රත්නදීප ජන්මභූමි ලංකදීප විජයභූමි
මේ අපේ උදාර වූ මාතෘභූමියයි
ආදි සිංහලේ වීර මීමුතුන් ලෙයින්
සාරවූ උදාරවූ මාතෘභූමියයි
මානික්‍ය සේ පොලෝගැබේ නිධානවී
ඇත්තෙ ඒ අභීත දූපුතුන්
ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ
ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි
සින්දූපමාන වැව්තලා මතින් ඇදී
පද්ම රේණුයෙන් සුගන්ධවී
රන්කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
එන්නෙ උන්හෙලූ ප්‍රාණවායුවයි
ගංගා තරංග රාව දී රිදී වණින්
මල් පිපී කුලින් කුළේ හැපී
ගායනා කරන්නේ ආකාශයේ නැඟී
වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි
ගායනය: පණ්ඩිත් අමරදේව (W. D. Amaradewa)
ගී පද රචනය: මහගම සේකර (Mahagama Sekara)

නුදුරු සහෘද අදහස්