සොයා පිළිසරණක්
ලොවෙන් මා නොලැඹ හවුහරණක්
භවෙන් භවයේ
පතා ආවෙමි හිමියනේ ඔබෙ
ඔබේ බුදු වදනක්
ගෙවා සුවහස් යොදුන් මේ කතරේ
සොයා යන මං නොදැන මේ අඳුරේ
යුගෙන් යුගයේ පතා ආවෙමි හිමියනේ ඔබෙ
ඔබේ මුදු සිහිළක්
මහා කරුණා නුවන් දිය ගැඹරේ
ගිළි සැනහී නිවා ගිනි සසරේ
පහන් වැට සේ සොයා ආවෙමි හිමියනේ
ඔබෙන් බුදු සිහිළක්
Artiest : Sunil Edirisinghe

http://sinhalabuddhist.com/2010/09/soya-pilisaranak-sunil-edirisinghe-video-song-lyrics/ මෙග් සිත් ගත් ගීතයකි