සිංහල ජාතිය සහ බුදුදහම එකිනෙකින් වෙන්කළ නොහැකි බව කාහටත් වඩා හොඳින් දැනගත්තෝ ඉංගිරිසිහුය. එබැවින් ම සිංහල ජාතිය බුදුදහමින් වෙන්කිරීමට ඔවුහු හැකිතාක්‌ උත්සාහ දැරූහ. ඒ සඳහා ඔවුහු දහසක්‌ පඬියන් බිහි කළහ. ඔවුන්ට තම පාසල් පද්ධතිය හා විශ්වවිද්‍යාල මගින් තව තවත් පඩියන් බිහි කිරීමට අවශ්‍ය වූ බව නිසැකය. එහෙත් සිංහල බෞද්ධ ජාතිකත්වය එයට ඉඩ නොදුන්නේ ය. කිසිම ලිබරල්වාදයකට හෝ මාක්‌ස්‌වාදයකට හෝ මෙරටට මුල්බැසගත නොහැකි වූයේ ගැමුණු රජු විසින් දෙන ලද සිංහල බෞද්ධ ජාතිකත්වය, ජාතියේ ඇට මිදුලුවලට කා වැදී තිබුණු බැවිනි. — මහාචාර්ය නලින් සිල්වා මහතා

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

ගංගොඩවිල සෝම සමිඳුන් ව අපවත් කරවීමට වගකිව යුත්තේ කවුද?

Person who has been accused for Soma Thero's Murder

Shanthi Pushpakumara Jayasekara - The person who has been accused for the murder of Gangodawila Soma Thero

ඔබ මොහු හඳුනනවාද? මේ, “මහත්මා ශාන්ති” ලෙස තමාවම හඳුන්වා ගනු ලබන ශාන්ති පුෂ්පකුමාර ජයසේකර නැමැත්තාය. ජයසේකර මුදියන්සේලාගේ ශාන්ත පුෂ්පකුමාර ලෙස ලංකාවේ ලියාපදිංචි මොහු, වැලිමඩ ප්‍රදේශයේ උපත ලද, උපතින් බෞද්ධයෙකි. එහෙත්, රුසියාවේදී ස්වකීය ආත්ම ලාභය උදෙසා ක්‍රිස්තියානි ධර්මය වැළඳ ගත් මොහු, දේව ගැතියෙකු ලෙස ප්‍රකටව, රුසියානු ආගමික අන්තවාදී සරසවියකින් ආචාර්ය උපාධියක් ලබා ගැනීමට සමත් විය. රුසියානු රජයට ඉමහත් හිසරදයක් ව පැවති, ඇමරිකාව විසින් පෝෂණය කරනු ලබන “චෙච්නියානු” ගරිල්ලා මාෆියාව සමඟ සෘජු සබඳතා පැවැත්වූ බව කියන මොහු, බොහෝ ලාංකික දමිළයන්ට, හා එල්.ටී.ටී.ඊ හිතවතුන්ට, හමුදා රැහැණින් මිදී රුසියාවට පලා යන්නට පහසුකම් සලසා දුන් බවද කියැවේ. මුදල් වංචා, ආයුධ වෙළදාම, මිනිස් වහල් සේවය බඳු මාෆියා අපරාධ රැසකට ජාත්‍යන්තරව සම්බන්ධ බවට සැක ඇති මොහු, රුසියාවේ International University of Fundamental Studies නම් කිසිදු නමක් දිනා නොමැති උපාධි කඩයට අනුබද්ධව පවත්වා ගෙන යන ආයතනයක් මඟින් අපවත් වී වදාල ගංගොඩවිල සෝම හිමිපාණන්ට ආචාර්ය උපාධියක් පුද කරන්නට උන් වහන්සේව රුසියාවට වඩමවා ගත්තේය. මේ වන විට සෝම හිමි ඝාතනයේ ප්‍රධානතම සැකය යොමු වී ඇත්තේ මොහු වෙතය. සෝම හිමි හදිසියේ ගිලන් වූ වග අසා බොහෝ බොදුවන් වහ වහා මුදල් පරිත්‍යාග කරන්නට ඉදිරිපත් වුවත් මොහු ඒ ප්‍රතිකාර කිසිවක් ලැබෙන්නට සලස්වා නැති බවට සැලවෙමින් පවතී..එමෙන්ම සෝම හිමිව ප්‍රධාන නගරයක නොතබා, අතිශයින් හුදෙකළා, හොල්මන් මන්දිරයක් බඳු වරුසියාවේ අතිශය දුෂ්කර ගම්මානයක රඳවා තබාගෙන සිට ඇත්තේද මොහු බවට සැක පහළ වෙමින් පවතී. ඒ කරුණු කාරණා සැබෑවක් නම් “ගංගොඩවිල සෝම සමිඳුන්ගේ ඝාතනයේ පළමු වග උත්තර කරුවා” මේ පුද්ගලයාය. පහත දැක්වෙන්නේ ඔහුගේ පුද්ගලික වෙබ් අඩවියයි.

http://www.mahatmashanti.com/

මාෆියා මුදලින් මොහු ධනවත් වූ වග කියන්නේ ශ්‍රී ලාංකිකයන් පමණක් ොවේ. රුසියාවේ සිටින විවිධ ජාතිකයන්ද එයම කියති. මොහුගේ මූලිකත්වයෙන්ම දැන් රුසියාවේ උපාධි හදාරන්නට පැමිණෙන බොදු, තරුණ, තරුණියන්ව ක්‍රිස්තියානි නිකායකට හරවා ගැනීමක් සිදුවන බවටද රාවයක් පැතිර යමින් පවතී. මොහුට ලංකාවේ බොහෝ දේපළ ඇත. නමුත්, එවැන්නෝ එසේ පසු වෙද්දී, ගංගොඩවිල සෝම හිමිගේ ඝාතනය සම්බන්ධයෙන් පත් කළ කොමිසමට කුමක් වුණාදැයි අසන්නට ඒ ගැන අළෙවි කොට දේශපාලනයට පිවිසි කිසිවෙකුටත් උනන්දුවක් නොමැත.

රුසියාවේ මෙවැනිම තවත් විශ්ව විද්‍යාලයක් යැයි කියා ගන්නා ආගමික මධ්‍යස්ථානයක් තුළදී සිංහල තරුණියන් දෙදෙනෙකු අමු නිරුවතින් තටාකයක බස්සවා බෞතීස්ම කරන ජුගුප්සා ජනක දසුනක් පිළිබඳවද රාවයක් මේ දිනවල යුරෝපයට රුසියාවෙන් ආ සිංහල තරුණයන් පිරිසක් නිසා පැතිරෙමින් පවතින බැවින් හදිසියේ මේ පුද්ගලයාවද සිහිපත් විය. ඒ සිද්ධියට මොහුගේ සම්බන්ධයක් ඇත්දැයි නොදනිතත්, රුසියාවට අධ්‍යාපනය සඳහා යන ලාංකිකයන් ගැන කවුරුවත් සොයා බලනවාද??..

චන්ද්‍රිකා කුමාරතුංග පාලනයට සෝම හිමිට කුමක් වූවාදැයි සොයා බලන්නට “සැබෑ” වුවමනාවක් නොතිබිණි. ඒ ගැන තේරුම් ගැනීමට හැක. මක් නිසාද ඒ පාලනය යනු, සෝම හිමි තබා බුදු හිමි වැඩ සිට, බුදු හිමියන්ට ජීවිත තර්ජනයක් කවුරුන් හෝ එල්ල කළත් ඇහැක් ඇර නොබලන පාලනයක් වීමෙනි. නමුත්, මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි! සෝම හිමි කොමිසම නිසි පරිදි එහි අරමුණු කරා යොදවනු මැනවි! එමෙන්ම, දේශයට පියෙකු වන් ඔබතුමාගේ, රුසියාවට යන දූ දරුවන් ගැන මීට වඩා සොයා බලනු මැනවි!

එංගලන්තයේ, ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ හා ඇමරිකා එක්සත් ජනපදයේ, මුල් බැස ගත්, බලවත් හා ධනවත් සිංහල පවුල් හා වෙහෙර විහාර ඇති හෙයින්, ඒ රටවලට යන අපේ බෞද්ධ සිසු, සිසුවියන් ගැන සොයා බලන්නට අඩුම තරමේ “සිංහල සමාජයක්” එහි ඇත. නමුත් සිංහල බලය ක්ෂීණ, බෞද්ධ බලය අතිශයින් දුර්වල රුසියාවටත්, පැරැණි සෝවියට් රටවලටත් යන බෞද්ධයන්ට කුමක් වනවාදැයි සොයන්නට ඒවායේ ක්‍රියාත්මක තකතීරු “දූත” සේවා අසමත්ය…

439
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

6 comments to ගංගොඩවිල සෝම සමිඳුන් ව අපවත් කරවීමට වගකිව යුත්තේ කවුද?

  • තෝමස්

    මෙම වෙබි අඩවිය නිදා සිටින සිංහලයන් අවදි කරන්නට මහත් පිටුවහලකි.ඔබගේ වෙබි අඩවියට අපගේ සුබ පැතුමි.

    Thumb up 2

  • Dulantha

    සොම හාමුදුරුවො අපවත් උන කලෙ ල0කවෙ ජනාධිපති වෙලා හිටියෙ චන්ද්‍රිකා. ඒ වගේම අගමෑති වෙලා හිටියෙ රනිල්. මේ දෙදෙනාම විජාතික මනසක් අති අය නිසා මේ අයට සෝම හාමුදුරුවො හිසරදයක් වෙලයි හිටියෙ. මේ දෙදෙනාම සෝම හාමුදුරුවන්ගෙ අපවත්වීම් ගෑන සෙවුවෙ නත්තෙ ඒ නිසයි.

    Thumb up 4

  • madusha

    meya nawatha soya bala meme kumantharanaya pitupasa sitina wagakiwauthan ta dasuwam paniwawa uthui,thawa deyak kiyanna one meyata sambandao kiyala lalith kothalawala ravayak giya e ganath danuwath karanam hodai

    Thumb up 1

  • Nihal

    Palliya anda uda thiyagena inna ayata mewwa kiyala wadak thiyewida?

    Thumb up 2

  • kasun sri

    මම තරුණයෙකේ, සිංහලයෙකේ ඒ වගේම හොද බෞද්ධයෙක්. ඇත්තටම මේ සිදුවීම ගැන මමත් ගොඩකේ දුකට පත් උනා. ඒ වගේම කල කිරීමට පත් උනා.මෙච්චර විපතක්, අසාධරණයක් වෙලත් අපේ රටේ පාලකයන් තාමත් නිහඬව සිටින්නේ ඇයි කියන අක මටනම් ලොකු ගැටලුවක්.සෝම හාමුදුරුවෝ කියන්නේ බුදු දහම වෙනුවෙන්, බෞද්ධයන් වෙනුවෙන් නොබියව හඩ නගපු ස්වාමින් වහන්සේ කෙනෙකේ.ඇත්තටම උන් වහන්සේ අප රට ජාතියට අහිමි වීම ලොකු පාඩුවක්.මන් බෞද්ධක් විදිහට වාර්ථමන බලය හිමි ඇත්තන්ගෙන් සෝම හිමියන් ඝාතන චෝදනාවට සාධාරණයක් සලසා දෙන මෙයින් ඉල්ල සිටින්න කැමතියි.ඒ වගේම වැරැදී කරුවන්ට නියමිත දඩුවම් ලබා දෙන මෙයින් ඉල්ලා සිටින්න කැමතියි.
    ඉහත ලිපිය පල කිරීම පිලිබදව,සහ මෙම web site පිලිබදව මගේ සතුට ඒ වගේම ස්තුති ය පල කරන්න කැමතියි.. තෙරුවන් සරණයි !!!

    Well-loved. Thumb up 6

  • We got this news from the FaceBook and we didn’t do any modifications for this. As we observed this is very important for our Sinhala readers, we published in this blog. We need your feedback about this situation for further reaveals.

    Well-loved. Thumb up 6

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.