“සර්ව ආගමික උමතුව” මැයෙන් පසුගිය දිනෙක අප විසින් හෙළි කරන ලද, “භික්ශූන් වහන්සේලා අන්‍යාගමිකයින් ඉදිරියේදී හෑල්ලු වීම සහ අපේ කම පාවාදීම” තවත් දුර දිග ගොස් බෞද්ධයාට පමණක් සුවිශේශී වන ශ්‍රී සම්බුද්ධ ජයන්තියටද සර්වාගමික මාෆියාව වැද්දාගෙන තිබීම සහ බුද්ධ ජයන්තිය සංවිධානය කිරීමට අන්‍යාගමිකයන්ටද රාජ්‍ය අනුග්‍රහය යටතේ බලතල ලබා දී තිබීම බුදු දහමේ අනාගත පැවැත්මට විශාල තර්ජනයකි.
2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් සිදුවන්නේ කවරක්‌ද? මේ සදහම් දිවයිනට අතිශයින් වැදගත් වන්නාවූ අසිරිමත් දිනය සැමරීමට පිළිවෙතින් පෙළගැසෙන සමයක එය කඩාකප්පල් කිරීමේ විවිධ බලවේග ක්‍රියාත්මක බව දැන් පැහැදිලි වෙමින් තිබේ. 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් වසර තුනක සිට ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව රජය පවසයි. එහෙත් අපට නම් ඒ ගැන සෑහීමකට පත්වීම අපහසුය. රජයේ වැඩපිළිවෙළ පිළිබඳව ප්‍රශ්නකාරී තත්ත්වයක් පැනනගින්නේ බුද්ධශාසන අමාත්‍යාංශය 2600 සම්බුද්ධත්ව ජයන්තිය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නිකුත් කර ඇති “දීපව්‍යාප්ත ජාත්‍යන්තර වැඩසටහන” නමැති කුඩා පොත් පිංච දෙස බලන විටය. ඇත්තෙන්ම මේ පොතේ පිටුපස කවරයේ මුද්‍රණය කර ඇත්තේ ගම්පොල අම්බුළුවාවේ ඡායාරූපයකි. 2600 බුද්ධ ජයන්තිය හා අම්බුළුවාවේ ඇති සම්බන්ධය කුමක්‌ද? එය සර්ව ආගමික මධ්‍යස්‌ථානයක් මෙන්ම ජෛව විවිධත්ව සංකීර්ණයකි. බුද්ධශාසන අමාත්‍යංශයට මේ වැදගත් සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් පළ කරන ග්‍රන්ථයට සැබෑ බෞද්ධ විහාරයක ඡායාරූපයක් සොයා ගැනීමට අපහසු වූයේද? අවම වශයෙන් රුවන්වැලිසෑයේ ඡායාරූපයක් හෝ පළකිරීමට අපහසු වූයේද? අගමැතිවරයා සතුටු කිරීමට අම්බුළුවාවේ ඡායාරූප පළ කිරීමෙන් පමණක් සම්බුද්ධත්ව ජයන්තිය සාර්ථක කර ගත හැකිද? ඇත්තෙන්ම රජය මගින් නිකුත් කර ඇති මේ ග්‍රන්ථය මගින් යෝජනා කර ඇති වැඩසටහනින් සිදුවන්නේ මෙවර සම්බුද්ධත්ව ජයන්තිය අවුලක් බවට පත්වීමය. මෙය අන්‍යාගමික කුමන්ත්‍රණයක්‌දැයි අපට සැක සිතේ. අග්‍රාමාත්‍ය කාර්යාලය සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය මගින් ඉදිරිපත් කර ඇති “2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු” නමැති ග්‍රන්ථයේ දීපව්‍යාප්ත ජාත්‍යන්තර වැඩසටහනද සම්බුද්ධත්ව ජයන්ති අසිරිය බොඳ කිරීමේ වෑයමකි.
මෙම ග්‍රන්ථය තුළින් ක්‍රියාත්මක කිරීමට කරන ඇතැම් යෝජනා පිළිබඳව අවධානය යොමුකිරීමේදී එය අන්‍යාගමිකයන්ගේ උපදෙස් පරිදි සැකසූවක්‌ද යන සැකය නැගේ. මෙම ග්‍රන්ථයේ 33 පිටුවේ සඳහන් වන අන්‍යාගමික කමිටු පිහිටුවීම යන පරිච්ඡේදය යටතේ හින්දු, ඉස්‌ලාම්, කතෝලික ආගමික දිස්‌ත්‍රික් කමිටු පිහිටුවීමට නිර්දේශ කර ඇත්තේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු යන විශේෂ ශීර්ෂ පාඨය යථාර්ථවාදී කිරීමට බව දක්‌වමිනි. මෙය කිනම් විහිළුවක්‌ද? බෞද්ධයන්ට අතිශයින්ම වැදගත්වූ දිනයක් සැමරීමට අන්‍යාගමික කමිටුවලින් ඉටුවන මෙහෙවර කුමක්‌ද? මෙය අන් කිසිවක් නොව සර්වාගමික සමුළු ඔස්‌සේ අන්‍යාගමිකයන් තම ආගම ප්‍රචාරය කර ගැනීමේ කූඨ උපක්‍රමයේ තවත් එක් ඉදිරි පියවරකි. එකී අන්‍යාගමිකයන්ගේ අරමුණු ඉටුකර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයත්, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයත් මෙම ග්‍රන්ථය මගින් නිර්දේශ ඉදිරිපත් කිරීම කණගාටුදායකය.
“ශ්‍රී ලාංකික මහජනතාව තුළ සෑම ආගමක්‌ම කෙරෙහිම ආගමික ප්‍රබෝධයක් ඇති කිරීම පිළිබඳව සැලකිලිමත්වීම මෙම වකවානුවේ ඇති වැදගත් කාර්යභාරයක් ලෙස හඳුන්වාදිය හැකිය. මෙම කාර්යභාරය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී අභියෝගාත්මක වැඩපිළිවෙළක් විය හැකි ලෙසද හඳුනාගත යුතු වේ. 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු යන විශේෂ ශීර්ෂ පාඨය යථාර්ථවාදී කරමින් අන්‍යාගම් වන හින්දු, ඉස්‌ලාම්, කතෝලික/ක්‍රිස්‌තියානි ආගම් සඳහා දිස්‌ත්‍රික් කමිටු පිහිටුවනු ලැබේ”. අන්‍යාගමික කමිටු පිහිටුවීම සාධාරණීකරණයට ග්‍රන්ථයෙන් එලෙස කරුණු දක්‌වා ඇත. බෞද්ධ ආගමික උත්සවයක් නිමිති කර ගනිමින් අනෙකුත් ආගම් පිළිබඳව ප්‍රබෝධයක් කිරීම නොව සිදුවිය යුත්තේ සම්බුද්ධත්ව ජයන්තිය පිළිබඳ බෞද්ධයන් ප්‍රබෝධමත් කිරීමය. ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමය. එසේ නොමැතිව ඉහත ආකාරයෙන් අන්‍යාගමික දිස්‌ත්‍රික් කමිටු හරහා සම්බුද්ධත්ව ජයන්තියට සිදුවන සෙතක් නම් නොමැත. එමගින් සිදුවනුයේ බෞද්ධයන්ගේ මේ අසිරිමත් උළෙල අන්‍යාගමික උපක්‍රමයන් හමුවේ දියවී යැම පමණකි. අදාළ දිස්‌ත්‍රික්‌කයේ ලේකම්වරයා (දිසාපති) මෙම අන්‍යාගමික කමිටුවල කැඳවුම් කරු ලෙස කටයුතු කරන අතර ඒ සඳහා එක් එක් ආගමේ පූජකවරු, දිස්‌ත්‍රික් ලේකම් සහ දිස්‌ත්‍රික් ලේකම් කාර්යාලයට සම්බන්ධ ප්‍රධාන නිලධාරීන්, දිස්‌ත්‍රික්‌කයේ අදාළ ආගම නියෝජනය කරන පාර්ලිමේන්තු මැති ඇමැතිවරු, එකී ආගම් නියෝජනය කරන පළාත් සභාවේ මැති ඇමැතිවරුන්, පළාත් සභාවේ ලේකම් ඇතුළු පළාත් සභාවට සම්බන්ධ ප්‍රධාන නිලධාරීන්, පොලිස් අධිකාරී, අධ්‍යාපන අධ්‍යක්‍ෂ, සංස්‌කෘතික නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර, ගොවිජන සේවා නිලධාරී, සමාජසේවා අධ්‍යක්‍ෂ ආදීන්ගෙන් සමන්විත වේ.
හින්දු, මුස්‌ලිම්, කතෝලික, ක්‍රිස්‌තියානි දිස්‌ත්‍රික් ආගමික කමිටු පත්කර 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරන ලෙස ආගමික කටයුතු අමාත්‍යංශය උපදෙස් දී ඇත. අන්‍යාගමිකයන්ට සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට කටයුතු කරන ලෙස අප අණ කරන්නේ කෙසේද? බෞද්ධයින්ට නත්තල් සමරන ලෙස යෝජනා කිරීම සුදුසුද? නැත. එසේම අන්‍යාගමිකයින්ට බුද්ධ ජයන්තිය සැමරීමට යෝජනා කිරීමද විහිලුවකි. එසේම අන්‍යාගමිකයින් බුද්ධ ජයන්ති කමිටුවලට ඇතුළත් කර ගැනීමද කිසිවිටක සිදුකළ යුතු නැත. සම්බුද්ධත්ව ජයන්ති සැමරුමේ විශිෂ්ටත්වය නම් ශ්‍රී ලාංකික සියලු ආගමිකයින්ට විඳිය හැක. එනම් බුද්ධ ජයන්තිය සැමරීම අන්‍යාගමිකයින්ටද අවශ්‍යනම් රිසි සේ කල හැකි බවයි. එහෙත් මේ අන්‍යාගමික කමිටු ඇති කිරීම තුළින් සිදුවන්නේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිවීම පමණකි. මේ යෝජනා කවර කේවට්‌ට බමුණන්ගේ යෝජනා දැයි අප නම් දන්නේ නැත.
මෙකී සංයුතිය දෙස බැලීමේදී පැහැදිලි වනුයේ සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් අන්‍යාගම් ප්‍රචාරය සඳහා රාජ්‍ය අංශයේ සෘජු මැදිහත්වීම ලබාදීමට කටයුතු කර ඇති බවයි. එය පනින රිළවුන්ට ඉනි මං බැඳීමක් වැනිය. ඒ මෙරට ක්‍රියාත්මක ඇතැම් මූලධර්මවාදී අන්‍යාගමික කල්ලිවලට මෙය කාලෙකින් ලැබුණ හොඳ අවස්‌ථාවක් බැවිනි. එකී මූලධර්මවාදී කණ්‌ඩායම් සදාචාර විරෝධී ආකාරයෙන් ආගම් ප්‍රචාරයේ යෙදී සිටින බව කාටත් නොරහසකි. මෙවැනි කමිටු ඔවුන්ගේ සදාචාර විරෝධී ක්‍රියාවන් රිසි සේ සිදුකර ගැනීමට උඩගෙඩි දීමකි. එනිසා වර්තමානයේ බෞද්ධයාට සිදුවෙමින් තිබෙන අසාධාරණකම් පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැතිව හෝ අවබෝධයක් ඇතත් ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකර මෙකී අන්‍යාගමික කමිටු පිහිටුවීමේ නිර්දේශය ඉදිරිපත් කිරීම ඉතා බරපතල තත්ත්වයකි.
එමෙන්ම මෙහි වඩා ඛේදනීය කරුණු කිහිපයක්‌ද වේ. එනම් -නාගරික සංවර්ධන අධිකාරිය, අග්‍රාමාත්‍ය කාර්යාලය, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය එකතුව වවුනියාවේ බෞද්ධ, හින්දු, ස්‌ලාම්, ක්‍රිස්‌තියානි/කතෝලික පූජනීය ස්‌ථාන සඳහා ඉඩම් සහ ප්‍රමාණ තෝරා ගැනීම – ආගමික මධ්‍යස්‌ථාන සඳහා රූගත සැලසුම් සකස් කිරීම – ඉහත කරුණු සඳහා ඇස්‌තමේන්තුවක් සකස් කිරීම, භාණ්‌ඩාගාරයෙන් ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීම – ජනාධිපතිතුමාගේ සුරතින් ඉහත ස්‌ථාන උත්සවාකාරයෙන් ආරම්භ කිරීම, ඉහත කටයුතු අවසන් කරන දින නියම කර ගැනීම – ඉහත සඳහන් කළ ආගමික මධ්‍යස්‌ථාන ජාත්‍යන්තර බෞද්ධ, හින්දු, ඉස්‌ලාම්, ක්‍රිස්‌තියානි/කතෝලික නායකත්ව සහ ජනතාව සමග උත්සවාකාරයෙන් ජනාධිපතිතුමා සහ ජනාධිපති ආර්යාව විසින් විවෘත කිරීම යන කරුණු සඳහා අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ලබාගෙන තිබීමයි.
සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට අන්‍යාගමික පූජනීය ස්‌ථාන සඳහා වවුනියාවේ ඉඩම් වෙන් කිරීමට යෝජනා කරද්දී නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්‌ථාන මුස්‌ලිම් අන්තවාදයෙන් රැක ගැනීමට කිසිදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැත. වවුනියාවේ හෝ නැගෙනහිර පළාත තුළ බෞද්ධ පුදබිම් සඳහා අමුතුවෙන් බිම් කොටස් වෙන් කළ යුතු නැත. සිදුකළ යුත්තේ විවිධ අන්තවාදී කල්ලි අල්ලාගෙන සිටින බෞද්ධ පුදබිම් සංවර්ධනය කර සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ඒවා වැඳ පුදා ගැනීමට බෞද්ධයන්ට අවස්‌ථාව සලසාදීමය. නැතිනම් මෙකී යෝජනාවෙන් සිදුවනුයේ අතීත බෞද්ධ උරුමයන් රැඳී භූමි තුළ රාජ්‍ය අනුග්‍රහය යටතේ අන්‍යාගමික පුදබිම් ඉදිවීම පමණි.
ග්‍රාමසේවා කොට්‌ඨාස දාහතරදහසක සම්බුද්ධත්ව ජයන්ති වැඩසටහන් සංවිධානය කිරීමට රජය යෝජනා කර ඇත. එහෙත් මේ වැඩසටහන් පොතට පමණක් සීමාවේද යන්න ප්‍රශ්නයකි. ජාතික හෙළ උරුමයද පසුගියදා පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින් සම්බුද්ධත්ව ජයන්ති සැමරුම සඳහා අන්‍යාගමික කමිටු ඇති කිරීම ගැන විවේචනය කර තිබිණි. කෙසේ නමුත් පුවත්පත් සාකච්ඡා කැඳවීමෙන් පමණක් බෞද්ධයා බේරාගත නොහැකි බව හෙළ උරුමයද අවබෝධ කරගත යුතුය. ඔවුන්ද මේ රජයේ හවුල්කාරයින් නිසා ආගමික කටයුතු අමාත්‍යාංශයේ වැඩපිළිවෙළ ගැන සියල්ලෝම එකහා සමාන ලෙස වගකිවයුත්තෝ වෙති. 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට රජයේ පාර්ශ්ව කවරක් වෙතත් මෙරට බෞද්ධ ජනතාව නම් සෑදී පැහැදී සිටින බව නම් සටහන් කළ යුතුය. විවිධ අන්‍යාගමික බලවේග මේ බෞද්ධ ප්‍රබෝධය යටපත් කිරීමට උත්සාහ ගනිති. එහෙත් බෞද්ධ අයිතිය කිසිවකුට යටපත් කළ නොහැකිය. එය රටේ දෙවැනි පුරවැසියාද හොඳින් දැනගත යුතුය. 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම හා එය සංවිධානය කිරීම සම්පූර්ණයෙන්ම බෞද්ධ අයිතියකි. එය සර්ව ආගමික අච්චාරුවක් කළ යුතු නැත. එය ආගමික කටයුතු අමාත්‍යාංශය හොඳින්ම අවබෝධ කරගත යුතුය.
2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම සඳහා බුද්ධශාසන කාර්ය සාධක මණ්‌ඩලය විසිවැදෑරුම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇත. ෙත්‍රෙනිකායික මහනාහිමිවරුන්ගේ උපදෙස් පරිදි නිකාය තුනම නියෝජනය වන පරිදි විද්වත් නාහිමිවරුන් 12 නමක්‌ගෙන්ද, මෙරට බෞද්ධ සංවිධානවල නායකත්වය දරන විද්වතුන් 14 දෙනකුගෙන්ද මෙම මණ්‌ඩලය සමන්විත වේ. එකී බුද්ධශාසන කාර්ය සාධක මණ්‌ඩලය මගින් සම්පාදිත “2600 සම්බුද්ධත්ව ජයන්ති සැමරුම සඳහා වූ විසි වැදෑරුම් සැලැස්‌ම” ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේද අනුමැතිය ලැබිණි. එම සැලැස්‌ම නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමට සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කාර්යාලයක්‌ද පිහිටුවනු ලැබීය. එම මෙහෙයුම් කාර්යාලය මගින් ඉහත කී විසි වැදෑරුම් වැඩ සැලැස්‌ම භාෂා තුනෙන්ම මුද්‍රණය කර ප්‍රකාශයට පත් කරන ලද්දේ 2009 වසරේ ජනවාරි මාසයේදීය. බුද්ධශාසන කාර්ය සාධක මණ්‌ඩලය චෝදනා කරනුයේ ඊට පටහැනි ලෙසින් ඉහත සඳහන් කළ දීපව්‍යාප්ත ජාත්‍යන්තර වැඩසටහන අග්‍රාමාත්‍ය කාර්යාලයත්, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයත් ඉදිරිපත් කර ඇති බවයි.
එමෙන්ම එම ග්‍රන්ථයේ බුද්ධශාසන කාර්ය සාධක මණ්‌ඩලය ඉදිරිපත් කර ඇති විසිවැදෑරුම් වැඩපිළිවෙළහි සැලසුම් හා යෝජනාත්, මහනාහිමිවරුන්ගේ ප්‍රකාශත්, ජනාධිපතිතුමාගේ ප්‍රකාශයත් එහි ඇතැම් තැන්වල ඇති උද්ධෘතයනුත් උපුටා ගැනීම පිළිබඳ කිසිදු සඳහනක් නොකර ඇතුළත් කර ඇත. මේ අනුව පැහැදිලි වනුයේ අග්‍රාමාත්‍ය කාර්යාලයත්, බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයත් තවත් සදාචාර සම්පන්න නොවන ක්‍රියාවන්ද සිදුකර ඇති බව පැහැදිලිය. එනම් බුද්ධශාසන කාර්ය සාධක මණ්‌ඩලය ඉදිරිපත් කළ විසිවැදෑරුම් වැඩපිළිවෙළ තමන්ගේ වැඩපිළිවෙළක් ලෙස ඉදිරිපත් කිරීමයි. අග්‍රමාත්‍ය කාර්යාලයට හෝ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයට සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට හැකියාව නැතිනම් ජනපති අනුමැතියි ලබාදී ඇති විසිවැදෑරූම් වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදෙනවා වෙනුවට මෙවැනි වංචාවන් සිදුකිරීම කිසිසේත් උචිත නොවේ.
මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කර ඇති දීපව්‍යාප්ත ජාත්‍යන්තර වැඩසටහනද සර්වාගමික සංකල්පයක සිට ඉදිරිපත් කර ඇති බව පැහැදිලිය. දියුණු ලොව තුළ දේවවාදී ආගම්වලට හිමිව තිබූ තැන අහිමිව යද්දී එකී ආගමික පූජකවරුන් සර්වාගමික සමුළු හරහා තම ආගම් ප්‍රචාරය කිරීමේ කූඨ වැඩපිළිවෙළක නිරතව සිටී. අපේ ඇතැම් භික්‌ෂුන් වහන්සේද මෙම කූඨ උපක්‍රමයට හසුව ඇත. බුදුදහම යනු දේවවාදය ප්‍රතික්‌ෂේප කරන දහමකි. එවැනි දහමක පූජ්‍ය පක්‌ෂය අනෙකුත් දේවවාදී ආගම්වල පූජකවරු සමග ආගමික සමුළුවලට සහභාගිවීම කෙසේ නම් පෑහෙන්නේද?
සිදුවෙමින් පවතිනුයේ 2600 සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් සැරසෙනවා වෙනුවට පිළිවෙලින් පහරදීමකි. බුදුදහමට ප්‍රමුඛත්වය දීමටත්, එය සුරැකීමටත් ව්‍යවස්‌ථාවෙන් බැඳී තිබෙද්දී 80 හැවිරිදි අගමැති දි. මු. ජයරත්න මහතා ප්‍රකාශ කරන්නේ ලංකාවේ කිසිදු ආගමකට විශේෂයක් නොදක්‌වන බවකි. රජය සෑම ආගමකටම එකලෙස සලකන බවයි. එය රාජ්‍ය ප්‍රතිපත්තියට පටහැනි ප්‍රකාශයකි. කෙසේ නමුත් 1972 ජනරජ ව්‍යවස්‌ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය හිමිකර දී ඇති බව ලංකාවේ දෙවැනි පුරවැසියා නොදන්නේද? වතිකානුව මේ බෞද්ධ රටෙන් කාදිනල්වරයෙකුත් තෝරාගත් සමයක අගමැතිවරයා සෑම ආගමක්‌ම එකහා සමාන යෑයි පවසන්නේ කා සනසන්නද? අලුතින් පත්වූ කාදිනල් උතුමාණන් නම් මේ ප්‍රකාශ ගැන සංතෝෂවනවා විය හැකිය. කෙසේ නමුත් බහුතර බෞද්ධ ජනතාව නම් මේ ගැන කිසිම කැමැත්තක් දක්‌වන්නේ නැත. මෙරට අන්‍යාගමිකයන් බෞද්ධයන්ට වඩා නිදහසේ තම ආගමික නිදහස භුක්‌ති විඳිමින් සිටී.
එහෙත් බුදුදහමට ප්‍රමුඛස්‌ථානය ලබාදීමට ව්‍යවස්‌ථාවෙන් බැඳී සිටින රාජ්‍යයක බෞද්ධයන්ට සිදුවන අකටයුතුකම් තවමත් නිමක් නැත. එක්‌තැනක දුප්පත්කම දඩමීමා කරගනිමින් ක්‍රිස්‌තියානි මූලධර්මවාදය සදාචාර විරෝධී ආකාරයෙන් බෞද්ධයන් බිලිබා ගනිමින් සිටී. අනෙක් පසින් මුස්‌ලිම් මූලධර්මවාදය නැගෙනහිර පළාතේ බෞද්ධ පුදබිම් කොල්ලකමින් සිටී. ඊට නොදෙවැනි ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලයත්, බුද්ධ ශාසන අමාත්‍යංයත් සම්බුද්ධත්ව ජයන්තිය අන්‍යාගමිකයන්ට පාවාදීමට සූදානමේය.
2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට අපගේ සූදානම කෙතරම් ඉබි ගමනේදැයි වැටහෙනුයේ 2500 බුද්ධ ජයන්තිය සැමරුම පිළිබඳ අවධානය යොමු කිරීමේදීය. එකල 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් සැරසී ඇත්තේ 1944 වසරේÊසිටය. 1955 යෙදී තිබුණු මේ 2500 බුද්ධ ජයන්තියට වසර දහයක් තිස්‌සේ සැලසුම් සකස් කරමින් ඒවා ක්‍රියාවට නංවා ඇත. එමෙන්ම එම සැළසුම් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගෙන ඇත. 1944 වසරේ ලංකාවේ ජනගහනය 62,76,000 කි. පොලිස් වාර්තා අනුව ඒ වසරේ අපරාධ සංඛ්‍යාව 34,623 කි. 1955 වන විට ජනගහනය 85,89,000 කි. ජනගහණය වර්ධනය වුවත් ඒ වසරෙහි අපරාධ සංඛ්‍යාව 18,163 දක්‌වා පහත බැස තිබිණි. 1944 මිනීමැරුම් සංඛ්‍යාව 617 කි. එය 1955 දී 466 දක්‌වා අඩුවී ඇත. 2500 බුද්ධ ජයන්තිය සැමරීමේ වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය එයින්ම පැහැදිලිය. එහෙත් 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් මෙරට බෞද්ධ ජනසමාජය තවමත් අඩ නින්දකය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ලබාදෙන ප්‍රචාරය හමුවේ සම්බුද්ධත්ව ජයන්තිය අමතකව ඇත. “2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු” යනුවෙන් බැනර්, බෝඩ් ප්‍රදර්ශනය වුවද ඒ සඳහා වූ ප්‍රායෝගික වැඩපිළිවෙළක් තවමත් ක්‍රියාත්මක වන වගක් නම් නොපෙනේ. ඒ අසිරිමත් දින උදාවීමට ඇත්තේ තව දින එකසිය දාහතරක් පමණි. එය සැමරීම සඳහා මෙරට සියලු බෞද්ධයන් අත්වැල් බැඳගත යුතු කාලය එළඹ ඇත. සම්බුද්ධත්ව ජයන්තිය සැමරිය යුත්තේ බෞද්ධයන්ට අවශ්‍ය පරිදි මිස අන්‍යාගමික බලවේගවල අරමුණු ඉටුකිරීම සඳහා නොවන බව සියලු දෙනා මතක තබාගත යුතුය. එම නිසා අග්‍රමාත්‍ය කාර්යාලය සහ ආගමික කටයුතු අමාත්‍යංශය ඉදිරිපත් කර ඇති මෙම වැඩපිළිවෙළ වහාම ඉල්ලා අස්‌කර ගත යුතුය. එමෙන්ම දැනට ඉදිරිපත්වී ඇති විසිවැදෑරුම් වැඩපිළිවෙළ සක්‍රීය කර එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීම වැදගත්ය. මෙරට බෞද්ධයන්ට සම්බුද්ධත්ව ජයන්ති වෙසක් සඳේ අසිරිය සිත් සේ විඳ ගත හැකිවනුනේ එවිටය.
උපුටාගැනීම්:
සම්බුද්ධත්ව ජයන්තිය හා බෞද්ධ අයිතිය
http://www.divaina.com/2011/01/30/feature15.html ~චතුර පමුණුව
පිළිවෙතින් පෙළ ගැසීමට මිත්‍යා දෘෂ්ටීන් ඈඳා ගැනීම
http://www.divaina.com/2011/01/30/scholast02.html ~ලක්‌මාල් බෝගහවත්ත
වෙනත් පුවත්:
අගමැති ජයරත්නගේ කතාව බෞද්ධයන්ට අපහාසයකි
අමතර තොරතුරු:
ගෞතම බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්වී වසර 2600 ක් සපිරෙන්නේ 2011 වසරේදීය. එම අසිරිමත් සඳේ ආලෝකයේ සිරිය වඩාත් දැනෙනුයේ සිංහල බෞද්ධ අපටය. ඒ වසර 2300 කට අධික කාලයක් තිස්‌සේ පිරිසිදු ථෙරවාදී බුදුදහම ලොවට බෙදාහළ බෞද්ධ මධ්‍යස්‌ථානය ලෙසින් මේ පුංචි දිවයින ලෝකයෙන් පිදුම් ලබන හෙයිනි. මෙය ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයින්ට පමණක් නොව සමස්‌ත ලෝකවාසී බෞද්ධයන්ටම ඉතා වැදගත් වන ආගමික උත්සවයක් බව සටහන් කළ යුතුය. ලෝක ජනගහනය බිලියන 6.8 කි. එනම් කෝටි 680 ක් වන ලෝක ජනගහනයෙන් කෝටි 110 ක්‌ම ප්‍රකාශ කරන්නේ තමන් ආගමක් අදහන්නේ නැති බවයි. වික්‌පීඩියා වෙබ් අඩවියට අනුව දැනට ලෝකයේ වෙසෙන බෞද්ධයින් ප්‍රමාණය මිලියන 376 කි. බුද්ධානෙට් වෙබ් අඩවිය ප්‍රකාශ කරන්නේ එම පිරිස මිලියන 350 ක් වන බවයි. කෙසේ නමුත් ලෝක ජනගහනයෙන් 6% – 7% ත් අතර ප්‍රමාණයක් බෞද්ධයෝ වෙති. ලෝකයේ වැඩියෙන්ම බෞද්ධයින් සිටින රට චීනයයි. දෙවැනියට බෞද්ධයින් සිටින රට තායිලන්තය වන අතර තෙවැනි තැන හිමිවන්නේ වියට්‌නාමයටය. 2007 වසර වන විට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 14648421 බෞද්ධයෝ වූහ. මෙවර මැයි මාසයේදී ලොව පුරා තිස්‌හත් කෝටියක් බෞද්ධයන් මහා සැදැහැසිතින් සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට පුලපුලා බලාසිටිති. ශ්‍රී ලංකාව සැමවිටම බෞද්ධ ලෝකයට ආදර්ශයක් දෙන රාජ්‍යයකි. එදා ඇෆ්ගනිස්‌ථානයේදී තලෙබාන්වරු බාමියන් පිළිම විනාශ කරද්දී මුලින්ම පාරට බැස්‌සේ සිංහල බෞද්ධයෝ මිස අන්කවරෙකුවත් නොවේ. වසර 2300 ක් තිස්‌සේ ලොව කිසිම රටක එකම ආගමක් ආරක්‌ෂාව පැවතුණේ නැත. එහෙත් සිංහලයෝ අනවරත කැපවීමෙන් යුතුව බුද්ධශාසනයේ චිරස්‌ථිතිය වෙනුවෙන් කටයුතුකළහ.

![180635_120945217979258_100001913428570_160177_1037496_n[1]](http://sinhalabuddhist.com/wp-content/uploads/2011/01/180635_120945217979258_100001913428570_160177_1037496_n1-500x334.jpg)

ඔක්කොටම ඉස්සර වෙලා සුලු ජන කොටස් වලට අවශ්ය විදිහට හදගත්ත බොරු ජාතික සමගි ස0කල්පය වෙනස් කරන්න ඕනේ. අගමතිවරයට තියෙන්නෙත් එම මතයමයි.
pissu rate pissu agamethi
moota hodatama pissu
Kanagatuwata karunak……..? Mahindagamanayen pasuwa 9 wathawak Sambudda sasanayata Heladiwa(Sri Lankawa) pooja karala thiyenawa, Me rata methek kalayak rekune Sambuddha Sasanaye, Buddha Dharmaye Aanubhawayen… Deawanampiyathissa, Maha Dutugemunu yana Maha helayange indala methek kalayak me rate Rajakam kala sema Rajekma Diwi kepa kale Sambuddha sasanaya wenuwen. 1948 wenakal Mulu Lankawama Sudda yatath karagena hitiyath, Sambuddha sasanaya yathath karaganna beri una.. A suddageth pradanama Wagakeema une Budu dahama Reka geneema.. Eka Kemeththen ho Akameththen sudda kala. eth Karumayaka mahatha kiyanne Lankawe Ithihasaya danne nethi, thaman upan Agamak, Jathiyak nethi, Waasi peththata Kamburana Lankawama Parisarika, deshapalanika, Aagamikawashayen winasha karapu Minihekwa Deweni thenata daapu ekai… Munge Job eka thamai Deshapalanaya kiyanne ehema nethuwa me rata wenuwen karana kepaweema newei, Thamange bada wiyath reka ganna Amma thaththa unath wikunana jathiyak.. Issara lankawe thamai Srimath Anagarika darmapalala hitiye den inne “Anaacharika Jayarathnala”.. Me wage aya innakala me Rata goda ganna behe.. Mohuge me sarwagamika Achcharuwenma penawa eka theeranayaka indala weda karanna behe kiyala… Kptinma kiyanawa nam Konda pana nethikama penawa.. Mudale Balayata, Thanantharaye Balayata Bauddhakama ada Golu wela…. Budu Saranai!!!
2006 wasare samaru 2550 Buddha jayanti samuruwata wen kala mudal ewakata siti agamika lekam Jina sena,annaygamika katayutuwalata yedewwa.ohu e wade kale agamika amattyansaye atireka lekam rose nonata wahawateegenaya
Thanna manna balaporoththwen Ape hamuduruwoth mewata shayogaya dena ekai duka
අගමැති ජයරත්නගේ කතාව බෞද්ධයන්ට අපහාසයකි
http://www.toplankanews.com/index.php?option=com_content&view=article&id=4184:2011-01-20-03-21-27&catid=4:yaka&Itemid=2
2009 නිකුත් කල බුද්ධ ශාසන කොමිසමේ වාර්තාව සති අන්තයේදී කියවීමි. බලගතු පූජකයන් රටේඉහලමතෑන් අල්ලාගෙන ඔවුන්ගේ උපක්‍රම ක්‍රියාවට නගන සෑටි මෙයින් හොදින් එලි වේ.මෙයද එවෑනි උපක්‍රමයක් බව පෙනේ.සම්බුද්ධත්ව ජයන්තිය සෑමරීමට සියළු විහාරස්ථාන පෙළ ගෑසී ඈති මෙවෑනි මොහොතක රජය විසින් ගනු හෝ නොගනු ලබන තීරණ හෝ සෑලෑස්මවල් බොහෝ විට වචනයට ලියවිල්ලකට පමනක් සීමා වීමට ඉඩ වෑඩි බව අප සියල්ල දන්නා නිසා එය එතරම් බියට කාරනයක් නොවූවත් මේ ඈම්බෑට්ටයන් රාජ්‍ය ව්‍යුහයට හිස දමා ගෑනීම නම් ශාසනයේ චිරස්ථිතියට එතරම් හොද නෑත.
රුවන් කදිම අදහස… තෙරුවන් සරණයි!!!
අර උඩ තියෙන රූපයට මේකත් දාන්න:
3. බෞද්ධයා:
එහෙනම් අපිට පක්ෂ පාට ඕනේත් නෑ!!! ඒ හින්දා U N P එකට හරි J V P එකට හරි ඕනේ එකකට ඡන්දේ දාන්න, ඔය රටේ අගමැති(තාවකාලික) ඉන්න පක්ෂෙට ඇර…
එහෙම හඳලා එයාටම email එකක් යවමු?
[...] සිංහල ජාතිකත්වය කර පින්නා ගන්නටත්, සර්ව ආගමික වැනි වූ විකට වැඩසටහන් අත් හිටුවන්නටත් රජයට සිදුවනු ඇත්තේ, [...]