ඉපිද මැරේ යළි ඉපදේ
නොතිර සසර සාගරේ
අතරතුරේ නොමැරී මැරේ දහස් වරේ
නිසල නැතේ සසල වෙතේ
නොතිර සසර සාගරේ
කුමට නැටුම් කෙළි කවට සිනා දා
මරුට නොමැත කිසිවිටකදි බාධා
ඔබට නොදන් වා මරු මෙහි ආදා
යන්නට සිඳුවන්නේ ඉන්නට බැරි වන්නේ
කුණු කය නිසරුයි නැත පවතින්නේ
කළහොඳ පමණයි මෙලොව රැදෙන්නේ
නැති බැරි කම ලෙඩ දුක ඇතිවන්නේ
අපටයි මිනිසුනේ ඇයි එය නොසිතන්නේ
By: ඩබ්. ඩී . අමරදේව (W. D. Amaradewa)

නුදුරු සහෘද අදහස්