ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රුක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

තමන් ලැබු දිවි පවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් නුඹෙන් පුතේ
මෙ ලොවට කිසි පලක් නැතේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

සැබෑ ජේසුස් වහන්සේ වූ කලී බුද්ධ ශ්‍රාවකයෙකි

නවතම සොයාගැනීම් අනූව සැබෑ ජේසුස් වහන්සේ වූ කලී බුද්ධ ශ්‍රාවකයෙකි. එතුමන්ගේ විසින් දේශනා කරන ලද සැබෑ ධර්මය විකෘති කර මැතිව්, මාක් සහ ඉගැලතියෙන්ස්‍ විසින් “බයිබලය” ලිවීමෙන් සිදුකලාවූ මේ මහා අපරාධය යලි නිවැරද කොට අප ක්‍රිස්තු භක්තික සොයුරන් වෙත සැබෑ ධර්මය හදුන්වාදිය හැකි නම් මේ උතුම් වූ නත්තල් සමයේදී ආර්ය පුද්ගලයෙකු වශයෙන් ඔබට කල හැකි ඉහලම දානය වනු නිසැකැයි.

ජේසුස් වහන්සේ යනු බුද්ධ ශ්‍රාවකයෙක් බව පසක් කිරීමට මම දන්නා සාධක කිහිපයක් දක්වමි. ඒ සඳහා මීට වඩා සාක්ෂි තිබිය හැකි අතර ඔබ දන්නා දේවල්ද පහලින් ලියන්න.

(1) ජේසුස් වහන්සේව හූමදානය කර ඇත්තේ ජපානයේ ෂින්ගෝ නම් ගමේය. ඒ ඔහු බෞද්ධයෙකු වූ නිසා ඔහුගේ අනුගාමිකයින් ඔහුව ජපානයට ගෙන ගොස් ඇත. වැඩි විස්තර සදහා http://en.wikipedia.org/wiki/Shingo,_Aomori

(2) බුදුරජානන් වහන්සේ ජේසුස් වහන්සේට වඩා වසර පන්සියයකට පෙර ජීවත් වූවෙකි. ජේසුස් වහන්සේගේ කාලයේදී පෙරදිග ප්‍රසිද්ධ වී තිබුනේ විද්‍යාව, දැණුම සහ බොහෝ දර්ශනයන්ටය. එනිසා බටහිර උදවිය පෙරදිගට පැමිණ ඉගෙන ගෙන ඇත. එනිසා බුදු දහමේ ආභාසය ජේසුස් වහන්සේ ගත්තා යැයි සිතිය හකි නමුදු බුදු දහම කිතු දහමෙන් පැවතෙන්නක් නොවේ. බුදුරජානන් වහන්සේගේ දේශනා වල සහ බයිබලයේ ඇති කරුණු වල සමානතාවයන් කිහිපයක් මෙලෙස දැක්වීමට කැමතිය. බයිබලයේ ඇති කරුණු එලෙසම දැක්වීම පිණිස පරිවර්තනයකින් තොරව ඉංග්‍රීසි බසින් දක්වමි. එනම් පහළ ඇති කරුණු වලින් පෙනෙන්නේ ජේසුතුමා බුදු දහමෙන් ආභාෂය ගත් බවය.

වර්තමාන ජීවිතය පිළිබඳ සමානතාවයන් – බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.
බුදුරදුන්: අතීතයේ ජීවත්ව නොසිටින්න. අනාගතය ගැන සිහින නොදකින්න. වර්තමානය පිළිබඳව අවධානය යොමු කරන්න.
Matthew 6: 34 Take therefore no thought for the morrow: for the morrow shall take thought for the things of itself.

තනිව සත්‍යය සෙවීමට තම සිත යෙදවිය යුතු බව බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.
බුදුරදුන්: මම යමක් කිව් නිසා හෝ, ඔබ කොහෙන් හෝ ඇසුව නිසා හෝ, කවුරුන් කිව්ව නිසා හෝ යමක් විශ්වාස නොකරන්න. විශ්වාසය තීරණය විය යුත්තේ ඔබගේ පුද්ගලික එකඟතාවය මතමය.
Matt 13: 9 Who hath ears to hear, let him hear.

ඊර්ෂාව හෙළා දැක ඇති බව සහ කරුණාව දිරිමත් කර ඇති බව බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත..
බුදුරදුන්: අන් අයට ඊර්ෂා නොකරන්න. අන් අයට ඊර්ෂා කරන්නා සතුටෙන් ජීවත් නොවේ.
Matt 23: 11 But he that is greatest among you shall be your servant

මනසින් භෞතිකය මෙහෙයවන බව බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.
බුදුරදුන්: සෑම මිනිසෙක්ම ඔහුගේ සැපතේ හෝ විපතේ ඉරණම්කරුවා වෙයි.
3 Ne 17:8 I see that your faith is sufficient that I should heal you

ජීවිතය යනු පිරික්සුක් වලින් පිරුණු තැනක් බවත් කරුණාව උතුම් බවත් බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.
බුදුරදුන්: දුප්පත් සහ පොහොසත් බේධයකින් තොරව සෑම සත්වයෙකුටම කරුණාව දක්වන්න. සමහර අය ගොඩාක් වේදනා විඳියි, තවත් අය පොඩ්ඩකි.
Matt 18: 27 – 33 Then the lord of that servant was moved with compassion, and loosed him, and forgave him the debt. But the same servant went out, and found one of his fellowservants, which owed him aan hundred pence: and he laid hands on him, and took him by the throat, saying, Pay me that thou owest. And his fellowservant fell down at his feet, and besought him, saying, Have patience with me, and I will pay thee all. And he would not: but went and cast him into prison, till he should pay the debt. So when his fellowservants saw what was done, they were very sorry, and came and told unto their lord all that was done. Then his lord, after that he had called him, said unto him, O thou wicked servant, I forgave thee all that debt, because thou desiredst me: Shouldest not thou also have had compassion on thy fellowservant, even as I had pity on thee?

මානසික ශක්තිය ඉතාමත් වැදගත් කරුණක් බව බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.
බුදුරදුන්: තමාට හැකි යයි සිතා කටයුතු කරන්නාට හැකියාව ඇත
Matt 21: 21 Jesus answered and said unto them, Verily I say unto you, If ye have faith, and doubt not, ye shall not only do this which is done to the fig tree, but also if ye shall say unto this mountain, Be thou removed, and be thou cast into the sea; it shall be done.

සමගිය සහ එක්සත් වීම බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.
බුදුරදුන්: ජීවිතයේ සමගිය අත්දැක ඇති තනැත්තා තමා ගැන අන් අයගේ කෝණයෙන් බලයි, අන් අය දෙසද තමා ගැන සිතන විධියටම බලයි. සෑම දෙයක්ම සර්ව සාධාරණ දෘෂ්ටි‍යකින් බලයි.
D&C 38:27 Behold, this I have given unto you as a parable, and it is even as I am. I say unto you, be one; and if ye are not one ye are not mine.

සභාධ්‍යායත්වය සහ මිත්‍රත්වය සහ අන් අයව ආධ්‍යාත්මික වශයෙන් සුවපත් කිරීමේ වැදගත්කම බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.
බුදුරදුන්: මහණෙනි, සියළු සතුන්ට හිතසුව පිළිස දහම් චාරිකාවේ හැසිරෙන්න.
සියළුම සත්වයින්ට මෛත්‍රිය කරන්න.
Mosiah 18:9 Yea, and are willing to mourn with those that mourn; yea, and comfort those that stand in need of comfort
2 Cor 7:13 Therefore we were comforted in your comfort: yea, and exceedingly the more joyed we for the joy of Titus, because his spirit was refreshed by you all.
Mark 3: 35 For whosoever shall do the will of God, the same is my brother, and my sister, and mother.

වෛරයේ භයනක කම ගැන බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.
බුදුරදුන්: වෛරය තබාගෙන සිටින්නා, ගිනියම් වූ අඟුරක් අන් අයට දමා ගැසීම සඳහා අතේ තබාගෙන සිටින්නා මෙනි. ඔහුම ඉන් දැවේ.
3 Ne 12: 22 But I say unto you, that whosoever is angry with his brother shall be in danger of his judgment. And whosoever shall say to his brother, Raca, shall be in danger of the council; and whosoever shall say, Thou fool, shall be in danger of hell fire.

වැදගත් දේවල අසාගෙන සිටිනවාට වඩා සිහි බුද්ධියෙන් යුතුව ක්‍රියා කිරීම වැදගත් බව බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත..
බුදුරදුන්: කොතරම් වැදගත් වදන් ඇසුවද ඊට වඩා ඒ අනුව ඔබ ක්‍රියා නොකරයිනම් ඉන් ඇති සෙතක් නැත
Matt 7: 21 Not every one that saith unto me, Lord, Lord, shall enter into the kingdom of heaven; but he that doeth the will of my Father which is in heaven.
Matt 7: 24-27 Therefore whosoever heareth these sayings of mine, and doeth them, I will liken him unto a wise man, which built his house upon a rock: And the rain descended, and the floods came, and the winds blew, and beat upon that house; and it fell not: for it was founded upon a rock. And every one that heareth these sayings of mine, and doeth them not, shall be likened unto a foolish man, which built his house upon the sand: And the rain descended, and the floods came, and the winds blew, and beat upon that house; and it fell: and great was the fall of it.

වෛරය සහ ඊර්ෂාව ආත්මාර්ථයට මග පාදන අතර ආධ්‍යාත්මික මගින් ඉවත් වීමට හේතු වන බව බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත..
බුදුරදුන්: “නහි වේරේන වේරානී…” වෛරයෙන් වෛරය නොසන්සිඳේ
James 3:16 For where envying and strife is, there is confusion and every evil work.
2 Cor 12:20 For I fear, lest, when I come, I shall not find you such as I would, and that I shall be found unto you such as ye would not: lest there be debates, envyings, wraths, strifes, backbitings, whisperings, swellings, tumults.
3 Ne 32: 2 2 Turn, all ye Gentiles, from your wicked ways; and repent of your evil doings, of your lyings and deceivings, and of your whoredoms, and of your secret abominations, and your idolatries, and of your murders, and your priestcrafts, and your envyings, and your strifes, and from all your wickedness and abominations, and come unto me, and be baptized in my name, that ye may receive a remission of your sins, and be filled with the Holy Ghost, that ye may be numbered with my people who are of the house of Israel.

බාහිර දැනීම් වලට වඩා අභ්‍යන්තරයේ සහ සිතේ වැදගත්කම බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.
බුදුරදුන්: නපුරට මිනිසාව යොමු කරන්නේ, ඔහුගේ හතුරන් නොව ඔහුගේම සිතයි
Matt 16: 25 For whosoever will save his life shall lose it: and whosoever will lose his life for my sake shall find it.
2 Tim 1: 7 For God hath not given us the spirit of fear; but of power, and of love, and of a sound mind.

තමාගේ විමුක්තිය තමා විසින්ම උදා කරගත යුතු බව බුදුරජානන් වහන්සේ සහ ජේසුතුමන් යන දෙදෙනාම ප්‍රකාශ කර ඇත.
බුදුරදුන්: තමාට පිහිට වන්නේ තමාමය. අපි අපගේ මාර්ගයේ යා යුතුය.
Philip 2: 12 Wherefore, my beloved, as ye have always obeyed, not as in my presence only, but now much more in my absence, work out your own salvation with fear and trembling.

(3) ජේසු තුමාගේ වසර 12 සිට 30 දක්වා වසර 18 ක පමණ කාලය බයිබලය විසින් වුවමනාවෙන්ම මග හැර ඇත. පුද්ගලයෙක්ගේ ජීවිත කාලයේ වැදගත්ම කොටස බයිබලය වැනි කෘතියකින් මග හැරුනේ ඇයි. එනම් ඒ කාල තුලදී ජේසු තුමා බුදු දහම ඉගෙන ගැනීමට ඉන්දියාව වැනි රටවල ගත කර ඇත. ඉන්දියාගේ සහ ටිබෙටයේ මේ සඳහා සාක්ෂි ඇතැයි යන්න ඉතිහාසඥයින්ගේ මතයයි. ජෙසුස් වහන්සේ ඉන්දියාවේ හා ටිබෙට් හි ගත කල අප්‍රකට ජීවිතය හා එතුමන් එහිදී බුදුදහම ගැන පූර්ණ ලෙස ප්‍රගුණ කල අන්දම සම්බන්ධව වැඩි විස්තර සදහා http://en.wikipedia.org/wiki/Lost_years_of_Jesus

(4) ජේසුතුමා විසින් ප්‍රකාශ කරන ලද “ඉවසීමේ මතවාදය”, “ප්‍රචණ්ඩත්වයෙන් තොර වීම” සහ “කරුණාව” (doctrine of patience, non-violence and compassion) යනාදිය බයිබලයේ පුරාන තස්තමේන්තුවට (Old Testament) සම්පූර්ණයෙන්ම විරුද්ධ දේවල්ය. ජේසු තුමන් තමාගේ අනුගාමිකයින්ට දේශනා කරන ලද්දේ සහ ඉල්ලා සිටින ලද්දේ, කවුරුන් හෝ තමාගේ කම්මුලට ගැසූ විට අනෙක් කම්මුලද පාන ලෙසත් ය. නමුත් මොසෙයික නීතියට (Mosaic Law) අනුව “ඇසට ඇසත්” “දතට දතත්” ලෙස පළිගනීම සහ වන්දි ගැනීම දිරිමත් කර ඇත. එසේනම් ජේසු තුමා මෙලෙස සම්පූර්ණයෙන් වෙනස් මතවාදයකට යොමු වූයේ ඔහු බුදු දහමෙන් ලද ආභාසය නිසාය.

(5) සාන්ත ජෝන් තුමාගේ හෙළිදරව්වට අනුව ක්‍රිස්තියානි බයිබලය ලියවී ඇත්තේ පෙරදිග මධ්‍යදරණී ප්‍රදේශයේදී ග්‍රීක භාෂාවෙනි. එම බයිබලය ලිවීමට උපුටාගෙන ඇත්තේ මුද්‍රා සතක් තබන ලද පොතකිනි. එම පොතේ මුද්‍රා කැඩීමට කිසිවෙක්ටවත් අවශ්‍ය වැදගත්කමක් සහ සුදුසුකමක් නැති බව දත් සාන්ත ජෝන් තුමා මහත් සේ වැළපී ඇත. මෙයටම සමාන පොතක් මහායාන බුදුදහමේ කියවෙයි. එනම් “ප්‍රඥාවේ පාරමිතාව” නම් පොතයි. එය මුද්‍රා සතකින් වසා ඇති අතර දකුණු ඉන්දියාවේ සංස්කෘත භාෂාවෙන් ලියා ඇත. එම පොතේ පේළි 8000 තිබී අති අතර 30 සිට 31 දක්වා පරිඡ්චේද වෙන් වී ඇත්තේ බෝධි සත්වයින් තමාවම අන් අය වෙනුවෙන් කැප කරගෙන බිලි වූ අන්දම සහ ප්‍රඥාවෙන් පරිපූර්ණත්වයට පත් වූ අන්දමයි. මෙහිදී බයිබලය ලියවී ඇත්තේ මෙකී පොත ආශ්‍රයෙන් බවට කිව හැක්කේ මේ ආගම් දෙකේම තිබෙන ඉහත කරුනේදී කී ඉගැන්වීම් සමානාත්මතාවයට මෙන්ම මේ කියවෙන පොත් දෙකම මුද්‍රා සතකින් වසා තිබීමයි.

(6) මෙහිදී සුහාරංචියේ උපමාවන් ගෙන හැර පෑ හකි අතර එහි දැක්වෙන ක්‍රිස්තුස්වහන්සේගේ හෙළිදරව්වට (Matthew 13, 1-23; Mark 4, 1-20; Luke 8, 4-15) සම්බන්ධ උපමාවන් බුදුරජානන් වහන්සේගේ ඉගැන්වීම් වල විලාශයට ඉතාමත් සමානය. “ජනතාවෙනි මාගේ වචන අසව. ගොවියෙක් ගොස් තම කුඹුරේ ධාන්‍ය වපුරයි. කුරුල්ලන් පැමිණ වපුරන බීජ කයි. සමහර බීජ මග වැටෙයි. එසේම බලව!, සමහර බීජ පස නොමැති ගල් මතුපිට වැටී මැළවෙයි. සමහර ඒවා කටු සහිත ගස් යට වැටී වැඩීම සිදු නොවේ. හොඳ පොළොව මත වැටුනු බීජ ළියලා ඉදිරියටත් අස්වන් ලබාදේ.” බයිබලයේ දැක්වෙන එම උදාහරණයට අනුව ගොවියා යනු ජේසු තුමා වන අතර බීජ යනු ඔහුගේ ප්‍රඥාවයි. බීජ කෑමට ගන්නා කුරුල්ලන් යනු ඔහුගේ වචන තේරුම් නොගන්නා ජනතාවයි. ගල් වල වැටෙන බීජ යනු වෙනත් පුද්ගලයින් අසා වෙනත් ලෙසකට විකෘති වී තවත් කෙනෙකුට කියනු ලබන දේවල්ය. කටු පඳුරු යට වැටෙන බීජ යනු පුද්ගලයින් අසන නමුත් ඒ අනුව වැඩ නොකරන අදහස්ය. පොළොව මතුපිට වැටී පලැවෙන බීජ යනු මිනිසුන් අසා ඒ අනුව වැඩ කරන විටය. ජේසු තුමාට වසර 500 කට පමණ පෙර බුදුරදුන්ද මෙවැනි උපමා රාශියක් දේශනා කර ඇත.

(7) බටහිර සමාජ විද්‍යාඥයින් පවසන පරිදි ජේසු තුමා ටිබෙටයට ගොස් සමථ භාවනාව වඩා ඇත. එහිදී එතුමා ඍදි ප්‍රාතිහාර දැක්වීමේ හැකියාව ලබාගෙන ඇත. ඉන් පසු එතුමාට වසර 30 ක් පමණ ගත වූ ටිට අවසානයේදී පලස්තීනයට ගොස් ඇති එතුමා තමාගේ හැකියාවන් පෙන්වා ඇත. ලෙඩුන් සනීප කිරීම ආදිය එම ධ්‍යාන බලයෙන් කල දේවල්ය. සමහරුන් පවසන පරිදි එක්කෝ එතුමාම තමා දෙවියන්ගේ පුත්‍රයෙකු ලෙස ව්‍යාජ ලෙස හඳුන්වාගෙන ඇත. නමුත් මා නම් සිතන්නේ පසුකාලීනව බයිබලය ලිවීමේදී එතුමාගේ ඉගැන්වීම් වලට පටහැනිව වෙනත් ආගම් වලින් ගත් මතවාද ප්‍රයෝජනයට ගනිමින් බයිබලය ලියා අති බවය. සමථ භාවනාව වැඩූ අයෙක් සාමන්‍යයෙන් ලාභ බලාපොරොත්තුවෙන් බොරු නොකියයි. කෙසේ නමුත් ලෝකය දෙවියන් වහන්සේ විසින් මවන ලද්දේය වැනි දෙයක් එවැනි යෝගාවචරයෙක් පවසන්නේ නැත.

එලෙසම පැවසිය යුත්තේ බුදු දහම පමණක් නොව පෙරදිග තිබූ බොහෝ දර්ශනයන් සහ විද්‍යාවන් බටහිරයන් විසින් බටහිරට ගෙන ගොස් එය ඔවුන්ගේ යැයි පවසමින් ඉතිහාසහ විකෘති කර ඇති බවයි. උදාහරණ ලෙස මහාචාර්ය නලින් සිල්වා මහතා පවසන පරිදි නිව්ටනි පෙරදිගින් ඉගෙන ගත් දැණුම උපයෝගී කරගෙන ඔහුගේ ගුරුත්වාකර්ෂන නියමය නිපදවා ඇත. නිව්ටන් ට පෙර පෙරදිග ජනතාව ගුරුත්වාකර්ෂනය දැනගෙන සිට ඇත. බටහිරයන් ඒ අයගේ ඊනියා දියුණුව අත්පත් කරගත්තේ සියල්ලක්ම ඒ අයගේ නිර්මාන ලෙස තම ජනතාවට ඒත්තු ගැන්වීමේනි. ඉතින් අපි තවත් මේ බටහිරයන්ගේ මිත්‍යාවන් පසුපස්සේ යා යුතුද?

සියලුම ජනතාවගේ හිතසුව පිණිස මේ කරුණ සම්බන්ධයෙන් කතිකාවතක් ඇති කිරීමට කාලයයි මේ. එනිසා මේ පිටුව ඔබගේ මිතුරන්ටද පෙන්වන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

~ රංග ජයවර්ධන ~

.
මූලාශ්‍ර:
(1) Kasun Chandana

http://www.facebook.com/home.php?sk=group_174437739238396&view=permalink&id=186669901348513

(2) Shingō, Aomori

http://en.wikipedia.org/wiki/Shingo,_Aomori

(3) Lost years of Jesus

http://en.wikipedia.org/wiki/Lost_years_of_Jesus

(4) Was Jesus a Buddhist?

http://www.thezensite.com/non_Zen/Was_Jesus_Buddhist.html

(5) Buddhism and Christianity

http://en.wikipedia.org/wiki/Buddhism_and_Christianity

(6) Is Jesus a Buddhist ?
http://web.ukonline.co.uk/buddhism/jesus.htm

598
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

93 comments to සැබෑ ජේසුස් වහන්සේ වූ කලී බුද්ධ ශ්‍රාවකයෙකි

  • sheran

    යේසුස්වහන්සේ කියන්නේ මේ ලෝකය මැවූ දෙවියන්වහන්සේයි. එයා මිනිස් ස්වරූයයෙන් ආවේ මේ විදියට යේසුස්වහන්සේට විරුද්ධව පව් කරන ඔබවයි මාවයි ගළවගන්න. බුදුන්වහන්සේ කියන්නෙ යේසුස්නම් දෙවියන්වහන්සේගේ මැවිල්ලේ ඇහැටවත් නොපෙනෙන එක දුහුවිල්ලක් පමණයි. ඔබ තුමන්ල කියනව යේසුස්වහන්සේ බුදු හිමිගේ ශ්‍රාවකයෙක් කියල, ඔබ දන්නවද යේසුස්වහන්සේ බුදු හිමි වැනි අය ගැන කිව්වේ කුමක්ද කියල?

    (මට පළමු ආ සියල්ලෝම සොරු සහ කොල්ලකන්නොත්ය. ශු යොහන් 10:8)

    Well-loved. Thumb up 7

  • Thilaka Randeni

    මංජුල මහත්තයෝ
    කොලට් සේනානායක හා නාරද කරුණාතිලක මෙම පොතේ සම කර්තෘවරු වෙති. ගොඩගම ප‍්‍රකාශණයකි. කරුණාතිලක මහතා සිංහල බෞද්ධයා පත්තරයේ කර්තෘතුමායි. දැනට කොලට් සේනානායක මහතා විදේශගත ව සිටී. මෙන්න මෙම මහතාගේ දැනුවත් කිරීමකට අනුව තමයි ඒ මහතාත්, මගේ සැමියාත්, මාතලේ අමරවංස හිමිත්’ මමත් මිහින්තලේ පෟජා භූමිය කතෝලිකයන්ගෙන් බේරාගන්න ගියේ. සාක්‍ෂි සඳහා ඒ මහතාගෙන් විමසන්න. මා නම් මා දිනූ රටට දැයට සමයට වැඩ කොට ඇත.හැබැයි පුරාජේරුවට නෙමෙයි. මගේ පියා කියලා තියෙන්නේ දකුණතින් දෙන දෙය වමත දැන නොගත යුතු බවයි.

    Well-loved. Thumb up 5

    • sheran

      මගේ පියා කියලා තියෙන්නේ දකුණතින් දෙන දෙය වමත දැන නොගත යුතු බවයි.

      මේක කිව්වේ යේසුස් වහන්සේ

      Thumb up 3

  • Manjula

    ‘ජේසුස් නම් බුද්ධ ශ්‍රාවකයානෝ’ කියන පොතේ බොහොම හොදින් කරුණු විස්තර කරල තියනවා. ඒත් ඒ පොත දැන් හොයාගන්න හරි අමාරුයි. මමත් කාලෙකට කලින් කියෙව්වේ. ඒ වගේම ‘අල්ලාහු අක්බර්’ කියල පොතත් ලිව්වේ එකම කතෘ යුගලයක්. මටනම් දැන් නම් අමතකයි (සිoහල අපේ පුරුද්දක් නොවැ ඉක්මනින් අමතක වන එකා

    මේ පොත හොයාගන්න පුලුවන් තැනක් දන්න කෙනෙක් ඉන්නව නම්, අපිත් එක්ක විස්තර බෙදාගන්න පුලුවන් නම් ලොකු උදව්වක්.

    තෙරුවන් සරණයි!

    Well-loved. Thumb up 8

  • නුවන් රංගන

    ජේසුතුමා ඉපදුන ගලීලයේ ඒකාලයේ ළදරුවන් ඝාතනයට පටන්ගත්තා. රජ කම රැකගැනීමට දරුණු භීෂණයක් ගෙනගිය නිසා ඒකාලේ ජනතාවත් එල්ලෙන්න තණකොල ගහක්වත්‍ හෙව්වා.

    ළදරු ඝාතනයෙන් බේරෙන ජේසුතුමා සිටියේම දැඩි අනතුරක. මේ නිසා කලක් අප්‍රකටව සිටි එතුමාට වයස 13 වන විට රටින් පලායෑමට සිදුවෙනවා. ඒ ජීවිතය බේරාගැනීමට.

    එතැනින් පකිස්ථානය හරහා එතුමා පැමිණෙන්නේ ඉන්දියාවටයි, ඉන්දියාවේදී බෞද්ධ දර්ෂණය හදාරන එතුමා යම් යම් මගඵල ලබාගැනීමෙන් අනතුරුව නැවත මව්රටට යනවා. වසර 18කට පසු මෙසේ යන එතුමාට

    නැවත පලිගැනීමේ ක්‍රියාවලියට ලක්වෙන්න සිදුවෙන්නේ, එතුමා කුඩාකල රාජකීය නක්ෂත්‍රයාගේ “රජෙක් උපන්නා” කියන අනාවැකියේ අතුරු ඵලයක් ලෙස.

    සරණක් නැතිව සිටි ජනතාවද මේ අරුම පුදුම දහමදෙසන්නා කෙරෙහි එක්රොක් වනවිට නැවත නැවත රජුද ඔහුව විනාශ කිරීමට ගන්නා උත්සාහය වැඩි කොට ඇත.

    නමුත් සියල්ල හෙලිකිරීමට පෙර ජේසුතුමාව කුරුසිගත කල හෙයින් එයින් පසු පෙර පැවති විශ්වාසයන් එලෙසම පවත්වාගන්නටද රජට හැකිවිය.

    ජේසුතුමාගේ තර්ජන එතැනින් නිම වන නිසා ‍රජුද එයින් නැවතුන අතර බයිබලය නම් විකෘති කල ග්‍රන්තය තවද පවසන්නේ ජේසුතුමා උඨ්ඨානය කල බවයි.

    තැනක එතුමා උඨ්ඨානය කල බව පවසන බයිබලයේම තවත් තැන කියා සිටින්නේ එතුමා සිය ගෝලබාලයන්ට හමුවූ විට ඔවුන් බයවූ බවත් එවිට එතුමා කියා සිටියේ තමා නොමරුන බවත්ය. තුවාල කැලැල් පෙන්වූ බවද බයිබලයේම පවසයි.

    ශුද්ධාත්මය උඨ්ඨානය වූ බව පැවසුවද කිසිවෙකු දු‍ටුබවත් ‍දෙවියන්ගේ පියා හෝ විශේෂ නියෝජිතයෙකු කිසිවෙකුට දර්ශණය වූ බවත් කිසිදු සඳහනක් නැත.

    කුරුසිපත් කිරීමෙන් අනතුරුව දේහය තැන්පත් කල ගුහාවේ රවුම් දොරද කිසිවෙකු විසින් ඉවත් කර තිබීමද පුදුමයට කාරණයකි. ශුද්ධ ආත්මය පිටමීමට දොරටු කුමටද? තවත් ප්‍රශ්නයක් බයිබලය එලි කරන ‍ඒත් උත්තර නැති.

    සුව වුන ‍‍ජේසුතුමා පලායන්නේ පකිස්තානයටයි එහිදි එතුමා “ඉසා” යන නිමින් ප්‍රසිද්ධ වෙනවා. යම් යම් මගඵලයන් ලබා ගත්තද නිවන් අවබෝධකර නොගත් ජේසුතුමා අවසානයේ පකිස්තානයේ ගම් පෙදෙසක බින්න බැස දරුමල්ලන් ලැබ අවසානයේ මියගිය බවට සාකිෂි තිබෙනවා.

    එතුමා ආ මග විස්තරත් එතුමාගේ බවට සැක කරන සොහොනකුත් ඔවුන් සතුව ති‍බෙනවා.

    Well-loved. Thumb up 15

  • නියම සිංහ

    අපි අද එදා ලෝකය ගැන සමස්තයක් වශයෙන් එදා ජීවත් වූ කෙනෙකුට වඩා ඉතිහාසය හැදෑරීමෙන් දැනගන්නෙමු
    බුදුවීම සඳහා මෙලොවට පැමිනීමට පෙර බෝසතානන් වහන්සේ පස්මහ බැලුම් බැලූබව එනම් කාලය ද්වීපය දේශය කුලය මවු ගැන සොයා බැලු බව අප දන්නා කාරනයකි
    මෙම පස්මහ බැලුම් කාලය ඉතා ශිශටාචාාර උගත් බද්ධිමත් සමාජයක් පවතින කාලයක් වීම,ද්වීපය මොන මහද්ද්වීපයේද මෙවන් සිස්ටාචාරවත් සමාජයක් පවතින්නේද දේශය මේ ශිශ්ටාචාරවත් මහෙද්වීපයේ මොන දෙශයේද සුදුසුම ස්තානය පවතින්නේ
    මෙතනදී කෙතරම් නිවැරදිව විමසා ඇතිද
    එදා තිබූ දඹදිව බුදු හිමියන් උපන් ප්‍රෙද්ශය හැරෙන්නට අදාල කරැනු සම්පූර්න කර තිබූ වෙනත් ප්‍රෙද්ශයක් සමස්ත ලෝකයේම නොපෙනේ
    එවන් ශිශ්ට සමාජයක් නොවනක්නට මෙවන් ගැුරැ දහමක් දේශනා කල හැකිද?
    ජෙසු තුමන් උපන් ප්‍රදේශය ඉතා අඩුමට්ටමේ ශිශ්ටාචාරයක් තිබූ බව ඉතිහාසය පෙන්වයි
    එසේම තමන් උපන් ප්‍රදේශයෙන් තම තරුන වියේදීම අෑත් වූ ජේසු තුමන් නැවත උපන් ප්‍රදේශයට පැමිනෙන්නේ එම ප්‍රදේශය ගැන එතරම් හොඳ අවභෝදයකින් විය නොහැක ඉතා ගැඹුරු දහමක් අනුන් නොඉවසන සමාජයක් තුල වැපරවීමට ගත් උත්සාහයේදී භාශා දැනුම මෙන්ම එම භාශාවේ නොදියුනුකම කෙතෙක් බලපාන්නට ඇද්ද? අදද දියුනුයයි කියන භාශාවලින් පවා බුදු දහම තේරුම් කිරීම කෙතරම් අපහසුද? එපමනක් නොව මෙතරම් විද්‍යාව දියුනු ලෝකයකත් කරුනු පෙනි පෙනීත් මිනිසුන් මැවුම් වාදය වැනි විස්වාසයන් හා ඇලී සිටිනවාද එතුමන්ගේ පව් පසුබිමද
    පිලිගැනීමට ලක්වූෟබව නොපෙනේ
    එසේනම් ජේසුස් වහන්සේට සිදුවූදේ ගැන සිතාබලන්න

    Well-loved. Thumb up 10

  • vima

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 2

    • sandun

      once upon a time there was a person called VIMA.this person always dreamt about vima+naya or VIMANAYA!!VIMANAYA of jesus.when this person woke up and went outside his house he saw the ruins of a church.there were 1000 temples far away and more further away.he watched news and saw that sinhala buddhist population rose upto 95% of srilanka.vima packed up his laguage to go to europe(78% buddhism there)he was the last christian in srilanka!!!!

      divaina date: 2028/05/06

      Thumb up 4

  • Kanchane

    Jesus, bauddhayek yana kiyamana mama piliganne naha, ohu akramawath mahayana iganwimak hadara athi wannata piliwan natnam chine confusis dhahamin kotasak igena ganna athi wenna puluwan,

    Bauddhayek kiyanne Theruwan sarana giya kenek, ada kalaye Theruwan saran gos ema Bauddha kama raka gena inna bauddhayo hoya gannath amarui,

    Theruwan sarana giya kenek oya wage dhahamak karai kiyala hitanna puluwanda,

    Thumb up 4

  • JITIY

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 13

    • //පේන දේ අනුව මේ සයිට් එක කරන අය බුදුන් වහන්සේ උගන්වපු දේට වඩා බී.බී.සී එක කියන දේ විශ්වාස කරන බව පැහැදිලියි.//
      ජේසුතුමා බෞද්ධ ශාවකයෙක්ද නැද්ද යන්න ගැන ත්‍රිපිටකයේ කොහේවත් නෑ. එහි ඒ ගැන සඳහන් වුනානම් අපි පිළිගන්නේ බීබීසී එක කියන දේට වඩා ත්‍රිපිටකයේ තිබෙන දෙයයි. ත්‍රිපිටකයේ නැති නිසා පරිබාහිර දේවල් අපිට සැලකීමට සිදු වෙනව. අනික බුදු බණෙන් අපි විමසන්නේ ධර්මය මිස ඉතිහාසය නොවන බවත් කිව යුතුයි. ඔබගේ ලාබාල තර්කය අනුව කිව හැකියි, සිංහලයන් බුදු බණට වඩා මහාවංසය පිළිගන්නවයි කියල, මොකද ඉතිහාසය දැනගන්න අපි කියවන්නේ මහාවංසය මිස ත්‍රිපිටකය නොවෙයිනේ.

      //මම හිතන්නේ මේ සිල්වත් පිරිස මේ වගේ දේවල් කරලා නාස්ති කරන කාලය ‍බුදු හාමුදුරුවන්ගේ දර්ශනයේ ඇති මිනිසුන් නොදත් වැදගත්කම් කියාදෙන්න යොදාගන්නවානම් එය ලොකු පිනක් වේවි…//
      මේ වෙබ් අඩවියේ ඇති අනෙකුත් ලිපි බලලා ඔබගේ කොමෙන්‍ටුව දැම්මනම් ගොඩක් වටිනව නේද? මේ වෙබ් අඩවියේ තිබෙන ලිපි මදිනම් මෙහි වම් පස පහලින් ඇති බුදුසරණ ඇතුළු වෙනත් වෙබ් අඩවි වලටත් ගොස් ඔබට අවශ්‍ය ධර්ම කරුණු සොයන්න පුළුවන්. (කිතු භක්තිකයෙක් වන ඔබට ඒක අනවශ්‍ය බව අපි දන්නව, ප්‍රශ්නෙට උත්තරයකුයි දුන්නෙ). මෙම වෙබ් අඩවියෙ වෙන් වී ඇත්තේ බුදු දහම ගැන කතා කිරීමට පමණක් නොවෙයි.

      //අනිත් කාරනය නම් සුද්දන්ට මේ තරම් බනින එකේ, සුද්දෝ හදපු වෙබ්සයිට්, ෆේස් බුක් මොකටද පාවිච්චි කරන්නේ. මේ කියන කට්ටිය නියම සිංහල බෞද්ධ නම්‍ මේ සයිට් එක නවත්වලා පෙන්වන්න. එහෙම නොවුනොත් ඔයාලට සිංහල කියන තැනට වෙන වචනයක් දාගන්න වේවි. මොකද සිංහල කියන නාමයට අපහාස නොකල යුතු නිසා.//
      විදර්ශනා භාවනාවේදී ඉගැන්වෙනවා අපේ ශරීරයේ පංචස්කන්ධය අනිත්‍ය බවත් තමා කියා ඇත්තේ සම්මුතියක් බවත්. ඒත් විදර්ශනා භාවනාව වඩන අනාර්ය පුද්ගලයෙක්ට සම්මුතියට අනුව තමන්ගේ ශරීරයක් ඇතැයි උපකල්පනය කරමින් හැසිරෙන්න සිදු වෙනවා. මොකද කියනවනම් නිර්වාණය අවබෝධ නොකර ශරීරය අහෝසි කළහොත් නැවතත් භවයක් හටගන්නා බැවිනි. අන්න ඒ වගේ බටහිර විද්‍යාව විද්‍යාත්මක නොවුනත් අපිට භෞතික පරීක්ෂණ සඳහා වෙන විකල්පයක් නොමැති බැවිනුත්, බටහිර විද්‍යාව භාවිතා නොකළ විට සම්මුතියේදී පැවැත්ම අසීරු වන බැවිනුත් අපට එය භාවිතාකරන්නට සිදු වෙනවා. (එයට හේතු වී ඇත්තේ බටහිර විද්‍යාවේ ආධිපත්‍යය තුළින් අපගේ පෙරදිග විද්‍යාවන් බොහෝ දුරට අතුරුදන්ව පැවතීමයි.) ඒ අනුව කුණපයක් බඳු වූ මේ ශරීරය භාවිතා කරන ආකාරයෙන්ම තමයි අපි බටහිර විද්‍යාව භාවිතා කරන්නේ.

      //ඔබ අන් අයගේ ආගම් වලට ගරැ කරන තරමට ඔබගේ ආගමත් රැකේවි.//
      බටහිරුන් මෙරටට අවුත් ආගම පැතිරවීමත් වෙළඳාමත් සඳහා කරන ලද ජන සංහාරයන් ගැන විමසා බලන්න. ඔවුන් අපේ බුදු දහමට කොතරම් ගරු කළාද? එය ජේසු තුමාට කරන ලද කොතරම් අපහාසයක්ද? ජේසු තුමාගේ ආගමට විරුද්ධ වූ පළියට බටහිරයන් කොතරම් ජන සංහාරයන් කර තිබෙනවද? හෙරටික්ස්ලාව පණ පිටින් පුච්චපු එකජේසු තුමාටම කරන ලද විශාලම අපහාසයක් නේද? බෞද්ධ ශ්‍රාවකයෙක් වන ජේසුතුමාටත් අපි ගරු කරන නිසා තමයි මෙම ලිපිය ලිව්වෙ, මෙය දැන් ලොවම පිළිගන්නා කතාවක්. ඔබ අන් අයගේ ආගම් වලට ගරැ කරන තරමට ඔබගේ ආගමත් රැකේවි.

      Well-loved. Thumb up 51

      • JITIY

        Hidden due to low comment rating. Click here to see.

        Poorly-rated. Thumb up 6

        • ඔබගේ කොමෙන්‍ටුවේ කිසිම හරයක් හෝ වැදගත් දෙයක් නැති නිසයි පළ කළේ නැත්තෙ. විවේචනයක වුනත් ගන්න දෙයක් තියෙන්න ඕනැ.

          //වචන වලින් කිසි දෙයක් වෙනස් කරන්න බැහැ.//
          අනේ බබෝ වචන වලින් ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන්. අපේ රට පාවල දුන්නෙත් නිදහස් කළෙත් වචන වලින් තමයි. ඒ ලියවිලි කියවල බලන්න, උසාවියක නඩු තීන්දුව ලියල මිනිහෙක්ව නිදහස් කරන්නෙත් පෝරකයට යවන්නෙත් වචන වලින්.

          //පුලුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න.//
          උඩ හෑල්ලක් ලියල ඔය ඔප්පු කිරීම තමයි කරල තියෙන්නෙ. වචන වලින් නැතිව ඔප්පු කරන්නෙ කොහොමද? ජේසු තුමාගේ DNA හොයලා එතුමාව නිර්මාණය කරන්න කියලද මට කියන්නෙ? ඒත් එහෙම කළත් නව ජේසු තුමා ඉපැරණි ජේසු තුමා නොවන බවනම් අපි දන්නව, සිත වෙනස්වෙන හින්ද.

          ඉතින් ඔය වගේ නිෂ්ඵල දේවල් විතරක් පළ කරනවනම්, කොමෙන්ට් අනුමත කිරීමෙන් වෙන්නෙ පරන වැදගත් කොමෙන්‍ටු යට යන එක. ඒක ඒ කොමෙන්‍ටු දාපු අයට කරන අසාධාරනයක් නොවේද? බෞද්ධ ශ්‍රාවකයෙක් යැයි අනුමාන කෙරෙන ජේසු තුමාට මම ගරු කරනව. ඒ ගැන සැක කරන්න එපා.

          Well-loved. Thumb up 27

        • Nayani Ranasingha

          I too disagree with this.

          If you say that Jesus is also a follower of load Budda then he should be able to explain his people why we born,, why we have differences among human beings, why some people have long life spans and some die just after the moment of their birth.
          Why people born like cripples why people born like mentally retarded….so and so…

          He should be able to explain human beings why some people are living like kings and queens mean while some are their servants…
          He should be able to explain why some children are having high intelligent level and some are behave like abnormal conditions..
          He should be able to explain why some are being beaten by the society mean while some are getting honors and respect…

          All are human beings… I did not choose my poor parents…they did not choose me even
          But why I could not able to be born at rich family …then I don’t deserve this destiny…I’m a servant of my master whom is my age ….why ? Why my master born to his parents and why they did not have me as their child …?

          Can any body answer this?????

          Oh Jesus he never never explained these to his people …did he?

          Then those people can think broadly…it will help them to understand the fruitlessness of the concept of creation and the power of God

          What has Jesus told???? most of them are fairy tales…

          Jesus might catch some words of Buddhism since he wants to popular ….and gets some value to his personality…

          But I think he should be a follower of Devadaththa monk ….

          Hot debate. What do you think? Thumb up 6

    • Nayani Ranasingha

      you seem like a good debater…if you have a back bone can you answer this ?

      but please no fairy tales …..

      All are human beings… I did not choose my poor parents…they did not choose me even…
      But why I could not able to be born at rich family …then I don’t deserve this destiny…I’m a servant of my master whom is my age ….why ? I’m just 15 years old. Why my master born to his parents and why they did not have me as their child …?

      Can any body answer this?????

      Thumb up 1

      • Nayani Ranasingha

        Namo buddaya

        could you please excuse me …Im asking this from Jitiy..

        any non-Buddhist can reply this if they have honor of their religion…and who put comments against this site.

        Mr Ranga and your team. i really respect you and appreciate this attempt.
        may all these merits should helpful to you to attain Nibbaba within this Gauthama Budda Sasana

        Thumb up 4

        • Thank you Nayani, Namo Buddhaya.
          (BTW: I don’t have a team but have friends like you)

          Thumb up 4

        • gihan

          //Jesus might catch some words of Buddhism since he wants to popular ….and gets some value to his personality…

          But I think he should be a follower of Devadaththa monk //

          ජේසුස් වහන්සේ දෙව්දත් තෙර ගේ ශ්‍රාවකයෙක් වන්නට ඇති ඔබ කියන කතාවට මම නම් එකඟ නොවෙමි..උන්වහන්සේ දේශනාකර ඇති ධර්මයේ නම් හරයක් නැත..අපට එසේ සිතෙන්නේ සමහර විට විවිද පූජකයන් විසින් ඔවුන්ගේ අවශ්‍යතා පරිදි එම ධර්මය විකෘති කර ඇතිනිසා වන්නටත් පුළුවන..කෙසේ වෙතත් ක්‍රිස්තු ධර්මය යැයි දැනට අප දන්නා ධර්මය නම් බොහෝ ප්‍රාථමික එකකි..කිතුදහම බුදුදහම හා සසඳා බැලීමේදී නම් කිතුදහමේ ඇත්තටම ගත යුත්තක් නැති තරම්ය.(ක්‍රිස්තුධර්මයට නින්දා කලා නොව,මම පැවසුවේ මගේ අදහසයි.)
          නමුත් මම ජේසුස් වහන්සේට බොහෝ සේ ගරු කරමි.එසේ කරන්නේ මම බෞද්ධයෙකු නිසාය.මම ඔහුට ගරු කරන්නේ ඔහු තවත් එක් දේවවාදී ආගමක ශාස්තෘවරයෙකු නිසා වත්,දෙවියන්වහන්සේ වෙත සියල්ල පවරා මායාවක් තුල ජීවත් වනු පිණිසවත් නොවේ.මම ගරු කරන්නේ ඔහුගේ චරිතයටයි..
          දෙව්දත් තෙර යනු පෙරුම් පුරා ගෙන බුදුන්ගෙන් පලිගැනීමට ආ,තමාගේ යහපත ගැන පමණක් සිතු,ආනන්තරීය පාප කර්ම කර අවීචි මහා නරකාදියේ වැටී සිටින පාපතරයෙකි.නමුත් ජේසුස් යනු යවුල් පහරින් ඇන බිඳෙන් බිඳ තමා මරා දමද්දී මොවුන් නොදැන කරන වරදට සමාව දුන මැනවයි කීමට තරම් හොඳ හදවතක් තිබු මිනිසෙකි.ලේ වැකුණු සිරුරින් කුරුසිය ඔසවාගෙන කල්වාරි කන්දට ඔහු ඇවිද ගිය පා සටහන් මා නම් දකින්නේ වඩාත් සෙනෙහෙබර ලෝකයක් වෙනුවෙන් මිනිසෙකු තැබූ යෝධ පියවරයන් ලෙසය..
          එවැනි මිනිසෙකු දෙව්දත් තෙර ගේ ශ්‍රාවකයෙක් වන්නට ඇතැයි කීම කොතරම් සාධාරණ දැයි ඔබම සිතා බලන්න..
          කෙසේ වෙතත් බුදුරජාණන් වහන්සේ තරම් ඔහු කැපකිරීම් කලේ නැත..බුදුන් වහන්සේ සාරාසංක්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ එම කැපකිරීම් කළ සේක…

          Well-loved. Thumb up 20

    • යකෙක්

      සයිට් එක නවත්වන්න කියන්නේ කියවනකොට ඇතිවන අපහසුතාවය නිසා වෙන්ටැති.

      Thumb up 1

  • Sanuja

    සුද්දො මේ රටට ගොඩබැහැපු කාලෙ මේ රටේ හොඳ බෞද්ධ සමාජයක් තිබුනත් සුද්දගෙ තුවක්කු බටේට බය වෙලා උන්ගෙ ආගම වැලඳ ගත්ත එවුන්, හැම නගරෙම පල්ලි හදල තියන මේ කාලෙදි පරම සත්‍යය අවබෝධ කර ගනීවිද?
    ඔය වගෙ කාලකන්නින්ට ඕව තේරෙන්නෙ පව් ගෙවනකොට තමයි.
    සල්ලි වලටයි තනතුරු වලටයි රැවටිලා බටහිර ආගම් බදා ගත්ත එවුන් තාම සුද්දට කඩේ යනව.
    තේරුම් ගනිල්ල සිංහලයගෙ ධර්මය තමයි බෞද්ධ ධර්මය. ඔය සුද්ද බලෙන් අපේ පිට පටවපු ආගම අතඇරපල්ල. අපිට තියෙන්නෙ ඊට වඩා දියුණු සංස්කෘතියක්. මේ ලෝකෙ දෙයියො මවපු එකක් නෙවෙයි. මෙච්චර කියලත් තේරුම් ගන්න පින් කරල නැත්නම් ඉතින් අපායටම පලයල්ල.

    Well-loved. Thumb up 31

  • Ishani Fernando

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 11

    • //අපි කවදාවත් තම්නුනේ ආගම විවේචනය නොකලා වගේම තමයි තමුනුත් අනුත් ආගම් වලට ගරු කරන්න ඉගෙන ගන්න//
      එතකොට නෝනෝ පංච මහා වාදයන් ඇති වුනේ ක්‍රිස්තියානීන් කවදාවත් බුදු දහම විවේචනය කරපු නැති නිසාද?

      //අනික ඔයා ඒ කාලේ හිටිය කෙනෙක් නෙමෙයිනේ, ඔහෙත් ඔය කියවන්නේ කව්රු හරි කියපු දෙයක්නේ. ඒ කෙනා හරි කියලා ඔහේ කොහොමද ඔප්පු කරන්නේ.?//
      ඔයත් ජේසු තුමාගේ කාලයේ හිටියේ නෑනේ, බයිබලය කියන්නෙත් කවුරුහරි ලියපු දෙයක්නේ. ලූක් මාක් ආදීන් හරි කියලා ඔහේ කොහොමද ඔප්පු කරන්නේ.? බයිබලයට අනුව පෘථිවිය වර්ෂ 4000 කට වඩා වැඩි නැති නිසාද? නැත්නම් පෘථිවිය පැතළි නිසාද?

      //හැම ආගමකම කියන්නේ එකම දේ.//
      එතකොට නිවන් දකින හැටි බයිබලයේ තියෙනවද? විපස්සනා භාවනාව කරන හැටි බයිබලයේ තියෙනවද?

      Well-loved. Thumb up 52

    • පලමුව ඔබ “බිබීසී”(BBC) එකටත් බැනලා ලිව්වද “තමන්ගේ ආගම අනුව ජිවත් වෙන්න, අනුන්ගේ දේවල් අවුස්සන්නේ නැතුව” කියලා ??

      මට වැටහෙන පරිදි මේ ලිපිය ලියවී ඇත්තේ “තතු” (facts) අනුසාරයෙන් සත්‍යය සෙවීම ප්‍රධාන අරමුණ කරගෙන මිස, ඔබ ද්‍යෝෂාරෝපණය කරනා පරිදි “අනුන්ගේ දේවල් අවුස්සන්නේ” යන අරමුන කැටුව නොවේ !. සමහරවිට “කව්රු හරි කියපු දෙයක්” “තතු” (facts) වෂයෙන් ගන්ඩත් පුළුවන්, මොකද “බිබීසී”(BBC) සුදු මහත්තයාලනේ(සත්‍යය ගරුකරන) කරලා තියෙන්නේ වීඩියෝ වාර්තාව.

      අනික දේව ආගම් ලංකාවට “හොට දාපු” වගක්වත් ඔබට මතක නැති බව මනාව පැහැදිලී.

      Think out side the box, අනික ජේසුස් වහන්සෙත් කයලා තියෙනවා කියන්නේ “And so I tell you, keep on asking, and you will receive what you ask for. Keep on seeking, and you will find. Keep on knocking, and the door will be opened to you. For everyone who asks, receives. Everyone who seeks, finds. And to everyone who knocks, the door will be opened (Luke 11:9-10)” සත්‍යය සොයන්නට බියවන්න එපා.

      Well-loved. Thumb up 14

    • sandun

      TIS IS NOT AN ASSUALT,JUST THE TRUTH OF THE WORLD.!!!!!!!

      Thumb up 0

  • sameera

    me siyaluma comments kiyawapuwama ekadeyak kiyanna puluwa ,e tamai , taman danna ita swalpa danumen mahadeyak gana me siyalu dena katakaranna yanawa .
    mama hadawatin bauddayek habai loketa lokuwata pennana sobana bouddayek namei , mama silwat nam ,mama anunta vipatak
    karadarayak nokaranawanam .mama honda bauddayek . me mattrukawa gana katakaranna attatama apita aitiyak naha mokada kristiyani agama adahana pirisak samajaye sitiddi api kohomada jesu tuma bauddayek kiyala nodanna deyak gana mata palakaranne , evita apat bauddagamata niga karana antawaadinge tanata watenawa neda ?

    Thumb up 3

    • Jesus was a Buddhist Monk BBC Documentary
      http://www.youtube.com/watch?v=-YbUEZfJJaQ

      දැක්කනේ අපි විතරක් නොවෙයි දැන් එංගලන්තයේ BBC එකත් කියනවා ජේසු තුමා යනු බෞද්ධ ශ්‍රාවකයාණන් වහන්සේ කෙනෙක් කියල. අපි කියනකොට ඒකට විරුද්ධ උදවිය සුද්දො කියනකොටනම් එහෙයි එහෙයි ස්වාමීනි කියල පිළිගනීවි.

      Well-loved. Thumb up 19

  • Robo

    අනුන් හට අභූත චෝදනා කරන කෙනා නිරයෙහි උපදියි. එමෙන්ම තමන් දුස්සීල වීම, සංඝ භේදාදී භයානක පාප කර්ම කොට එසේ නොකළ බව කියයිද, ඔහුද නිරයේ උපදියි. පහත් ක්‍රියා වලින් යුතු මේ දෙදෙනා යම් දවසක මියගොස් නිරයේ උපදීත් ද, එදාට ඔව්හු නිරයේ සමාන විපාක විඳිති.
    -ධම්ම පදය (නිරය වග්ගය)

    ඔය කියපු දේ හැමෝටම පොදුයි. තමුන් බුදු දහමෙ සැබෑ වටිනාකම දන්නවනම්, කව්රුහරි ඒ මග ගමන් කරා නම් තනිව සතුටු වෙන එක හොඳයි, ඔය දේවල් මෙතන දාල වාද ඇති වෙනවා. දැන් ඉතින් පේනවනේ..
    ඒ නිසා කව්රුත් කිසි කෙනෙකුට අභූත චෝදනා කරන්න එපා
    මෙන්න මෙහෙමයි චෝදනා කරන්නේ..මෙන්න මේ කරුණු 5 හිතේ පිහිටුවා ගන්න ඕන චෝදනාව කරන්න කලින්
    1 සුදුසු කල්හි ම කියමි, නොකල්හි නොකියමි.
    2 සත්‍ය වූ දෙයින් ම කියමි, අසත්‍යයෙන් නොකියමි.
    3 මොලොක් බසින් ම කියමි, පරුෂ බසින් නොකියමි.
    4 අර්ථ සහිතව ම කියමි, අර්ථ රහිතව නොකියමි.
    5 මෙත් සිතින් ම කියමි, ද්වේශ සහගත සිතින් නොකියමි.

    (අංගුත්තර නිකාය චෝදනා සුත්‍රය)

    Well-loved. Thumb up 15

  • JITIY

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 4

    • මට නම් දැනගන්නට ලැබුනේ බුදුන් වහන්සේගේ සිරසේ ආකෘතිය සාදා, සිරස තුල පහන්දල්වා මුහුදට පාකර හැරපු බවයි. ඒවා කලා යැයි කියන්නේ දේශීය හා විදේශීය අන්‍යාගමිකයින්, බුදුන් වහන්සේට අපහාස කිරීමටයි !!!!. එසේ කලා ද නැත්ද දන්නේ, කල ද නොකල ද අය ම පමනි. “කලා” නම් අද “නැත” ! “නොකලා” නම් අදටත් “ඇත” !!. බුදුන් වහන්සේට අපහාස කරන්ට එපා කියලයි සමහරවිට ඔබ කියනා ස්වභාවධර්මයා, අප කාටත් තේරෙන බාෂාවෙන් අපට කියන්ඩ ඇත්තේ.

      ජේසුස් වහන්සේටකල අපහාසයක් නිසා 2004 සුනාමිය ආවා කියලා අහපු පළවෙනි වතාව !?. ජේසුස් වහන්සේට අපහාස කලා කියලා ඇති වැඩක් නැති බව සියළුම බෞද්ධයන් සක්සුදක් සේ දන්නා නමුත්, අබෞද්ධයන් වැඩිහරියක් නම් බුදුන් වහන්සේට නිකරුනේ අපහාස කර අකුසල් වඩන බව නම් ඉතා පැහැදිලී !!.

      තෙරුවන් සරණයි.

      Well-loved. Thumb up 31

      • JITIY

        Hidden due to low comment rating. Click here to see.

        Poorly-rated. Thumb up 5

        • මම “ස්ථිර” කරලා තියෙන්නේ ස්වභාවධර්මයා ගැන පමනයි, අනික ඔබට හැගුන දේ සම්බන්දව කතා කිරීමට මට හැකියාවක් නැහැ.

          “එම ප්‍රදේශ වල වැඩියෙන්ම සිටින්නේ බෞද්ධ ජනතාව” ඇත්තටම ? මම හිතන් නෑ, කියපු ඔබවත් එ කතාව පිලිගන්නවා කියලා.

          “කතෝලික ආගම වර්ෂ 2012 ක් පැරණිය” ?????

          “නමුත් මේ විශ්වය ඊට වඩා ලොකු ඉතිහාසයක් තියෙන තැනක්” ඔබගේ මෙම කියමන, ඔබ ඔබගේ ආගමට අනුව ඔබට සෑහීමකට පත්විය හැකිද ??

          Well-loved. Thumb up 9

        • JITIY

          Hidden due to low comment rating. Click here to see.

          Poorly-rated. Thumb up 1

        • @JITIY

          මෙයට පෙර මම ප්‍රශ්න ටිකක් ඇහුවා on 2012/01/23 at 9:58 pm, උත්තර ලැබුනේ නෑ.

          ****2012/01/25 at 2:22 pm.. commentඑකට පිළිතුරු ප්‍රශ්න**********
          ඇයි මේ ශ්‍රී ලංකාව විතරක් “කිසි ආගමකට අයිති නැති බව…” ?? ඔබ ඔයවගේ කියනවද බටහිර කිතුනු හා අරාබිකරයේ ඉස්ලාමීය රාඡ්‍යවලටත්, ඔවුන්ගේ රටවලත් “කිසි ආගමකට අයිති නැති බව..” ??

          “හැගීම් වලට නොව බුද්ධියට ඉඩදිය යුතුයි” නේද මේ සම්බන්දවත් ?

          Well-loved. Thumb up 18

  • Ranil Lasantha

    obala siyalu denagema comment beluwa.godak hodai.oyala hemomatama budu dahama pilibada denumak thiyenawa.me hemoma salaka balanna bududaha kiyanne denumatada?awaodayatada?kiyala.me hemoma ath herima purudu karanna.ethakota hemotama therewi budu dahama kiyanne meka newei kiyala.meka balala godak aya eka eka comment dei.but mona ayurin comment dunnath kamak na.me gora sansaren ethara wenna kenek hithanawanam mama me kiwwa de tikak purudu karala balanna.oyalage oya thiyena denumath atha herala balanna ethakota obalata denewi mama niwanata lan wenawa kiyala.hema denatama uthum u chathur arya sathya awaboda kara genimata praghawa pahala wewa.

    Well-loved. Thumb up 5

  • shashila

    කිතුනුවෝ යනු තමගේ මනුෂ්‍යත්වය නොපෙනෙන දෙවි කෙනෙකුට පාවා දෙන්න තරම් මනසින් අසරණ වූ පිරිසකි. ඔවුන් මෙවෙනි ලිපියක් කියවු පමණින් එයින් ගොඩ ඒම සිදුවීමට අපහසු දෙයකි.මම මේ තිබුනු comments තැනින් තැන කියවද්දි දැක්කා Ashan කියලා තිබුනා ඔහු කිතුනුවෙක් වී සිටින්නේ පව් කමා කරගත හැකි නිසා බව, ඕනෑම වල්කමක් කර පව් සමා කර ගත හැකි නම් එවැනි ආගමකින් සමාජයට ඇති ප්‍රයෝජනය කිම? තවද බුදු දහමට අනුව පවක් කල විට විපාක ලැබෙන ආකාරය විවිධාකාරය..එකම වැරද්ද ධර්මයේ හැසිරෙන කෙනෙක් අතින් සිදුවූ විට එය මහා ජලාශයකට දැමූ ලුණු කැටයක් නිසා ජලය ලුණු රස වීම වාගේ අල්පබවද ධර්මයේ නොහැසිරෙන කෙනෙක් අතින් ඒ වරද සිදු වූ විට ජලය විදුරුවකට දැමූ ලුණු කැබැල්ලක් නිසා ජලය ලුණු රස වන ආකාරයට මහා විපාක බවද දැක්වේ.
    සියලු දෙනාගේ ගුණ නුවණ බුද්ධිය වැඩෙත්වා…නිදහස් මනසක් ඇත්තෝ ලෝ තතු විමසත්වා…..

    Well-loved. Thumb up 35

    • Hasitha

      //එකම වැරද්ද ධර්මයේ හැසිරෙන කෙනෙක් අතින් සිදුවූ විට එය මහා ජලාශයකට දැමූ ලුණු කැටයක් නිසා ජලය ලුණු රස වීම වාගේ අල්පබවද ධර්මයේ නොහැසිරෙන කෙනෙක් අතින් ඒ වරද සිදු වූ විට ජලය විදුරුවකට දැමූ ලුණු කැබැල්ලක් නිසා ජලය ලුණු රස වන ආකාරයට මහා විපාක බවද දැක්වේ.//

      මෙය ට නම් සම්පුර්ණයෙන් ම එකඟ විය නො හැකි ය. අප ගේ බුදුරජාණන් වහන්සේ බෝසත් අවදියේ කොතරම් නම් දාන,සිල ආදී පාරමිතා ධර්ම පුරන්න ට ඇත් ද? නමුත් මෙ ම ලිපිය කියවා බැලුවහොත් ඔබ ට පැහැදිලි වේවි ඉතා සුළු අකුසල් කර්ම පවා අවසාන ආත්ම භාවයේ දී ද, විපාක දුන් ආකාරය.
      http://buddharashmi.blogspot.com/2011/10/blog-post_22.html

      එක්තරා කාලයක කෙවුල් (ධීවර) දරුවෙක් ව විසීමි. එක් දිනක් අනෙක් කෙවුල් මිනිසුන් සමග මසුන් මරණ ස්ථානයක ට ගියෙමි. මරණ ලද මසුන් රැසක් දැකීමෙන් අප්‍රමාණ සතුටකට පත් විය. මා සමග ගිය අන්‍යයෝ ද, එ සේ ම සතුට ට පත් විය.
      මේ හේතුවෙන් බුද්ධත්වයෙන් පසු තඳ හිසරදයකට ගොදුරු වීමි.

      මේ එක් උදාහරණයක් පමණි. මසුන් මැරීම නිසා නො ව මසුන් මැරීම දැක ඇති වූ සිතිවිල්ල මෙ තරම් විශාල විපාකයක ට හේතු විය. අහෝසි කර්ම හැරුණු විට අනෙක් සියලු කාර්ම අනිවාර්යෙන් ම විපාක ඇති කරවයි.
      තෙරුවන් සරණ යි!

      Well-loved. Thumb up 9

      • shashila

        ආර්ය ධර්මයේ හැසිරෙන කෙනෙකු සම්බන්දවයි , බුදුන්වහන්සේ එම උදා: ගෙන හැර දැක් වූයේ.(මට එය සදහන් වූ තැන නිවරදිව මතක නැ) . ඉහත link සදහන් සිද්ධි සියල්ලම බුදුන් වහන්සේ පෙරුම් පිරිමටත් පෙර සිදුවීම් (අර්ය ධර්මයේ හැසිරීමක් නැ) …..
        {මා වැරදි නම් නිවරදි කරන්න}

        Thumb up 2

    • Robo

      ow ow ehema deyak buduhamuduruwo deshana karala thiyanawa mathaka hatiyata luunapala sutta..anguththara nikaye aththe

      Thumb up 3

      • KKK

        mama mekata ekaga na…
        mama bauddayekwai hitiye…
        ekale pansal giya…
        papayen walaki inna boho uthsaha kala…
        namuth papayen mideemak thibune na….
        mama papaya kala…
        mage hadawathata papayen galawenna ona unath mage manshaya ekata ida dunne na…..
        mama paw kala….
        mata awashya una me papayen midenna magak…..
        mama poyata pansal giyata…edata witharak paw nokara inna uthsaha karanawa…
        e unata sampoorna mideemak na..
        eth jesu thamai mata sampoornayen papayen midenna mata margaya hadala dunne….
        dan hadawathata danena sathuta mata dunne jesu……
        papaye barin midune mama jesu giya maga giya nisa….
        ape shakthiyen e maga yanna ba…
        e maga yanna dewiyange balaya ona……
        eka dewiyan wahanse kala..
        mama papayen miduna…..
        pawkara mata galaweema dunne jesu…..
        enisa kawru monawa kiwwath mata galaweeme margaya mage jesu witharamai…..
        pawkara jeewithekin galawunata passe danena sathuta,sanaseema mata dunne jesu…..
        kisima margayakin newei….
        mama jesuta hamadamath nayagathi mawa galawagaththa nisa papayen……

        Thumb up 1

  • savin

    mamath bauddayekmi… mage lipiye adupadu athi wiya haka..

    bududahama anek agam walin wenas wana eka pradana karunak nam SAKA KIRIMATA saha PRASHNA KIRIMATA nidahasa laba deemaya….

    kalama suthrayen buduradun apata penwa dena eetha wadagath karunak nam saka athiwiyayuthu karunu pilibada saka kirimatath,prashana kala tuthu thana prashana keereematath shrawakayanta nidahasa labadeemaya…saka keereema papayak lesath prashana keerima akikaru weemak lesath aneth agamwala uganwanu labe…

    bududahama hudekma dahamak nowana athara eya darshanayaki… buduradun kisima witeka eya agamak bawa prakasha kota nomatha… anyaagamika yantada mehi athi sarawath de laba gatha hakiya….

    thawada buddha darmaya nuwanin wimasiya yuthu darmayakiii…

    “EHI PASSIKO” –> enna darmaya dakinna… ,,, budu radun kisi witeka an agam walatada nigaru nokala seka… ema agam walatada garu kalaha,,saptha aparihani darmye sath wannenda eya heliwe…

    buduradun kale lokeye sadakal pawathunu darmya heli keeremak misa … aluth deyak mawa penweema nowa…

    buddha darmaya eetha sankeernaya,,, eya therum ganimta pruthgjna minisun wana apata apahasuya,,, eya desa awabodayakin yuthuwa baluwahoth ehi athi sathya bawa… therum gatha haka…

    un wahansege padmakara diwipewathada apita hoda nidasunaki…apida ese keles baritha samajayen ethera weemata uthasa dariya yuthuya…

    aththawashayenma mama budu dahama pilibada yam paratherakata gos athnam,,, prasidda wiwadayakata pawa an agamikayanta aradana karanu atha.. meya udam animak nowe,, an agam pahath keeremakda nowe,,, sathya heli keerimata ganna wayamak pamani….

    siyalu de “ANITHYAY”,,, onama pudgalayekuta samawa diya haka… namuth ein wena akusala karmaye wipaka nawath wiya nohaka…. lokaye athi sama waraddama DITTADAMMAWEDANIIYA karma nowana bawin,, mehi sathya apita sabawinma daka gath nohaka,,,

    obage agama adahamin apage agama pilibadawada karunu hodin sathya wuu thanakin soya balanna…anyagmikayanta kara aradanawak misa balakirimak nowe,,, wadath sathya kumak dai.. ekin eka NUWANIN wimasa balanna… inpasu theeranayakata elabenna…

    PATUCHCHASAMUPPADAYA saha CHATHUR AARYA SATHYA hewath CHATHURARYA SATHYAen apata maga penwanne lokaye aththe ekinekata sambanda kriyawaliyak misa hudakala sawadeena siddi noweya yana akalpayen lokaya ha jeewithaya sambanda siduweem balmaya…

    hama witama NIWARADI DAKMAK athi kara ganimata uthasaha karanna… ewita obata SATHYA watahagatha haki wanu atha…

    mamada katholika pasalaka igenuma balabana shishayek mi.. 11 wan wasara igenuma labana… mata athi danumen mama me lipiya liwwemi…

    nawatha sanga sanshodanyak athi kirimata kalaa elebemin athi bawa peni yay…

    mema lipiya magin yam akarunika , hinsakari deyak siduwuwa nam palmuwa eeta samawa gami… madanna paradi… ewannak sudu nowu bawata wishawasaya… SAMAJAYE SAMA PUDGALYEKUMA EKA HA SAMANA ADAHS DARANNO NOWETHI.. ema nisai mama ewani prakashayk kale,,,, aththatama waradak wu wita in samawa gena palak nomatha… samawa ganima uthum deyaki ,,, namuth api hakithak waradi nokireemata uthasa gatha yuthuya,,,

    THERUWANSARANAI !

    Thumb up 2

  • snilmini

    මෙහි මුලට දක්වා ඇති බීබීසී වීඩියෝ එක පිළිගත හැකියි. එහි දක්වා තිබෙන පොත් මාත් කියවා තිබෙනවා. නමුත් අනෙක් වීඩියෝ වල දක්වා ඇති ආචාර්ය යෝගේෂ් නම් පුද්ගලයා ධනෝපායන මාර්ගයක් වශයෙන් භාවනා ගුරුවරයෙකු වශයෙන් පෙනී සිට අන් සියළුම ආගම් හා සත්‍යවාදී දැහැමි ගුරුවරුන් ගැන ද්වේශයෙන් කතාකරන කෙනෙක්.සැබෑ අධ්‍යාත්මික ගුරුවරයෙක් නොවෙයි. මෙවැනි ආත්මාර්ථකාමී මිනිසුන් යූ-ටියුබ් ක්ලිප් වල හරියට ඉන්නවා. ඒ නිසා කල්පනාවෙන් නිවැරදි, පිළිගතහැකි, මූලාශ්‍ර පමණක් යොදා ගන්න.

    Well-loved. Thumb up 7

  • Jesus Son

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 5

    • sandun

      jesus son ge diva pataluna neda? sinhala hodiya purudu wela nawatha comment karanna.obage ‘nursery’ adyapanaya saarthaka wewa! 1 wasara suba wewa!!

      Thumb up 1

  • Dilan

    I am a budhist. I believe Jesus is a budhist and content of current Bible is not what he said. According to Bible, Jesus is the God’s messenger to world. He came just to send god’s message to world. So Can any christian say me, why he has not send his message during his age of 12-30? Why did he give his message only during his last 3 years of life(30-33)?

    No. Idea of god’s messenger is wrong. The actual fact is, he has went to India and learnt and practiced budhist meditation and got some capabilities (Irdi bala) by meditation(like cueing illnesses). Then he came to western countries at his age of 30 and tried to teach the budhism. Then he is killed and his sayings changed and created their own bible in name of Jesus.

    Well-loved. Thumb up 12

  • psycho sahan

    මට තමයි සයිකො සහන් කියන්නෙ. මට මගේ ආගම ගැන ඇති කැක්කුමක් නැහැ. මම ආසයි කාව හරි අවුස්සලා FUN 1ක් ගන්න. ඉතින් ඔය ගොල්ලොත් මට ආතල් ගන්න සහාය ලබා දෙනවා.හොඳට කේන්ති අරන් මට බැනලා comments දාන්න. බොහොම ස්තූතියි.

    Well-loved. Thumb up 16

    • සහන් ෆනැන්ඩෝ

      Hidden due to low comment rating. Click here to see.

      Poorly-rated. Thumb up 4

      • මුදිත

        සහන් මේ කතා සිංහල බෞද්ධයෝ කියන කතා නෙමේ නේ. ඔය විදිඕ ඒක බැලුවේ නැද්ද, ඒක බි බි සි එකෙන් කරපු වාර්තා වැඩ සටහනක්.
        බටහිරෙන් කිතු දහම වේගයෙන් නැතිවිගෙන යනවා.
        මිනිස්සුන්ට අවභෝදය ලැබෙනකොට ගෝත්‍රික යුගයේ මිනිසුන් හිතපු විදිහට වඩා වෙනස් විදිහට පුළුල්ව හිතන්න පුළුවන් කම මිනිස්සුන්ට ලැබෙනවා.
        අවාසනාවකට ලංකාවේ ඉන්න කතෝලොකයින්ට ඒ නිදහස් මානසිකත්වය නැ.
        සමහර විට රටට ද්‍රෝහී උණු පුද්ගලයින්ගෙන් පැවත එන අයගේ ලේ උරැමය ම මානසික වහල්භාවය වෙන්න ඇති.
        ටිකක් දෘෂ්ටිගත නොවී යතාර්ථය දකින්න උත්සහ ගන්න.

        Well-loved. Thumb up 27

  • Thilaka Randeni

    ජේසු තුමා මැවුම් වාදයක් ගැන කිව්වා කියලවත් මම නම් හිතන්නේ නෑ—-
    ඔබ හිතන්නේ නෑ කියලා හරි යන්නේ නෑ. එහෙම නොහිතන්න තියෙන සාධක ඉදිරිපත් කරන්න.
    අර පුබුදු ආරියදාස කියලා තිබුණේ බලංගොඩ හාමුදරුවන්ගේ විස්තරයක්. ඉතින් යේසුස් වහන්සේ අවබෝධ කර ගත් ටික වෙන්න ඇති ඔය දේශනා කළේ.
    කොටින්ම බුදුහිමියන් ළගින්ම ඇසුරු කළ පසේනදී කොසොල් රජ මොනවත් අවබෝධ කර ගත්තේ නෑනේ. ඉතින් යේසුස් තව දැනගෙන හිටියා. පල්ලිය ඒවා හංගලා කියන එක සාධාරණ නෑ.
    යේසුස් බෞද්ධයකු කරන එක පැත්තකින් තියලා අපි හොඳ බෞද්ධයෝ වෙමු.

    Well-loved. Thumb up 20

  • Thilaka Randeni

    මෙවැනි ලිපියක් දමන විට සමබරතාවයක් තිබිය යුතුයි. නැතිනම් වන්නේ අනවශ්‍ය ගැටුම් කරා යොමු වීම පමණයි. අප බෞද්ධයන්නේ. ඉතින්අපට බුදුහිමියෝ වැදෑරුවේ තමන් වහන්සේත් බුදු වෙලාද කියා විමසන ලෙසයි.
    අපි මෙහෙම බලමු. යේසුස් වහන්සේ අවුරුදු 18 ක් තිස්සෙම බුද්ධ ධර්මය හැදෑරුවා විය හැකියි. එහෙත් එයින් ගම්‍ය වන්නේ නෑ නේද උන්වහන්සේ බුද්ධ ශ‍්‍රාවකයකු කියා? අපේ මර්සිලින් ජයකොඩි පියතුමාට කියන්නේ පන්සලේ පියතුමා කියා. කොච්චර නම් බෞද්ධ ගීතත් ලිව්වාද? ඒවා අහලා අපේ හිත පැහැදුනා මිසක් නරකක් වුණේ නෑ නේද?
    යේසුස් වහන්සේ බෞද්ධයකු වූවා නම් අනිවාර්යෙන්ම නිවන ගැන කිව යුතුයි. හැබැයි බුද්ධ ධර්මයේ හොඳ දේ ගන්න ඇති. බුදු රජාණන් වහන්සේත් අනිකුත් ආගම්වල හොඳ දේ බැහැර නොකළ සේක. ඒවාට බෞද්ධ මුහුණුවරක් දුන් සේක.ඒවා කිව්වාට පල්ලියේ බයිබලයේ ලියවිලා නෑ කියන්න බෑනේ. මුන් වහන්සේගේ ධර්මය පල්ලිය පිළිගත්තේ නැතිනම් ඔවුනට දෙවියන් වහන්සේගේ දරුවා හැටියට වෙනත් කෙනෙක් ඉදිරිපත් කරන්න තිබුණා. ඇයි මොකද මෙතුමාවම තෝරා ගත යුත්තේ? ඇත්තටම උන් වහන්සේ නව තෙස්තමේන්තුවේ අඩංගු කරුණු දෙසන්නට ඇත. කතෝලික, කි‍්‍රස්තියානි බැතිමතුන් ඔවුන් බලන කෝණයෙන් බලපුවාවේ. ඇයි අප වෙනස් කරන්න යන්නේ? මොකක්ද අප වෙනස් කරන්නේ? අප ඒගොල්ලන්ට කියන්නද දෙවියන් වහන්සේ අමතක කරලා නිවන් පලයන් කියා? අප කී දෙනෙක් නිවන් යන්න බලන් ඉන්නවාද? අර හාමුදුරුවන් කියන්නේ දෙව් මිනිස් සැප කෙළවරනේ නිවන් දකින්න කියා. ඉතින් අප පිං වැඩ කළාම යන්නේ දිව්‍ය ලෝකෙට නම් අරගොල්ලන් එන්නෙත් ඒකටම තමා පිං කලොත්.
    මා නම් හොඳ බෞද්ධයකු නොවේ. එහෙම කියන්නේ මා හැමවිටම නිවන කල් දමන්න බලන් ඉන්න නිසයි. මට හරියට භව තණ්හාව. නැවත නැවත ලංකාවේ සිංහලයකු හැටියට උපදින්න ඇත්නම් ඒක තමයි මගේ නිවන.
    පල්ලියේ කොමිසන් කිරීම හාස්‍යයට ලක් කරන්න එපා. ඒක මානසික ආතතිය නැති කර ගන්න හොඳ වැඩක්. දැන් ඔය සුමිත‍්‍රයෝ කියන අය කරන්නෙත් ඒකයි. හොඳ කන් දෙන්නකු බවට පත්වීම. කෝ අද සවන් දෙන්නන්? කච බචය, කිචි කිචිය.
    පෘත\ගීසිකාරයා ඇවිත් කරපු දේට අපේ සිහල කතෝලිකයන් පලි නෑ. හැබැයි රනිල් වික‍්‍රමසිංහ ගිහින් 2005 දී එහේ මහ එකාව ගෙන්න ගන්න ගිය එක වැරදියි. අපට තිබුණේ අවුරුදු 500 ක් පිරෙන දින අපට කළ දේට විශාල වන්දියක් ලබා ගැනීමයි.
    යාඥාවෙන් ලෙඩ සුව කරන්නෝත් දැන් සිටිති. හැබැයි ඔයාලා දන්නවාද දැන් බටහිර වෛද්‍යවරුන් සොයාගෙන තියෙනවා අපේ තියෙන ලෙඩවලින් සියයට අසූවක් මනසින් හදා ගන්න දේවල්ලු. ඔ්ක එයාලට ඉස්සෙල්ලා කිව්වේ අපේ බුදු හාමුදුරුවෝ.
    සර්ව බලධාරි දෙවියන්ට වැරදුනු තැන් තියෙනවා. ඒක වෙන්න ඇතිනේ එයාම මවපු ඩයිනෝසරයන්, උල්කාපාතයක් එවලා එයාම නැති කළේ.
    අපේ ගෙදර එන අන්‍ය ආගම්කරණය කරන්නන්ට නම් මං දාන්නේ එක ප‍්‍රශ්ණයයි. ඒක මගේ වැඩිමහල් දුව අවුරුදු 4 දී අහපු ප්‍්‍රණයක්. මගේ දෙවැනි දරුවා ඉපදෙන්නට සිටිද්දී ඇය මගෙන් ළමයින් හම්බ වෙන්නේ කොහොමද ඇසුවාය. දෙයියෝ මවලා එවනවා’ මා ලෙහෙසිම උත්තරය දී ගැලවුණි. විනාඩි 2 ක් ගත වුණි. ‘‘එතකොට අම්මා දෙයියො අපිවත් මවලා අපිව කන්න උකුණොයි මදුරුවොත් මැව්වාද? මේ ප‍්‍රශ්ණය කතෝලිකයන්ගේ බුද්ධියටයි.
    ඒ වුණත් ඒක ගණන් ගන්න එපා. අපට වඩා ඉහළින් කවුරු හරි ඉන්නවා නම් අපට ඒක එක්තරා විදිහකට හයියක් නේද?
    බටහිරයන් ආගමේ මුවාවෙන් කරන බලු වැඩ විතරක් හෙළ දකිමු. හැබැයි කුරාණයේ භයානක දේවල් තියෙනවා නම් අපි ඔක්කොම එකතු වී ඉස්ලාම් තහනම් කරමු.
    යහපත් වූ අප සැමට අපගේම පිහිටයි.

    Well-loved. Thumb up 26

    • ජේසු තුමා මැවුම් වාදයක් ගැන කිව්වා කියලවත් මම නම් හිතන්නේ නෑ ..ජේසු තුමාගෙන් පසුව, එතුමාගේ ජීවිත කථාව අලලා ලියැවුණු දෙවැනි තෙස්තමේන්තුවේ ලියැවිලි, එතුමා පරිශීලණය වත් නොකරපු ඊනියා පළමු තෙස්තමේන්තුවටම අමුණාගෙන සම්පූර්ණ බයිබලයක් ගොඩ නඟා ගෙන, ඒ ශ්‍රේෂ්ඨ මානවවාදී, සමාජ විප්ලව වාදියාව විකුණා ගන්නා වැඩ පිළිවෙලක් තමයි, එකලට පසුව ඔහු කේන්ද්‍ර කොට ගත් “ආගමක්” ලෙස ගොඩ නැඟුණේ…ජේසුතුමාට එවැනි දේශකයෙකු වෙන්න, එවැනි අසහාය චරිතයක් වෙන්න බුදු දහමෙන් ලද ඉගැනීම ආධාරයක් උනා…එහෙත්, එතුමාටවත් බෞද්ධ නිර්වාණය ගැන ඒ තරම් පුළුල් අවබෝධයක්, ඒ දේශනා කරමින් ගලීල වෙරළ තීරයේ, ජෙරිකෝවේ, ජෙරුසලමේ ගිය කාලය තුළ තිබුණා වෙන්නටත් බැහැ… DK

      Hot debate. What do you think? Thumb up 8

  • PINSIRI

    IHATHA LIPIYAKA DAKKA ( democracy, freedom, individual rights and equality.)..christiyanuwangen LABUNA DEYAK BAWA..ESAY NAM SOUTH AFRICA..IRELAND..YANA RATAWALA MINISUNTA MEWA LABUNADA?…CHRISTIANI RATAWAL POHOSATH NAM..JAPAN..CHINA..INDIA…YANA RATAWALATA WADA ARTHIKA WASAYEN PAHALA SITINNE KESEDA?..(.Buddhism is a joke religion.),,BIBLE ANUWA SATAN DEWIYANGE MAWIMAK..EITH SATAN..DEWIYANTA WIRUDDAI..NAMUTH DEWIYANTA BEHA SATAN WINASE KARNNA…SATAN KARANA WINASAYA BALA BALA INNAWA..DEWIYO THAMAI HITLER,,IDI AMIN MAWWE…DEWIYO DANNE NEDDA ME AYA LOKETA AWITH KARANA WINASE?..ADUMA GANE MULADIMA WATH WINASA KARANNA THIBUNA NEDA? ITHIN DEWIYO MINISUNTA ADAREDA?…DAN joke religion..EKA MOKAKDA?….BIBLE ANUWA DANAWATHUNTA SWARGAYATA YAMA ALIYEKU INDIKATU SIDUREN YAMETATH WADA APAHASUI…MATA KANAGATUWA OBA KIYANA DANWATHUN MARANIN MATHU YANA THANA GANAI…god bless

    Hot debate. What do you think? Thumb up 5

    • මිලාන් ලවන්ප්‍රිය

      Hidden due to low comment rating. Click here to see.

      Poorly-rated. Thumb up 13

      • Mahesh

        “oyagollo! kiyane? ethakota obathumaa kawde?

        Well-loved. Thumb up 10

      • Samitha

        මිලාන් ලවන්ප්‍රිය මහත්තයෝ, සුද්දො එන්න කලින් තමයි අපේ සි0හල රජවරු මහා වැව්, දාගැබ් බැන්දේ. ඕකවත් හිතා ගන්න බැරි එක ගැනනම් මට පුදුමයි.

        Read more: http://sinhalabuddhist.com/2010/12/jesus-was-buddhist/#ixzz1cUUjv1ba

        Well-loved. Thumb up 32

      • Ramil

        මිලාන් ලවන්ප්‍රිය : ** දීගෙනම හිටපන් සුද්දන්ට එතකොට උබටත් අද සුද්දන්ට වෙලා ති‍යෙන ඔක්කොමම වෙ‍යි..

        Well-loved. Thumb up 12

  • සහන්

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 7

    • Dear friend, by ignoring your hateful ideas (No one can insult to the truth as Buddhism is the truth) , I like to answer your major arguments.

      You say Sansara is impractical. So can we say “The God Created Everything and he decided each and every thing” is a practical teaching?

      Do you think poor people are only in Buddhism? Aren’t any rich people who observe the Buddhism?

      Buddhist are the people who seking the Nirvana. So it is not prohibited to consume anything or any technology while going to the main target. We can seek the Nibbana by being a Monk or while stay at as a layman. Note that all the technologies are not inventions of westernists, for example firepower is a invention of Chinese. “zero” is an invention of indian called as Nagarjuna. Numerical system is an invention fo Arabic people.

      You talk about the “Simple Life”. Now even the western people are experimenting about this method. According to you, several centuries ago our Sinhala Buddhist forefathers were spending a simple life. But if we assume a life after year 5000, probably now we are spending a simple life. So every things in the “Sammuthi Lokaya” are relative and it is a creation of our mind. (Westrnists also believe this and constructed a theories such as Constructive Realism)
      Therefore the best way is, not to change the world, but to change ourselves. It will give us more happy in this life. I’ll explain this soon using an article by adding more facts and proofs of western discoveries regarding the matter.

      Well-loved. Thumb up 19

  • sam

    මමනම් දකින්නේ මේ කතාවත් එල්ලෙන්ඩ වැලේ වැල් නැතුව ඉන්න ක්‍රිස්තියානින්ගේ කතාවක් කියලා.. බෞද්ධ ශ්‍රාවකයෙක් කියන්නේ බුද්ධ, ධම්ම, සංඝ කියන තිසරණය සහිත කෙනෙක් නෙ? ඉතින් ජේසුතුමා කියපු වචන වල නිවනක් ගැන ගෑවිලාවත් තියනවද? එකෙ හිස්බව බයිබලය කියවාම බලන්ඩ ඕන..

    Well-loved. Thumb up 18

    • ඔබගේ අදහස තර්කානුකූලයි. එසේම මගේ අදහසනම් ජේසුතුමා පවසන ලද අදහස් පසුව බයිබලය ලිවූ පුද්ගලයන් විසින් වෙනස් කරනන්ට ඇති බවයි.

      මේ සඳහා හොඳම උදාහරණයක් අපේ රටෙත් තිබේ. මිහිඳු මහ රහතන් වහන්සේ විසින් ලියන ලද හෙළ අ‍ටුවා පසුකාලීනව බුද්ධඝෝෂ හිමි විසින් වෙනස් කරන ලද බවට වාර්තා වේ

      Well-loved. Thumb up 15

  • Rohan

    I am Buddhist but I am sad to say that MOST Sinhala Buddhist have a “chip” on their sholder. They hate Christians and Muslims. They also judge people on whether they eat beef or not.

    They may not say this openly but it is quite obvious the hatred Sinhalal Buddhists have towards Sinhalal Christians. I even saw on TV 2 years ago a famous Buddhist preists saying on TV that the real Sinhalese is the Sinhalal Buddhists and you cannot separate Buddhism from the race (i.e. Sinhala race). Which means that the Sinhala Buddhists (i.e. majority) of them don’t concider the Sinhala Christians as “true” Sinhalese.

    I am shockedj, as a Buddhist that you can make statements like this: “සිදුකලාවූ මේ මහා අපරාධය යලි නිවැරද කොට අප ක්‍රිස්තු භක්තික සොයුරන් වෙත සැබෑ ධර්මය හදුන්වාදිය හැකි නම් මේ උතුම් වූ නත්තල් සමයේදී ආර්ය පුද්ගලයෙකු වශයෙන් ඔබට කල හැකි ඉහලම දානය වනු නිසැකැයි”.

    You have absolutely NO respect for other religions. You are ranting about something that happened 500 years ago. It is immaterial how they were converted. We can’t be digging the past.

    Of course the biggest reason why Buddhists hate Christians is that this world is controlled by the European Christians. They have full authority over all mathematics, science and technology and culture. They dominate everything and dictate everthing. So I think it is natural for Buddhists (and also other non-Europeans) to develop an inferiority complex and hense all these accusations towards Christians.

    Hot debate. What do you think? Thumb up 8

  • Don Herman

    Its difficult to understand why you guys always trying to tell this story again and again. If I say Buddhism is a sub division of Hinduism, what you feel? Buddhism only 2600years old and Hinduism could be more than 10000years old. Both religions teach about “Karma, Nirvana and Re birth” If I say lord Buddha’s teaching which were stolen from Hinduism, what you feel? Please don’t try to let down other religions in this cheep way.

    Hot debate. What do you think? Thumb up 3

    • Dear Herman,

      As a Buddhist i would not get startled for any bit about your statment “If (you) say lord Buddha’s teaching which were stolen from Hinduism, what you feel?” !!

      Any way,
      According to your thiory, a religion that starts second(*)(Buddhism) takes the teachings of prior(Hinduism) religion/s teachings !!

      So through that can we not comme to a conclusion that, ALL THE OTHER RELIGIONS came after Buddhism, have stolen the teachings of lord Buddha ???…..

      ————-
      [[-second(*). Why Buddhism became the second religion in this world, one might ask/think.
      Buddhas priority was not to becom the first, but to tell the world the truth & try to show us the correct path for the salvation the Nibbana !-]]

      *****************************

      As for the people who have commented ageinst this article i would say this article is based on three main VIDEOS & other FACTS as its base !! The first VIDEO is a dokumentery of the well known BBC & the other two VIDEOS are an interview with Dr. Acharya Yogeesh & by hearing the voice of the interviewer and through her accent i would guess that she is from USA.

      Well my POINT is, since this article is baced on those VIDEOS & other FACTS, i wonder if you guyes have given your comments to prove/disprov those original VIDEOS & other FACTS aswell !!!

      Thumb up 4

  • kawru kage anugamikayanda nedda bilibanda sewima ho a matha thama sitha sathutu karagenima nowei kalayuththe,,,,bududahama sebawinma kithudahamata wada vinivida yatharthayak saapekshawa pasak karai…eya sathyayaki… NAMUTH EYA SUPERSTAR SANKALPAYAKI,,,,SMS GASANNATANAM A SANKALPAYA ITHA MANARAMYA.namuth sithiya yuththe a gena nowei,warthamana maanawa arbudha hamuwe in goda emata api kumak kala yuthuda yannai….hema aagamakama yahapth anusasana api nirathuruwama asamu….namuth a anuwa jiwathvimak thibeda?apa seviya yuththa eyai…jiwithaya thawaduratath waraddawa noganna,,,jesuthuma budurajuge angaamikayeknam thawath hodai,,,damila devivaruth,islamika alla deviyoth budu rajunge anugamikathwaya lebuwayei api sithamu,,,,esenam me lankawa mitawada lassanaya kala hekii,,,,loken uthum bududahama KIYMIN BERIHANDEMIN namuth A ANUWA noyana api mese sampraplapa thawa thawath dodamu……PRAUDA

    Thumb up 0

  • pubudu ariyadasa

    බලන්ගොඩ ආනන්ද ස්වාමීන් වහන්සේගේ එක්තරා පොතක උන් වහන්සේ ඉන්දියාවේ හිමාලය පෙදෙසෙහි අවුරුදු දහස් ගනන් ජීවත් වූ යෝගීන් ගැන සදහනක් ඇත. එලෙසම උන් වහන්සේ ඔවුන්ගෙන් ජේසුස් වහන්සේ ගැන විමසූ විට ඔහු මෙහි පැමිණ භාවනා කටයුතු වල නිරත වූ බවත් යම් හැකියාවන් දියුනු කර ගත් බවත් පැවසූ බව එහි සදහන් වේ..
    ඒ අනුව ඔබගේ සටහන පිලිගත හැකි කරුණු වේ. නමුත් අන්ය ආගමිකයන්ට ධර්මය පහදා දීම අපට කල හැකි දෙයක් නොවේ. බුදුන් වහන්සේ වැඩ හිටි ජේතවනාරාමය අසල මස් වෙලෙන්දන් සිටියත් උන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා සිදු කලේ නැත. ඉන් කිසිදු පලක් නොවන බව උන් වහන්සේ හොදකරවම දනී.
    එම කරුණද සිහි තබ ගත හොත් මැනවි..!

    Well-loved. Thumb up 39

  • IYAN

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 3

    • ආගමක් යනු සර්වකාලීන දෙයක් විය යුතුය. අතීතයේ ගැලීලියෝ ගැලිලිව මැරීමට හදන්න තරම් නූගත් වූ පල්ලිය ට දන් විද්යාව පහල වූයේ කෙසේද? දෙවියන් වහන්සේ මීට දසක කිහිපයකට කලින් බයිබලය වෙනස් කලේ කෙසේද? සමහර බටහිරයින් මෙන් විද්‍යාව තම ආගම කර ගැනීම, මෙලෙස වෙනස් වල දේව වචන වල එල්බ සිටීමට වඩා උචිතයි නේද? නමුත් මම එක දෙයක් කියමි. ඉස්ලාම් දහමට වදා කිතු දහම හොඳය. මන්ද යත් කිතු දහම වුවද විද්‍යාව වනි නොදියුණු (එනම් විද්‍යාව තවමත් තිබෙන්නේ දියුණුවේ ආරම්භයේය ) විශයකින් බොවුවක් කියා ඔප්පු කිරීමට හැකි වුවත් එය ත්‍රස්තවාදී ආගමක් නොවේ.

      Well-loved. Thumb up 15

    • Ramil

      IYAN : “ඇයි ඔබට පල්ලියෙන් සිදුවන කාලීන සිදුවීම් ගැන කතා කරන්නට බැරි???” ඔබතුමා කි‍යන්නේ අර කාලකණ්ණි ටිකක් තෙරෙසාවත් විකුණන් කාල අහුවුණාම (ළමා නිවාසේ වෙච්ච් කේස් එක) අගරදගුරු උන්නැහේ උන්ව එලවන්නේ නැතුව රජ‍ය රටේ නීති‍ය ක්‍රි‍යත්මක කරලා උන්ව අල්ලපු එක වැරදි‍යි කි‍යලා ගේම කෝල් කරන්වා වගේ වැඩද?

      Well-loved. Thumb up 11

  • Ashan

    ආගම් පිළිබඳව ඔබ නොදන්නා තවත් බොහෝ දේ ඇති බව ඔබ කරනා ප්‍රකාශ මගින්
    සරළවම පැහැදිලි වේ

    Thumb up 3

  • Ashan

    “එය නිකම්ම නිකන් කුරුසයක හැඩය ඇති කනුවකි” ඔබගේ මෙම ප්‍රකාශයට අනුව පෙනී යන්නේ එම ඡායාරූපය ඔබ හරි හැටි නරඹා නැති බවයි.
    එය කුරුසයක හැඩය ගත් ගල් කණුවක් නොව, ගලක කෙටූ කුරුසියක සලකුණකි.

    ඔබ එය හරි හැටි නරඹා නැති බව තවදුරටත් පැහැදිලි වන්නේ එහි,
    හැඩ දමා අලංකාර කළ කුරුසියක සලකුණක් පෙනි පෙනී ත් “එය නිකම්ම නිකන් කුරුසයක හැඩය ඇති කනුවකි” යනුවෙන් පැවසීමයි…

    ඔබ පවසන්නේ අනුරාධපුර යුගයේ එය තිබුනා යැයි ඔබ ප්‍රතික්ශේප කරන බවයි. ඒ පිළිබදව කිසිම හෝඩුවාවක් වත් නැති බවයි.

    එම ඡායා රූපය දෙස නිකමටවත් නොබැලූ ඔබ ඒ ගැන අඩුම තරමින් google search engine එකෙහි වත් සොයා නොබැලූ බව මට විශ්වාස ය.

    ඉතින් ඔබ එය ප්‍රතික්ෂේප කිරීම සහ ඒ පිළිබදව කිසිම හෝඩුවාවක් වත් නැති බව පැවසීම සාධාරණ ය.

    තවද,
    ගල් කණුවක් සහ ගලක කොටන ලද කැටයමක් වෙන් කර හඳුනා ගැනීමටවත් නොහැකි ,ඔබේ බුද්ධියේ තරම අපටද මොනවට
    පැහැදිලි වේ……

    තවද වැදගත්ම කරුණ නම් “ජේසුස් වහන්සේ පෙරදිගට පැමිණ බුදු දහම ඉගෙන ගැනීමට ඉන්දියාව වැනි රටවල ගත කර ඇත.
    ඉන්දියාවේ සහ ටිබෙටයේ මේ සඳහා සාක්ෂි ඇතැයි යන්න ඉතිහාසඥයින්ගේ මතයයි” යනුවෙන් ඔබ පවසයි.
    ඉතින් ඒ අනුරා‍ධපුර යුගය නොවූවත් අප අසල්වැසි ඉන්දියාවට උන්වහන්සේ පැමිණි නිසා පසු කාලීනව හෝ
    කුරුසියක සලකුණක් ලංකාවටද පැමිණීමට බොහෝ දුරට ඉඩ ඇතිවා නොවේ ද?

    සැ.යු.

    ඔබේ මෙම වෙබ් අඩවිය තුළ හැකි සෑම තැනකම (සමහර තැන් මග හැරෙන්නට ඉඩ ඇත) සැරිසැරූ මට පෙනී ගිය කරුණක් නම්,
    නිතරම ඔබ කතෝලික ධර්මයට ඉතාමත් පහත් අන්දමින් අපහාස කරන බවයි.

    උදා:- 1. ඉහත ඔබේ ප්‍රකාශයේ,
    අනුරාධපුර යුගයේ තිබුනා යැයි ඔබ කීවද (මම එය ප්‍රතික්ශේප කරමි, නමුත් ඔබගේ තර්කය අනුව ) එය ගැන කිසිම හෝඩුවාවක් වත් නැත්තේ
    කිතු දහමේ තිබෙන්නා වූ “මුග්ධ” භාවය නිසා ජනතාව එය ප්‍රතික්ශේප කිරීම නොවේද?

    2. ‘බෞද්ධ භික්ශූන් වහන්සේලා වතිකානුවේ පල්ලියක’ යනුවෙන් ඔබ 2011.01.07 වැනි දින පළ කළ ලිපියේ,
    බෞද්ධ භික්ශූන් වහන්සේලා “කතෝලික ආගම වැනි මිසදිටු ආගමක” තිබෙන උත්සව වලට සම්බන්ධ වීම සුදුසුද?

    ඔබ මෙසේ ප්‍රකාශ කරන්නේ කතෝලික ආගම ශ්‍රී ලංකාව තුළ ප්‍රචාරය කළ ආකාරය පිළිබඳ ඇති දැඩි අප්‍රසාදය නිසා විය යුතු ය.
    කතෝලික අපද මේ පිළිබඳව අප්‍රසාදය පළ කරන්නෙමු.

    තවද එය සිදු වූයේ මීට වසර සිය ගණනකට පෙර ය.

    නමුත්,
    ආගම් මූලධර්මවාදීන් වසර සිය ගණනකට පෙර නොව මේ වර්තමානයේ කරනා “මුග්ධ”,”මිසදිටු” ක්‍රියා පෙනි පෙනී ත්,
    1.ඒවා විවේචනය නොකර කතෝලික ආගමට ඉතාමත් පහත් අන්දමින් අපහාස කිරීම යුක්ති සහගත ද?

    ආගම් මූලධර්මවාදීන් යනු කවුරුන් ද?…
    කතෝලික ආගමෙන් කැඩී වෙන් වී කතෝලික ආගම විකෘති කර අදහන පිරිස්…

    ආගම් මූලධර්මවාදීන් කරනා “මුග්ධ”,”මිසදිටු” ක්‍රියා මොනවා ද?
    යාච්ඤා බලෙයන් ලෙඩ සුව කරන බව පවසා අහිංසක රෝගීන් ව
    ස්වයංව මෝහනය වීමට සලස්වා රෝගීයා තුළ සිටිනා යක්ෂයා එලවා
    දමන බව පවසමින් රෝගීයා ට පහර දී අවසානයේ රෝගය උත්සන්න
    වී රෝගීයා මිය ගිය පසු එය දෙවිගේ කැමැත්ත යැයි පවසා
    ඇඟ බේරා ගැනීම.

    (දෙවියන් වහන්සේ යනුවෙන් අමතන්නේ කතෝලික ආගම තුළ
    පමණි)

    ඔවුන් මෙලෙස මිනී මරන්නේ දහස් ගනනක් අහිංසක රෝගීන් ව විශාල ක්‍රීඩාංගන වලට එක් රැස් කර ඒ දහස් ගනනක්
    ජනතාව ඉදිරි පිට දී ය.

    මට ඔබෙන් අසන්නට ඇති පැනය නම්,
    ⋆ ඔබට මේවා “මුග්ධ”,”මිසදිටු” ක්‍රියා ලෙස නොපෙනෙන්නේ මන්ද ?

    ⋆ඔබගේ වෙබ් අඩවියේ එවැනි “මුග්ධ”,”මිසදිටු” ක්‍රියා විවේචනය කර හෝ අඩුම තරමින් එවැනි මිනී මැරුම් ගැන
    පුවතක් හෝ පළ නොකළේ ඔබ ඒවා අනුමත කරන නිසා ද?

    ⋆එවැනි ක්‍රියා පෙනි පෙනී ත්, එවැනි ක්‍රියා නොකරන කතෝලික ආගමට ඉතාමත් පහත් අන්දමින් අපහාස කිරීම යුක්ති සහගත ද?

    යන්න යි…

    2.සැබෑ ජේසුස් වහන්සේ වූ කලී බුද්ධ ශ්‍රාවකයෙකි යන ලිපියේ ඔබ පළ කළ පළමු මතයේ අවසානයට
    “එසේම විද්‍යාවෙන් මනාව ඔප්පු කර ඇති සත්‍යයන් තවමත් කතෝලික පල්ලි වලින් විකෘති කිරීම දක්නට ලැබේ. එය අපරාධයක් නොවේද?”
    යනුවෙන් ඔබ සදහන් කර ඇත.

    මෙය සිදු කරන්නේ කතෝලික පල්ලි නොව ආගම් මූලධර්මවාදීන් බව පැහැලිවම පෙනෙද්දී ඔබ අහක බලා ගෙන ඇත.

    කිසිම දිනක කතෝලික ආගම මගින් එවැනි මිත්‍යා දෘෂ්ටික අපරාධ සිදු කර නැත.

    ⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆
    ⋆අභියෝගයක් ….

    කතෝලික ආගම මගින් එවැනි මිත්‍යා දෘෂ්ටික අපරාධ සිදු කර ඇති නම් එය ඔප්පු කර පෙන්වන්න, මම කතෝලික ආගම
    අමතක කර දමමි.
    ⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆

    ඉතින් කතෝලික ආගම “මුග්ධ”,”මිසදිටු” ආගමක් යැයි ඔබ පවසන්නේ කුමන පදනමක් මත සිට දැයි මට නම් තවමත්
    සිතා ගැනීමට අපහසු ය.

    ඔබේ ප්‍රකාශය අවසානයේ මා හට ඔබ යෝජනා කළේ
    “කුරුසය වෙනුවෙන් ලෝක ඉතිහාසයේ මරණ ලද මිනිසුන් ප්‍රමානය සිහි කර ඒ අයට පින් දෙන්න” කියා ය.
    ඇත්තෙන්ම මම මීට බොහෝ කාලයකට පෙර සිටම එය කැමැත්තෙන්ම ඉටු කරමින් සිටින්නෙමි.

    ⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆⋆
    අවසාන වශයෙන් මම ද ඔබට යෝජනාවක් කරමි,
    ළිං මැඩියෙකු සේ දන්නා දේ පමනක් අල්ලාගෙන නන් දොඩවනවාට
    වඩා ආගම් පිළිබඳව ඔබ නොදන්නා තවත් බොහෝ දේ ඇති නිසා ඒවා
    සොයා ගොස් ඇත්ත පමණක් ප්‍රකාශ කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා
    සිටිමි.

    (ආගම් පිළිබඳව “මම” ද දන්නා දේට වඩා නොදන්නා තවත් බොහෝ දේ ඇති බව කරුණාවෙන් සලකන්න)

    Well-loved. Thumb up 14

    • >>ඔබ මෙසේ ප්‍රකාශ කරන්නේ කතෝලික ආගම ශ්‍රී ලංකාව තුළ ප්‍රචාරය කළ ආකාරය පිළිබඳ ඇති දැඩි අප්‍රසාදය නිසා විය යුතු ය.
      කතෝලික අපද මේ පිළිබඳව අප්‍රසාදය පළ කරන්නෙමු.
      < <

      ඉතින් මෙවැනි ආකාරයට ආගමේ නාමයෙන් විශාල ලෙස ලේ ගංගා ගලා යවන ලද ලබ්ධියක් කරපින්නාගෙන සිටින්නේ කුමණ පදනම නිසාදැයි මට නොතේරේ.

      >>ඔබගේ මෙම ප්‍රකාශයට අනුව පෙනී යන්නේ එම ඡායාරූපය ඔබ හරි හැටි නරඹා නැති බවයි.
      < <
      ඇත්තෙන්ම මා එය බැලුවේ නැත, මා සිතා සිටියේ අපි කවුරුද් දන්නා ආකාරයේ කුරුස ලකුණ සයිත ගල් දෙක ගන ඔබ කියනවා යන්නයි. ඒත් ගල් කනුවක කුරුසයකටත් වඩා පළාපෙති සහිත මෝස්තරයක් තිබූ පමණින් අතීත ශ්‍රී ලංකාවේ, කිතු දහම තිබූ බව ඔබ පවසන්නේ කෙසේද? ලස්සනම කාරණාවනම් අතීතයේ එංග්ලිකන් (වර්තමාන English) වරුන්ගේ තිබූ සමහර පළි වල ධර්ම ච්ක්‍රයට සමාන ධර්ම චක්‍රයට සමාන ලාංඡන තිබී ඇත. කරත්ත රෝදද ධර්ම චක්‍රයට සමානය. එනයින් බුදු දහම අතීතයේදී එංගලන්තයේ තිබුනා යැයි කිව හැකිද?

      අනික් අතර ඔබගේ තර්කය අනුව ගල් කනු වල තිබෙන මෝස්තර කිසියම් ආගමක් අනුව හෝ සත්‍ය දෙයක් පදනම්ව අඳිනු ලබයි. එසේනම් නුවර යුගයේ ගල් කණු වල ඇති සැරපෙන්දියා යන කැටයම කුමන හේතුවක් මත අඳින ලද්දක්ද? එය යුදු මනඛ්කල්පිතයක් පමණෛ. පලා පෙති මෝස්තරයද කුරුස ලකුනට සමානය. එසේ වූ පමණින් පළා පෙති යනු කිතු දහමේ සංකේතද?

      ධර්මයක් තිබුනා යැයි පැවසීමටනම් ඒ සම්බන්ධ සංස්කෘතියක්ද තිබිය යුතුය. ඔබ පවස දේ අනුව අතීතයේ ගල් කණුවක කුරුසියක් තිබීම වැන්නක් සත්‍යයක් නම් ඒ සංස්කෘතියට වූයේ කුමක්ද? කිසියම් පුද්ගලයෙක් ගලක කුරුසියක් ඇන්ද පලියට අතීත ජනතාවගේ ආගම ගන කියන්නේ කෙසේද?

      >>අභියෝගයක් ….
      කතෝලික ආගම මගින් එවැනි මිත්‍යා දෘෂ්ටික අපරාධ සිදු කර ඇති නම් එය ඔප්පු කර පෙන්වන්න, මම කතෝලික ආගම
      අමතක කර දමමි.< <
      ඔබ ඔබගේ ආගම අතහැර දමීමට අවශ්‍ය නැත. එය ඔබගේ තීරණයක් විය යුතුය. ඒත් ඔබගේ තර්කයට දමිත් මහතා පිළිතුරු ලබා දී ඇත.

      http://www.facebook.com/note.php?note_id=123265651058613

      http://www.facebook.com/note.php?note_id=119205448131300

      අවසාන වශයෙන් ආගම් ගැන මාගේ දැණුම අඩු බව පිළිගනිමි. ඒත් දන්න දෙය අපි කතා කළ යුතුය. නැත්නම් ඔබ වැනි අය ගල් කනුවක ඇති මෝස්තරයක් පෙන්වා ඉතිහාසය අලුතින් ලියන හෙයිනි :o D

      Well-loved. Thumb up 14

      • Ashan

        ››ඉතින් මෙවැනි ආකාරයට ආගමේ නාමයෙන් විශාල ලෙස ලේ ගංගා ගලා යවන ලද
        ලබ්ධියක් කරපින්නාගෙන සිටින්නේ කුමණ පදනම නිසාදැයි මට නොතේරේ‹‹

        මුලින්ම කිව යුත්තේ මා කතෝලිකයෙකු බවයි…

        ඔබේ මෙම ප්‍රකාශයට අනුව කිතු දහම පතුරා ඇත්තේ ලෙයින් සහ යකඩින් ය.
        කතාව ඇත්ත ය. නමුත් අපේ කතෝලික ධර්මයේ කොහේවත් එලෙස දහම පතුරුවන්න යැයි කියා නැත. එදා සිටි කාළකණ්නින් ගේ විවිධ බලු උවමනාවන්ට කිතු දහම එලෙස පැතිරුවාට අපි පළි නැත.

        මීට වසර 250 කට පමණ පෙර සිදු වූ එම සිද්ධියට වර්තමාන කතෝලිකයන් වග කිව යුතුයි කියා ඔබ
        කියනවා නම්, බැරි වෙලාවත් මීට වසර ගණනකට ඉහත දී ඔබේ මුතුන්මිත්තකු අතින් මිනී මැරුමක් සිදු වූවා නම් වර්තමානයේ සිටිනා ඔබ ද ඊට වග කිව යුතු යි නේද……?

        ››ඉතින් මෙවැනි ආකාරයට ආගමේ නාමයෙන් විශාල ලෙස ලේ ගංගා ගලා යවන ලද
        ලබ්ධියක් කරපින්නාගෙන සිටින්නේ කුමණ පදනම නිසාදැයි මට නොතේරේ‹‹

        මෙයට දීමට තවත් ප්‍රකාශයක් මා සතු යි………

        මීට වසර කීපයකට පෙර මාගේ පාසලේ ධර්ම දේශනාවක් පැවැත්වුණා.
        ධර්ම දේශනාව කළ ස්වාමීන් වහන්සේ ගේ නාමය මට දැන් මතක නැත.
        නමුත් එම ධර්ම දේශනාවේ හරය තවමත් මාගේ මතකයේ රැව් දෙයි.

        මාගේ වචන වලින් එම ස්වාමීන් ගේ ධර්ම දේශනාවේ හරය ඉදිරිපත් කරමි

        “අපි හැම දෙනාම මෙලොව උපන්නේ මහා පාපයක් කර ගෙන.අපේ අම්මාට
        දරුණු වේදනා දීලා… ඇගේ ශරීරයෙන් ලේ ගංගාවක් පිට කරගෙනයි අපි උපන්නේ.
        එහෙම වුණා කියලා අම්මා අපිට වෛර කලේ නැහැ.ඒ වෙනුවට අම්මා කලේ අපි දෙන
        වධ වේදනා තව තවත් විඳ දරා ගෙන අපි ව ආදරෙන් හදා වඩා ගත්ත එකයි.
        ඉතින් දරුවනේ අම්මා වෙනුවෙන් අපිටත් තියනවා වැදගත් දෙයක් කරන්න.
        ඒ තමයි නැවතත් මවු කුසකින් උපදින්නට නොපතා නිවන් මග අවබෝධ කරගැනීම.ඔයාලා
        කැමති ද නැවත වතාවක් අම්මාට දරුණු වේදනා දීලා මේ ලෝකයට උපදින්න….”

        ඔබ ඔළුවෙන් හිට ගෙන , කතෝලික ධර්මය බොරුවක් යැයි කියා කීවත්
        අපේ එම විශ්වාසය බිඳ දමන්නට ඔබට නොහැකි ය.
        කිතු දහමේ හැටියට අප කරනා පාප වලට අපට සමාව ලබා ගත හැකි ය.
        ඉපදී දින කීපයකට පසු කිතුණුවන්ව බෞතීස්ම කරන්නේ එම පවු කමා කිරීමට ය.

        මා තවමත් කිතු දහම අදහන්නේ එම පදනම මත සිටයි…..!

        නමුත් “බුදු දහමට අනූව නම් පාප ය යනු පාපය මය. සමාවක් නැත්තේම ය.”

        ඉතින් ඔබත් එවැනි පාපයක් කරපින්නා ගෙන මෙවැනි වෙබ් අඩවි වල කුණුහරුප
        පළ කරමින් විකෘති ආශාවක් රස විඳිනවාට වඩා, නිවන් මඟ අවබෝධ කරගැනීමට ක්‍රමයක් සොයා ගැනීම හොඳ නැද්ද……?????????

        ‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡

        2011 ජනවාරි 12 වැනි දා හරියටම සවස 4:56 ට මා ලබා දුන් comment 1 මෙයයි…
        (ඔබේ වෙබ් අඩවියේ වේලාව සඳහන් වන්නේ 4:56 am ලෙසයි එය 4:56 pm ලෙස වෙනස් විය යුතු යි. කරුණාකර පරිගණකයේ වේලාව නිවැරදි කර ගන්න)

        “එසේම විද්‍යාවෙන් මනාව ඔප්පු කර ඇති සත්‍යයන් තවමත් කතෝලික පල්ලි වලින් විකෘති කිරීම දක්නට ලැබේ. එය අපරාධයක් නොවේද?”

        කරුණාකර ඔබගේ මෙම ප්‍රකාශය සඳහා උදාහරණ දක්වන්න…

        එයට පිළිතුරු ලෙස ඔබ දමිත් මහතාගේ link 2ක් මට සපයා සිදු කරගත්තේ මහා පිනකි.මන්ද යත් මා නොදන්නා කරුණු
        සිය ගණනක් එහි අඩංගු වූ නිසාවෙනි. නමුත් එදා සිටි කාළකණ්නින් කිතු දහම මෙරට පැතිරූ ආකාරය ඔබ මට අමුතුවෙන්
        කියා දිය යුතු නැත….!!!!

        දමිත් මහතා ගේ ලෝහිත කුරුස 1 ලිපියෙන් කියැවෙන්නේ මීට වසර 250 කට පමණ පෙර
        කිතු දහම මෙරට වැපිරූ ආකාරයයි.එය මා දන්නා සිද්ධියකි.

        “එසේම විද්‍යාවෙන් මනාව ඔප්පු කර ඇති සත්‍යයන් තවමත් කතෝලික පල්ලි වලින් විකෘති කිරීම දක්නට ලැබේ. එය අපරාධයක් නොවේද?”

        ඔබේ මෙම ප්‍රකාශයට මා අභියෝග කළේ එය ඔප්පු කරන ලෙසයි,

        “එසේම විද්‍යාවෙන් මනාව ඔප්පු කර ඇති සත්‍යයන් තවමත් කතෝලික පල්ලි වලින් විකෘති කිරීම දක්නට ලැබේ. එය අපරාධයක් නොවේද?”

        මෙහි “තවමත්” යනුවෙන් සඳහන් කර ඇත්තේ “වර්තමානයේ දී පවා කතෝලික පල්ලි වලින් විකෘති කිරීම දක්නට ලැබේ”
        යන්න අරුත් ගැන්වීමටයි.

        සැ.යු.
        “තවමත්” = “වර්තමානයේ”

        ඊට පිළිතුරු ලෙස මීට වසර 250 කට පමණ පෙර සිදු වූ සිද්ධියක් ගැන කියැවෙන link 1ක් ලබා දීම මොන තරම් විහිළුවක් ද…????????????

        අතීතය සහ වර්තමානය වෙන් කර හඳුනා ගැනිමට තරම් වත් හැකියාවක් ඔබට නැති බව නම් ඔබ ම ඔප්පු කර ඇත…..!

        අතීතය සහ වර්තමානය අතර ඔබ අතරමං වී ඇත…..!

        ‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡

        ලෝහිත කුරුස 2 ලිපිය මගින් ආගමික කල්ලි පිළිබඳව දමිත් මහතා ඉතාමත් වටිනා අනාවරණයක් කරයි.

        නමුත් එහි සඳහන් වන වැදගත් කොටසක් ඔබ දැක නැත…!

        “1683 “නිව් ෆවුන්ඩ්ලන්ඩ්”, “නිව් ඉන්ග්ලන්ඩ්”, “පෙන්සිල්වේනියා” (The religious belt of New Foundland, New England, Pensylvanita) වැනි ජනපද, ඇමරිකාවේ
        නැගෙනහිර වෙරළ පුරා බිහිවීමත් සමඟම, යුරෝපය හැර දමා ඇමරිකාවට ගියේ, “මාර්ටින් ලූතර්” වැනි ප්‍රොතෙස්තන්ත දේශකයන්ගේ මග යන ආගමිකයන්ය..ඇමරිකාවේ
        කතෝලික ඩැහි අඬුව එතරම් බලසම්පන්න නොවූ නිසා, මේ අයට තම, තමන්ට කැමති, කැමති හැටියට බයිබලය අර්ථ දක්වාගෙන තමන්ට රිසි සේ, “ඕනෑ එකක්” ආගමක් ලෙස
        හඳුන්වා දී කර ගැනීමට ඇති තරම් නිදහස ලැබිණි..එහි ප්‍රතිඵලය වූයේ “ක්වේකර්”, “පියුරිටන්”, “ප්‍රෙස්බිටේරියන්” ආදී එක, එක විදිහට කිතු දහම අරුත් දක්වන ආගමික කල්ලි දුසිම් ගණනක් බිහිවීමය..”

        එක එකා නියම කිතු දහම විකෘති කළ අයුරු මෙහි සිංහලෙන්ම සඳහන් වෙයි….!!!!!
        නමුත්, ලෝහිත කුරුස 2 ලිපිය මගින් කතෝලික ධර්මයට එරෙහිව වචනයක් වත් කියා නැත. සිංහල ඔබට සිංහලෙන්ම කියනවා නම් මා මේ කියන්නේ “කතෝලික ධර්මය” ගැන මිසක් වෙනත් බහුභූත ආගම් ගැන නොවේ.

        “කතෝලික ධර්මය” “කතෝලික ධර්මය” “කතෝලික ධර්මය” “කතෝලික ධර්මය”
        මා මේ පුන පුනා කියන්නේ “කතෝලික ධර්මය” ගැන බව අවධාරණයෙන් යුතුව කියමි.

        “එසේම විද්‍යාවෙන් මනාව ඔප්පු කර ඇති සත්‍යයන් තවමත් කතෝලික පල්ලි වලින් විකෘති කිරීම දක්නට ලැබේ. එය අපරාධයක් නොවේද?

        ඔබේ මෙම ප්‍රකාශයට මා අභියෝග කළ විට “කතෝලික ධර්මය” ගැන නොව වෙනත් ආගමික කල්ලි පිළිබඳව කියැවෙන ලෝහිත කුරුස 2 ලිපිය සහිත link 1 ලබා දීම මොන තරම් විහිළුවක් ද…????????????

        සරළවම කියනවා නම් එම link 2න් එකක් වත් මාගේ අභියෝගයට ගැලපෙන්නේ නැත…!

        එයින් ඔබ සිදු කර ඇත්තේ එකම එක දෙයකි…!
        එනම් “යන්නේ කොහේදැයි” කියා මා ඔබෙන් ඇසූ විට “මල්ලේ පොල්” වැනි පිළිතුරක් ලබා දී ඔබේ “”මෝඩ කම”" ප්‍රදර්ශණය කිරීම පමණි……….!!!!!

        මාගේ අභියෝගය ඉදිරියේ ඔබ තවමත් අසරණ ය…..

        ……අවසාන වශයෙන් මාගේ විශේෂ ස්තූතිය දමිත් මහතා ට හිමි වේ……

        ‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡‡

        Hot debate. What do you think? Thumb up 6

        • Ashan

          “කිතු දහමේ හැටියට අප කරනා පාප වලට අපට සමාව ලබා ගත හැකි ය.
          ඉපදී දින කීපයකට පසු කිතුණුවන්ව බෞතීස්ම කරන්නේ එම පවු කමා කිරීමට ය”

          මාගේ මෙම ප්‍රකාශය ඔබට වෙනත් අයුරකින් අරුත් ගන්වන්නට පුලුවන.

          අප කරනා පාප වලට අපට සමාව ලබා ගත හැකි ය කියා අපි කිසි විටෙකත් පාප වලට වැටීමට උත්සාහ නොකරමු. බුදු දහමේ රකින්නට පන්සිල් ඇත්තා සේම කිතු දහමේ “දස පණත” ක් ද ඇත….

          Hot debate. What do you think? Thumb up 7

        • ඔව් ඔව් ඕනැ බලු වැඩක් කරලා සමාව ගත්තාම හරි. ඒත් ලස්සන වැඩේ කියන්නේ තනියම සමාව ගත්තාට සමාව දෙන කෙනා පේන්නවත් නෑ.

          Well-loved. Thumb up 11

        • පළමුව කිව යුත්තේ මෙහි කිසිදු කුණුහරුපයක් නැති බවයි. ඔබගේ බුදුදහම ගැන දැණුම කෙසේ වෙතත් සිංහල දැනුමනම් අන්තිමය.

          කතෝලික ආගම බොරුවක් බව දැන් ඔප්පු වී හමාරය. දෙවියන් ලෝකය මැවුවා යන්න සෑම විද්‍යාඥයෙක්ම පායේ බැහැර කරයි. ඉතින් ඊට වඩා කුමන කතාද? අතීතයේදී ලෝකය රොටියක් මෙන් කී කතෝලිකයා දැන් එය ගෝලාකාර බව කියයි. ආගමක් යනු මෙලෙස වෙනස් වන එකක් විය යුතුද?

          කතෝලික හා ක්‍රිස්තියානි පල්ලි ආගමේ නාමයෙන් වර්තමානයේ කරන්නාවූ අපරාධ (මෙතන ඇත්තේ මට මතක වීඩියෝ හා ලිපි පමණි)
          http://www.youtube.com/watch?v=dN7Zq1cAC1Y
          http://www.youtube.com/watch?v=ufcg6RwOCI8
          http://www.youtube.com/watch?v=8kDTjhFF-10
          http://www.youtube.com/watch?v=HcXdQhV-Tck
          http://www.divaina.com/2010/02/14/feature05.html
          http://hondaokkoma.com/ja%20pura%20vishva%20agam%20kalliya.htm
          http://www.elakiri.com/forum/showthread.php?t=1033201

          ඉතින් ඔබ වැනි කතෝලිකයින්ට එක ක්‍රමයකටත් බෞද්ධයින්ට තවත් ක්‍රමයකටත් පවු පින් සිදුවනවා කියා සිතන උදවිය සහ කුණුහරුප සාමාන්‍ය වචන වලින් වෙන් කර හඳුනාගැනීමට නොහැකි අය සමග වාද විවාද කිරීමේ පලක් නැත. වාද කරමින් මාගේ කාලය අපතේ යැවීමේ ප්‍රතිඵලයක් නැත. එම කාලය වෙනත් ලිපියක් ලිවීමට යොදාගත හැක. මෙම වෙබ් අඩවිය පවත්වාගෙය යන්නේ සිංහල බෞද්ධයිටය. එනිසා ඔබගේ පුස් තර්ක වෙනත් තනක මින් ඉදිරියට පළ කරන්න.

          ඔබගේ පරම සත්‍යය ගැන ලිපි කිහිපයක් මාගේ මිත්‍රයෙක් මා වෙත එවා ඇත. ඒවා කියවීමට කාලය මදි විය. ඔබට අවශ්‍යනම් මේවා කියවා ඔවුන් සමග විවාද කරගන්න.
          http://www.answering-christianity.com/bs_and_lies.htm

          http://www.google.lk/#hl=en&source=hp&biw=1126&bih=617&q=bible+stupidity&aq=f&aqi=g1&aql=&oq=&fp=72ac5f3bf3f9d836

          Well-loved. Thumb up 9

  • Ashan

    “කිතු දහම ලංකාවට ආ හැටි විමසා බැලුවොත්, එය අපේ සිංහල ජනතාවට පොවා ඇත්තේ මිනිසුන් මැරීමෙන් සහ විනාශ සිදු කිරීමෙන් ජනතාව බිය වද්දාය. කිතු දහම ප්‍රචාරය කිරීමර සහ වෙළඳාමට සුද්දන් පෙරදිගට ආ බව ඕනෑම කෙනෙක් දන්නා කරුණකි”

    ඔබ ප්‍රකාශ කර ඇත්තේ අප හැමෝම දන්නා කරුණකි, නමුත් අනුරාධපුර යුගයේ දී ගලක කැටයම් කරන ලද කුරුසියක් හමුවීමෙන් පෙනී යන්නේ සුද්දන් පෙරදිගට පැමිණිමට පෙර පටන්ම කිතු දහම ලංකාවේ පැවති බව යි. නමුත් කිතු දහම ලංකාවේ එතරම් පැතිරී පවතින්නට නැත.

    http://rosemaryandjames.methodistchurch.co.uk/Anuradhapura.htm

    Thumb up 1

    • >>ඔබ ප්‍රකාශ කර ඇත්තේ අප හැමෝම දන්නා කරුණකි< <
      එසේනම් ලෙයින් හා යකඩින් පෙවූ ආගම තවදුරත් බාරගෙන සිටින්නේ බුද්ධිමතුන් විය නොහැකිය. ඔබගේ වාසගම කුමක්ද යන්න සිතා බලන්න. පරම්පරා දහයකට පෙර ඔබගේ පෙලපතට තිබුනේ ඒ වාසගම විය නොහැක.

      >>නමුත් අනුරාධපුර යුගයේ දී ගලක කැටයම් කරන ලද කුරුසියක් හමුවීමෙන් පෙනී යන්නේ සුද්දන් පෙරදිගට පැමිණිමට පෙර පටන්ම කිතු දහම ලංකාවේ පැවති බව යි. <<

      එය නිකම්ම නිකන් කුරුසයක හැඩය ඇති කනුවකි. මෙවැනි විධියට ලෝවාමහාපායේ පවා ගල්කණු අටවා තිබීමට හකිය. නමුත් ඉන් ක්‍රිස්තියානි ආගමක් ගැන නොකියවේ. අනුරාධපුර යුගයේ තිබුනා යැයි ඔබ කීවද (මම එය ප්‍රතික්ශේප කරමි, නමුත් ඔබගේ තර්කය අනුව ) එය ගැන කිසිම හෝඩුවාවක් වත් නැත්තේ කිතු දහමේ තිබෙන්නා වූ මුග්ධ භාවය නිසා ජනතාව එය ප්‍රතික්ශේප කිරීම නොවේද? ගැලීලියෝ ගැලිලි ලෝකය ගෝලාකාර යයි කී විට ඔහුව මරන්නට හැදූ පල්ලියක බුද්ධිය මොනවට පෙනේ.

      අපේ ගෙදරත් ජනේලයේ කූරු බැලූ විට කුරුස මෙන් පෙනේ. කුරුසය කිතු දහමේ ලාංඡනය වූ පමණින් කුරුස ඇති සෑම තැනම කිතු දහමක් නැත. කුරුසය වෙනුවෙන් ලෝක ඉතිහාසයේ මරණ ලද මිනිසුන් ප්‍රමානය සිහි කර ඒ අයට පින් දීම මෙවැනි දේවල් ගැන තර්ක කිරීමට වඩා හොඳ නැද්ද?

      Well-loved. Thumb up 8

  • Ashan

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 0

  • Nelu Manel

    Dear Ranga,
    That was a very interesting article.. even I had read about this in a book sometime ago.. It is a very intriguing topic for discussion.. No one is trying to compare religions but trying to understand the correct history & truth behind it.
    Thank you so much for publishing such an important article.

    Nelu Manel

    Thumb up 3

    • You are welcome Manel. I saw this is written in English but non of the article is covered the entire area of the subject. I’m also expecting to write this in English to give the message to the western people

      Thumb up 1

  • Kasun Chandana

    සම්මා සම්බුදු පියාණන් වහන්සේ තුන් ලෝකයටම අග්‍රයි. උන්වහන්සේගේ සත්ධර්මය තමයි වෙනත් ආගම් වලට විවිධ විවිධ විදියට බෙදිලා ගිහින් තියෙන්නේ. ඒ බව නොදැන අප විසින් අනෙක් ආගම් වලට නිග්‍රහ කරන්නට යතොත් අන්තිමට බලන විට අප එලෙස නිග්‍රහ කරන්නට යන්නේ අප සම්මා සම්බුදු පියාණන්ට හා බුදුදහමටම බව ඔබ සැම කාරුණිකව සිහි තබා ගනිත්වා!!! (මා ඉහත ලිපියෙන් ක්‍රිස්තියානි දහමට නිග්‍රහ කිරීමට උත්සාහ දරා නොමැති අතර, ජේසුස් වහන්සේ විසින් සැබෑ ලෙසම දේශනා කල ධර්මය බයිබලය තුල Codes වශයෙන් සටහන් කරන්නට යෑමෙන් බොහෝ අවස්ථාවල විකෘතිවීම් සිදුවී ඇතිබවයි.)

    සාක්ෂි සහිතව මෙවන් දේවල් ඔප්පු කරන්න මේ ඒ සදහා කාලය නොවේ. ඒකට නියමිත කාලයක් ඉදිරියේදී එයි.( As Arther C Clerk said, the future religion will be the Buddhism.)
    ඉතින් අවසාන වශයෙන් මට ඔයාලාට කියන්න තියෙන්නෙ මෙලෙස කිසිදිනක නිමක් දැකිය නොහැකි ලෝක විෂයය අල්ලාගෙන ලෝකය එක්ක ගැටෙන්නේ නැතුවහැකි උපරිමෙයෙන් ඔබ වෙතින් ලෝකයට සිදු කල හැකි යහපත් දෙයක් කරමින් ඒ අතරම ඔබගේ “නිවන” පූර්ණය කරන්නට උත්සුක වන ලෙසයි මගේ මෙම අයදීම!!!

    (කතුවරයා වෙත:මා විසින් ඉහත පලකල ලිපිය අනවසරයෙන් පලකල පුද්ගලයා කවරකුදැයි නොදැන මද අප්‍රසාදයක් පල වූවත් ඔබ විකී අයියාගේ එකෙහි සාමාජිකයෙකු බව දැනගැන්මෙන් එම අප්‍රසාදය එයින්ම නිමාවිණි. මා විසින් පලකල එම ලිපිය තවදුරටත් සංස්කරණය කරමින් හා වටිනා තවත් මුලාශ්‍ර එක් කරමින් සිදු කලාවූ ඔබගේ වෑයම මම ඉමහත් ලෙස අගය කරමි.)

    Thumb up 5

  • Ano

    Let’s them follow their religion, you follow your religion. This is the real bad habit of Sri Lankans, they just don’t try to tell the value of Buddhism, but always trying to let other religions down.

    If someone says Lord Buddha is a follower of Hindu, or Jina with some facts (true or false) how do you feel.

    Even this is true (however some says he was taken to India and buried in India (http://www.youtube.com/watch?v=rmCS7P-vdRM) we should not try to come to conclusions.

    We blame Christians try to convert Buddhists, so we should not try to do same thing at least by trying to say something like this.

    සිදුකලාවූ මේ මහා අපරාධය යලි නිවැරද කොට අප ක්‍රිස්තු භක්තික සොයුරන් වෙත සැබෑ ධර්මය හදුන්වාදිය හැකි නම් මේ උතුම් වූ නත්තල් සමයේදී ආර්ය පුද්ගලයෙකු වශයෙන් ඔබට කල හැකි ඉහලම දානය වනු නිසැකැයි

    Can you tell me whats is the such big criminal done by Christians or that religion for you to say like this

    Thumb up 2

    • මෙහෙදී මම කිතු දහමට නිගා කර හෝ එය අනුගමනය කරන්නට එපා කියා නොමැත. නමුත් කිතු දහම විවේචනය කිරීමට ඔබතුමා විරුද්ධ වීම සම්බන්ධයෙන් අපට පැනයක් ඇත. ඌබතුමාට ඇවැසිනම් බුදු දහම විවේචනය කල හැක. එලෙසම අපිටත් ඕනෑම දෙයක් විවේචනය කල හැක. සමහර විට කිතුනුවන් දේව වාක්‍ය විවේචනය නොකර එලෙසම “එහෙයි” කීමට පුරුදු වී ඇති නිස ඔබට මෙය නුහුරු විය හැක. නමුත් අපි ඕනෑම දෙයක් විශ්වාස කල යුත්තේ හොඳින් සිතා බැලීමෙන් පසුවය. කිතු දහම ලංකාවට ආ හැටි විමසා බැලුවොත්, එය අපේ සිංහල ජනතාවට පොවා ඇත්තේ මිනිසුන් මැරීමෙන් සහ විනාශ සිදු කිරීමෙන් ජනතාව බිය වද්දාය. කිතු දහම ප්‍රචාරය කිරීමර සහ වෙළඳාමට සුද්දන් පෙරදිගට ආ බව ඕනෑම කෙනෙක් දන්නා කරුණකි.

      කවුරුන් හෝ බුදුරදුන් වෙනත් ආගමක් අනුගම්නය කර ඇති බව පැවසුවද අපි ඊට විරුද්ධ නැත, නමුත් අපි එම ලිපිය දැක්කොත් එයට පිළිතුරු දෙන්නෙමු. මන්ද යත් බුදු දහම අන් ආගම් වලට වඩා විශේෂිත බැවිනි. එසේම අපිද දන්නා පරිදි හින්දු දහමේ සමහර ආභාශයන් බුදු දහමට ඇත. නමුත් “නිවන් මාර්ගය” ඇත්තේ බුදු දහමේ පමණි. කවුරුන් හෝ සිතනවානම්, සමහර හිංදු සිරිත් තිබුන පළියට බුදු දහම ඇත හැර හින්දු ආගමට යා යුතුය කියා, එය මුලාවකි.

      ඔබතුමාගේ යුටුයුබ් ලින්ක් එක බැලුවෙමි. නමුත් ඕනෑම අයෙකුට යුටුයුබ් වල ඕනෑම දෙයක් පළ කළ හැක. එනිසා ඒවා විශ්වාස කිරීමට නොහැක. නමුත් මෙහි සඳහන් මතවාදය විකීපීඩියා වල තිබෙන නිසා සලකා බැලිය යුතුය,.

      ක්‍රිසිතියානියන් පමනක් නොව වෙනත් ඕනෑම ආගමකින් මුදලට වෙනත් ආගම් වල අයව බඳවාගැනීම අපි අනුමත නොකරමු. නමුත් මෙහිදී එවැන්නක් සිදු වී නැත. ඇත්තේ සත්‍යය ප්‍රකාශ කිරීමකි. සත්‍යය ප්‍රකාශ කිරීමට කිසිවෙකුට තහංචි දැමිය නොහැක. කිතුනුවන්ට සත්‍යය ප්‍රකශ කිරීම අපරාධයක් වන්නේ කෙසේද? ඔබගේ පැනය විමස බලන කළ මට මතක් වෙන්නේ ගැලීලියෝ ගැලිලි නම් විද්‍යාඥයා “the earth was the center of the Universe and the Sun revolved round the Earth” ලෙස ප්‍රකාශ කළ විට කතෝලික පල්ලිය ඔහුව ඝාතනය කිරීමට හැදූ ආකාරයයි.

      මෙහිදී අහිංසක කතෝලිකයින් අපරාධයක් කර නැත. නමුත් බයිබලය ලියන ලද පුද්ගලයා සිතා මතාම ධර්මය විකෘති කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස කුරුස යුද්ධ සහ පෙරදිගයින්ව බටහිරයින් විසින් ආක්‍රමණය කිරීම සිදු වී ඇත. එසේම විද්‍යාවෙන් මනාව ඔප්පු කර ඇත සත්‍යයන් තවමත් කතෝලික පල්ලි වලින් විකෘති කිරීම දක්නට ලැබේ. එය අපරාධයක් නොවේද?

      Well-loved. Thumb up 7

      • Ano

        The link I put in the Youtube says the same thing as you mentioned here, so that means you cannot believe it either, either you didnt watch it or you don’t believe what you wrote. I don’t understand

        And do you know Wiki is publicly available for anyone to edit and contribute?

        I was surprised to see that when you say

        ඔබතුමාගේ යුටුයුබ් ලින්ක් එක බැලුවෙමි. නමුත් ඕනෑම අයෙකුට යුටුයුබ් වල ඕනෑම දෙයක් පළ කළ හැක. එනිසා ඒවා විශ්වාස කිරීමට නොහැක. නමුත් මෙහි සඳහන් මතවාදය විකීපීඩියා වල තිබෙන නිසා සලකා බැලිය යුතුය,

        So if you don’t believe this means either you havn’t watched the link I provided or you don’t believe what you have written. Very funny :p

        Thumb up 1

        • Ano

          Moreover youtube video is done by BBC, so we know who did it at least, can you tell me who written the Wiki article and is that someone well known :p

          Thumb up 2

        • Ano

          My point is instead of trying to say others religion, you try to publish values of Buddhism, which is the most important thing

          Thumb up 4

        • In this point I agree with you. I will add a section of this site to publish the Teachings of Lord Buddha. But as there are lots of Buddhist sites are available for that purpose I didn’t much hurry for that.

          And I have a question, why did you talk about this website or the purpose of this website, instead of proving this article is wrong?

          Thumb up 1

        • BBC is not a trustful and independent and accurate broadcaster. It is dominating by the western colonist. If you believe BBC, you may also believe their arguments such as “SLA committed war crimes” or “H.E. Rajapaksa and SF are War Criminals”. But those are biased and dependent arguments and non of sri lankan patriots believe that. It is same for their other news too.

          Wikipedia is written by internet users such as you and me, all around the world. I also wrote some wikipedia articles but about technical subjects. Wikipedia is also not 100% unbiased, but as it is publicly editable, it is the only site that representing the majority’s decision all around the world.

          Thumb up 0

        • I already watched that video because I have added that to the beginning of this article before you talked it at here. But I agree with you that there are some mismatch between the last days of Jesus.

          But remember, even though Wikipedia is a publicly editable website, it is more trustful than youtube. Because If I added some video to youtube, no one can change that even thought it is wrong. But if there is a error in Wikipedia, anyone can change that. For example in the wikipedia link which is mentioned as jesus buried in Japan, you change it to buried in India, it will automatically change to Japan as you can’t provide some reliable source for your argument. Even if you provide a source for your argument, someone else will change it. So the ultimate result is, the majorities decision will be available.

          Wikipedia is accurate as Britanica. http://news.cnet.com/Study-Wikipedia-as-accurate-as-Britannica/2100-1038_3-5997332.html

          Thumb up 1

  • [...] ගෝත්‍රයන්ට යම් සංහිඳියාවක් දෙන්නට, මෙම යොමුවේ ඇති ලිපියේ දැක්වෙන පරිදි දඹදිව උසස් දර්ශණයන්ගේ [...]

    Thumb up 0

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.