ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රුක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

තමන් ලැබු දිවි පවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් නුඹෙන් පුතේ
මෙ ලොවට කිසි පලක් නැතේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

සිලෝන් වෙනුවට ශ්‍රී ලංකා

රජයේ සංස්ථා, මණ්ඩල, අධිකාරි වල තිබෙන සිලෝන් (ceylon) හෝ ලංකා (lanka) යන නම් වෙනුවට ශ්‍රී ලංකා යන නම යෙදීමට රජය තීරණය කර ඇත. මෙය අපට යම් ආකාරයක සැක සහගත දෙයකි. පළමුව කිවහොත් ලංකා යන්නේ කිසිදු තේරුමක් නැති නිසා එය වෙනස් කළාට කමක් නැත. නමුත් සිලෝන් යන්න සිංහලයින්ගේ ඉතිහාසය හා බද්ධ වී ඇති පදයකි.

අතීතයේදී අප රටට කියන ලද්දේ “සිංහල දේශය” යන්නයි. එය සුද්දා ඉංග්‍රීසියට පරිවර්තනය කර කීවේ “Sinhala Land” ලෙසය. පසුව එය සුද්දාගේ උච්චාරණයේ පහසුව තකා “ceylan” ලෙස කෙටි වී ඇත. එය තව දුරටත් කෙටි වී “ceylon” ලෙස නම් වී ඇත. (වැඩිදුර කියවීම සඳහා Ceylon and related names)

Ceylon යන නම “සිංහල දේශය” යන වචනයෙන් බිඳී ආ එකක් නිසා “ශ්‍රී ලංකා” යන ඕපපාතික නමට වඩා සිංහල කමක් එහි අන්තර්ගතය. “Ceylon” නැවතත් “Sinhale” නොකර “Sri Lanka” කිරීම නිසා සිදුවූ හානිය දැන් කෙසේ නිවැරදි කරන්නද”

ඊට අමතරව වැදගත්ම දේනම් විදෙශිකයින් “Sri Lanka” යන පදයට වඩා “Ceylon” යන පදය හොඳාකාරම දැන සිටීමයි. මෙමගින් අපට අහිමි වන්නේ විදේශ විනිමය නේද? “Air Lanka” යන්න “Sri Lankan Airline” ලෙස වෙනස් කිරීමෙන් වූ හානිය තාමත් අපට අමතක නැත. “Ceylon” යනු අපගේ වෙලඳ ලකුණකි. “Ceylon Tea” ලෙස මිස “Sri Lanka Tea” ලෙස දන්නේ කවරෙක්ද?

දැන් අපට පෙනෙන්නේ සිලෝන් යන වචනය සිංහලයාට මේ භූමියට ඇති ඉතිහාසගත අයිතිය හා බද්ධ වී ඇති පදයක් බවය. ඉතින් මේ ඉතිහාසගත උරුමය සිංහලයාගෙන් උදුරාගන්න්ට අවශ්‍ය වී ඇත්තේ කාටද? රජය හා සමීප වී ඇති මුස්ලීම් හා දමිළ අන්තවාදීන් ගැන සැක පහළ වෙන්නේ මේ අවස්ථාවේදීය.

මෙහිදී රජය ඉදිරිපත් කරන තර්කයනම් යන සුද්දා භාවිතා කළ “ceylon” වචනයට වඩා අපේම “ශ්‍රී ලංකා” යන වචනය වඩාත් සුදුසුය යන්නයි. එකම රටක්, එකම කොඩියක් ,එකම නමක් යැයිද කියයි. ඒත් කෝ එකම භෂාවක්? තව දුරටත් ගියොත් එකම ආගමක්? එසේනම් ඔය එකම නමක් පසු පස්සේ යා යුතු නැත. සිංහල ඉතිහාසයට ආදරය කරන්නේනම් කළ යුත්තේ ඕපපාතික “ශ්‍රී ලංකා” වචනය “සිංහලේ” හෝ “සිංහල දේශය” ලෙස වෙනස් කිරීමයි.

එසේම මෙලෙස අපගේ සිංහල ඉතිහාසය අකා මකා දමන මුග්ධ දේශපාලඥයින් තාමත් අපගේ ජාතික ගීතය සිංහලෙන් පමණක් ගායනා කළ යුතුය යන යෝජනාව සම්මත කර නැත. ඉතින් අපේ රටට එකම නමක් අවශ්‍යනම් එකම ජාතික ගීතයක් අවශ්‍ය බව මේ උදවියට තේරෙන්නේ නැද්ද?

මහින්ද රාජපක්ෂ ජනපති තුමාට සිංහලයින් අතර ඉමහත් ගෞරවයක් තිබේ. එතුමාව සෑම විටම බලයට ගෙන එන්නේ සිංහලයින්ය. නමුත් දැන් එතුමා යන්නේ වෙන ගමනකි. ඒ ගැන එතුමාව බලයට පත් කල සිංහල දේශප්‍රේමීන් සහ ජාති හිත්‍යෛශීන් ඉතාමත් සැළකිළිමත් විය යුතුය. නො එසේනම් එතුමාට 2016 දී ගෙදර යන්නට වනු ඇත. ඉන් පසුව එජාප ආණ්ඩුවක් ආ විට ජාතියට දෙවියන්ගේම පිහිටය.

ශ්‍රී ලංකා

896
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

9 comments to සිලෝන් වෙනුවට ශ්‍රී ලංකා

  • අර්ය සිංහල

    ඔය ගැන හොඳ විස්තරයක් මේ පොතෙත් තිබ්බා

    යටගියාවේ යට ගිය තැන්
    (ඉතිහාසය විකෘතියෙන් ප්‍රකෘතියට)

    ඩබ්ලිව්.එස්.බණ්ඩාර

    Thumb up 0 Thumb down 0

  • Dali Prawasi

    Arbs called it Selan then Seylan,and Portugese, Dutch and British followed and ended as Ceylon.

    It was the people from the Indian sub continent who called this Island Lanka (land of yakas) Ramayan depicts gerat Ravana as a demon. refer to Mahabaratha and Ramayan Indian epics.

    India the name comes from Hindia derived from the lands oh Hindus. Remember there was no India before the British made it.
    India kept its name as India for international use while it used name Bharatha for local use. Refer to material about name India.

    Since Bandaranayake was financed by the Indians the Indian hedgemony continues.

    It is time for people of the former British Empire to rise up against the Indian Empire.

    Freedom from Indian colonial parasites!

    Thumb up 0 Thumb down 0

  • Samarakon

    anduve innava samahara gon harak. e vagema Muslim evunge padeta natana aya. anik athata UNP karayo gena kiyala vedak ne.

    mun kavada hari kiyavi ape rajya lanchayanath veradiyi kiyala. eke sulu jathikayiva niyojanaya karanne ne kiyala. iita amatharava darma chakraya udinma thibima veradiyi kiyalath kiyavi. rajya lanchanayata siyaluma agamika sanketh adanna kiyala kiyavi

    Thumb up 0 Thumb down 0

  • Keppetipola

    ශ්‍රී ලංකාව ලෙස නම වෙනස් කිරීම ගන මගේ එච්චර අමනාපයක් නෑ. ඒත් සිංහල බෞද්ධ ජනයාගේ දැනගැනීම පිණිස මේ ගැන ලියවුන Facebook කොමෙන්ට් කිහිපයක් මෙහි තබන්නම්.

    +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    “සිහලුන්ගෙ දේශය ”සිලොන්” වූ බව මම අසා ඇත,එහෙත් මමනම් වඩාත් කැමති ”හෙළදිවයීන”යන නාමය පටබැදෙනවානම්.මන්ද ”ශ්‍රිලOකාව” යන නාමය අපේ සිහලුන්ගේ හදවතට නොදැනෙන නිසා හා ඉන්ග්‍රීසින්ට නැබුරු වූ නාමයක් වන බැවින්,,”

    “”ලංකා” යන වචනයට “සිංහලය” යන වචනයටත් වඩා ඉතිහාසයක් තියෙනවා…..ලංකා යන වචනය “යක්” යන වචනයෙන් බිඳිලා ආපු වචනයක්ද යන්න මට සැකයි (නිකන් සිතට නැගුනු අදහසක් පමණයි..ඔබලාගේත් අදහස්)……..මොකද එකල මෙහි මහ ජාතිය යක්ක ගෝත්‍රිකයන් වු බැවින්…..නමුත් දැන් මෙහි මහ ජාතිය සිංහලයන් (සිවු හෙළයන්ගේ මිශ්‍රනය ) වන බැවින් “සිංහලය” යන වචනය වඩා උචිතයි…”

    “ලංකාපුර යන්න රාවණ රජුගේ අගනුවරයි. එයින් බිඳි ආ ලංකා යන කොටස ඇතම් විට අපගේ රට හැදින්වීමට යොදාගත්තද අපගේ රටේ සැබෑ නම වුයේ සිංහලය යන්නයි. නමුත් සිංහලයාට අප රටේ හිමි තැන අහිමි කිරීමට අනේක විධ උපක්‍රම යෙදූ සුද්දන්ගේ කපටිකම් නිසා දැන් අප රටේ නාමය සිංහලය නොවෙයි. සුද්දන් මෙරට දමා යන විට උන් අල්ලා ගන්නා විට තිබූ නම වන සිංහලය නම් නාමය යෙදුවහොත් අපගේ රට සිංහලයාට අයිති බව පසක් වන නිසා උන් ඒ වෙනුවට ලංකාව යන නාමය යෙදීමට කුමණ්ත්‍රන කර ගියහ. එහි ඵලයක් ලෙස දැන් අප රටේ නාමය ශ්‍රී ලංකාව වෙයි (ශ්‍රී යන්න සංස්කෘත භාශවෙන් ගත් අතර එය සෞභාග්‍යය සංකේතවත් කරයි )”

    +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    Thumb up 0 Thumb down 0

    • Samadhi

      රජය සිලෝන් යන නාමය භාවිතයෙන් ඉවත්කිරීමට තීරණය කර ඇත.එහි අදහස රටේ නමට සිංහළයන්ගේ තිබූ අයිතිය අහෝසි බවය.

      Thumb up 0 Thumb down 0

    • Samadhi

      සිංහළ යන වචනය සුළු ජාතීන්ගේ සිත් රිදවන ජාතිවාදී වචනයකි එබැවින් සිංහළ යන්න භාවිතා කර සුළු ජාතීන්ගේ සිත් රිදවීම දැඩි දඬුවම් ලැබීමට හේතුවනු ඇත.සිරි ලංකාව වනාහී බහු ජාතික බහු ආගම් සංස්ක්රුතික රටක් බව බහුමානයෙන් යුතුව බහු ජාතිකයන්ට දැනුම් දෙමු. 2020 පෙබරවාරි 04 වැනිදින.

      Thumb up 1 Thumb down 2

  • Nelu Manel

    Dear Ranga,
    A topic to ponder and think.. Sometimes the things that we do with too much thinking can go wrong most unexpectedly..
    Thanks for this unusual article..

    Nelu Manel

    Thumb up 0 Thumb down 0

  • [...] සිංහල දේශය යන්නේ ඉංග්‍රීසි වචනය වන සිලෝන් නම ඉවත් කර “ශ්‍රී ලංකා” යන නම [...]

    Thumb up 0 Thumb down 0

  • [...] 1948 සිට 1951 දක්වා “Ceylon” හෙවත් “සිංහල දේශයේ” තිබුනේ කොළ සහ කහ පටි නැති ජාතික [...]

    Thumb up 0 Thumb down 0

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.