු” සිද්ධ වෙන්නටය.

සිතා බලන්න, අපේ සිංහල බෞද්ධ දරුවා ළමා සාරිය ඇන්දේ ඇයි? පල්ලියේ මෙතෙක් කාලයක් මේවා තිබුනාද? මේ සඳහා කුරුස ලකුණු කරන ලද සාම්ප්‍රදායික කතෝලික ඇඳුම් තිබියදී සිංහල බෞද්ධ දරුවාගේ ළමා සාරිය ගත්තේ ඇයි? සිංහල බෞද්ධ ඇදුම ඇඳි දරුවෙක් කාදිනල් වරයෙක් ඉදිරියේ දණ ගසනවා දැක කාලකණ්නි සතුටක් ලැබීමටද? බුලත් අතක් ආවේ ඇයි? භික්ශූන් වහන්සේව වඩම්මවා උන්වහන්සේට කරන ගෞරවය මේ අයටත් එලෙසින්ම ලබා දීමේ සැලැස්මේ දුර දිග යාම කෙසේද?

පොඩ්ඩක් සිතා බලන්න, මේ නර්තනයේදී කියවෙන කවි මොනවාද? පන්සිල් සමාදන් වී බුදු ගුණ ගයමින් නර්තනයට එළබෙන සිංහලයේ උඩරට ලකුණ, ජේසු ගැන කියමින් නටනවා ඔබ අසා තිබේද? ඒත් මේ විධියට ගියොත් කවදා හෝ එහෙම නොවේද? අපේ සිංහල බෞද්ධ කම දැන් කාටද?…

අපේ රටේ බුදු දහමට වෙන්නට යන දේ පේනවා නේද? මෙය හුදු දේශපාලන දෘශ්ඨි කෝණයකින් බැලීම සුදුසු නැත. මන්ද යත් එජාප ආණ්ඩුවක රෝසි සේනානායක වැන්නියකට ආගමික කටයුතු අමාත්‍යාංශය ලැබුණ විට වැඩේ කොහොම සිටීද? දේශපාලඥයා හැසිරෙන්නේ ජන මතය අනුව වන අතර බුදු දහමට ශ්‍රී ලංකාවේ දී ඇති ප්‍රමුඛත්වය රැක ගැනීම අවශ්‍ය බව ජනමතයක් ඇතිවී නම් කුමණ දේශපාලඥයා බලයේ සිටියද බුදු දහම සුරැකෙනු ඇත. මන්ද යත් වර්තමාන රටේ රජු යනු මහජනතාව නිසයි.

පහත පින්තූරය බලන්න. අපේ රටේ සමහරක් හාමුදුරුවරු යැයි කියාගන්නා ඇත්තන් ජපානය ගොස් චීවරය බාල්දු කළ ආකාරය. භික්ශූන් වහන්සේ නැගිට සිටියදී ගිහියන් වාඩි වී සිටියි. ඒ ගිහියෝත් බෞද්ධයින් නොව අන්‍යාගමික මිසදිටුවන්ය.

ශ්‍රී ලංකාවේදී ජාතික ගීයට හික්ශූන් වහන්සේ නැගී සිටීම අනවශ්‍ය බව ද වැඩ සිටින ආසනයේ සිටින අයුරෙන්ම වැඩ සිට ජාතියටම මෙත් වැඩීම සුදුසු බවට ත්‍රෛනිකායික මහනාහිමි වරුන්ගේ අත්සනින් යුතුව නිර්දේශ ලබා දී තිබියදී සර්ව ආගමික සමුළුවකදී භික්ශූන් වහන්සේට ද අසුනෙන් නැගිට ජාතික ගීයට ගෞරව කරන ලෙස බල කර තිබීම කොතරම් උචිතද? මහානායක හිමිවරුන්ට වඩා පියතුමාගේ කීම බලවත් බව පෙනෙනවා නේද? භික්ශූන් වහන්සේ මෙතරම් දුබල තත්ත්වයකට පත් වූයේ ඊනියා අන්‍යාගමික සංහැදියවට ජාතිය පාවා දීම නිසාය. පියතුමන්ලා පවා වාඩි වෙන පුටු වල සුදු රෙදි දමා තිබියදී දෙවනි පෙළ පුටු වලට සුදු පිරුවටයක්වත් දමා නැත.

“සිරිමත් බඹ සිරසෙහි පා පිසිනා – සැරියුත් මහ මුගලන් පීළිවෙළිනා
පිළිවෙත් සරු මහ සඟ ගණ සොබනා – මුදුනත් බැඳ නමදිම් බැති පෙමිනා”

පහල පින්තූරයෙන් පෙනෙන්නේ “සර්ව ආගමික” හිමිවරු දානය වළඳන ආකාරයයි. සොසේජස් එහෙමත් ඇති පදමට බෙදාගෙන, ගිරුවාපත්තුවෙන් නොවන සාටයකුත් දාගෙන. අනුහවයට කළින් කාදිනල් තුමා දෙවියන්ට යාතිකා කරද්දී මේ හිමිවරුත් ඒකට සාදු කිව්වාද දන්නේ නෑ. සිංහල බෞද්ධයිනි, තායිලන්තයේ සිටින වැදගත්ම මිනිසා වන රජතුමා සාමනේරයන් වහන්සේට වුවද ආහාර බෙදන්නේ බිම දණ ගසාගෙනය. සිංහල බෞද්ධ අපි, භික්ශූන් වහන්සේට සාංඝික දානයක් දීමට කොතරම් පෙරුම් පුරනවාද? ඒත් මෙහෙමත් දාන…

ඔබට මේ පින්තූර ටික ද පෙන්වූයේ මේ දැක ධර්ම සංවේගය උපදවාගෙන හැකි ඉක්මණින් ශාසනය විනාශ වී යාමට පෙර උතුම් නිවන් මග කරා යාම ඇවැසි බව මෙනෙහි කිරීමටත්, ඒ අතර හැකි පමණින් බුද්ධ සාසනයේ චිරස්ථිතිය උදෙසා අප කල යුතු කාර්යභාරයන් මතක් කර දීමටත්ය.

හේතුව

සර්ව ආගමික සංවිධාන යන නමින් මීට කළකට පෙර ආරම්භ කරන ලද, බෞද්ධ භික්ශූන් වහන්සේ ඇතුළු ප්‍රධාන ආගමික පූජක වරුන්ගෙන් සමන්විත වන ලද මණ්ඩල ගැන ඔබට මතක ඇතැයි සිතමි. මේවා ආරම්භ කිරීමට හේතු වූයේ ඊනියා ආගමික සහජීවනයක් ඇති කිරීමේ පරමාර්ථය පෙරදැඩි කරගෙනය. “ඊනියා” යනුවෙන් එය විශේෂ කිරීමට හේතු වූයේ ශ්‍රී ලංකාව යනු බෞද්ධ ශික්ෂනය තුළින් ආගමික සහජීවනය දෝරේ ගලන රටක් වීමත් අලුතෙන් ඇති කිරීමට අවශ්‍ය සහයෝගයක් නොමැති වීමත්ය. නමුත් අවාසනාවක මහත, මේ සර්ව ආගමික සංවිධාන පසුපස තිබුනේ මූලධර්මවාදී නිකායවල් බව පසක් වෙන විට තත්ත්වය උග්‍ර වී අවසානය.

කරුණාව සුහදත්වය හා මෛත්‍රිය බුදු දහමේ තරම් අවංකව නියම පිළිවෙළට කොහේවත් සිදුවන්නේ නැත. බොදුනුවන් බුදු දහමේ නාමයෙන් කිසි දිනෙක අනෙකුත් ආගම් වලට හිරිහැර කර නැත. එහෙව් එකේ අපට ඔය ඊනියා සර්වාගමික සුහදත්වය ඕනැ නැත. ඇයි මම මෙහෙම කියන්නේ. බොදුනුවන් වැඩි පිරිසක් වෙසෙන මෙ ලක්දිව අන්‍යාගමිකයින් කඩු කිණිසි ගෙන බොදුණුවන් වනසන්නට ඉක්මන් වන්නේ නැත. ඒ වෙනුවට ඔවුනු සතු ප්‍රබලම අවිය වන්නේ සර්වාගමික සංකල්පයයි. බොරු ආගමික සුහදත්වයයි. (තවද පසුගිය මානුෂික මෙහෙයුම් සමයෙහි බටහිර ක්‍රිස්තියානි රජයන් එක්වී හොර රහසේ කොටින්ට අවි ආයුධ සැපයූවේ බොදු ලංකාව රෝමයක් කරන්නට එවකට තිබූ සියුම්ම වැඩපිළිවෙළ එය නිසාවෙනි.)

මෙය හරිහැටි නොදන්නා අප, උන්ගේ ගෙඩි ගිල සර්වාගමිකත්වයට මුලා වී බුදු දහම හුදු ආගමක් ලෙස සිතා චතුරාර්ය සත්‍යය, විස්මිත මැදුම් ප්‍රතිපදාව වනසන්නෙමු. නමුදු බ්‍රහ්මජාල සූත්‍රයෙදී බුදු සමිදුන් අපහට ආගමික සුහදත්වය මනාව දෙසූ සේක යමෙක් දහමට නින්දා අපහාස කරයි නම් කෝප නෙවී යුධ නොවැදී උපත්‍රමහීලීව සත්‍යය පසක් කරවන්න ඉගැන් වූ සේක. කෝප වීම යුධවැදීම හිත් දූෂ්‍ය කර ගැනීම නිවන් මගට හානිකර බව පෙන්වා දී දහස් ගණනක් සූත්‍ර දේශනා වල අන්‍ය ආගම් වල හිස් බව නිතර නිතර පෙන්වා දුන්හ. සත්‍යය ඉස්මතු කරවූ සේක.

මෙම නිසා අප කළ යුත්තේ අන්‍යයන්ට උපරිමයෙන් මෙත් වඩා, යුධයට නින්දා අපහාස වලට නොගොස් අභීතව සත්‍යය පෙන්වා දීමයි. අන් ආගමිකයන්ගේ හිත රිදේය කියා සත්‍යය සැගවීම නොවේ.

අන්තරාය

මෙහිදී කරුණු ගණනාවක් හරහා බුදු දහමට සහ සිංහල බෞද්ධ සංස්කෘතියට තර්ජනය එල්ල වී තිබේ.

[1] බෞද්ධ භික්ශූන් වහන්සේ අනෙකුත් ආගමික පූජකයින් හා සමාන බව ජනතාවට ඒත්තු ගැන්වීම. ඒ හරහා බුදු දහමට ඇති ප්‍රමුඛත්වය ව්‍යවස්ථාවෙන්ම අයින් කර දැමීම. භික්ශූන් වහන්සේ ව අනෙකුත් පූජකයින්ට සමාන තත්වයක් ආරෝපණය කිරීමට මානව හිමිකම්, සමානාත්මතාවය යනාදී බටහිර මිණුම් දඬුද හැකි පමණ යොදා ගැනීම. ඒ තුලින් භික්ශූන් වහන්සේට ඇති ජනතා ගෞරවය විනාශ කිරීම සහ එමගින් බුදු දහම ප්‍රචාරය වීම වැළැක්වීම සහ භික්ශූන් වහන්සේ දේශනා කරන දේ පිළිගැනීම වෙනුවට ඒවා අන්‍යාගමික පූජකයින් දේශනා කරන මිසදිටු අදහස් හා ගලපා බලන තත්තය දක්වා භික්ශුව හෑල්ලු කිරීම. මීට උදාහරන ගණනාවක් ඇතත් කෙටියෙන් ටිකක් දක්වමි.

  • භික්ශූන් වහන්සේව ප්‍රමාද කර අන්‍යාගමික උත්සව වලට වඩම්මවා ඉදිරියේ ආසන වල පියතුමන්ලාට වාඩි වීමට ඉඩ දී ආසන නොමැති බව පවසා භික්ශූන් වහන්සේ පසුපසින් වාඩි කරවීම.
  • පල්ලි වල දේව මෙහෙයන් වැනි කාරණා වලදී එයට විශේෂයෙන් ආරාධනය කරන භික්ශූන් වහන්සේටද නැගිට ඒ සඳහා සහයෝගය දැක්වීමට පැවසීම. මෙහිදී හික්ශූන් වහන්සේ සෑම විටම සම්ප්‍රදාය අනුගමනය කරන්නෙක් නිසා උපක්‍රමශීලීව තමන්ට අවනත භික්ශූන් වහන්සේ ලවා නැගිට සිට දේව මෙහෙය වලට සහයෝගය දීමේ සම්ප්‍රදායක් ඇති කිරීම.
  • අන්‍යාගමික පූජකයින් සහ භික්ශූන් වහන්සේව ඉතාමත් කුළුපග ලෙස දක්වා පෙන්වමින් (අතට අත දීම සහ හැකිනම් වැළඳ ගැනීම වැනි) ජන්තාවට හික්ශුවට තිබෙන විශේෂත්වය නැති කර දැමීම… යනාදිය උදාහරන කිහිපයක් පමණ

[2] සිංහල බෞද්ධ සංස්කෘතික සිරිත් විරිත් අනෙකුත් ආගම් වලටද යොදා ගැනීම. මෙහිදී බෞද්ධ භික්ශූන් වහන්සේ වඩම්මවා භික්ශුවට ගරු කරන ආකාරයටම පිය තුමන්ලාටද ගරු කිරිමර උපක්‍රමිකව සැලැස්සවීම. ඒ හරහා අනෙකුත් ආගම් වලට බෞද්ධයන් තුළින් නිතැතින්ම ඇති වන ප්‍රතිවිරෝධය නොතකා හැර බෞද්ධයින්ව ඒ ආගම් වලට නම්මවා ගැනීම. සියල්ලම පැවසීමට නොහකි වුවත් උදාහරන කීපයක් පැවසිය හැක. ඒවා නම්

  • කතෝලිකයින්ට සම්ප්‍රදායන්ට අනුව අනුව සුදු පාට හෝ කහ පාට කොඩි හෝ පොල්තෙල් පහන් ආගමික උත්සව වලට යොදා ගන්නේ නැත. නමුත් ඒවා උපක්‍රමශීලීව ඒ අයගේ ආගමික උත්සව වලට යොදා ගැනීම, මේ සඳහා භික්ශූන් වහන්සේව එයට වැඩැම්මවීම මෙය ප්‍රශ්න කරන කතෝලිකයින්ට හේතුව ලෙස පෙන්වීම. ඒ හරහා පන්සලේ තිබෙන්නා වූ සුවඳ පල්ලියේදි ඇති කිරීම මගින් බෞද්ධයින්ව එයට ආකර්ශණය කරගැනීම.
  • භික්ශූන් වහන්සේ ගේ පා දොවනවා සේම පූජකයින්ගේද පා දොවා නිවෙස් හා පල්ලි තුලට වැඩැම්මවීම,
  • පසඟ පිහිටුවා භික්ශූන් වහන්සේව වන්දනා කරන ආකාරයටම පූජකයින්වද වන්දනා කරවීම,
  • ඒ සඳහා බුලත් හුරලු පාවිච්චිය,
  • පියතුමන්ලාටද දාන දීම හා වැළදීමට සලස්වා දීම,
  • පියතුමන්ලා වාඩි වෙන පුටු වලටද සුදු රෙදි දැමීම යනාදී බොහෝ දේවල් ඇත.

මෙහිදී විශේෂයෙන් කිව යුත්තේ පූජකයින් ලෙස සමස්තයක් වශයෙන් මෙහිදී කීවත් ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගෙන් සර්ව ආගමික සුහදත්වය හරහා වෙන හානිය වැඩි බවයි. මන්ද යත් මුස්ලීම් වරුන් තම ජනගහනය බෝ කරමින් ආගම පුළුල් කරගන්නා අතර හින්දු ආගම දැනටමත් බුදු දහම තුලට කාන්දු වුවද හින්දු දෙවියන්වද අප බෞද්ධයින් විසින් පන්සිල් සමාදන් කරවීම නිසා බෞද්ධයින් ඒ ආගම් වලට ගෙන්වා ගැනීමේ අනතුර අඩු විය. නමුත් ලෝහිත කුරුසිය එන්නේ හොර රහසේය. ගැමි වහරෙන් කියනවානම් විශ්නු දෙවියන් පන්සිල් ගත්තද දෙවියන් වහන්සේ පන්සිල් ගන්නේ නැත. මහා භ්‍රක්මයාගේ තැනින්ද ඔහු සෑහෙන්නේ නැත.

ඇත්තටම අද කොළඹ නාගරිකව වැඩ වාසය කරන්නා වූ සමහර භික්ශූන් වහන්සේ මේ සඳහා පෙළඹී තිබෙන නිසා මෙම සර්ව ආගමික උමතුව ජනපති තුමාටවත් මහානායක හිමිවරුන්ටත් නැවැත්වීමට නොහැකි දෙයක් දක්වා වර්ධනය වී ඇත. අපට කණගාටුවට හේතුවනම් මා පවා ඉගෙන ගත් සිංහල බෞද්ධ යැයි සම්මත විශ්වවිද්‍යාලයේ කුලපති හිමියන් පවා අන්තර් ආගමික මණ්ඩලයක පෙරමුණ් වැඩ සිටීමයි. ජනපති උපදේශක භික්ශූන් වහන්සේ නමක්ද මේ නාඩගම් වල ප්‍රධාන චරිතයක් මෙහෙයවයි. මම මෙය කරුණු සහිතව පින්තූරද පෙන්වමින් විවේචනය කළද කතෝලිකයන් කෙසේ වෙතත්, අතලොස්සක් වූ එනමුත් මහා සද්දයක් දමන අපගේම ඊනියා බෞද්ධයින් මෙය වරදක් නැති බවද සහයෝගන හොඳ බවද පවසනු ඇත. එයට පිළිතුරු පසුගිය ලිපියක දක්වා ඇති නිසා ඒ ගැන වැඩිදුර නොකියමි. හැරත් මේ වෙබ් අඩවිය දේශමාමක සිංහල බෞද්ධයින් සඳහා නිසා මෙහි ඇති අන්තරාය පාථකයින්ට අලුතෙන් පැවසීමට ඇවැසි නැත.

වැළැක්වීම

සමාජ කතිකාවතක් තුළින් සමාජය දැනුවත් කිරීම මතම මේ සර්ව ආගමික උමතුව හරහා බුද්ධ සාසනයට සහ සිංහල බෞද්ධ සංස්කෘතියට වන හානිය ගැන සියල්ලන්ම දැනුවත් කළ යුතුය. මේ ලිපිය ඒ සඳහ සුළු උත්සාහයක් වන අතර මේ ගැන තව බොහෝ තැන්හිද කතා බස් කරනු අපි දැක ඇත. මා දන්නා භික්ශූන් වහන්සේ පවා සර්ව ආගමික නාටක වලට තම විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත. විහාර වල දායකයින් මෙම ඊනියා සර්ව ආගමික සංහැඳියා වලට විරුද්ධ නම් “දායකයින්ගෙන් යැපෙන” පන්සල් වල වැඩ වසනා භික්ශූන් වහන්සේ මෙවැනි විගඩම් ගැන දෙවරක් සිතනු ඇත.

ආශ්‍රිත:
Sinhalaye Hamuduruwo

http://www.facebook.com/profile.php?id=100001913428570

The comment of “Keppetipola”

http://sinhalabuddhist.com/2011/01/monks-at-church/comment-page-1/#comment-758

ජාතික ගීයට භික්ෂූන් වහන්සේ නැගිටීම සුදුසු ද?
http://www.lakehouse.lk/budusarana/2009/07/06/tmp.asp?ID=fea02

980
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

31 comments to සර්ව ආගමික උමතුව – භික්ශූන් වහන්සේලා අන්‍යාගමිකයින් ඉදිරියේ හෑල්ලු වීම සහ අපේ කම පාවාදීම

  • නියම සිංහ

    බොරු ආගමික සමගියකට මුවාවෙලා රකින්නේ සාමයද නැතිනම් බොරුවද මේ තුලින් අපේ කටවල් වලට ඉබ්බො දමා ඇත අපට කරන මදි පුංචි කම් අපේ හර පද්ධතින්ට කරන ගැරහීම් මෙන්ම විනාසයන් දුටුවත් නොබලා ඉන්නට සලස්වා ඇත දැන්වත් මෙලෙස හිතේ තද කරගෙන සිටින දෙයක් මෙසේ වත් කීමට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමි

    Thumb up 1 Thumb down 0

  • A Buddhist

    personally, im not against for catholics and christians wearing lamaa saari though they started that very recently.. however my question is why are they copying the tunes of gaatha? they’ve put some lyrics to the tune (EXACT tune for that matter) of jaya mangala gaatha and sings it at weddings (called ‘dev seth pathuma’ and supposedly to bless the couple).. it was evident that they don’t want to keep it as quiet as possible because the lyrics of it weren’t printed in the card which had all the hymns and songs which was sung.. if u are going to copy something, at least be decent enough to give credit where it’s due!!

    Thumb up 0 Thumb down 0

  • ළාහිරු

    “මු කොහොමත් තම්බිය බව ම්ම දැන්ගන හිටිය අනෙ තොගෙ ම්නිමරු මුහම්මත් දුසකයා”
    මේ කමෙන්ට් එක සහන් ෆනැන්ඩෝ යාලුවා http://lankacnews.com/sinhala/news/29190/ පිටුවේ දාලා තියෙන්නේ…
    යාලුවා හැම ආගමකටම ගරු කරන්න ඉගෙන ගනින්…
    කිසිම ආගමක මරා ගනිල්ලා කියලා නැහැ…ඒ වගේම වැරදි දෙයක් කරපල්ලා කියලත් නැහැ…මේ ගතිය උඹගේ උපතේ වැරැද්ද…කතෝලික ආගම බටහිරින් මේ රටට ආවට පස්සේ ඒ ආගම වැළඳ ගත්තේ මොකටද කියලා උඹේ මුතුන් මිත්තෝ දන්නවා…
    උඹලා වගේ උන් කතෝලික හැමෝටම ලැජ්ජාවක් මචං…
    අනික නිසල් මේක මුංගේ ආගමේ වැරැද්දක් නෙමේ…ලංකාවේ සිංහල කතෝලික කියා ගන්න බොහොමයක් දෙනාගේ ජන්ම ගතිය…
    කෝමත් සිංහල බෞද්ධ අපිට ගරහන අය ටිකක් පරිස්සම් වෙයල්ලා…උඹලා නොදන්න හුඟාක් දේවල් තියෙනවා…දන්න අයත් ඇති…අන්න එයාලා නොදන්න අයට කියලා දෙනවා නම් ගොඩක් හොඳයි…දෙමළ මුස්ලිම් සංවිධාන විතරක් නෙමේ මේ රටේ තියෙන්නේ…

    Hot debate. What do you think? Thumb up 7 Thumb down 4

  • Cheena

    To Shasha : U are correct, church has not created “AAgam wadaya” and they will not.Because in a debate they will not have a chance.so they spread secretly, grabbing all the levels of the society.
    Earlier they did it violently, killing the natives who did not become Catholics.The church is responsible for killing of millions of people and eradicating native cultures like in S.America. Now they use different tactics.

    Thumb up 0 Thumb down 1

  • Hasitha

    aagama saha jaathiya dekak bawa aththa, namuth sinhala jaathiyata bhauddakama uruma wu darshanayaki. eya aagamak nowe, jeewana darshanayak widihata aetha athithaye sitama sinhala jaathiya thama jeewithaya godanangwa aetha. Siyaluma kithunu sinhalayanta kiva yuththe oba adahana aagama apa ratata peminiye videshiya akramanayakini. eya kisiwitekath apa jaathiye aagama nowe, eka apa jaathiya winasha kirima sandaha apata balen athulu kala aagamaki. meya therum ganima siyaluma sinhalayange wagakeemak saha yuthu kamaki.

    Thumb up 3 Thumb down 1

  • tharanga

    mama oya agamika sahajewanya gana katha karana aygen podi deyak ahannam visesyenma anith agam walta heruna sinhala ayagen oya golla oya adahan wenath agam merate paturuwa hariye oya kiyana sahajewanyenda.ewa paturuwanna mulinma thuwakkuwa bavitha kala passe thanathuru warapprasada yoda gatha ada salli yodagannawa. hamoma hitagena inne lankawe bouddayo wena agam walin karana hama deyakma iwasagena inna oni kiyala.attama me agma darsanayak gdakma lokothara dewal gana hithapu ekaka.e kohoma unath meka pawathwagena gihin idiri ayta denna apita loukika dewala karannna wenawa.

    Thumb up 1 Thumb down 0

  • අමල් පෙරේරා

    අද අපි මැල්කම් රංජිත් කාදිනල්තුමා ගැන කථා කරන්නට සිතුවේ එතුමාට වතිකානුවෙන් ලැබුණු අලුත් තනතුර නිසා නම් නොවේ. එතුමා ඉකුත් 03 වැනිදා “උගත් පාඩම් සංහිදියා” කොමිසමට ලබාදුන් අපූරු සාක්‍ෂි නිසාය. 62 හැවිරිදි කාදිනල්තුමා, සිංහල රාජ්‍ය භාෂාව කිරීම ගැන විවේචනාත්මකව අදහස්‌ දැක්‌වූ අතර උතුරෙන් පලවා හැරි සිංහලයන් නැවත පදිංචි කිරීම ගැනද දැඩි විවේචනයක්‌ එල්ල කළේය. මෙය බරපතල කාරණයකි. උතුරු නැගෙනහිර පළාත්වල සිංහලයන් නැවත පදිංචි කිරීමට කාදිනල්තුමා විරෝධය පළ කරන්නේ මන්ද? 2009 මැයි 19 වැනි දින නන්දිකඩාල් කලපුවේදී මරණයට පත්වූ ප්‍රභාකරන්ටද අවශ්‍ය වුණේ උතුරු නැගෙනහිර පළාත් නැතිකර දෙමළ ප්‍රදේශ කිරීමටය. එහෙත් උගත් පාඩම් කොමිසමට සාක්‍ෂිදෙන කාදිනල්තුමාද නැවතත් උතුරු නැගෙනහිර සිංහලයන්ගෙන් තොර ප්‍රදේශයක්‌ බවට පත් කළ යුතු යෑයි කියයි. මෙය ශ්‍රී ලංකාවේ මහ ජාතියට කළ නිගාවකි. එමෙන්ම රංජිත් කාදිනල්තුමා ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනතද හදිසි නීතියද දැඩි විවේචනයට ලක්‌කර තිබිණි. එහෙත් උගත් පාඩම් කොමිසමේ සභාපති හිටපු නීතිපති සී. ආර්. ද සිල්වා මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ ත්‍රස්‌තවාදය මර්දනය සඳහා මෙවැනි නීති යොදාගත් පළමු රට ශ්‍රී ලංකාව නොවන බවයි. ඇත්තෙන්ම කාදිනල්තුමා ලබාදුන් සාක්‍ෂි අනුව ඔහුගේ ස්‌ථාවරය වූයේ ත්‍රස්‌තවාදය මර්දනය කිරීම සුදුසු නොවන බව දැයි අපට උභතෝකෝටිකයක්‌ පැනනගී. එදා රායප්පු ජෝශප් රදගුරුතුමාද කොටි සංවිධානය සමග එකට සිටිමින් මේ අදහස්‌ දැරූ බව නම් අපට අමතක නැත. Divaina.com

    Well-loved. Like or Dislike: Thumb up 14 Thumb down 6

  • අමල් පෙරේරා

    මේ කාදිනල්ට තියෙන්නෙ මාර සර්ටි‍ෆිකේට් එකක්. මේ ටික කියවල බලන්නකො

    උතුරේ සිංහලයන් පදිංචි කරවීම සාමයට බාධාවකැයි කියන කාඩිනල් මැල්කම් රංජිත් පියනමගේ ප්‍රකාශය මෙහිදී සැලකිල්ලට ගැනීම වටී.

    මුළු යුධ කාලය පුරාම කතෝලික සභාව ක්‍රියා කලේ සිංහල විරෝධී අයුරිනි. පාර්ලිමේන්තුවේ සිටි ජයලත් ජයවර්ධන වැනි ඔවුන්ගේ ඒජන්තයන්ගේ කටවල් වලින් කියැවුනේ කතෝලික පල්ලියේ යුද්ධය පිළිබඳ වූ ස්ථාවරයයි. ඊනියා සාම ගිවිසුම කාලයේදී කොටින් විසින් තුවන් නිෂාම් මුතාලිෆ් ඇතුලු රණ විරිවන් 117 දෙනෙකු ඝාතනය කරද්දීත්, ලසන්ත වික්‍රමතුංග ඔවුන්ගේ නම් හා ලිපින සන්ඩේ ලීඩරයේ පළ කරද්දීත් කතෝලික සභාව “හ්ම්” කීවේ නැත. මෙය නොකළ යුත්තකැයි ඔවුහු වික්‍රමතුංගට නොකීහ. ඔවුහු තමන්ගේ එකා බැවින් වික්‍රමතුංග ගේ ද්‍රෝහී ක්‍රියාව නිහඬවම අනුමත කළහ. හතරවන ඊලාම් යුද්ධය කාලයේ කොටි සමග සාකච්ඡාවට යා යුතු බවට දිගින් දිගටම පැවසුවේද මේ කාඩිනල් මැල්කම් රංජිත් මය. වතිකානුවේ දේව මෙහෙයට කොටින්ගේ කොඩි උස්සාගෙන ඒම නිහඬවම අනුමත කලේද ඔහුමය. යුද්ධය දිනූ පසු බඩ පිණුමක් ගසා දැන් රට ගැන දොඩන්නේත් මේ දිව දෙකේ සර්පයාමය. මෙවන් සර්පයන් සරමේ දමා ගෙන සිටින රාජපක්ෂ ජනපතිටත්, මොවුන් විසින් අහවල් අවයවය සපා කෑ කල්හි “කනවෝ, කනවෝ” කියමින් කෑ ගසනවාට වඩා දැන්මම මොවුන් හඳුනා ගෙන ඔවුන් තම සැලසුම් වලින් ඉවත් කර දැමීම වැදගත් වනු ඇත.

    http://peramunerala.wordpress.com/tag/මැල්කම්-රංජිත්/

    Well-loved. Like or Dislike: Thumb up 10 Thumb down 1

  • කුෂාන් සිරිවර්ධන

    ආගමේ වුන් මේකෙ බරටම කොමෙන්ට් දාල, උන්ට ගොඩක් රිදිල වගේ. වැ‍රැදි පේනකොට රිදෙනව තමයි. එක්කෙනෙක් ළමා සාරිය ගැන කතා කරල. ආගමේ එවුන්ට වෙනම ඇඳුමක් නැති නිසා බෞද්ධයින්ගේ ඇඳුම ඇන්දා කියමුකෝ. පුරස්නෙ තියෙන්නෙ ඇයි දෙයියනේ මේ කාදිනල්ට වඳින්න විතරක් ළමා සාරියක් ඇඳපු ළමයෙක්ව අරගෙන තියෙන්නේ? ළමා සාරිය ඇඳපු දරුවෙක් ලව්වා කාදිනල්ට වන්දවාගෙන මෝඩ ආතල් එකක් ගන්න වගෙයි මුන්ට ඕනැ වෙලා තියෙන්නෙ. බෞද්ධ දැරියෝත් කාදිනල්ට වඳිනවා කියල ලෝකෙට පෙන්වන්න හදන අමන උත්සාහයක්. මේක අපි හෙළා දකිනවා. සුද්දගෙ ආගම අදහන එවුන්, කළොත් කරන්නෙ බෞද්ධයින්ට හතුරුකමක්මයි.

    Hot debate. What do you think? Thumb up 13 Thumb down 9

    • සහන් ෆර්නැන්ඩෝ

      Hidden due to low comment rating. Click here to see.

      Poorly-rated. Like or Dislike: Thumb up 12 Thumb down 16

    • A Catholic

      ඔබ කියන කතාව කුහක එකකි. සාම්ප්‍රදායකව පවතී ධර්මය ඉගාන්වීමෙ ක්‍රමය වෙනුවට ඉරුදින දහම් පාසල් ක්‍රමය ( වෙසක් කාඩ්, භක්ති ගිඉත සංදර්ශන ඇතුළුව.., ) පටන් ගත්තේ බෞද්ධයන් කතෝලික සම්ප්‍රදායන් දිහා බලා ඒ අනුව නොවේද? “සිංහල කතෝලික” අනන්‍ය තාවයක් මෙරටෙහි නැතිව ලෝකයේ අන් කොහෙවත් ගොඩනැගිය නොහැක. කතෝලිකයන් හා සිංහලයන් ලෙස එය අපට ලෝකය හමුවේ අපගේ අනන්‍යතාව දැක්විය හැකි ක්‍රමයක් ලෙස අපි අනුගමනය කරමු.

      Well-loved. Like or Dislike: Thumb up 12 Thumb down 7

  • Visal

    Me wage sayit gana anduwen hoyanawa. Mewa agamwadaya awussuwana web-siyie.

    ආගම්වාදී, ජාතිවාදී ගැටුම් අවුලන්න රට පුරා ‘කටකතා කල්ලියක්’
    http://lankacnews.com/sinhala/news/29190/

    Me Rangath oya kalliye ekkenek. Rangage namath thiyenawa koment ekaka daala.

    Hot debate. What do you think? Thumb up 9 Thumb down 7

    • දැන් ඔබ කොමෙන්‍ටුවකින්ද මම ගැන කියන්නේ? කොමෙන්‍ටු දාන්නේ කියවන අය කියල දන්නේ නැද්ද? අනික රට පුරා කට කතා පතුරුවන කල්ලියක් ගැනනේ කියන්නේ. මෙම වෙබ් සයිට් එකෙන් රට පුරා කට කතා පතුරුවන්න බැහැ , අන්තර්ජාලයේ විතරක් අදහස් හුවමාරු වෙන්නක්, කියලා මොළය ඩිංගිත්තක් හරි තියෙන කෙනෙකුට තේරෙනව.

      මෙන්න ඒ සයිට් එකේ තියෙන ලිපියක්, ඒකෙන් කියනවා පැහැදිලිවම මුස්ලීම් අන්තවාදීන් ගැන .

      අන්තවාදීහු රාජ්‍ය ලාංඡනය විකෘති කරති
      http://lankacnews.com/sinhala/news/29727/

      අනික ඒ සයිට් එක අපේ මිතුරු වෙබ් අඩවියක්. එම සයිට් එකේ අපේ සමහර ලිපි පවා පල වෙනවා.
      http://lankacnews.com/sinhala/miraculous/28807/

      ඔබ වෙනත් එක එක නම් වලින් දැන් දිගට හරහට කොමෙන්‍ටු දමා ඇති බව පෙනෙන්නේ එක අයිපී එකෙන් කොමෙන්‍ටු ගොඩක් ඇති නිසයි. එතරම් බංකොලොත් භාවයකට ඔබ පිළිගන්නා දර්ශනය පත් නොකරන්න.

      Well-loved. Like or Dislike: Thumb up 17 Thumb down 6

  • Mahesh

    anya aagamikayanta oona deyak karanna puluwan. api mukuth kiwwoth , api jaathi waadeen, aagam waadeen kiyanawa. apee deeshapaalakayanta meewa wala kisima gaanak naha. apee sinhalayange kawada as areida?

    Well-loved. Like or Dislike: Thumb up 8 Thumb down 1

  • සහන් ෆර්නැන්ඩෝ

    මචන් රංග ළමා සාරිය ඇවිල්ල සිංහල බෞද්ධ නිර්මාණයක් නමෙයි. එක ස්පේන් වල පොඩි ගෑනු ළමයි අන්දපු රෙද්දයි හැට්ටෙයි අපේ අය අනුකරණය කරපු දෙයක්. ඒක ඕගොල්ලන්ගේ ඔරිජිනල් දෙයක් නමෙයි.

    මේක බලන්ඩ: http://www.karava.org/radala අන්තිමට බලන්ඩ.
    http://karava.org/yahoo_site_admin/assets/images/Lama_Sariya_spanish.336231522_std.jpg
    Above: The traditional Spanish costume from which the Sri Lankan – now considered pure Sri Lankan- “Lama Sariya” originated.

    Hot debate. What do you think? Thumb up 8 Thumb down 10

    • නිසල්

      @සහන් ෆර්නැන්ඩෝ, මම උබට ඕකට උත්තර දෙන්න යන්නෙ නෑ..මොකද ඕක උබලගෙ ආගමේ හෑටියක්…මේක විතරක් මතක තියා ගනින්…මේ රටේ ක්‍රිස්තියානි කාරයො හිටියෙ නෑ.. උබ ක්‍රිස්තියානි වෙලා තියෙන්නෙ උබේ මුතුන් මිත්තෙක් කරපු මහා පාවා දීමක් නිසා…

      Well-loved. Like or Dislike: Thumb up 24 Thumb down 14

      • සහන් ෆනැන්ඩෝ

        Ogollanta hithanda baha. Mama meka danagathth karawa.org site eke. Egollo thamayi oka kiyanne. Oya site eka hadala thiyenne thanikara Bauddayomayi. Ithin apita boruwata accuse karanda epa.

        Hot debate. What do you think? Thumb up 11 Thumb down 8

      • යක්ෂ ගෝත්‍රිකය..

        අපේ රටේ බෞද්ධයෝ හිටියෙත් නැහැ. හිටියේ යක්ෂයෝ, නාගයෝ, ගස් ගල් අදහන එවුන් ටිකක්… අශෝක අධිරාජයා බලෙන් මේ රටට ඉන්දියාවේ දෙමලුන්ගේ ආගම මිහිඳු හාමුදුරුවෝ අතේ එව්වට පස්සේ තමයි මේ රට බෞද්ධ උනෙත්.. අනික දන්ත දතුව ලංකාවට ගෙනෙනකොට මේ රති හිටිය යක්ෂ නාග ගෝත්‍රික ජනතාව දළදාව ගෙන නැවට පහර දුන්න කියල ලියවිලා තියෙන්නේ මොකක් කහනවටද දන්නේ නැහැ… බුදු දහම කියන්නේ දෙමල ආගමක්… ක්‍රිස්තියානි කියන්නේ යුදෙව් ආගමක්.. දෙකම පිට රටකින් තමයි බන් ආවේ…

        යක්ෂ ගෝත්‍රිකය..

        Thumb up 1 Thumb down 0

  • bududahama halluwata lakkaramin genayana wada piliwela pilikulen uthuwa htla dakimi …….

    Thumb up 5 Thumb down 1

  • sanjaya

    see this
    http://www.lankaenews.com/Sinhala/news.php?id=16151
    apee hamuduruvanta mada gahala theyana hati

    Thumb up 1 Thumb down 0

    • thamantama gini thiyaganna aya anik ayata gini nothiyayi kiyala hithanna amaruyi

      Poorly-rated. Like or Dislike: Thumb up 4 Thumb down 7

      • Shasha

        1. “Lama Saree” eka kiyannee Sri Lankave Jathika aduma.. eeka katavath, Kauruvath, Kohevath kiyalaaa neee… eeka Baudda minussungee Adumak kiyala.. Ehema koheehari, Kauruhari, Kothana hari kiyala thiyenavaanam mee anith Web sites vala URL damma vageee methanata publish karanna.

        2. Karunaakarala… Ratee Agam vadayak aussanne nathuva inna.. Api ehema kavadaaavath Agam vadayak athi karala nee… ahaka inna “SINHALA BAUDDAYO” kiyala kiyagena inna pirisatai mee kiyane… Thamange “BIKSHUN VAHANSELATA” nathi kakkumak aran metha pissu ballo vage natanna epa..

        3. CATHOLIC CHURCH ekakata jeevitheetavath avilla nathi Agam vadaya aussanna hadana minussu kohmada “SINHALA CULTURE” eka “BUDDHIST CULTURE” ekakata samana karanee????????? ai api katavath vandama vadenne nadda??? Baudda kattiya vandama vitharada vandenne????

        PLEASE DON’T BEHAVE LIKE ALIENS…….

        Well-loved. Like or Dislike: Thumb up 12 Thumb down 6

        • //“Lama Saree” eka kiyannee Sri Lankave Jathika aduma.//
          මා දන්නා තරමින් නම් ශ්‍රී ලංකාවේ ජාතික ඇඳුම පිරිමි>සරම හා අත් දිග කමිසය , කාන්තාවන්>ඔසරිය, වේ.

          //Karunaakarala… Ratee Agam vadayak aussanne nathuva inna.//
          අපි නෙමෙයි අදින්නෙ, ඇදල තියෙන අය ගැන සඳහන් කළා පමණයි.

          //CATHOLIC CHURCH ekakata jeevitheetavath avilla nathi Agam vadaya//
          ඉහත ලිපිය කියෙව්වද?

          Poorly-rated. Like or Dislike: Thumb up 3 Thumb down 19

      • Shasha

        ” මා දන්නා තරමින් නම් ශ්‍රී ලංකාවේ ජාතික ඇඳුම පිරිමි>සරම හා අත් දිග කමිසය , කාන්තාවන්>ඔසරිය, වේ.”

        MR.Rangana Gunawardana Ethakota oya kiyannee Pee daham pasala yanakota Lamain Adinnath oona Osariya kiyalada?????? nathnam Baudda daham pasal vala vitharada LAmasariya adinna ona kiyalada????? mama methana කාන්තාවන් kiyala sadahan karala nee.

        අපි නෙමෙයි අදින්නෙ, ඇදල තියෙන අය ගැන සඳහන් කළා පමණයි.

        mee Page eka සිංහල බෞද්ධයා nathnam Catholicaya nemei… kiyala thiyenne ogollonui.

        Saththu ekka katha karanna yana ekath pissuvak oyala vage

        Hot debate. What do you think? Thumb up 6 Thumb down 6

        • මම අදහස් කළේ පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ ඇඳුම්. දරුවන් සඳහා ළමා සාරිය ජාතික ඇඳුමකට වඩා බෞද්ධයින් විතරක් අඳින ඇඳුමක් බවයි මගේ අදහස. අනික ක‍තෝලික ගැහැණු දරුවන් සඳහා වෙනම ඇඳුමක් තිබෙනවා නේද? ඒවා බොහෝ විට තීරණය වෙන්නේ වතිකානුවෙන් බවයි අපිනම් දන්නේ.
          http://en.wikipedia.org/wiki/Catholic_school_uniform

          Poorly-rated. Like or Dislike: Thumb up 7 Thumb down 11

        • සහන් ෆනැන්ඩෝ

          Hidden due to low comment rating. Click here to see.

          Poorly-rated. Like or Dislike: Thumb up 5 Thumb down 10

        • බටහිර ක්‍රමයට ඔබ දැක්වූ දේ වන. ආගම සහ ජාතිය යන්න දෙයක් වීම සත්‍යයක්. ඒත් සිංහල වංසකතා බැලුවොත් සිංහල ජාතිය ආරම්භ වී තිබෙන්නේ ත් පැවතෙන්නේත් බුදු සසුනේ පැවැත්ම උදෙසාම බව පෙනෙනවා.

          ඉන් අදහස් වෙන්නේ නෑ බුදුදහම සහ සිංහල ජාතිය යන්න එකක් කියලා. මම අදහස් කළේ ඒ දෙකේ ඇති සම්බන්ධතාවයයි.

          Poorly-rated. Like or Dislike: Thumb up 6 Thumb down 15

        • A Catholic

          රංග, කතෝලික ගැහැණු දරුවන්ට වෙන්වූ විශේෂ ඇඳුමක් නැත. පල්ලියට යන්නට යුනිෆෝම් නැත. එම පින්තුරයේ සිටින්නේ සාමාන්‍ය ගිහි දරුවෙකි. ආගමික වතාවත් වලට තාවකාලිකව උදව් කරන්න ඉන්නා දරුවන් හා විශේෂ ගායනා කණ්ඩායම් වල දරුවන් සඳහා වෙන්වූ ඇඳුම් නම් ඇත. ඒවා ගැන නිඉති නැත. සම්ප්‍රදායන් පමණක් ඇත. මෙහි සිදුවන්නේ එතුමන්ව පිළිගැනීමට ගැහැණු දරුවෙක් යොදා ගැනීමයි. මේ රටේ නීතියට අනුව තීරණය කරන පරිදි ජාතිය සිංහල වූ ආගම කතෝලික වූ ජන පිරිසක් ඇත. ඒ බව උප්පැන්න සහතිකයේ ඇත. ඒ ගැන ඔබ වාද කල යුත්තේ ජනපති තුමා හා ඔහුට සහය දක්වන දේශපාලකයන් සමගය. කෙසේ වෙතත් තත්වය එසේ තිබෙන තාක්, “සිංහල කතෝලික” අනන්‍යතාවක් පවත්වාගෙන යාමට අප හට අයිතියක් ඇත. ඔබ එය නැහැ කියනවා නම් ඔබට කිරීමට ඇත්තේ අ) නඩු දැමීම, ආ) රටේ නිඉතිය වෙනස් කිරීම.

          Well-loved. Like or Dislike: Thumb up 16 Thumb down 5

  • [...] ක්‍රියා සමග මා එ කග වුවද රඡයේ සර්ව ආගමික උමතුව සහ බුද්ධ ජයන්තිය හරහා රාජ්‍ය [...]

    Thumb up 4 Thumb down 0

  • [...] වලට සර්වාගමික චාරිත්‍ර එක් කිරීම සහ බුදු දහම වෙනුවට සර්වාගම ප්‍රචලිත [...]

    Thumb up 2 Thumb down 0

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.