ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මළ මොහොතේ
සුනදර සුරඹුනගේ අතේ
නැළවෙන බව සිතනු පුතේ

කරදර දහසක් හමු වී
ඉන්ටැකි නම් සිනා වෙවී
ඔහු මෙ ලොවට පහළ දෙවී
රජෙකැයි සලකනු මැනවී
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

මෛත්‍රී බුද්ධ

මෛත්‍රී බුද්ධ ලෙස මෙම ලිපියට මාතෘකාව යෙදීම ගන පළමුව සමාව ඇයද සිටිමි. මන්ද යත් මෙමගින් මම කියන්නේ මෛත්‍රී බුදුරජානන් වහන්සේ ගැන නොව “මෛත්‍රී බුද්ධ” යනු තමා යයි කියාගන්නා ගාල්ල ප්‍රදේශයේ සිටිනා උන්මත්තකයෙක් ගැනයි. ජාතික ඇඳුම ඇඳ කලවා පේන්නම උස්සාගෙන යන, “ස්පෝර්ට්ස්” සපත්තු පළඳින අමුතුම ආකාරයේ “පොලී මුදලාලි” වැනි මෛත්‍රී බුදුවරයෙකි. ස්වාධීන රූපවාහිනියෙන් හා ටි.එන්.එල් රූපවාහිනියෙන් මොහුගේ ධර්ම දේශනා ප්‍රචාරය වුන අතර මොහු තමා මෛත්‍රී බුදුන් යි හදුන්වගනු ලැබුවේ මැතක සිටය

උන්මත්තකයෙක් යයි කීවාට මොහු වටා එක් රොක් වී සිටිනා විශාල ජන සමූහයක් ඇත. මොහුගේ නම “සිරිවර්ධන ලියනගේ” ය. ඊනියා “අග්‍ර ශ්‍රාවක” වන්නේ ආචාර්ය කමක්ද පටලවාගෙන සිටින තිස්ස සේනානයක නැමැත්තෙකි. ඔහුගේ බිරිඳ වන මහිමා සේනානායකද රහත් වී සිට ඇතැයි සිතාගෙන සිටියද ලඟදී ලේ වල පිළිකාවක් ඇති වීමෙන් ඉතාමත් දුක් විඳ මිය ගොස් ඇත. බුදු දහමට අපහාස කරන අයට තම පින් අවසාන වන විට වෙන්නේ ඕකය.

උන්මත්තක

ඉහත වීඩියෝවේ මොහු පවසන පරිදි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ සාසනයේදී සියලු කෙනෙක්ම සම්මා සම්බුද්ධ වෙනවා යැයි 3:24 විනාඩියේ දී පවසයි. කුඩා දරුවෙක් පවා දන්නා දේ මේ පුද්ගලයාට නොතේරෙන හැටි. එක් කල්පයකට සම්මා සම්බුදු වරු පහල වෙන්නේ එක් අයෙක් පමණි. මෛත්‍රී බුදුන් යනු සම්මා සම්බුදු වරයෙකි. ඒ වගේම මොහු පවසන “මෛත්‍රී ප්‍රොජෙක්ට්” (Maithri Project) යන වචනය ගැන සියලුම සිංහල බෞද්ධයින්ගේ අවධානය යොමු වේවා.! මෙය මහායානය වපුරවන ව්‍යාපාරයක් බවටද රාවයක් ඇත.

එමෙන්ම ටිකක් දිගු වුවද කරුණාකර මේ වීඩියෝ එකත් බලන්න.

ඉහත වීඩියෝවේ දැක්වෙන්නේ මේ පුද්ගලයා දඹුල්ලේදී භික්ෂූන් වහන්සේලාද ඉදිරියේ ධර්මය දේශනා කරන ආකාරයයි. බුදු රජානන් වහන්සේ දේශනා කරන ලද ධර්මය විකෘති කරන මේ පුද්ගලයා ගේ විකෘති කතා අසා ධර්ම සංවේගය උපදවාගෙන ඔහුගෙන් ප්‍රශ්න අසන භික්ශූන් වහන්සේ නමකටද කතා කරන්නේ බල්ලන්ට ලෙලි පොල් පරිද්දෙනි. බුදු කෙනෙක් මෙහෙම හැසිරෙයිද? අඩුම ගානේ ඒ ස්වාමීන් වහන්සේට කතා කරන්නවත් අවස්ථාව ලබා දුන්නාද?

මෙහිදී සිදුවුන වැදගත්ම දේනම් මොහුගේ කතාව අවසන් වූ වහාම සූය්ර්‍ ප්‍රභා මණ්ඩලය (Solar Halo) ඇතිවීමයි. කාළගුණ අනාවැකියක් බලා මෙය ඇති වන වේලාව කියන්න පුලුවන්. ශ්‍රී ලංකාව වැනි සමකයට ආසන්න රටවල හොඳින් ඉර පය ඇති දින වලදී මෙය නිතරම වාගේ සිදුවේ. සූර්යග්‍රහනය කලින් දැන සිටීම නිසා මරණ දඬුවමෙන් බේරුන “ටින් ටින්” කාටූන් එක ඔබ සමහර විට බලලා ඇති. මේකත් ඒ වගේ දෙයක්. මේක සිදු වන වෙලාව බලාගෙන කතාව අවසන් කිරීමයි මෙයා කළේ. ඉතින් මෙතන් හිටපු මෝඩ උදවිය මේකට රැවටින.

සංඝයා වහන්සේ නමක් (ව්‍යාජ විය හැකියි ) දාසයකුට යොදාගෙන ඇති ආකාරය පෙනේ !

සංඝයා වහන්සේ නමක් (ව්‍යාජ විය හැකියි ) දාසයකුට යොදාගෙන ඇති ආකාරය

කාලය පිළිබඳ සිරිවර්ධන මිත්‍යාව
අතීතං නිරුජ්ජං විපරිනතං – අතීතය යනු නිරුද්ධවූ වෙනස්වූවකි
අජාතං අපාතුභූතං – අනාගතය යනු හට නොගත් පහළ නොවුනකි
ජාතං පාතුභූතං – වත්ර්‍මානය යනු හටගත් පහළ වූවකි.

මේ දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේ කාල නිර්ණය කර ඇති ආකාරයයි. තවද ත්‍රිපිටකය පුරා ‘අතීතානාගතපච්චුප්පන්න’ යනුවෙන් කාලත්‍රය (අතීත, අනාගත සහ වත්ර්‍මානය ) දක්වා ඇත. බුද්ධ දේශනාව මෙසේ තිබියදී කාලයක් නොමැත්තේය. කාලය මුලාවක්ය. විශ්වය අකාලිකය යනුවෙන් නැඟෙන මේ ගෝරනාඩුව කුමක් පදනම් කරගත්තක්ද ?

බුද්ධිමය දේපළ සම්භන්ධවයි
තෝමස් එඩිසන් හිටපු ඇමෙරිකානු විද්‍යාඥයෙක්. මෙතුමා කරපු සොයාගැනීම් අතරින් කීපයක් තමයි ටෙලිග්‍රාප් යන්ත්‍රය, විදුලි බල්බය වගේ දේවල්. කෙනෙක් මේ සොයාගැනීම් ආපසු තමන් සොයාගත් දෙයක් හැටියට ලෝකයට ඉදිරිපත් කළාට, ඒ ඉදිරිපත් කිරීම් වලට අමුතු පිළිගැනීමක් ලැබෙන්න නැහැ. ඊට හේතුව අමුතුවෙන් කිව යුතු නැති විත්තිය කාටත් තේරෙනවා ඇති.

මේ සටහනේ මූලික අරමුණට එන්නම්, බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙනවා. උන්වහන්සේ තමන් වහන්සේගේ විශිෂ්ඨ ඥානයෙන් මේ ලෝකයේ යථාර්ථය අවබෝධ කරනවා, වැඩිය යුතු සියලු දේ උන්වහන්සේ වර්ධනය කරනවා, ප්‍රහාණය කළයුතු සියල්ල ප්‍රහාණය කරනවා. ස්වයංභූ ඥානයෙන් ගුරූපදේශ රහිතව සත්‍යාවබෝධ කරන නිසා උන්වහන්සේ ‘සම්මා සම්බුද්ධ’ කියන නමින් හඳුන්වනවා.

කාරණා මෙසේම තිබියදී, මේ බුද්ධ දේශනා ඇසෙන මානයේ ඉඳගෙන තවත් පුද්ගලයෙක් කියා හිටිනවා නම් ‘මටත් අවබෝධ උනා, මමත් බුදු උනා, මම ඊලඟ බුදුන්’ කියලා, එහෙව් පුද්ගලයෙක් ගැන ලෝකයා ඒ විධියටම හඳුන්වන්න ඕන ඇයි ?

මෛත්‍රී බුදුන් යනු මෙවන් විගඩම් කාරයෙක් නොවේ, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති, සවනක් රැස් විහිදෙන මහා යුග පුරුෂයෙකි. මේ “අමුතු බුදුවරයා ගේ” නාටකය හුදෙක් බුදු දහම විනාශ කිරීමේ අරමුණින් ඒකරාශී වූ ක්‍රිස්තියානි මූලධර්මවාදීන් ගේ පහත් ක්‍රියාවක් පමණි. මේ එවැනි පලමු හෝ අවසන් ක්‍රියාව නොවුවද අවධියෙන් සිටීම අප පරම යුතුකම ය.

මේ පුද්ගලයගේ සත්‍ය තත්ත්වය ගැන අනාවරනය කරන බ්ලොග් අඩවියක්ද තිබේ. එහි යොමුව වන්නේ unclemaitreya.blogspot.com යන්නයි. වැදගත්ම කරුණනම් එම බ්ලොග් අඩවිය කරන පුද්ගලයා එය සිරිවර්ධන ලියන්නාක් ලෙස ලිවීමයි.

මේ පුද්ගලයා ගැන ඇත්ත හෙළි කළ තවත් වටිනා ලිපි කිපයක් මට හමු විය. පහල තිබෙන යොමු වලින් ඒවාට පිවිසෙන්න.

(1) මෛත්‍රී බුදුන් මේ වනවිටත් පහලවී ඇති බව සිතන අයට හා තමා මෛත්‍රී බුදුන් ලෙස හදුන්වාගන්නා අඥානයන්ට
http://laksiriabeykoon.blogspot.com/2010/11/blog-post_29.html

(2) මෛත්‍රී බුදුන් ලංකාවෙන් පහල වෙයි ?
http://www.elakiri.com/forum/showthread.php?t=864109

901
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

5 comments to මෛත්‍රී බුද්ධ

  • madusha

    me sambandawa nithiyata kriyamargayam ganna bari hethuwa manawa himikam yathe ene onam agamak adahiome nidahasa?

    Thumb up 0

  • anu

    pissu maragatha……………budurajananwahanse ge kasawathata nigraha karana hamuduruwoth ennawa…..shik witharak…………….. ape lankawe anu nayaka maha swameenwahansela weda enne mokatada????????????? buddha shasanaya winasa wenawa balannada?????????buddha sasanaya bera gannada????????? buddha sasanaye aitiya tiyenne ape anu nahimi warunta neda???????? ko ai me winashaya balan enne???? hela urume ai mewata sadda neththe????????? katin baila tama okkoma…….

    Thumb up 0

  • උන්මත්තයකු ‍ගේ සිගිති ආතල් එකක්

    Thumb up 1

  • Your article critisized Dr Tissa Senanayake and Dr Mahima Senanayake. I am not Buddhist but I am Sri Lanka’s born Australian citizen and I am really Sinhala Australian. I work with Dr Senanayaka at the University of Goroka. It is really strange to hear Dr Mahima was passed away. I know she was suffering some kind of sickness and Tissa told me several times her difficulties and Tissa wanted leave from the University because Mahima did not like to stay their. Mahima had some blood related weakness and I saw her skin was too lightening.

    I am really sorry to hear Dr Mahima passed away. She invited me to their house and treated giving lunch and dinners. Dr Tissa is from my native palace in Sandalankawa Sri Lanka. Mahima told me she knows one ladywho was a closely frind with me when I was the Manager Bank of Ceylon, Welpatta branch. She is a Sil Mani now but I know she was a very sexy lady and she was very much love to me at that time I was 23 yearsold. I told this story to Tissa and Mahima when I met them at their house in October and I came to Melbourne for holiday on 15th November as My family is in Melbourne. After that what happened I do not know.

    Last year Tissa gave me a book he published to read in Sinhala. I do not know Buddhism as I am a Roman Cathoic faith. Tissa always critical about some bhuddhist practice such as Pansil and many matters. One day me and another Sri Lankan Medical Doctor, who is working now in Red Cross as Medical Officer in Colombo argued with Tissa about his philosophy. Another day Tissa brought a big man of Jehovah witness to my house in Goroka and that person was in Sri Lanka and told me that translater of Jehovah Witness Journals was married Tissa’s sister.

    As a Catholic I do respect to budddhism but I do not like some buddhist monks and their behaviour. You never believe that Son of Mr L.H.Meththananda was in Papua New Guinea as Missinery of Jehova Withness.

    Either Tissa or Mahima was not bad people. They were good people and pleasent to talk with.

    Tissa was a tuition master and is interested in doing banking related finance business. He invited me to open a finance company in Sri Lanka but I did not like it as I know the real risk of that business.

    Religion wise I don’t know anything about Tissa or Mahima. But Many university students told me that they very good teachers. It is really a big loss to the university.

    Thumb up 0

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.