ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මළ මොහොතේ
සුනදර සුරඹුනගේ අතේ
නැළවෙන බව සිතනු පුතේ

කරදර දහසක් හමු වී
ඉන්ටැකි නම් සිනා වෙවී
ඔහු මෙ ලොවට පහළ දෙවී
රජෙකැයි සලකනු මැනවී
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

සුනාමියෙන් බුදුපිළිම වහන්සේලා ආරක්ෂා වූ හැටි

2004 දෙසැම්බර් 26 වන දින අපට කිසිසේත්ම අමතක කළ නොහැකි දිනයකි.විනාඩි 10ක් /20ක් වැනි සුළු කාලයක් තුළදී අප රටේ පරිසරය අදහා ගත නොහැකි ආකාරයකට වෙනස් වූ හැටි අපට සිහි වේ. නත්තලේ සීනු හඩත්, පොහෝදා ඝාන්ටාර හඩත් පරදවා ඉහළට නැගුනු සුනාමිය ජීවිත සහ දේපල දහස් ගණනක් විනාශ කරමින් මහ මුහුදට බිලි ගත්තේ ය.එය සිදුවී මෙම වර්ෂයට හරියටම අවුරුදු 6 යි. අද වන විට එය බොහෝ දෙනෙකුට අමතක වී ඇති බව පෙනෙයි.මේ කියන්නට යන්නේ සුනාමි ව්‍යසනය ගැනම නොවේ.

එදා මුහුදු රැලි 2ක් ආ බව අපිට මතක ය.2වෙනි රළ පහර උස අඩි 40 – 50ත් අතර විය.එදා මුලු ලෝකයම එකම කදුළු ගොඩක් විය.සුනාමිය සින්හල ක්‍රමයට “දළ රළ පෙළ” යනුවෙන් හදුන්වයි.කැළණිතිස්ස රජ සමයේ මුහුද ගොඩ ගැලූ බව අප අසා තිබුණත් එය අපට හරියටම ප්‍රත්‍යක්ෂ වූයේ එදාය.විහාර මහා දේවිය මුහුදට බිලිවූ කතාව අප එදා වෙන තෙක්ම සිතුවේ ජනප්‍රවාදයක් ලෙසය.ඒ කතාව ඇත්ත සිද්ධියක් බව මින් සනාථ වුණි.මුහුදු වෙරළ සොහොන් පිට්ටනියක් බවට පත් විය. අනිත්‍ය ,දුක්ඛ,අනාත්ම යන ත්‍රි ලක්ෂනය අපට එදා අවබෝධ විය.

ගෞතම බුදුරදුන්ගේ කාලයේ විශාලා මහ නුවර තුන් බියක් ඇති වූයේ එකල මිනිසුන් සිල්වත්ව නොහැසිරුනු නිසා ය.එදා කැළණිතිස්ස රජ සමයේද මුහුද ගොඩ ගැලීමක් සිදු වූයේ රජතුමා,කැළණිතිස්ස මහ රහතන් වහන්සේට කළ අපරාදය නිසා දෙවියන් කෝප වූ නිසාය.මේ කතාන්දරය කැළණි විහාරයේ හරි අපූරුවට සිත්තම් කරලා තියෙනවා.එදා ලන්කාවෙන් 11/12 ක්ම මුහුදට යට වුණි.තොටුපලවල් ලක්ෂයක් විනාශ වුණා.මිනිස් ජීවිත විශාල ගණනක් නැති වුණා.එකල අප රටට අයත් වී තිබුණ දූපත් 11ම මුහුදට යට වුණි.ගම්මාන 1450ක් මුහුදට යට වී ඇති බව පොත් පත් වල දැක්වේ.

රජු විසින් කැළණිතිස්ස මහ රහතන් වහන්සේව තෙල් කටාරමකට දැමීම

කැළණිතිස්ස රජ සමයේ මුහුද ගොඩ ගැලීම

වම්පස ඇත්තේ සක්‍ර දේවේන්ද්‍රයා විසින් වතුර ගලා ඒම නැවැත් වීමට තැබූ බවට විශ්වාස කරන සල පිලිම වහන්සේ ය. දකුනු පස දැක්වෙන්නේ සක් දෙව් රජ විසින් පෙර කී පරිදි වතුර ගලා ඒම නැවැත් වීමට සල පිලිම වහන්සේ නමක් තැන්පත් කරන අයුරුයි.

කැළණිතිස්ස රජු මගුල් ඇතු පිට ගමන් කරන විට ඇතු සමගම මුහුදට ගිල ගන්නා අයුරු

2004 සුනාමියත් එම නිසාම සිදු වූ බවටද අනුමාන කළ හැක.

මේ දහම් දිවයිනේ දහස් ගණන් සතුන් මරනවා.මිනිසුන්ගේ ලේ වලින් පොළව තෙත් වෙනවා.මිනිසුන් ධර්මයේ හැසිරෙන්නේ නෑ. බුදුරදුන්ගේ ආශිර්වාදය, සම්‍යක් දෘෂ්ඨික දෙව්වරුන්ගේ ආරක්ෂාව තිබුනත් එය ගගට ඉනි කැපුවාක් මෙන් විය.මනස විකුර්ති කරන සන්ගීත,නැටුම සන්දර්ශන වල කෙලවරක් නෑ.සුරාව,සූදුව,අසාධාරණය රජ කරන කාලයක් විය.ඇතමුන් සල්ලි වලට රැවටෙනවා.

දැන් අපි කතා මාතෘකාව දෙසට හැරෙමු….

එදා මහ මුහුද හැමෝටම කරදර කළා.නමුත් එදා අප රටේ තිබූ කිසිම බුදු පිලිමයකට හානියක්,අතුරුආන්තරාවක් සිදු වී නොතිබුනි.අප රටේ සෑම තැනකම බුදු පිලිම ඇත.පන්සල් ඇරුනු කොට අප රටේ හන්දියක් හන්දියක් ගානේ,සෑම බෝ ගහක් යටම බුද්ධ ප්‍රතිමා ඇත.මහ මුහුද ළග සිටි කිසිදු බුදු පිළිමයක් එදා සෙල වුනේ නැත.මුහුදු රැල්ලට විහාර ගෙයි වැඩ සිටි ධාතු කරඩු තල්ලු කරන්න බැරි වුණා.මොනතරම් අසිරියක් ද? මොන තරම් පුදුමයක් ද? බුදුරදුන්ගේ ආශ්චර්යමත් බව එදා හැමෝටම පෙනුණා. එදා පැරෑලියේදී කෝච්චියේ ගමන් කළ සින්හල,දෙමල,මුස්ලිම් සහෝදර පිරිස් කෝච්චි පෙට්ටි සමගම මුහුදට පෙරලුනා.කිසිම කෙනෙකුට හෙල්ලීමටවත් නොහැකි කෝච්චි රේල් පීලි පවා ඇබරී ගොස තිබුනා. එත් හන්දි වල ඇති හැමෝටම එහා මෙහා ගෙන යා හැකි,ඉතාමත් සැහැල්ලු ,සාමාන්‍ය ප්‍රමාණයේ රූපවාහිනී යන්ත්‍රයකටත් වඩා කුඩා, වීදුරු පෙට්ටි තුළ තැන්පත් කර ඇති කිසිදු බුද්ධ ප්‍රතිමාවකට හානියක් වී තිබුණේ නැත.

අඩි 50ක් තරම් උසට ආ මහා මුහුදු රළ පරාජය කරමින් එදා මුහුද අසල තිබූ සියලූම බුද්ධ ප්‍රතිමා වහන්සේලා මහා කරුණාවෙන් වැඩ සිටියා.මෙයින් පැහැදිලි වෙන්නේ බුදුරදුන්ගේ ආශිර්වාදය අප රටට ඇති බවයි.උන්වහන්සේගේ අධිෂඨාන,ආශිර්වාද සියල්ලක්ම මුලු “”"”විශ්වය”"” පුරාවටම පැතිරී තිබෙනවා.

බුදු දහම යනු විශ්වීය ආගමක් බව මෙම වීඩියෝ දර්ශන වලින් මනාව පැහැදිලි වේ.

එම වීඩියෝ දර්ශන වල සාරාන්ශය මෙසේය;-

“පිට සක්වළ ජීවිහු අතර “දුර බැහැර ග්‍රහ ලොවක ඉපිද, ජීවන චක්‍රය හා ඉන් මිදීම ගැන මාර්ගෝපදේශකත්වය දුන් මහා පඬිරුවනක් සරණ ගිය කොට්ඨාශයක් වෙති. ඔවුහු අසම සම මානසික ශක්තීන් අතිශයින් බල සම්පන්න ජීවිහු වෙති. සිය දේශක නායකයාට ඔවුහු “තත්ථාගහ්” (Thaththaggah) සහ “නීදෝක්” (Needhok) යන නාමයන්ගෙන් අමතති…”

මේ කියන්නේ මේ චක්‍රාවාටයෙන් ඔබ්බෙහි ග්‍රහ ලෝක වල සිටින බුදුන් සරණ ගිය “විශ්ව බෞද්ධ” ප්‍රජාවක් ගැන නොවේද?……( ඒරියා 51 වෙතින් හෙළි වූ ආර්ථික, තාක්ෂණික රහස් සිය ගණනක් ඇතත්, මෙවැනි “ආගමික” රහසක් ඒරියා 51 වෙතින් පිටතට කාන්දු වී බොහෝ රහස් අතර වෙනත් නැත. වෙනත් කිසිදු “පෘථිවි” ආගමික දර්ශනයක් තමන් හඳුනතැයි ඔවුන් පවසා නැත..මේ එවැනි රහසක් ලොවට කාන්දු වූ පළමු අවස්ථාවයි )බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පා වදාළා අපේ මිනිස් කාලයෙන් තවම ගත වී ඇත්තේ වසර 2550ක පමණ කාලයක් පමණි.. එය විශ්ව ඔරලෝසුවට අනුව නම් ඉතාම සුළු කාලයකි…”චාතුර් මහා රාජික” ඔරලෝසුවට අනුව තප්පර ගණනකි!!… මේ අනුව අපට නිගමනය කළ හැක්කේ එදා බුදු පියාණන් සෙවණේ ආටානාටිය විමසූ දිව්‍ය, යක්ෂ, කුම්භාණ්ඩ, රාජයන්ට තවමත් බණ අසා ගොස් වැඩි වේලාවක් ගත වී නොමැති බවයි…!!!! එසේ නම් එදා ගෞතම බුදු සරණ ගිය “ඒලියන්” උපාසක, උපාසිකාවන් මෙන්ම එදා බුදු පා සෙවණේ ආර්‍ය සත්‍ය අවබෝධ කර ගත් “ඒලියන්” සෝතාගාමීන්, රහතුන් මේ මොහොත වන විටත් “හබල්” දුරේක්ෂයට නොපෙනෙන චක්‍රාවාට වල සිට “නමෝ බුද්ධාය!” කියනවා විය යුතුය….

එදා ගාල්ල නගරය මුලුමනින්ම විනාශ වූවත් නගරයේ වැඩ සිටි බුද්ධ ප්‍රතිමා 2න් 1 ප්‍රතිමාවකට හෝ හානියක් වූයේ නැත.ඒ ප්‍රතිමා 2කට පින් සිදු වන්නට ඒ අසල සිටි බොහෝ දෙනා බේරුණා.ආරුගම්බේ අසල බුදු පිලිමයද සමාධි සුවයෙන් වැඩ සිටියා.මෙය පුදුමයක් නොවේ ද?

බුදු ගුණ අනන්තයි.අප්‍රමාණයි……

සාධු සාධු සාධු

පහත දැක්වෙන්නේ මහ මුහුද ජය ගත් බුදු පිලිම කිහිපයකි……

පහත ඇත්තේ සුනාමිය වූ විට ගාල්ල නගරය දිස් වූ අයුරු ය. එහි පහත මිනිත්තු වලදී නගරයේ තිබූ බුදු පිලිම 2 මහා රළ පෙළ පරාජය කරමින් සිටිනා අයුරු දැක්වේ.
0:20 – 0:29
1:07 – 1:12
1:58 -2:05

පහත ඇත්තේ පැරෑලිය කෝච්චි පෙට්ටිය පෙරලුන ස්ථානයේ පසු කලෙක ,එය සිහි වීමට ඉදි කල ප්‍රතිමාවකි.මෙය බාමියන් පිලිමයේ අනුරුවක් ලෙස ,ජපන් රජයේ අධාර ඇතිව ඉදි කර ඇත.

වැඩි විස්තර සදහා:

(1) Pereliya Buddha Statue
http://www.facebook.com/album.php?fbid=385412561389&id=214971151389&aid=166383

(2) Sri Lankan Buddha Statues Survive Tsunami
http://www.advite.com/Buddha_Statues_Survive_Tsunami.htm

.
මෙම ලිපිය පළමුව පළ කරන ලද්දේ Buddhist Places In Sri Lanka
http://www.facebook.com/note.php?note_id=10150121764938185&id=214971151389&ref=mf

852
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

4 comments to සුනාමියෙන් බුදුපිළිම වහන්සේලා ආරක්ෂා වූ හැටි

  • Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Like or Dislike: Thumb up 1 Thumb down 5

    • There is no rubbish on this article, but the reason is you haven’t understood the Buddhism. By reading couple of books even which were written by non Buddhists don’t give the fair view of Buddhism.

      The author didn’t say the statues are eternal, but they didn’t destroyed due to the tsunami. And the photos are the evidence. So you might know the difference of eternal and just didn’t destroyed due to the tsunami.

      Thumb up 2 Thumb down 0

  • ස්‌වාභාවික විපත් හමුවේ සතුන්ගේ හැසිරීම්

    ලෝකයේ සැමටම ප්‍රහේලිකාවක්‌ වූ දෙවන කරුණ වන්නේ සතුන්ගේ ජීවිත සුනාමියෙන් බේරීමයි. විනාශයට පත් මිනිසුන්ගේ සංඛ්‍යාව සමග සසඳන විට විපතට පත් සතුන්ගේ ප්‍රමාණය ඉතා සීමිතය. සුනාමියෙන් පසු මිනිස්‌ මළසිරුරු හතළිස්‌ දෙකක්‌ යාල වනෝද්‍යානයෙන් සොයා ගනු ලැබිණි. වනයේ රූස්‌ස ගස්‌ රැසක්‌ ඉදිරී වැටී තිබිණි. එහෙත් මුවන් තිදෙනකු හැර වෙනත් කිසිදු සතකු මියගිය බවක්‌ දක්‌නට නොලැබිණි.

    http://www.divaina.com/2009/12/23/feature01.html

    Thumb up 0 Thumb down 0

  • සුනාමි

    සුනාමි අභියෝගය ඉක්මනින් ජයගත් රටක්
    නිල උත්සවය අගමැති ප්‍රධානත්වයෙන් යාපනයේදී
    පැරෑලිය දුම්රිය ඛේදවාචකය දුම්රියෙන්ම ගොස් සමරති

    http://deshapalana.blogspot.com/2010/12/blog-post_27.html

    Thumb up 0 Thumb down 0

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.